3/19/2015

මෛත්‍රිපාලගේ ප්‍රාථමික ප්‍රශ්නය

කතෘ:යුතුකම     3/19/2015   No comments

පදනම් ආයතනයේ පැවති ශ්‍රී ල නි පක්‍ෂ සංවිධායකවරුන්ගේ රැස්වීමේ දී මෛත්‍රිපාල සිරිසේන වැදගත් කතා කිහිපයක් ම කියා ඇත. එලිසබෙත් වින්ඩ්සර් මේස් නැතිව තමන්ට අතට අත දීම, ඩේවිඩ් කැමරන් තම මෝටර් රථය ළඟට ම පැමිණ අතට අත දීම වැදගත් නොවන්නේ යැයි කිව හැක්කේ කාට ද? සුද්දකු අතට අත දීමෙන් පසු තම අත සෝදා නොගත් පුද්ගලයකු ගැන අප තරුණ වියේ කතාවක් තිබූ බව මතක ය. මෛත්‍රිපාල එවැනි ප්‍රාථමික තත්ත්වයකට ඇද වැටෙන බවක් මෙකල මුහුණු නැති මුහුණුපොත හෙවත් ෆේස්බුක් පමණක් පරිහරණය කරන තරුණයන්වත් නො කියනු ඇත. 

එහෙත් මෛත්‍රිපාල වෙනත් ප්‍රාථමික කතාවක් අර සංවිධායකවරුන්ට කියා ඇත. එය අතට අත දීමේ ප්‍රතිඵලයක් යැයි අපි මොහොතකටවත් නො කියමු. මෛත්‍රිපාලට අනුව මෙරට ඇතැම්හු ප්‍රාථමික ප්‍රශ්නයක් කරගහ ගෙන ක්‍රියා කරති. මේ රටේ ජීවත්වන්නේ සිංහලයන් පමණක් නො වේ. දෙමළ ජනයාගේ ප්‍රශ්නය සංකීර්ණ ප්‍රශ්නයකි. එයට නිසි පිළිතුරක් නොදී ප්‍රාථමික ප්‍රශ්නය සටන් පාඨ බවට පත්කර ගතහොත් තවත් යුද්ධයක් ඇති වීම වැළැක්විය නො හැකි යැයි මෛත්‍රිපාල පදනම් ආයතනයේ දී කියා ඇතැයි වාර්තා වෙයි. 

සිංහලයන්ගේ ඡන්දයෙන් පමණක් ශ්‍රී ල නි පක්‍ෂයට මැතිවරණයකින් ජයගත නොහැකි බවත් බණ්ඩාරනායක මහතා 1951 දී ශ්‍රී ල නි ප ආරම්භ කිරීමේ දී පක්‍ෂයේ සමලේකම් වරුන් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා නියෝජනය වන පරිදි තුන්දෙනකු පත්කළ බවත් මෛත්‍රිපාල සිරිසේන පදනම් ආයතනයේ දී පවසා ඇත. අද පදනම් ආයතනයේ දී මෙවැනි අදහස් සිතට ඒම පුදුමයක් නො වේ. එහෙත් අපට ප්‍රශ්නයක් වෙයි.

මෙරට විසඳීමට ඇති ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය කුමක් දැයි මෛත්‍රිපාල සිරිසේන දන්නේ ද? එහි ප්‍රාථමික කතාව පැත්තකින් තබන්න. ප්‍රශ්නය කුමක් ද? ප්‍රශ්නයක් විසඳීමට පෙර ප්‍රශ්නය කුමක් දැයි දැනගත යුතු ය. පදනම් ආයතනයෙන් එය දැනගැනීමට නොහැකි නම් මෛත්‍රිපාල සිරිසේනට ඇතැම් විට තමන් නූතන කඩහපොළ හිමියන් ලෙස හඳුන්වන අතුරලියේ රතන හිමියන්ගෙන් ඒ අසා දැනගත හැකි ය. එහෙත් හිටපු ජනවේග කල්ලිවල සාමාජිකයන්ගෙන් නම් ඒ දැනගැනීමට ඇත්තේ ශූන්‍යයට ආසන්න සම්භාවිතාවකි. රාජිත සේනාරත්න ඒ සම්බන්ධයෙන් කියන්නේ කුමක් දැයි මාධ්‍ය ප්‍රකාශකයකු අපට පැහැදිලි කරන්නේ  ද?   

මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය කුමක් ද? පළමුවෙන් ම මෛත්‍රිපාල ඒ ප්‍රශ්නය කුමක් දැයි කියන්නේ ද? ඉන්පසු මෙරට දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශ කවරේ දැයි කියන්නේ ද? අඩු තරමෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී තමන්ට ඡන්දය ලැබුණු පළාත්, දිස්ත්‍රික්ක, මැතිවරණ බල ප්‍රදේශ  ආදිය පදනම් ආයතනයේ පරිගණක යොදා ගෙන වුව විශ්ලේෂණය කිරීමෙන් මෛත්‍රිපාලට අවශ්‍ය දත්ත හා නිගමන ලබාගත හැකි ය. මෙරට දෙමළ ජනයහාගෙන් 50%කට වඩා ජීවත්වන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිටත බව කීම නිවැරදි ද? 
මෙරට දෙමළ ජනයාට ඊනියා ප්‍රාථමික නොවන ප්‍රශ්නයක් ඇත්නම්, ඒ ප්‍රශ්නය උතුරු හා නැගෙනහිර පළාත් එක්කර බලය බෙදා දීමෙන් විසඳන්නේ කෙසේ ද? එවිට ඒ පළාත්වලින් පිටත ජීවත්වන දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නය විසඳෙන්නේ කෙසේ ද? ඒ නොවිසඳෙන්නේ නම් එවිට ඔවුන්ට ද ඇතැයි කියන ප්‍රශ්නය විසඳීමට මෝදි, කැමරන්, වින්ඩ්සර් ආදීන්ට හෝ මෙරට පඬියන්ට හෝ යෝජනා තිබේ ද? මෛත්‍රිපාල ප්‍රාථමික ප්‍රශ්න ගැන නොවෙහෙසනවා විය හැකි ය. එහෙත් අපට නම් වැදගත් වන්නේ ප්‍රාථමික මූලික ප්‍රශ්න ය. මෛත්‍රිපාල ඉහත සඳහන් මූලික ප්‍රශ්නවලට දෙන පිළිතුරු කවරේ දැයි දැනගැනීමට ආරධනා කරන්නේ නම් පදනම් ආයතනයට පැමිණිය හැකි ය. එහි ඉන්දීය රෝ ඔත්තු සේවයේ ඒජන්තයන් සිටින්නේ ද නැද්ද යන්න අපට ප්‍රාථමික ප්‍රශ්නයක් වුවත් අපි ඒ නොතකා එහි පැමිණෙන්නෙමු. 

නලින් ද සිල්වා

බුකියේ වෙනස යුතුකමට මනාපයක් (Like) දමා මිතුරන්ට ඇරයුම් කරන්න. https://www.facebook.com/yuthuma

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions