රාජ්‍ය සම්මානලාභී ගී පද රචකයකු සහ කවියකු වූ කුමාර ලියනගේ ගේ 'අමුතු බටනළාව' නමැති සිව්වන කාව්‍ය සංග්‍රහය රන්පත් ප්‍රකාශනයක් ලෙස අගෝස්‌තු 17වැනිදා සවස 2.30ට කොළඹ ලක්‌ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී එළිදැක්‌වේ. මේ සංවාදය ඒ නිමිත්තෙනි.
Q. සංස්‌කෘතික සිංහලය පදනම් කරගත් නව ජාතික සංවාදයක් අවශ්‍ය බව ඔබ මේ කාව්‍ය සංග්‍රයට දීර්ඝ පෙරවදනක් ලියමින් යෝජනා කරනවා. අපි එතනින් මේ සාකච්ඡාව පටන් ගනිමු. ඔබ අදහස් කරන ඒ සංවාදය කුමක් ද?
අද සිංහල භාෂාව පිරිහිලා. සමහර අය කියනවා මේක තමයි වෙනස්‌වීම, ඒක නවත්තන්න බෑ කියලා. මේවා තක්‌කඩි ප්‍රකාශ. සමාජයක් පිරිහෙන්නත් පුළුවන්, දියුණු වෙන්නත් පුළුවන්. සමාජයක් පිරිහෙන්නේ නැතුව තියා ගන්න ආයතන රැසක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ ම තමයි භාෂාවත්. භාෂාව පිරිහුණා ම සමාජයකට පවතින්න බැහැ. භාෂාවේ තරමට තමයි පුද්ගල චින්තනය ගොඩ නැගෙන්නේ.
අද අපේ රටේ නිර්මාණශීලී කලා ධාරාවක් තිබෙනවා ද? තැනින් තැනින් එක්‌කෙනෙක් දෙන්නෙක් මතු වෙනවා. අද ලියන ටික දෙනාත් ලියන්නෙ සම්මාන බලා ගෙන. ඒක පේනවා ඔවුන් ලියන දේවල් දිහා බැලුවම. මේක භාෂාවේ සංස්‌කෘතිය නෙවෙයි. විසංස්‌කෘතිය. එතකොට සංස්‌කෘතික සිංහලය කියන එකෙන් මම අදහස් කරන්නෙ, අපේ ජනසාහිත්‍යකරුවා, ජන නාට්‍යකරුවා යොදා ගත්ත නිර්ව්‍යාජ භාෂාව. ඒකේ තමයි අපේකම තියෙන්නෙ. ඒ නිර්මාණ තමයි ජනතාව වැළඳ ගන්නෙ. ජන සාහිත්‍යකරුවා යොදා ගත්ත බස තමයි නවීකරණය කරන්න පහසු. අද නිර්මාණ එක තැන පල්වෙන්නෙ මේ භාෂාවේ අර්බුදය නිසා. ඒ අර්බුදය ඇති කළේ මේ රටේ බටහිර අනුකාරක විශ්වවිද්‍යාල පද්ධතියයි. ඔවුන් සිංහල බස මරමින් ඉන්නවා. මේ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු කියා ගන්නා අය අද ලියන කියන බහුබූතවලින්ම ඒක පේනවා. සිංහල අංශවල මහාචාර්වරුන්ටත් සිංහල බැරි නම්, මොකට ද සිංහල අංශ? ඒ නිසා මේ සංස්‌කෘතික සිංහලය කියන සංවාදය සමාජය තුළින් පැන නැඟිය යුතුයි කියා මා විශ්වාස කරනවා.
Q. භාෂාවේ නිෂ්පන්න ශක්‌තිය ඇත්තේ පොදුජන භාෂාවේ බව ඔබ කියනවා. ඔබ ඊට නිදසුන් ලෙස බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ, ජන සාහිත්‍යය, සීගිරි ගී ඇතුළු නිදසුන් රැසක් දක්‌වා තිබෙනවා. ඒ පොදුජන භාෂාව, සම්භාව්‍ය භාෂාව ලෙස අද දුරස් වී තිබෙනවා නේද? මෙයින් පෙනෙන්නේ භාෂාව කලින් කලට පරිණාමය වන බව නොවේ ද?
ඇත්තටම අපේ රටේ සම්භාව්‍ය කියලා හඳුන්වන්නේ පොදුජන කලාව නෙවෙයි. 10වැනි සියවසෙන් පස්‌සෙ අපේ රටේ පැළපදියම් වුණු සංස්‌කෘත භාෂාව පදනම් කර ගත්ත කලා කෘතියි. පොදුජන කලාවට එහෙම පිළිගැනීමක් නැහැ. ඒක ග්‍රාම්‍ය එකක් කියලා තමයි ඔය කියන බුද්ධිමත්තු කියන්නෙ. ඒ තමයි එයාලා දන්න තරම. ඒ නිසා තමයි මං මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න ගේ 'සිංහල ගී යුගය' කෘතිය උපුටලා දක්‌වලා තියෙන්නෙ. ඒක අහම්බයක්. මොක ද ඒ කෘතියට අනුව සංස්‌කෘත සාහිත්‍යයි, ජන සාහිත්‍යයි එකට ගලපලා තියෙනවා. සම්භාව්‍ය පොදුජන සාහිත්‍යය කියන යෙදුම තමයි මම යොදා ගන්නෙ. සම්භාව්‍ය කියන්නෙ සම්භාවනාවට පාත්‍ර වෙනවා කියන එකයි. ගෞරවයට පාත්‍ර වෙනවා කියන එකයි. එතකොට මේ රටේ සභ්‍යත්ව විඥානය ගොඩ නඟපු මිනිස්‌සු, මිනිස්‌සු නෙවෙයි ද?
අපේ රටට අනන්‍ය ශිෂ්ටාචාරයක් තිබෙනවා. අපේ රටේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ ව අද නවීන දැනුමක් සම්පාදනය වෙලා තිබෙනවා. ඒක පුරාවිද්‍යාත්මකව ඔප්පු කරලා ඉවරයි. වංශකතා සාහිත්‍යය කියන්නෙ වෙනම එකක්. ඒක තනියෙන් ඉතිහාසය නිර්මාණය කරන්නෙ නැහැ. ඉතිහාසය නිර්මාණය කරන්නෙ සියල්ලයි. පුරාවිද්‍යාව බලවත් නැති රටවල ප්‍රබන්ධ සාහිත්‍යය බලවත් වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ වඩා බලවත් වෙන්නෙ පුරාවිද්‍යාව සහිත වංශකතාවලියයි. මෙන්න මේ මූල සංස්‌කෘතිය පදනම් කර ගත්ත සිංහල භාෂාව අද යටපත් වෙමින් යනවා. ඒක නවීකරණය කියලා වරදවා වටහා ගත්ත කට්‌ටියක් විශ්වවිද්‍යාල පද්ධතියෙත් ඉන්නවා. නවීකරණය කියන්නෙ සම්ප්‍රදාය ආරක්‌ෂා කර ගනිමින් කෙරෙන දෙයක්. භාෂාව පරිණාමය වෙනවා කියන එක ඇත්ත. ඒක නවත්වන්න බෑ. දැන් යටත්විජිත සමයේ අපේ භාෂාවට අලුත් වචන රැසක් එකතු වුණා. හැබැයි අපේ රටේ සංස්‌කෘතියට අනන්‍ය විදියට ඒ වචන හැඩ ගස්‌වා ගත්තා. දැන් බලන්න මාතර සාහිත්‍යයේ තිබෙනවා සීගිරි ගී ආරට ලියපු කවි. ඒවා ලියල තියෙන්නෙ ඒ යුගයේ දේවල් කතා කරන්න. මාතර යුගයෙදි හරිම නිර්මාණශීලී විදියට භාෂාව යොදා ගෙන තිබෙනවා. එතකොට ඒවා සීගිරි ගීවලට දුරත් නැහැ. ළඟත් නැහැ. භාෂා නවීකරණය කියන්නෙ අන්න එහෙම එකක්. මේක තමයි සිද්ධ වෙන්න ඕන දේ.
අපේ රටේ වසර දහස් ගණනක් තිස්‌සේ ගොඩ නැඟුණ භාෂාවට අනන්‍ය සංස්‌කෘතියක් තිබෙනවා. ඒ නිසා පොදුජන සිංහලය කියන්නෙ අපේ රටේ මහා සම්ප්‍රදාය හෙවත් බෞද්ධ සම්ප්‍රදාය මත ගොඩ නැඟුණ සිංහල භාෂාව. ඒ භාෂාව අභ්‍යන්තරික වශයෙන් පරණ කරන්නත් බැහැ. අලුත් කරන්නත් බැහැ.
Q. අලුත් පරම්පරාවේ බොහෝ නිර්මාණකරුවන්ට භාෂා සන්දර්භය සහ ප්‍රකරණය පිළිබඳ කිසිදු වැටහීමක් නැති බව ඔබ කියනවා. ඊට ඔබ දකින හේතුව කුමක් ද?
ඒක වෙන්නෙ ඔවුන් සම්ප්‍රදාය හදාරන්නෙ නැති නිසා. වික්‌ටර් රත්නායක ගායනා කරන 'සඳත් ඉරත් නැති තරුත් වැසී ඇති' ගීතයයි, 'සඳ හිරු තරු පවතින තුරු' ගීතයයි බලන්න. ඕන නම් ඒ ගීත දෙක 'සඳත් හිරුත් නැති තරුත් වැසී ඇති' කියන්නත් පුළුවන්. 'සඳ ඉර තරු පවතින තුරු' කියන්නත් පුළුවන්. පණ්‌ඩිත් අමරදේව, 'රමණී කල්හාර කුසුම්' කියලා ලියන්නෙ නැතුව 'රමණී මන්දාර කුසුම්' කියලා ලිව්ව එකත් එහෙම එකක් තමයි. දැන් මේක තමයි මම කියන සංස්‌කෘතික සිංහලය. අද මේවා නෑ. ඔහේ ලියනවා. කවිත් එහෙමයි, ගීතත් එහෙමයි. ඒ නිසා අහන් ඉන්න බෑ. බල්ලො සැමන් ටින් කනවා වගේ.
සිංහල භාෂාව කියන්නෙ හරිම ලස්‌සන භාෂාවක්. ලෝකේ ඕනෑම භාෂාවක් එක්‌ක සමතැනක තියන්න පුළුවන් භාෂාවක්. මේ භාෂාවෙන් මොනවද නොකියන්න බැරි? ඒ තරම් පුළුල් භාෂාවක් තමයි අපට තියෙන්නෙ. අතීතයේ ඉඳලා සිංහල මිනිස්‌සු වෙනත් ජාතීන් එක්‌ක එකට කටයුතු කරන්න ආත්ම විශ්වාසයක් ඇති කර ගත්තේ සිංහල භාෂාවේ තිබෙන භාෂා පෞරුෂය නිසා. අද අලුත් පරපුර හිතන් ඉන්නවා දන්නවා කියලා. මෙලෝ දෙයක් දන්නෙ නැති ටියුෂන් ගුරුවරු තමයි මේ අය ගේ පරමාදර්ශ වෙලා තියෙන්නෙ. එහෙම නැත්නම් කොහේ හරි පිටරටක ගිහින් ආපු කවුරු හරි වීරයා කර ගන්නවා. මේ අය දන්න දෙයක් නෑ. ගොඩ නඟපු දෙයක් නෑ ගෝසාව විතරයි.
Q.මෙරට තුළ ඉන්ද්‍රජාලික, රෝමන්තික, පශ්චාත් නූතන වැනි විකාර සාහිත්‍ය ධාරා ඉස්‌මතු වී තිබෙන්නේ නූතන ජන සම්ප්‍රදාය ගැඹුරින් වටහා නො ගැනීම නිසා බව ඔබ පවසනවා. මේ පිළිබඳ ව පැහැදිලි කිරීමක් කළොත්...
බටහිර ශිෂ්ටාචාරය තුළ දේවවාදය එක්‌ක ගැටුම් හට ගත්තා. ඒ නිසා මිනිස්‌සු වෙන වෙන විදියට හිතන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේ, ක්‍රිස්‌තුන් වහන්සේ, බයිබලය, පල්ලිය බටහිර ශිෂ්ටාචාරයේ මූලික පදනම. පශ්චාත් නූතන වේවා, රෝමන්තික වේවා සියල්ල දේවවාදය එක්‌ක ගැටගැහිලා තියෙන්නෙ. බහු පඨිත කියවීම අදාළ වෙන්නෙ පරණ තෙස්‌තමේන්තුවට. කර්තෘ මියයැමත් එහෙමයි. ඉතිං මේවා බටහිර අය පිළිගත්තට කමක් නෑ. දේවවාදය පිළිගන්න මෙහේ අයටත් ඒක වලංගුයි. ප්‍රශ්නය තියෙන්නෙ එතැන නෙවෙයි. මේවා හංගලා සේරම නොමඟ යවන්න හදන එක. ඉන්ද්‍රජාලික යථාර්ථවාදයත් එහෙම තමයි. ලෝකයේ ඒවා ආරම්භ වෙන්නෙ හේතු සහිතව. ඒවා බටහිර සමාජවලට, එහෙම නැත්නම් ලතින් අමෙරිකානු සමාජවලට අභ්‍යන්තරයෙන් සම්බන්ධයි. මෙහේ තියෙන්න එහේ එකේ නොපිට. ඒ නිසා බටහිර ඇති වුණ නූතන තත්ත්වයක් නැති අපේ රටට කොහොම ද පශ්චාත් නූතනවාදයක් ගේන්නෙ? මට පේන විදියට මේ රටේ සමහර අය, පශ්චාත් නූතනවාදයයි, ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලය අමෙරිකාවට බලපාපු එකයි, නව ලිබරල්වාදයයි අච්චාරු කරන් ඉන්නෙ.
Q. ඔබ ජනමානී සහ පණ්‌ඩිතමානී යනුවෙන් කාව්‍යධාරා දෙකක් හඳුනා ගන්නවා. මෙය සනිදර්ශක ව පැහැදිලි කරන්නේ කොහොම ද?
ඒ කියන්නෙ සකු, අලංකාරවාදය පදනම් කර ගත්ත කාව්‍ය ධාරාවයි, අපේ ජනකවි ධාරාවයි. ඇත්තටම 10වැනි සියවසෙන් පස්‌සේ අපේ සාහිත්‍යය විකෘති වුණා කියන එක තමයි කියන්න තියෙන්නෙ. දැන් බලන්න අපේ බුදුපිළිම කලාවට වෙච්ච දේ. අනුරාධපුර යුගයේ දි අපි නිවන් මුහුණින් නෙළපු බුදුපිළිමය පස්‌සෙ කාලේ වෙන කොට, ඇස් ලොකු කර ගත්ත, බය බිරාන්ත මූණක් තිබෙන විකෘත බුදු පිළිමයක් කර ගන්නවා. ලෝකයේ විශාරද මතයක් තිබෙනවා බුදු පිළිම නිර්මාණකරණයෙන් දැනට සිංහල කලාකරුවා සාර්ථක විදියට නිවන් මුහුණ නිරූපණය කරලා තිබෙනවා කියලා. ඒකට හේතුව සිංහල කලාකරුවා පිළිම නෙළන්නේ වෙනත් දේවවාදයක් හෝ ආගමක බලපෑමක් නැතුව නිසයි. මං විශ්වාස කරනවා බුදුදහම අපේ රටේ ස්‌ථාපිත වුණේ අපේ රටේ තිබෙන නිවර්තන කලාපීය තත්ත්වය නිසා කියලා. ඒකත් අපේ චින්තනයට බලපාන්න ඇති. ඒ නිසා සෞම්‍ය බුදුපිළිමයක් අපට නෙළා ගන්න හැකි වුණා. දැන් බලන්න ඉන්දියාවේ තිබෙන පිළිම කලාව. ඒවා හරිම රණකාමීයි. ඒක තමයි 10වැනි සියවසෙන් පස්‌සේ අපේ රටේ බුදුපිළිම කලාවටත් වුණේ. මහනුවර යුගය වෙනකොට බුදුපිළිමය කියන්නේ හින්දු දේවවාදයේ බලපෑමෙන් නිරූපණය වුණු මුහුණක් සහිත පිළිමයක්. මේ හින්දු දේවවාදයෙන් ආපු සංස්‌කෘත රීතිය අපේ සාහිත්‍යයටත් බලපෑවා.
සකු රීතිය කියන්නේ රජු දේවත්වයට පත් කරන්න ගොඩ නැඟුණු එකක්. ඒ නිසා ව්‍යාජ වර්ණනා තමයි තියෙන්නෙ. රාජසභාවට කවියෝ අවශ්‍ය වෙන්නේ ඒ නිසා. කව්සිළුමිණ වගේ කෘතිවල මූලික කතා පුවත පවා විකෘති කරලා තමයි කාව්‍ය රචනා නිර්මාණ කරලා තියෙන්නේ. නමුත් ජනකවි සම්ප්‍රදාය කියන්නෙ එහෙම එකක් නෙවෙයි. දැන් බලන්න යසෝදරාවත. යසෝදරා කියන්නෙ මොන තරම් නිර්ව්‍යාජ චරිතයක් ද? ඇය ගේ චරිතය තුළින් ඉස්‌මතු කර තිබෙන බුද්ධ චරිතය කියන්නෙ මහ පොළොවේ චරිතයක්. ඇය අහන්නේ 'කොමළ අනගි සිරිපා දෙක රිදෙනව ද?' කියලයි. ඒක මොන තරම් අහිංසක ප්‍රශ්නයක් ද? යසෝදරාවතේ කතුවරයා ගේ අරමුණ යසෝදරා වැනි ගුණ මහිමයක් තිබෙන නූතන කාන්තාවක් ගොඩ නංවා ගැනීමයි. ඒ නිසා කවි පන්ති අවසානයේ ඔහු, නූතන කාන්තාවට කියනවා 'යසෝදරා වගේ වෙන්න' කියලා, උපදෙස් ටිකකුත් දෙනවා. මේක තමයි අපේ බෞද්ධ සම්ප්‍රදාය.
මෙන්න මේ බෞද්ධ සම්ප්‍රදාය අපේ ජීවන ප්‍රතිපදාව බවට පත් වෙන්න ඒ කාලේ සමාජ ක්‍රියාවලියක් තිබුණා. ත්‍රිපිටකය පිළිබඳ දැනුම උගත් යතිවරුන් ළඟ තිබුණා. ඒ දැනුම ඔස්‌සේ බුත්සරණ, අමාවතුර, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, ජාතක පොත වගේ විශාල කෘති බිහි වුණා. ඊට පස්‌සේ උම්මග්ග ජාතකය වැනි කෘති බිහි වුණා. අවසානයේ වෙස්‌සන්තර, යසෝදරාවත, ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය වගේ කුඩාපොත් බිහිවුණා. ඒ පොත් අපේ ජනසමාජයට ඉමහත් බලපෑමක් කළා. මේ බෞද්ධ සංකල්ප නිසා අපේ ජීවිත රැකුණා. සතා සීපාවා රැකුණා. පරිසරය රැකුණා. අද මොකක්‌ද වෙලා තියෙන්නෙ?
Q.මාතර සාහිත්‍ය යුගය මෙරට සාහිත්‍යයේ වැදගත් සන්ධිස්‌ථානයක් බව ලෙස ඔබ දකිනවා. ඊට ඔබ දකින හේතු මොනවාද?
මාතර සාහිත්‍ය යුගයෙන් තමයි මම කියන ජනමානී සහ පණ්‌ඩිතමානී ධාරා දෙක එකට වැඩ කරන්න පටන් ගත්තෙ. ඒකට රාජවංශයක් නෑ. අනුරාධපුර යුගය දක්‌වා දිව යනවා. මෙතනදි තවත් විශේෂ දෙයක් සිදු වෙනවා. ඒක තමයි නිර්මාණකරුවන් තම තමන් ගෙ පෞද්ගලික අත්දැකීම් පාදක කරගෙන නිර්මාණ කිරීමට පෙළඹීම. තවත් කාරණයක් තමයි එතෙක් ආ විදග්ධ ධාරාවයි, ජන ධාරාවයි එකට අසුන් ගැනීම. මේවා නිකම් සිද්ධ වුණ දේවල් නෙවෙයි. ඓතිහාසික යථාර්ථයන් එක්‌ක තමයි මාතර යුගය විකාශනය වෙන්නෙ. දකුණ කියන්නෙ මේ රටේ බොහෝ බුද්ධිමතුන්ගේ නිජබිම. මාතර සාහිත්‍යය මහනුවරට බලපෑම් කළ බව අපි දන්නවා. මහනුවර රාජසභාව දකුණේ කවිත්වය නිසා හෙල්ලුම් කෑවා. මාතර කවිය ඉදිරිපිට රජවරු දණ ගැහුවා. මේක තමයි ජනසාහිත්‍යයේ තිබෙන ප්‍රබලකම.
මාතර නර්තන සම්ප්‍රදාය කියන්නෙ ජන පදනම මත ගොඩ නැඟුණ එකක් බව අපි දන්නවා. ඒ නර්තන ශිල්පීන් ගේ නිදහස් නර්තන විලාසවලින් පේන්නේ ජනතාව ගේ ඉරියව් ස්‌වභාවයයි. උඩරට නර්තනය එහෙම නෑ. ඒක හරි ශෛලිගත එකක්. මාතර සම්ප්‍රදාය වගේ ජනතාව අස්‌සේ යන එකක් උඩරට නර්තන සම්ප්‍රදායට නැහැ. ඔවුන් පිනවන්නේ ජනතාව නෙවෙයි. රජුයි. ඒ නිසා හරි ගාම්භීර කමක් උඩරට නර්තන ශිල්පියාට තිබෙනවා. ඔවුන් අහංකාරයි. මාතර නර්තන ශිල්පියා කියන්නෙ ජනතාව එක්‌ක ඉන්න කෙනෙක්. මොකද ජනතාවගේ ආතුරවීම් මුලින් ම දැන ගන්නේ ඔවුන්. ඒ සඳහා ශාන්තිකර්ම කිරීම තමයි මාතර නර්තන ශිල්පියා ගේ මූලික කටයුත්ත. නමුත් උඩරට නර්තන ශිල්පියා ශාන්තිකර්ම කරන්නේ රජුටයි. ඔවුන් තමයි මහනුවර පෙරහරේ යන්නෙත්. ඒ නිසා මාතර නර්තන සම්ප්‍රදාය අදටත් දළදා පෙරහර නියෝජනය කරන්නෙ නැහැ. මේක සුද්දන් ඇති කරපු එකක්. තාමත් සුද්දව කර තියන් යනවා. බුදුරජාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා වැඩම කරවන දළදා පෙරහැරට දකුණේ නර්තනය යොදා නොගැනීම කියන්නෙ පරස්‌පරයක්. වඩා වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ද? රජා ද? මේ මෝඩ අදහස් දැන්වත් වෙනස්‌විය යුතුයි.
Q. ජනකලාව පදනම් කරගත් නිර්මාණකරුවකු ලෙස ඔබ සේකර ගේ වැදගත්කම දකින්නේ කොහොමද?
නිර්මාණකරුවකු විදියට මම දකින විශිෂ්ටම නිර්මාණකරුවා තමයි සේකර කියන්නේ. ඔහු ගේ කවි, ගීත, නවකතාව, කෙටිකතාව, සිනමාව, චිත්‍රය අදටත් සම්භාවනාවට ලක් වෙන්නෙ ඒ සියල්ල අපේ ජන සාහිත්‍යය මත පදනම් ව ගොඩ නැඟූ නිසයි. ඒ තරමට සිරි ගුණසිංහ ගේ නිර්මාණ ජනතාව අතර පිළිගැනීමක් නැහැ. එතුමා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිටි නිසා ගෝල බාලයෝ ටික එතුමාව කරතියාගෙන එක්‌කන් ගියා. එහෙම නැතුව සේකර වගේ ජනමනසේ රැඳුණ කෙනෙක් නෙවෙයි සිරි ගුණසිංහ කියන්නෙ.
අනෙක තමයි සේකර ගේ කවිමඟ මේ තරමට නවීකරණය වෙන්න බලපෑවෙත් ජනකලාව. ජනකලාකරුවා කියන්නෙ නිතර වෙනස් වුණු කෙනෙක්. දැන් බලන්න අපේ කෝලම් නාට්‍යකරුවා. ඔහු දකින දකින දේ අනුව වෙනස් වෙලා අලුත් බස් වහරක් හදා ගෙන තමන් ගේ අදහස් ඉතාම ලස්‌සනට සමාජයට කිව්වා. අද අපට ගුරුකොට ගන්න තිබෙන්නෙ සේකර කියලයි මම කියන්නෙ.
Q. ඔබ අනෙක් කවීන්ට වඩා සමාජ ගවේෂණයක් එක්‌කයි කවි පොතක් ප්‍රකාශයට පත් කරන්නේ. මීට පෙර පළ කළ "චේ සහ ඇපල්' කාව්‍ය සංග්‍රහයත් එහෙමයි. නමුත් එය වැඩි අවධානයකට ලක් නොවී යටපත් වුණා. වර්තමානයේ සමාජ අවධානයට ලක් වන එකම මිණුම සම්මානයක් ලබා ගැනීම හෝ නිර්දේශ ලැයිස්‌තුවට ඇතුළත් වීමයි. ලංකාවේ ග්‍රන්ථ සමීක්‌ෂණ ක්‍රියාවලිය පිළිබඳ ව ඔබට ඇත්තේ කවරාකාරයේ හැඟීමක් ද?
මම කරන්නේ අලුත් එකක් නෙවෙයි. අපේ වැඩිහිටි නිර්මාණකරුවන් තැන් දෙකක කරපු දේ මම එක තැනක කරනවා. එච්චරයි. ඔවුන් නිර්මාණ වෙන ම පළ කළා. සමාජ දැක්‌ම වෙන ම පළ කළා. මම දෙකම එකේ කරනවා. අද වෙන් වෙන් වශයෙන් කරන එක එතරම් ඵලදායක නෑ කියලා හිතෙනවා. ඒ නිසා අදහස් සමාජ ගත කරන්න මෙහෙම කරන එක හොඳයි.
මම පොත් කරන්නෙ සම්මාන ලබා ගන්න නෙවෙයි. මට ගී පද රචනය සඳහා රාජ්‍ය සම්මාන ඇතුළු සේරම ජාතික සම්මාන ලැබිලා තිබෙනවා. ඉතිං මොකක්‌ද වුණේ? සම්මාන කියන්නෙ අදාළ කාරණයක් නෙවෙයි. දැන් බලන්න රත්න ශ්‍රී විඡේසිංහ ගේ 'වස්‌සාන' කාව්‍ය සංග්‍රහය. ඒක අදාළ අවුරුද්දෙ සම්මානවලට නිර්දේශ නොවෙන විදියට අපේ රටේ ඉන්න කුහකයෙක් එදා හැංගුවා. 'වස්‌සානේ' කවිපොතට සම්මාන ලැබුණේ නෑ කියලා මොකක් හරි අඩුවක් වෙලා තියෙනවා ද? මම කවි ලියන එක මේ මඟට ගත්තෙ, අහම්බෙන් දවසක් ගාල්ලෙදි 'වස්‌සානේ' පොත මිළ දී ගත්ත දවසෙන් පස්‌සෙ.
අද සම්මාන කියන්නෙ මගඩියක්. සමහරු ගෝලයෝ දාලා පොත් නිර්දේශ කරගෙන ගිහින් සම්මාන ගන්නවා. මේවා කොන්දක් තියෙන කෙනෙකුට කරන්න බැහැ. මේ ව්‍යාජ වැඩවලින් වෙන්නෙ සාහිත්‍ය ක්‌ෂේත්‍රය පිරිහෙන එක. මමත් ඔය වගේ සම්මානයක් ගත්ත නවකතාවක තිබෙන දෝෂ පෙන්නලා ලිපියක් ලියලා තිබෙනවා. ඒකෙන් පේනවා මෙතන තියෙන්නෙ කල්ලිවාදයක්. සම්මාන සමීක්‌ෂණ මණ්‌ඩලේ මූණු බලලා පොත් ලියවෙන තත්ත්වයක් අද ඇති වෙලා තිබෙනවා. මේ සම්මාන බලු පොරය කියන්නෙ නියම සමාජ වස්‌තු බීජයක් හොඳ නිර්මාණකරුවෙකුට. සේකරලා නිර්මාණ කළේ ඒ අවුරුද්ද දිහා බලාගෙන නෙවෙයි අනාගතයට. මාත් එහෙම හිතාගෙන නිර්මාණ කරන කෙනෙක්.
Q. ඔබ මෙම කාව්‍ය සංග්‍රහය මුද්‍රණයෙදී එකිනෙකට වෙනස් පිටවැසුම් පහක් භාවිත කර තියෙනවා. ඇයි එවැනි දෙයක් කරන්න හිතුණේ...
මෙම කාව්‍ය සංග්‍රහයේ ප්‍රකාශකයා වන රන්පත් ආයතනයේ බුද්ධි ගේ අදහසක් අනුව තමයි මමත් මේ සඳහා යොමුවුණේ. අලුත් සංකල්පයක් නිසාත්, ඇතැම් පාඨකයන් කෘතියක් තෝරා ගැනීමේදී පිටවැසුම පිළිබඳ දක්‌වන උනන්දුව නිසාත් පිටවැසුම් පහකින් මෙම කෘතිය මුද්‍රණය කළා. මෙතනදි පාඨකයන්ට තමන් කැමති පිටවැසුමින් යුත් කෘතිය මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මෙය තරමක් වියදම් අධික කාර්යයක් තමයි. කවි පොතේ මිල ටිකක් වැඩිවෙන්න පුළුවන්. නමුත් මම හිතන්නෙ අද මිනිස්‌සු අනවශ්‍ය දේවල්වලට වියදම් කරන මුදල් දිහා බලද්දි කවි පොතකට යම් මුදලක් වියදම් කිරීම අපරාධයක් වෙන්නෙ නෑ කියලයි. මේ සියලුම පිටවැසුම් නිර්මාණය කර දුන්නේ මගේ මිත්‍රයන්. ඔවුන් මේ සඳහා කිසිදු මුදලක් අය කළේ නෑ. ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕන.
සංවාදය
රත්තනදෙණියේ මේධානන්ද හිමි
2017 අගෝස්ත්තු11 දිවයින
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .