8/08/2017

විශ්වාසභංගය අද සහ එදා

කතෘ:යුතුකම     8/08/2017   No comments

-අයි.ජයතිලක-
රටේ පවතින අරාජික තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා පවතින රජය පෙරළීම වර්තමානය වන විට රටේ අවශ්‍යතාවයකි. එය 2001-4 රනිල් රජය හැර ඉතිහාසයේ අන්කවරදා කටත් වඩා අවශ්‍ය වුණු වෙනත් අවස්ථාවක් නොමැත. රටම ප්‍රශ්න ගොඩක අතරමංව ඇත. රටේ ආර්ථිකයට යන එන මං නැත. රටේ ආරක්ෂාව ගැන පොලිස්පති වරායම අනතුරු අඟවයි. ජීවිත දහස් ගණනක දිවි දීමෙන් රැකගත් රටේ ඒකීය බව යුද්ධයෙන් පසු පළමු වතාවට ප්‍රබල ලෙස අභියෝගයට ලක්ව ඇත. ලංකාවේ සියළු වත්කම් පිටරැටියන්ට කුණු කොල්ලෙ ට විකිණේ. රටේ සිද්ධවන එකම දේ කුණු කොල්ලෙට රට විකුණා එදා වේල සරිකර ගැනීමයි. ඉතිහාසයේ සිදුවුණු මහා මූල්‍ය වංචාවකට රටේ හිටපු මූල්‍ය ඇමති වන වත්මන් විදේශ ඇමතිත් හිටපු මහ බැංකු අධිපතිත් පවතින රජයත් සම්බන්ධ වී ඇත. මේ සියල්ල අතරේ රටේ වෙන දේ විධායක ජනාධිපතිවරයා දන්නේ නැත. දැනගත්තද කළ යුත්තක් ගැන නොදනී. මේ අද ශ්‍රී ලංකාවේ යතාර්ථයයි. රටේ ජනයා ආණ්ඩු පෙරළියක් ඉල්ලයි. බලයට පැමිණ වසර දෙකකින්ම තමන් ලබා ගත් ජන වරම මේ රජය විසින්ම නැති කරගෙන ඇත. නමුත් ඒ සඳහා මැතිවරණ නැත. ජනතා පීඩනය මුදා හරින්නට ක්‍රමයක් නැත.

මේ අවස්ථාවේ රට වෙනුවෙන් ගත හැකි හොඳම පියවර විපක්ෂය සංවිධානය වී පාර්ලිමේන්තුව තුළ විශ්වාස භංගයක් ගෙනවිත් රනිල් රජය පරාජය කර රටේ පවතින අරාජිකත්වය නැති කිරීමයි. එසේ ගෙනෙන විශ්වාස භංගයක් ජයග්‍රහණය කරගත හැක්කේ අසීරුවෙනි. ඊට හේතුව වර්තමානයේ ප්‍රධාන විපක්ෂය වන දෙමළ සන්ධානයත්, කුඩා දෙමළ පක්ෂත්, ජනතා විමුක්ති පෙරමුණත් නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයත් ඊට සහාය දිය යුතු වීමයි. ජාතික රජයක් ගෙනවිත් ලංකාවට ගැලවිය නොහැකි ලෙස ගැටයක් ගසා ඇත්තේ නව ව්‍යවස්ථාවක් සඳහායි. විපක්ෂ නායක හා දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් පැවසූ ලෙසම ජාතික රජය පවත්වා ගැනීම නව ෆෙඩරල් ව්‍යවස්ථාව සඳහා අත්‍යාවශ්‍ය වේ. එම හේතුව නිසා දෙමළ පක්ෂ කිසි විටක පවතින එජාප රජය පෙරළීමට සහාය නොදෙනු ඇත. පී.දිගම්බරම් මාධ්‍ය හමුවක් පවත්වා පැවසුවේ එයයි. මනෝගනේෂන් කියනා ලෙස 2025න් පසුවත් මෙම රජය රට පාලනය කරනු ඇත. පවතින රජය අන්තවාදී සුළු වාර්ගික පක්ෂ සහායෙන් පවත්වාගෙන යනු ඇත.

විපක්ෂය විසින් පවතින රජය පාර්ලිමේන්තුව තුළදීම විශ්වාස භංගයකින් පරාජය කිරීමට ඉතා ආසන්න වූ අවස්ථාවක් ලංකාවේ ඉතිහාසයේ ඇත. ඒ 2001 වසරේදීය. රටට අතවශ්‍ය කාරණයකදී අරාජිකත්වයෙන් ගැලවීමට රටේ පාර්ලිමේන්තුව තුළ රජය පෙරළීම මේ ආකාරයෙන් අසීරු වුවද බෙදුම්වාදීන්ගේ වුවමනාවට රටක රජයක් සාර්ථක ලෙස පෙරළීමට එවකට විපක්ෂය හවුල් වූ ආකාරය අදටත් අදාළය.

2000 වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවති මහ මැතිවරණයෙන් චන්ද්‍රික බණ්ඩාරනායක ගේ පොදු පෙරමුණ ජයග්‍රහණය ලැබුවද රජයක් පිහිටුවන්නට අවශ්‍ය බහුතරය ලබාගත්තේ නැත. රජයක් පිහිටුවීමට අවශ්‍ය සහාය චන්ද්‍රිකා රජය ලබාගත්තේ මුස්ලිම් කොන්ග්‍රසය හා තොන්ඩමන්ගේ පක්ෂය වැනි වතුකර පක්ෂ වලිනි. ජනතා විමුක්ති පෙරමුණ පළමු වරට ආසන 10ක් ලබා ගත්තේද මෙම මැතිවරණයේදීයි. මෙම මැතිවරණයේදී එජාපයේ නායකයා වන රනිල් වික්‍රමසිංහට එරෙහිව චන්ද්‍රිකා රජය එල්ල කළ ප්‍රබලතම චෝදනාව වන්නේ රනිල් වික්‍රමසිංහයන් කොටි නියෝජිතයන් හා බටහිර රටවල් හා එක්ව චන්ද්‍රිකා රජය පෙරළා කොටින්ට අවශ්‍ය දේ සිදුකිරීමට සූදානමින් සිටින බවයි. 2001 න් පසු සිදුවන දේ නිරීක්ෂණය කළ විට එය පදනම් විරහිත චෝදනාවක් නොවන බව ඕනැ කෙනෙකුට වැටහේ. 2000 වසරේ මැතිවරණයෙන් පසු චන්ද්‍රිකා රජය අභියෝග රාශියකට මුහුණ දුන්නේය. වැරදි ආර්ථික කළමනාකරණය, නියෝ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වුණු සමාජ පීඩනය, උතුරේ ආරක්ෂක හමුදා විසින් ලැබූ පරාජයන් හේතුවෙන් ජනතා ප්‍රසාදය චන්ද්‍රිකා ප්‍රමුඛ රජයට ලැබුණේ නැත. දිනෙන් දිනම ජනප්‍රියත්වය පිරිහෙමින් පැවති රජයක් රටේ තිබුණි.

මේ සියළු අභියෝග අතරේ තවත් කුමන්ත්‍රණයක් තිරය පිටුපසින් දිග හැරිණි. නෝවේ රජය 2000 වසර මුලදී නිල වශයෙන් ම ලංකාවේ රජය හා කොටි සංවිධානය අතර සාකච්ඡා ඇති කිරීමට කටයුතු සූදානම් විය. රජය විසින් නෝවෙ රජයට සාම සාකච්ඡා සඳහා පහසුකම් සලසන්නෙකු ලෙස ආරාධනා කළද ඇත්ත වශයෙන්ම සිදුවූයේ කපටි කමෙන් සැලසුම් සහගතව පැවති ශ්‍රී ලංකා රජය ඒ සඳහා කැමති කරවා ගැනීමයි. නිවැරදිව කියනවා නම් අන්ඳා ගැනීමයි. කෙසේ වුවත් නෝවේ රජයට අවශ්‍ය ලෙස කටයුතු කරන්නට පැවති චන්ද්‍රිකා රජය විශේෂයෙන් ලක්ෂ්මන් කදිරගාමර් මහතා කැමති වූයේ නැත. නෝවේ රජය විසින් කොටි සංවිධානයත් එහි නියෝජිතයිනුත් අතර ඇති හිතවත්කමත් කොටි කොන්දේසි පිළිගන්නා ලෙස රජයට කළ බලපෑම් නිසාත් නෝවේ පාර්ශවය පිළිබඳව චන්ද්‍රිකා රජයට ප්‍රශ්න ඇති විය. කොටි කොන්දේසි වූයේ කොටින් විසින් ප්‍රකාශ කළ සටන් විරාමය රජය විසින් පිළිගත යුතු බවත් කොටි සංවිධානයේ තහනම ඉවත් කිරීමත් උතුරට පනවා ඇති ආර්ථික සම්භාධක ඉවත් කිරීමත් යන කොන්දේසිය. මේ කොන්දේසි වලට චන්ද්‍රිකා රජය එකඟ වූයේ නැත. පසුව පැමිණි රනිල් වික්‍රමසිංහ මේ සියල්ල බන්දේසියක තබා සටන් විරාම ගිවිසුම යන කඩදාසි කැබැල්ලකින් කොටි සංවිධානයට ලබා දුන් ආකාරය ඉතිහාසය දන්නෝ දනිති.

ලංකාවේ අර්බුධය පිළිබඳ තමන් මහා දැනුමැති ප්‍රාඥයෙකු ලෙස සිතා සිටි නෝවේ නියෝජිතයා වන සෝල්හයිම් ලංකා රජයට නුරුස්නා පුද්ගලයෙකු බවට පත්විය. සෝල්හයිම් කොටි සංවිධානයට පක්ෂ ඒ වෙනුවෙන් සිටින කෙනෙකු බව පැහැදිලි විය. 2006 වසරේ බාලසිංහම් ගේ අවමගුල් උත්සවයේදී සෝල්හයිම් කතාවක් පැවැත්වූවේ ඇඬු කඳුලෙනි. කදිරගාමර් විසින් සෝල්හයිම් නෝවේ නියෝජිත කණ්ඩායමින් ඉවත් කරන ලෙස ඉල්ලමින් නෝවේ රජයට ලිපි යැවීය. නෝවේ සාම ක්‍රියාදාමය මේ අවස්ථාවේ දී ඉබි ගමනින් යන්නට විය. බ්‍රිතාන්‍ය යත් කොටි සංවිධානය තහනම් කළේය. අවාසිදායක තත්ත්වය තේරුම් ගත් කොටි සංවිධානය තවත් සටන් විරාමය දික් ගැස්සිය. පවතින චන්ද්‍රිකා රජය කදිරගාමර් චරිතය හේතුවෙන් තමන්ට නැටවිය නොහැකි බව තේරුම් ගත් කොටි සංවිධානය වෙනත් උපායක් යෙදවීය. ඒ සිය අතට බලය ලබා ගැනීමට රටට විනාශකාරී ඕනෑම ජඩ වැඩකට සහාය දෙන එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා හවුල් වීමයි.

පාර්ලිමේන්තුවේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සිටියේය. ටෙලෝ සංවිධානයේ අඩෙයිකලනාදනුත් තවත් පක්ෂයක් වන ACTC පක්ෂයේ සාමාජිකයාත් පාර්ලිමේන්තුවේ සිටි කොටි නියෝජිතයන් විය. රනිල් වික්‍රමසිංහ ගේ එජාපය විසින් පවතින රජයට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආ අතර එම විශ්වාස භංගය ජයග්‍රහණය කර රජය පෙරළීමට හැකි සියළු උපකාරයන් දෙමළ පක්ෂ විසින් ලබා දුණි. වෙනත් අවස්ථා වල පාර්ලිමේන්තුවේ සිදුවන දේ ගැන කිසිදු වගක් නැති දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ එක් මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී වරයෙක් විශ්වාස භංගය සඳහා සිය අත්සන එව්වේ ෆැක්ස් මාර්ගයෙනි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්දසංගරී මාධ්‍යයට පැවසූවේ රජයට සාම සාකච්ඡා සඳහා අවංක උවමනාවක් නැති බවත් රනිල් වික්‍රමසිංහ රජය විසින් සාම සාකච්ඡා සඳහා යොමු වන බවට පොරොන්දු වී ඇති නිසා විශ්වාස භංගයට තම පක්ෂය සහාය දෙන බවයි. අඩෙයිකලනාදන් පැවසූවේ රනිල් විසින් කොටි තහනම ඉවත් කිරීමට පොරොන්දු වූ නිසා තමන් විසින් විශ්වාස භංගයට සහාය දෙන බවයි.

2001 ජූනි මාසයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ ඇති කරගත් ගැටුමක් හේතුවෙන් මුස්ලිම් කොන්ග්‍රසයේ රාවුෆ් හකීම් පාර්ශවයත් ෆේරියල් අශ්රොෆ් පාර්ශවයත් රජයේ අමාත්‍යධූර වලින් ඉවත් වී විපක්ෂයට ගියහ. චන්ද්‍රිකා රජයට පාර්ලිමේන්තුවේ බහුතරය නැති වුණි. මුස්ලිම් කොන්ග්‍රස් රාවුෆ් හකීම් පාර්ශවයේ මන්ත්‍රීවරුන් සය දෙනා පැවසූවේ විශ්වාස භංගය ගැන දැන්ම තියා නිගමනය කළ නොහැකි බවයි. මේ අතර රජයට එරෙහි විශ්වාස භංගයක් බාර දුන් එජාපය හා දෙමළ පක්ෂ මාධ්‍ය හමුවක් තබා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටියේ පවතින රජය පාර්ලිමේන්තුවේ දී පරාජය කිරීමට තමන් හා එක්වන ලෙසයි. පාර්ලිමේන්තුව කල් තබමින් හා ජනතා විමුක්ති පෙරමුණ හා ගිවිසුම් ගත වෙමින් සිය රජය රැක ගැනීමට චන්ද්‍රිකා රජය අපමණ උත්සාහයක් ගත්තා. ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරීමට රජයට වසරක වත් කාලයක් ගතවූ පසුව විය යුතුය. මහ මැතිවරණයෙන් පසු 2001 ඔක්තොම්බර් 10 වන විට පොදු පෙරමුණු රජයට වසරක කාලයක් ගත විය. දින කිහිපයකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයක් ප්‍රකාශයට පත් කරගැනීමෙන් පමණක් විශ්වාස භංගයෙන් ගැලවීමට චන්ද්‍රිකා රජය සමත් වූවාය. රටේ සැබැ අවශ්‍යතාවයකට විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට විපක්ෂයකට හැකියාවක් නොමැති වුවත් බෙදුම්වාදීන්ගේ වුවමනාවන් නිසා විශ්වාස භංගයක් ගෙන ඒමට ලංකාවේ දේශපාලනයේ ඇති හැකියාව පෙන්නුම් කළේය. සත්‍ය වශයෙන් රටේ ජනතාව විශේෂයෙන් සිංහල ජනයා පාර්ලිමේන්තුවට යවන පුද්ගලයන් සම්බන්ධයෙන් නැවත නැවතත් සිතා බැලිය යුතුය. විධායක ජනාධිපතික්‍රමය පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය වන්නට මෙයත් එක හේතුවකි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions