8/22/2017

විජේදාස රාජපක්ෂ සහ චම්පික රණවක

කතෘ:යුතුකම     8/22/2017   3 comments
රෑ වැටුණු වලේ දවල් නොවැටෙමු - විමසිල්ලෙන් විජේදාස දෙස බලමු !
-රවිප්‍රිය තුෂාර-
විජේදාස රාජපක්ෂ මහතා මෑතකදී කරන ප්‍රකාශ සහ හැසිරීම බොහෝදෙනෙක්ගේ කතා බහට සහ ගැටළුවට ලක් වී ඇත. එයට හේතුව එ.ජා.ප.යේ ප්‍රබල චරිතයක් වූ සහ සිංහල බෞද්ධ විරෝධී බවට ප්‍රසිද්ධියක් ඉසිලූ මෙතුමා ජාතිකත්වය දෙසට මාරු වීමයි. විජේදාස අවංකයිද? මේක කරන්නේ මිනිස්සු රවට්ටල බලය ලබා ගන්නද? මෙතන යටින් තියෙන සැලසුම මොකද්ද? කවද ආපහු ජාතිකත්වයටම විරුද්ධ වේවිද වගේ සාධාරණ ගැටළු සහ සැකයන් බොහොමයක් තිබෙනව. මෙම ගැටළු නිස ඔහුව තේරුම් ගැනීමට අපහසු තත්වයක් උදා වී ඇත. අද ජාතික මතවාදයේම සිටින එක් කොටසකට විජේදාස රාජපක්ෂගේ මෑත කාලීන ප්‍රකාශ නිසා ඔහු රට ජාතියේ ගැලවුම්කරුවා, දියසේන කුමාරයෙක් වී ඇත. ඒ අතර තවත් කොටසකට ඔහුගේ අතීත ක්‍රියාකාරකම් නිසා තවමත් මහා සිංහල බෞද්ධ විරෝධියෙක් ලෙසත් මෑත කාලීන ප්‍රකාශ රැවටීමක් ලෙසත් දක්වයි. මේ පිලිබඳව අපි විමසා බලමු.

විජේදාස මහතාගේ ගැටලුකාරී පැත්ත සලකා බලමු. ඔහුගේ අතීතය බැලූ විට එය බොහෝ විට එජාප ප්‍රතිපත්ති සහ ජාතිකත්වයට විරුද්ධ ගමනේ ප්‍රබල චරිතයක් ලෙස පැවතුනේය. අවසන් ජනාධිපතිවරණ දෙකේදීම ඔහු විජාතික කණ්ඩායමේ ප්‍රබල කාර්යයක් ඉටු කලේය. ඒ වගේම මට මතක හැටියට ඔහු ජාතිකත්වය පැත්තට කරනම ගසන්නේ නැගෙනහිර පන්සල් නිරික්සීමට කරන චාරිකාවකදීය. මෙහිදී ඔහු සමඟ යන්නේ සහ ඔහුව ජාතිකත්වයට උස්සා තබන්නේ බොදු බල සේනාවයි. බොදු බල සේනාව අවිශ්වාසී නිසා මේ සිදුවීම තවත් සැක සහිත වෙයි. තවත් කරුණක් නම්, විජේදාස මහතාගේ ක්‍රියාවලිය රනිල් ඇතුලු විදෙස් බලවේගයන්ගේ විශාල කුමන්ත්‍රණයක කොටසක්ද යන සැකය මතු වෙයි. අද තිබෙන තත්වය බැලූවිට සාම්ප්‍රදායික එ.ජා.ප. පාක්ශිකයන්, ලිබරල් ඊනියා උගත් බුද්ධිමත් ජනතාව, දෙමළ සහ මුස්ලිම් අන්තවාදය, ජවිපෙ, ඊනියා වම සහ පාර්ලිමේන්තුවෙ විපක්ශය යන සියළු කොටස් ක්‍රියාත්මක වන්නේ එක අරමුණකටයි. අද ක්‍රියාත්මක වන බලවේගය ජවිපෙ සහ වම සූක්ශම ලෙස ඔවුන්ගේ පාලනයට නතු කරගෙන ඇත. ඇත්තෙන්ම දැන් ඇත්තේ ව්‍යාජ වමක් සහ ව්‍යාජ ජවිපෙක්ය. මෙම එකතුවට පිටින් සහ විරුද්ධව ඉන්නේ ජාතිකත්වය මුල් කරගත් කණ්ඩායමයි. මෙම විදෙස් කුමන්ත්‍රණකරුවන් විජේදාස මහතා හරහා උත්සාහ කරන්නේ ව්‍යාජ ජාතිකවාදී කණ්ඩායමක් නිර්මාණය කරගැනීම විය හැකිය. ඒ ඔස්සේ ජාතිකවාදීන් රවටා ඔවුන්ගේ සහය ඉදිරියේ එන මැතිවරණ වලදී විදෙස් බලවේග වලට උවමනා ආකාරයට හැසිරවීමට විය හැකිය. නැතහොත් මැතිවරණ තෙක් ජාතිකවාදීන් රවටා ඔවුන්ගේ සහය ලබාගෙන මැතිවරණයෙන් පසු ව්‍යාජ ජාතිකවාදය අත් හැර සැබෑ ජාතිකත්ව විරෝධය වෙත නැවත යනු ඇත. මේවා සියල්ල විය හැකි දේවල්ය.

දැන් මේ සම්බන්ධ අනෙක් පැති විමසා බලමු. ජාතිකවාදියෙක් සදාකාලිකවම එම මතය දරන්නෙක්ද? ඔවුන් එම මතය දරන්නේ අවංකවමද නැතහොත් වෙනත් යටි අරමුණක් ඇතිවද? වත්මන් දේශපාලනඥයන් සම්බන්ධයෙන් මෙම ගැටළු වලට නිශ්චිත පිලිතුරු ලබා දිය නොහැකි බව මගේ මතයයි. මේ සඳහා හොඳම උදාහරණය චම්පික රණවක, රතන හිමි ඇතුළු හෙළ උරුමයේ හැසිරීමයි. ජාතිකවාදින් බොහොමයක් කුමන හෝ කාලයක හෙළ උරුමය වටා පෙල ගැසීමත් ඔවුන් අනුමත කිරීමත් සිදු විය. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ ජාතික මතවාදය වෙනුවෙන් පෙනී සිටි අතර ඇත්තටම ජාතිකත්වය වෙනුවෙන් ඉතිහාසයේ යම් සේවයක් කර ඇත. නමුත් අද ඔවුන් ඉන්නේ කොතනද? වඩාත්ම කපටි සහ අවස්ථාවාදී දේශපාලනයක නිරත වෙන චම්පික රණවක මහතා අද සිංහල බෞද්ධ විරෝධී පිලේ ඔවුන් සිටිමින් අසතුටු වන දේවල් කිරීමෙන් වැලකී සිටින අතර රාජපක්ශ විරෝධී මඩ ව්‍යාපාරයක නියැලෙයි. මධ්‍යම පාංතික ඊනියා 'උගත් බුද්ධිමත් ජනතාව' ආකර්ශනය කරගැනීමට විවිධ උපක්‍රම යොදයි. ඒ අතරම වක්‍රාකාරයෙන් සිංහල බෞද්ධ නායකයෙකු ලෙස පෙනී සිටීමට කරන උත්සාහයද අත් හැර නොමැත. මෙයින් එකිනෙකට වෙනස් පාඩම් 2ක් අපිට ඉගෙන ගත හැකිය. මේ කවරෙක්වත් තදින් විශ්වාස කළ නොහැක එසේ නොකළ යුතුය. බොහෝ කලක් ජාතිකත්වයේ සිටි හෙළ උරුමය වෙනස් වූවා නම්, මීට පෙර සැමදා ජාතිකත්ව විරෝධී වූ අයෙක් විශ්වාස කළ හැකිද? චම්පික සහ විජේදාස යන මහතුන් දෙදෙනාම අවස්ථාවාදී කපටි දේශපාලකයන් බව මගේ පෞද්ගලික අදහසයි. එමෙන්ම කුමන අරමුණකට හෝ හෙළ උරුමයට ඒ පැත්තට යා හැකි නම්, විජේදාස මහතාටද එයට විරුද්ධ පැත්තට පැමිණිය හැකි විය යුතු නොවේද?

දේශපාලනයේදී හෝ යුද්ධයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැත. සරත් ෆොන්සේකා මහතා කැනඩාවේ සභාවකදී මේක සිංහලයන්ගේ රට යයි ප්‍රකාශ කළ නිසා අපි තවදුරටත් ඔහු ජාතිකවාදියෙක් ලෙස සලකනවාද? එම නිසා විජේදාස රාජපක්ශ මේක සිංහල බෞද්ධ රටක් ලෙස ලියා ඇත්තේ කොහේදැයි ඇසූ ප්‍රකාශයට සැමදා බැඳ තැබිය යුතුද? අපි කල යුත්තේ අන්ධ ලෙස විශ්වාස කිරිම නොව වඩා විචක්ෂණශීලී ලෙස මෙය සමඟ ගනුදෙනු කිරීමයි. සිංහල බෞද්ධ නායකයන් ලෙස අපි විජේදාස හෝ දැනටත් ජාතික මතයේ සිටින ඇතැම් දේශපාලකයන් නම් කල යුතු නැත. මොවුන් දේශපාලකයන්ය. අවංක හෝ අවංක නොවූ හේතු නිසා ඔවුන් ජාතික මතවාදයට පක්ශපාතීය. මොවුන්ගේ දේශපාලන අනාගතය ජාතිකත්වය සමඟ කෙසේ වේ දැයි අපිට කිව නොහැක. අප සැලකිය යුතුවන්නේ වර්තමාන කාලයේ ඔවුන්ගේ හැසිරීමයි. චම්පික රණවක සහ සරත් ෆොන්සේකා ජාතිකවාදීන් ලෙස 'අද' අපි සලකන්නේ නැත. විජේදාස රාජපක්ශ සහ කරුණා අම්මාන් ජාතිකත්වයට පක්ශ බව 'අද' අපිට සැලකිය හැකිය. එයිනුදු කරුණා අම්මාන් විජේදාස මහතාට වඩා විශ්වාසී බවටද සැලකිය හැකිය. අපි මෙසේ කොන්දේසි සහිතව සහ විචක්ශණශීලීව මෙය සලකා බැලිය යුතුය. අපිට මෙසේ කිරීමට වී ඇත්තේද අපිට ජාතිකවාදී නායකයන් සිය දහස් ගණනක් නොමැති නිසා බවද තේරුම් ගත යුතුය.

අද විජේදාස මහතාගේ ක්‍රියාවන් යහපාලනයටම ගැටළුවක් වී ඇති බව පෙනෙයි. යහපාලන මැති ඇමති වරුම ඔහු ප්‍රසිද්ධියේ විවේචනය කරන අතර විශ්වාස භංගයක් ගෙන එන බව තර්ජනය කරති. යමපාලනයට තිබෙන ප්‍රශ්නය විජේදාස නීතිය නමා ඒකාබද්ධ විපක්ශයේ අය රිමාන්ඩ් භාරයට ගෙන පීඩනය එල්ල කිරීමට සහය නොදැක්වීමයි. සරලවම, පොලිස්පති CID,FCID විවිධ කොමිසම් මඟින් නමන දිග හරින නීතිය, විජේදාස මහතා හරහා නැමිය නොහැකි වී ඇත. එමෙන්ම විජේදාස මහතාගේ ක්‍රියාවන් සහ ප්‍රකාශන නිසා රජය අපහසුතාවයට පත් වී හිරවී ඇති බවක් පෙනෙයි. ඔවුන්ට විජේදාස මහතා අධිකරණ ඇමති ධූරයේ තියන්නත් බැරි, එයින් ඉවත් කරත් හානියක් සහ අපකීර්තියක් ලැබෙන තත්වයක් නැගී ඇත. මේ සියල්ල රජය විසින්ම කරන යම් මවා පෑමක්, රංගනයක් විය හැකි වුවත් යම් හෙයකින් විජේදාස මහතා ඉවත් කර ඒ වෙනුවට සරත් ෆොන්සේකා හෝ රංජන් රාමනායක වැන්නෙක් පත් කලහොත් නීතිය නවා සිදු වෙන දේශපාලන දඩයම් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට උත්සාහ කරන මේ වකවානුවේ රටට බොහෝ අවාසිදායක විය හැකිය. එමෙන්ම යහපාලන ආණ්ඩුව ඇතුලේ සිට එහි රටේ සම්පත් විකුනන ක්‍රියාවන් ඇතුලු එහි යම් යම් ක්‍රියාවන් විවේචනය කිරීම වැදගත්ය. මෙයින් යහපාලනයම අපහසුතාවයට පත් වෙන අතර ඔවුන්ට එරෙහි පීඩනයද වැඩි වෙයි. මේ ආකාරයෙන් වන බොහෝ හේතු නිසා විජේදාස මහතාගේ වත්මන් ක්‍රියා කලාපයට අපි විචක්ශන ශීලී ලෙස සහය ලබා දිය යුතූ බව මගේ අදහසයි. විජේදාස මහතා මෙම සිදුවීම් නිසා යහපාලනයේත්, NGO කණ්ඩායම් වලත්, ඊනියා උගත් බුද්ධිමත් ජනතාවගේත් විවේචනයට ලක් වී ඇත. එහිදී අපි ඔහුගේ සාධනීය ක්‍රියාවන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය.

මෙය බොහෝ විට විජේදාස මහතාගේ අවස්ථාවාදී දේශපාලනයේ තවත් එක් පියවරක් වීමට බොහෝ ඉඩ ඇත. කෙසේ වුවත් ජාතිකවාදීන් මෙහිදී උපක්‍රමශීලීව මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතුය. ඔහුගේ ඉතිහාසය ගැන හැඟීම්බර නොවී, පවතින වාතාවරණය යටතේ යහපාලනයට එල්ල කර හැකි පීඩනයට විජේදාස මහතාගේ ක්‍රියාවන්ට උදව් දීමත්, ඔහුට ඇති මර්දනය පිටු දැකීමත් කළ හැකිය. නමුත් ඔහුගේ ප්‍රකාශයන් නිසා උද්දාමයට පත් වී ජාතිකත්වයේ ධජය ඔහු අතට නොදිය යුතුය. ඔහුව මාර්ගෝපදේශකය කරගත නොයුතුය. මෙය ජාතිකවාදීන් සහ ඒකාබද්ධ විපක්ශයේ දේශපාලකයන්ද එක ලෙස තේරුම් ගත යුතු දෙයකි. රැවටීමට ලක් වෙන්නේ නැතුව, මෙය අපගේ යහපාලන විරෝධී ක්‍රියාවලියේ තවත් එක් උපකරණයක් ලෙස බුද්ධිමත්ව සහ උපක්‍රමශීලීව භාවිත කළ යුතුය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

8/12/2017

නව ව්‍යවස්ථාව ඔබට විශ්වාස කල හැකිද?

කතෘ:යුතුකම     8/12/2017   No comments
-රවිප්‍රිය තුෂාර-
නව ව්‍යවස්ථාව පිලිබඳ කතා බහ දැන් අපේ රටේ නිතරම අසන්නට ලැබෙයි. ඔබ මේ පිලිබඳව අවධානයෙන් සිතා බලා ඇත්ද? නව ව්‍යවස්ථාව සහ ඊට සම්බන්ධ පසුබිම ගැන පහත කරුණු සලකා බලන්න.
  • "මයිත්‍රී පාලනයක්" යන නමෙන් පටන් ගත් මෙය "වෛරී පාලනයක්" බව ඔප්පු වී අවසානයි. ඉතිහාසයේ කවදාවත් නැති තරමට විපක්ශ දේශපාලකයන් විවිධ චෝදනා වල පටලවා රස්තියාදු කර, මාස ගණන් බන්ධනගාරගත කොට වධ දෙනු ලැබෙයි. එහෙත් එකදු නඩුවකින් හෝ තවම චුදිතයන් වරදකරු බවට ඔප්පු කරගැනීමට නොහැකිවී ඇත. 
  •  යහපාලනය කියල නම දැම්මට මොකද්ද මේකෙ තියෙන යහපත් බව? මෙය නම් කල හැක්කේ ටයි කෝට් දාගත්ත "හොර මැර පාලනයක්" ලෙසයි. සියළුම අංශයන්ගෙන් අසාර්ථකයි. කලින් රජය පවත්වාගෙන ගිය තත්වය වත් මේ රජයට පවත්වාගන්න නොහැකි වී ඇත. 
  •  ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම මේ පාලනයේ ප්‍රධාන පොරොන්දුවක්. ඒත් පලාත් සභා ඡන්දය අවුරුදු දෙකකට වඩා කල් දමමින් තිබෙනව. තාම ඒක පවත්වන මානයක් වත් පෙනෙන්නට නැත. අවසන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදිලා ජනතාව විසින් ගෙදර යවපු අය විශාල ප්‍රමාණයක් ජාතික ලයිස්තු හොර පාරෙන් ආයෙත් පාර්ලිමේන්තුවට රිංගා ඇත. ප්‍රජාතන්ත්‍රවාදය හැම අතින්ම පිරිහී ඇති බව බොහෝ කරුණු වලින් පැහැදිලි වෙයි. 
  • සිංගප්පූරුව ආකරයේ දියුණුවක් ගැන බොහෝ කතා විය. මෙගාපොලිස් නමින් වෙනම අමාත්‍යංශයකුත් නිර්මාණය කළේය. ඒත් මහා කුණු කන්දක් නාය ගියා, කොළඹ නගරයේ පාරවල් අයිනෙ කුණු ගොඩ ගැසී ගඳ ගහනව. ඩෙංගු වසංගතයෙන් මිනිස්සු මර බියෙට පත්ව ඇත. රුපියල අවප්‍රමාන වී ඇත, ජාත්‍යන්තර දර්ශකව(Fitch) අපේ මුදල් පහළට, කොටස් වෙළඳපොළ කඩා වැටි... මේ ලයිස්තුවේ කෙලවරක් නැත. 
  • සහජීවනය සංහිඳියාව තමයි ආණ්ඩුව විසින් අඹරන තවත් එක් සීතාම්බර ප්‍රෝඩාවකි. රණවිරුවො කොටි ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරාට පෝලිමට නඩු දාල හිරේ දමයි. දෙමළ ජාතිවාදීන්ට පොංගු තමිල්, කොටි සමරන්න කිසිම බාධාවක් නැත. දෙමළ ජාතික සංධානය, මුස්ලිම් දේශපාලකයන් ප්‍රසිද්ධියේ බලතල ඉල්ලයිම් ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරයි. ඒත් තවමත් මේ ආණ්ඩුව පවසන්නේ සහජීවනය ඇති කළ බවටයි. 
  •  රැකියා දශ ලක්ෂයක් දෙනව කියල පොරොන්දු උනත් තවම ලක්ශයක් හෝ දී ඇත්ද? ඒව නවතා ඉන්දියාව එක්ක 'එක්ටා' ගිවිසුම් ගහන්න උත්සාහ කරන්නේ ඉන්දියානුවන්ට මෙහෙ රැකියා කරන්න අවස්ථාව දෙන්නය. 
  • හොරු අල්ලනව කියල ආවට තවම එක හොරෙක් වත් අල්ලන්න බැරි උනා අවුරුදු දෙක හමාරක් පසුවත්. මෙයින් පෙනෙන්නෙ මේ ආණ්ඩුව ඒ කියපු හොරු රකින බව හෝ නැත්නම් ඒ කියල තියෙන්නෙ බොරු බවයි. ඒ මදි නිසාදෝ, ආණ්ඩුව පැමිණි විගස සිංගප්පූරු ජාතිකයෙක් පත් කර මහ බැංකුව මහා පරිමාණ ලෙස කොල්ල කන ලදියි . සරලව මෙතන වෙන්නේ බොරු කියනව, හොරු ඇති කරනව, හොරු රකිනව යන ක්‍රියාවලියකි.
මෙපමණක් නොව අධ්‍යාපනයට 6%, හැමෝටම කාර්, වොක්ස්වැගන් කර්මාන්ත වගේ තවත් මෙගපොලිස් බොරු විශාල ප්‍රමානයක් තිබෙයි...

මේ සියලු වංචාවන් කිරීමෙන් පසුව දැන් තවත් ලොකු යහපාලන ව්‍යාපෘතියක් බොරු වලට මුවා කරගෙන කෙරෙමින් පවතියි. ඒ නව ව්‍යවස්ථාවක් සැකසීමයි. අගමැති තුමා සහ ජනපති තුමා ඇතුළු මීට සම්බන්ධ බොහෝ අය හැම තැනම කියන්නේ රටේ ඒකීය භාවය ආරක්ශා කරන
බවයි, බුදු දහමට ඇති ප්‍රමුඛත්වය ආරක්ශා කරන බවයි. රටට හානිදායක දේවල් අඩංගු කරන්නේ නැති බවටයි. අපිට මෙය විශ්වාස කළ හැකිද? මේ දේශපාලඥයන් 2014 අන්තිම කාලෙ මේ රජය පිහිටුවන්න එළියට ආපු මොහොතේ සිට කරපු වැඩ, හැසිරීම බලන්න. ඔබට මොවුන්ගේ ව්‍යවස්ථාව සහ ඒ පිලිබඳ දෙන පොරොන්දු විශ්වාස කළ හැකිද? සිතා බලන්න. ඔබ යහපලනයට චන්දෙ දුන්න වෙන්න පුලුවන්. පරම්පරාගත එ.ජා.ප. පාක්ශිකයෙක් වෙන්නත් පුලුවන්, ඔබට ඒකිය බව, බුදු දහමට ඇති තැන වැදගත් නැති වෙන්න පුලුවන්. එත් ව්‍යවස්තාව රටට වැදගත් දෙයක්. රටේ ආරක්ශාව, ස්ථාවර බව, ආර්ථිකය වගේ බොහෝ කරුණු මේ මත රඳා පවතිනව. ව්‍යවස්ථාව එක්ක සෙල්ලම් කිරීම යනු මේ ඔක්කොම අනතුරේ හෙලීමයි.

ව්‍යවස්ථාව මොනයම් ක්‍රමයකින් හෝ ගෙනත් සම්මත කරගත් බව උපකල්පනය කරමු. එතකොට මේ නොහැකියාවෙන් පෙලෙන ආණ්ඩුවට රට දියුණු කර රටේ ප්‍රශ්න විසඳිය හැකි වනු ඇත්ද? ඒ සඳහාද මේ ව්‍යවස්ථාව ගෙන එන්නේ? යහපාලනයට දරදිය ඇදි ඇතැම් පිරිස් ව්‍යවස්ථාවෙ ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම ආදී කරුණු මතු කර මෙය අවශ්‍ය බව පැවසුවත් ඔව්න් කිසිවෙක් මෙහි අඩංගු කරන බලය බෙදීමේ කරුණු, ෆෙඩරල් නම නැති එහෙත් ෆෙඩරල් බලතල ආදී අතිශය හානි කරදේ ගැන සාකච්චා කරන්නේ නැත. ඒවා සිතා මතාම මග හරිති. ඔබට තවදුරටත් යහපාලනය ගෙන ඒමට සහය දුන් කල්ලි කණ්ඩායම් වල බොරු වලට රැවටීමට සූදානම්ද?

නව ව්‍යවස්ථාවක් කවදාවත් එපාද යන්න ඔබට නැගෙන ප්‍රශ්නයක් විය හැකිය. පලමුව මේ මොහොතේ ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ඇයි ද යන්න සිතා බලන්න. අද රටේ ප්‍රශ්න කෙතරම් තිබේද? ඒව විසඳන්නේ නැතුව මේ රජයෙන් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ මන්ද? මේ ව්‍යවස්ථාව පැහැදිලිවම දෙමල ඩයස්පෝරාවෙ, ඉන්දියාවෙ සහ බටහිර විදෙස් බලවේග වල අවශ්‍යතා මත ගොඩ නැගෙන ක්‍රියාවලියකි. අපේ රටේ ව්‍යවස්ථාවක් නිර්මාණය කරගත යුත්තේ අපි විසිනි. අපගේ අවශ්‍යතාවන්ට අනුවය. මෙය ඒ සඳහා වෙලාවක් නොවෙයි. එය කළ යුත්තේ දේශීයත්වය, ජාතිකත්වය අගයන අපේ අවශ්‍යතා ගැන සලකන, විදෙස් බලවේග වලට හිස නොනමන, ශක්තිමත් පාලනයක් යටතේය.මේ කරුණු ගැන බුද්ධිමත්ව සිතා බලන්න. මෙම ව්‍යවස්ථාව සමඟ රට තීරණාත්මක මොහොතකට එළඹී තිබෙන මොහොතක සියළු දෙනාම ඒ පිලිබඳව අවබෝධයෙන් සහ අවධානයෙන් සිටීම වැදගත්. එහි ඇති හානිකර කරුණු, එය ගෙන එන ආකාරය, එය අවශ්‍ය කාටද, මේ මොහොතේ එය ගෙන ඒමෙ අවශ්‍යතාවය සලකා බලන්න. පක්ශ මතවාද මේ මොහොතේ හෝ අත් හැර අපි සියලු දෙනාම නාමිකව ඒකීය වෙන ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධ විය යුතුය.

[යුතුකම පාඨක ලිපියකි ]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebookhttps://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions