- අපට අවශ්‍ය ත්‍රස්තවාදය පරාජය කළ රටකට සරිලන ව්‍යවස්ථාවක්
- එහෙත් ඒ කටයුත්ත මේ ආණ්ඩුව යටතේ කරන්න බෑ.
- ඒ සඳහා මේ රටේ ජනතාව නුදුරු අනාගතයේ ම රටට දැයට හිතවත් පාලනයක් පත් කර ගත යුතුයි
-ගෙවිඳු කුමාරතුංග
රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත් ඒ සඳහා පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන් ම මහා මැතිවරණයේ දී ජනවරමක් ලැබුණු බවත් ඇතැම්හු පවසති. මේ ඒ පිළිබඳ යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා සමග රිවිර කළ සාකච්ඡාවකි.
පසුගිය ජනාධිපතිවරණයේ දී නව ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් ලැබුණාද?
ජනාධිපතිවරණ සමයේ දී මෛත්‍රීපාල මහතා මාදුළුවාවේ සෝභිත හිමිගේ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානවල පිරිසට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පොරොන්දු වුණා. එතුමා නැවත අතුරලියේ රතන හිමිගේ පිවිතුරු හෙටක් සඳහා ජාතික සභාවට ජනමත විචාරණයක් සඳහා යා යුතු නොවන ව්‍යවස්ථා සංශෝධන පමණක් කරන්න පොරොන්දු වෙනවා. ඒ කාලේ රතන හිමි, පාඨලි චම්පික සහ සරත් ෆොන්සේකා මහත්වරුන්ගේ පින්තූර සහිතව ජනමත විචාරණයක් සඳහා යා යුතු කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොවන බවටත් ඒ නිසා මෛත්‍රීපාල මහතාට ඡන්දය ලබා දීම මගින් රටේ ආරක්ෂාවට හෝ ඒකීයභාවයට කිසිදු අනතුරක් නොවන බවත් ප්‍රකාශ කළ දැන්වීම් පළ වුණා. අපි ඒ අවස්ථාවේ මේ ගැන සෝභිත හිමිගෙන් පවා විමසා සිටියා මේ එකිනෙකට පරස්පර පොරොන්දු දෙක කොහොමද ඉටු කරන්නේ කියලා. මේ පොරොන්දු දෙකෙන් එකක් රකින විට එකක් කැඩෙනවා. ඒ වගේ ම මෛත්‍රීපාල මහතාගේ ජනාධිපතිවරණ ප්‍රකාශනයේ සඳහන් වන්නේ ජනමතවිචාරණයකට යා යුතු ව්‍යවස්ථා සංශෝධනයකට නොයන බවයි. ඒ අනුව ජනාධිපතිවරණයේ දී නව ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් ලැබිලා නෑ.
අද නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටින පුරවැසි බලයේ අයට තමන් අවංක නම් එදා ජනාධිපතිවරණ අපේක්ෂකයාගෙන් අහන්න තිබුණා ඔබ අපට එකක් පොරොන්දු වෙලා තව පිරිසකට ඊට සපුරා විරුද්ධ දෙයක් ප්‍රකාශ කරන්නේ ඇයි කියලා. ඔවුන් එසේ නො කිරීමෙන් පැහැදිලි වන්නේ ජනතා ඇසට වැලි ගසා හෝ තමන්ට වුවමනා ආකාරයේ ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම සඳහා පෙනී සිටි බව. ගාමිණි වියන්ගොඩ, සරත් විජේසූරිය, ධර්මසිරි බණ්ඩාරනායක අවංක නම් ප්‍රතිපත්ති ගරුක නම් ඒ ගැන එදා ප්‍රශ්න කළයුතුව තිබුණා. ඒ අනුව ඔවුන්ට නව ව්‍යවස්ථාවක් සඳහා ජන වරමක් නො ලැබුණු බව විතරක් නෙමෙයි ලැබුණු ඡන්ද පවා කෙතරම් ප්‍රෝඩාකාරි ලෙස ලබා ගත්තේ ද යන්න තහවුරු වෙනවා.
එහෙත් මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ නව ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් ඉල්ලා සිටියා නේද?
ඔව්, මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා ජනවරමක් ඉල්ලා සිටියා. එහෙත් ඔවුන්ට එම මැතිවරණයේ දී ඡන්දය භාවිත කළ ජනතාවගෙන් 50%ක් ඡන්දය ලබා දුන්නේ නෑ. ඒ වගේ ම පාර්ලිමේන්තු නියෝජනය තුළත් ඔවුන්ට 50%ක් ලැබුණේ නෑ. ඒ අනුව ඔවුන්ට ජනවරමක් ඉල්ලා සිටියත් ඒ සඳහා කිසිම ආකාරයකින් ජන වරමක් ලැබුණේ නෑ කියන එක පැහැදිලියි.
රටේ සුළු වාර්ගික කොටස් මුහුණ දෙන ගැටලු විසඳීමට නව ව්‍යවස්ථාවක් වුවමනා බව නව ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින අය අවධාරණය කරනවා?
මේ අය කිසිම විටක ව්‍යවස්ථා සංශෝධනයකින් හෝ නව ව්‍යවස්ථාවකින් විසඳන්න පුළුවන් රටේ සුළු වාර්ගික කොටස් මුහුණ දෙන කවර ප්‍රශ්නය ද කියන කාරණය පැහැදිලි කරලා දීලා නෑ. එදා 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉන්දියාව තමන්ගේ සන්නද්ධ බලය යොදා ගෙන අප මත බලෙන් පැටෙව්වෙත් සුළු ජන වාර්ගික කොටස්වලට සිදුවන අසාධාරණකම් මග අහෝසි කරලා ජන කොටස් රාජ්‍ය පාලනයට වැඩිපුර සම්බන්ධ කරගන්න ඕන කියලා.
එදා මේ 13 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිවයට නැගෙනහිර පළාත නියෝජනය කළ දේවනායගම් වගේ එජාප දෙමළ නායකයන් වගේම මුස්ලිම් නායකයන් විරුද්ධ වුණා. ඔවුන් තමා නැගෙනහිර පළාතේ ජනතාවගේ නියෝජිතයෝ. එදා ඉන්දීය සාකච්ඡා ප්‍රධානියා අහනවා මේ ජනතා නියෝජිතයන්ගෙන් අහනවා ඔබ කොහොමද ජනතා මතය දන්නේ කියලා. ඒ වගේ භයානක ලැජ්ජා සහගත සහ නින්දා සහගත භයානක විදිහට නැගෙනහිර ජන මතයට පවා පයින් ගහලා තමයි 13 ව්‍යවස්ථා සංශෝධනය එදා ගෙන ආවේ.
එදා එහෙම පළාත් සභා ලැබුණා ම රටේ සියලු සුළු ජන වාර්ගික ප්‍රශ්න විසඳිලා මේ රටේ ස්වර්ග රාජ්‍යය පහළ වෙනවා කී අය ම අද කියනවා නැවත කියනවා මේ රටේ සුළු වාර්ගික කොටස්වලට අසාධාරණයක් වෙනවා කිසිම බලයක් නෑ යුද්දේ ඇති වුණෙත් ඒ නිසා කියලා. එයින් පැහැදිලියි මේ පිරිස ඉතාම වංචා සහගත ලෙස කටයුතු කරන බව.
අද මේ ව්‍යවස්ථා සම්පාදන කටයුතුවලටම එජාපය පාර්ලිමේන්තුවට පත් කළ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ මේ ආණ්ඩුව යටතේ ජනාධිපති නීතිඥ ධුරයකින් පිදුම් ලැබූ දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා තම බෙදුම්වාදී අවශ්‍යතා සහ බටහිර අවශ්‍යතා සපුරාලිමට මේ ව්‍යවස්ථාව කෙටුම්පත් කරන්නේ. මේ අය සම්පාදනය කරන සියලු වාර්තාවල උතුරු නැගෙනහිර නැවත එකතු කිරීම සඳහා යෝජනා තියෙනවා. පළාත් සභාවලට බලය බෙදා හැරීම ප්‍රජාතන්ත්‍රවාදය සුළු වාර්ගීක අයිතීන් සුරකීමට කළ යුතු අනිවාර්ය මූල ධර්මයක් කියන පදනමේ සිට ඇරඹෙන මේ ව්‍යවස්ථා සංශෝධනය තුළ උතුරු නැගෙනහිර නැවත එකතු කරන යෝජනා ඇතුළත් වීමේ පරස්පරය අපි කොහොමද තේරුම් ගන්නේ? උතුරේ මහ ඇමති ඉදිරිපත් කළ ව්‍යවස්ථා සම්පාදන යෝජනාවලියේ සඳහන් වෙනවා උතුරු නැගෙනහිර දෙමළ නිජබිම නිසා එම පළාත් එකාබද්ධ කළ යුතු බව.
ඔවුන් යෝජනා කරන්නේ මේ සමස්ත රට තමන්ගේ නිජබිම කියලා පිළිගන්න ජනතාවගේ අයිතිය අහෝසි කරලා දෙමළ නිජ බිම් අයිතිය තහවුරු කරන්න කියලයි. මේ අය කවර තර්ක ඉදිරිපත් කළත් අපේ මාතෘ භූමිය කීතු කීතු කඩා බිඳ දමන අතර උතුරු නැගෙනහිර නැවත ඒකාබද්ධ කරමින් සිහින ඊළාම් රාජ්‍යය නිර්මාණය කිරීමේ අරමුණ තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය පිටුපස සැඟව තියෙන්නේ. පසුගිය ගං වතුරින් රටේ ජනතාව යටවෙච්චී අවස්ථාවේ පාර්ලිමේන්තුවට ඇමතිවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ගෙන ඒම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා. ව්‍යවස්ථා සම්පාදනය සඳහා සිදු කරන මෙහෙවර වෙනුවෙන් ජයම්පති වික්‍රමරත්න මහතාටත් වාහනයක් ලබා දීමට එහි දී මුදල් වෙන් කරලා තිබුණා. මේ වගේ දෙයක් වන්නේ සියලු මන්ත්‍රීවරුන්ට වාහන සඳහා මුදල් වෙන්වුණු පසුබිමකයි. ගං වතුරින් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීමට මුදල් නැති ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාව හදන අය සතුටු කරන්න අල්ලස් ලබා දීම වගේම ඒවා භාර ගැනීමට සුදානම් වීමත් නිර්ලජ්ජිත කටයුත්තක්. රට වෙනුවෙන් කටයුතු කරනවා කියන අයගේ සැබෑ තත්ත්වය මේ වගේ දේවල්වලින් අනාවරණය වෙනවා.
මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය එක් අයෙකු දෙදෙනෙකුගේ අදහස් මත සිදුවන බව ප්‍රකාශ කිරීම සාධාරණ නෑ නේද?
මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිටුපස ඉන්නේ ප්‍රකට බෙදුම්වාදීන්, කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට එරෙහි වූවන්. මේ රටේ බහුතර ජනතාවක් කොටි ත්‍රස්තවාදය පරාජය කළ යුතුය කියන මතයේ සිට කළ කැපකිරීම් නිසායි කොටි පරාජය කළ හැකි වුණේ. ඔවුන් ඒ සඳහා ආණ්ඩුවක් පත් කරගෙන තමන්ගේ දරුවන් හමුදාවට භාර දීලා විවිධ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් විශාල කැපකිරීමක් කළා. ඒ බහුතර ජන මතය නියෝජනය කරන කිසිවෙක් මේ කමිටුවල නෑ. ආචාර්ය නලින් ද සිල්වා හෝ ආචාර්ය ගුණදාස අමරසේකර හෝ ජාතිකවාදී මතවාද දරන නීතිඥයකු හෝ මෙහි නෑ. නිතර අටපිරිකර උස්සගෙන මහා නාය හාමුදුරුවන් බැහැ දකින්න දුවන අය උන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කළේ නෑ තමන් වහන්සේලා නියෝජනය කරන මතය මේ කමිටුවල නියෝජනය කරන්න නියෝජිතයෙක් පත් කරන්න කියලා.
ඒ අනුව මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය බෙදුම්වාදී අවශ්‍යතා වෙනුවෙන් සිදු කරන බව ඉතාම පැහැදිලියි. ඒ විතරක් නෙමෙයි මේ රටේ අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ ගොඩනැඟුණු සභ්‍යත්වය පදනම් කරගත් ශිෂ්ටාචාරයට එරෙහි ඒජන්තයන් මේ ව්‍යවස්ථා සම්පදාන ක්‍රියාදාමය පිටුපස ඉන්නවා. ලාල් විජේනායක වාර්තාවේ මේ රටේ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නයක් වගේ ලිංගික කරුණු පිළිබඳ පිටු ගණනක් පුරා කරුණු ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු කරුණු ලියවෙන්නේ රටේ සංස්කෘතිය විනාශ කර දැමීමට මිස මේ රටේ එහෙම කිසිම ගැටලුවක් ඇති නිසා නෙමෙයි. ඔවුන්ට ජාතික කොඩියේ සිංහයා සහ බෝ කොළ හතර පවා ප්‍රශ්නයක් වෙලා. සිංහ කොඩිය එදා නිර්මාණය කළේ සියලු ජාතික ආගමික කොටස් නියෝජනය වන කමිටුවකින්. ඔවුන්ගේ අවශ්‍යතා මේ රටේ බුදු දහමට ලැබී ඇති ප්‍රමුඛතාව අහිමි කරලා බුදුදහම ආරක්ෂා වීම අහෝසි කිරීමයි.
අපේ රටට අවශ්‍ය කුමන ආකාරයේ ව්‍යවස්ථාවක් ද?
අපේ රටට අවශ්‍ය ත්‍රස්තවාදය පරාජය කළ රටකට අවශ්‍ය ව්‍යවස්ථාවක්. 1982ට පසු 78 ව්‍යවස්ථාවට කළ සියලු සංශෝධනය ලෝකයේ භයානකම ත්‍රස්තවාදයකට ගොදුරු වෙලා තිබෙද්දි සිදු වුණේ. 13 වන ව්‍යවස්ථා සංශෝධනය කියන්නෙත් ඒ කාලයේම ඉන්දියාව අවි ආයුධ සහ පුහුණුව දීලා ත්‍රස්ත කල්ලි හදලා අවසාන වශයෙන් තමන්ගේ සන්නද්ධ බලයෙන් අප මත පැටවූ එකක්. ඒ ත්‍රස්තවාදය නන්දිකඩාල් කළපුවෙන් අවසන් කළ පසු රටට වුවමනා කරන්නේ ඒ ත්‍රස්තවාදය පිටුදකින ඒකීයභාවය සුරකින ප්‍රධාන ජාතිය සහ ජනවර්ග අතර සමගිය තහවුරු කරන එක රටක් එක ජනතාවක් විදිහට එකට අත්වැල් බැඳගෙන නැගී සිටින්න පුළුවන් ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුව තිබෙනවා. තමිලිනීගේ පොත බැලුවාම වුණත් පැහැදිලි වන්නේ ඈ අවසාන කාලයේ සිය සංවිධානය තුළ කලකිරී සිටි බව සහ අනතුරුව ත්‍රස්තවාදය නොව රටේ ආරක්ෂක හමුදාව කෙරෙහි විශ්වාසය තැබූ බවයි. ත්‍රස්තවාදය පරාජය කරන්න අනන්ත කැප කිරීම් කළ රණ විරුවන්ට, ජනතාවට සහ නොමග ගොස් ත්‍රස්තවාදය නිසා දුක්විඳී උතුරේ ජනතාවට දැක්විය හැකි උපරිම උපහාරයත් සේවයත් එයයි. එහෙත් ඒ කටයුත්ත මේ ආණ්ඩුව යටතේ කරන්න බෑ. ඒ සඳහා මේ රටේ ජනතාව නුදුරු අනාගතයේ ම රටට දැයට හිතවත් පාලනයක් පත් කර ගත යුතුයි.
සාකච්ඡා කළේ: නාමල් උඩලමත්ත

[Rivira]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .