3/02/2015

පහළොවේ දුර්භාග්‍යය

කතෘ:යුතුකම     3/02/2015   1 comment

1815 මාර්තු දෙවැනි දා අපට නිදහස අහිමි විය. මේ ලිපිය 1815, 1915 හා 2015 ගැන ය. මේ වසර තුන ම සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ දුර්භාග්‍යය සනිටුහන් කළේ ය. ඒ සියල්ල පිටුපස සිටියෝ ඉංගිරිසිහු ය. ඉදිරියටත් මෙවැනි සිද්ධිවලට අපට මුහුණ පෑමට ඇති බැවින් ඉංගිරිසින් ක්‍රියා කරන ආකාරය ගැන යම් දැනුමක් ලබාගෙන තිබිය යුතු ය.

සිංහලේ රජකමට 1798 දී කන්නසාමි පත්වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් ය. ඔහු වඩිග හෙවත් නායක්කාර් රජෙකි. එහෙත් එයින් කියැවෙන්නේ ඔහු සිංහල රජකු නොවූ බව නො වේ. සිංහලේ විවිධ රජවරු රජකළහ. යක්‍ෂ, නාග, අර්ධ නාග, මෞර්ය, ලම්බකර්ණ, පාණ්ඩ්‍ය, කාලිංග ආදී රජවරු අපට සිටියහ. එලෙස ම නායක්කාර් රජවරු ද සිංහලයේ රජවරු වූහ. ගැමුණු කුමරුගෙන් පසුව කවුරුන් රජවුවත් සිංහලයේ සම්මතයක් විය. ඒ රජතුමා සිංහල බෞද්ධ සංස්කෘතිය, සිංහල බුද්ධාගම රැකිය යුතු බව ය. නායක්කාර් රජවරු හතරදෙනා ද සිංහල බෞද්ධ සංස්කෘතිය රැකීම රාජ්‍ය බලයෙන් උරුම කරගත් සිංහලේ රජවරු වූහ. ඔවුහු සිංහල සිරිත් විරිත් අනුව දන්තධාතූන් වහන්සේගේ ආරක්‍ෂකයෝ වූහ. 1815 මාර්තු දෙවැනිදා අත්සන් කරන ලද ගිවිසුමෙන් ඉංගිරිසිහු ද සිංහල සිරිතට රට පාලනය කිරීමට එකඟ වූහ. ඔවුහු ද දළදා වහන්සේගේ ආරක්‍ෂකයන් බවට පත්වුහ. එහෙත් ඉංගිරිසිහු ගිවිසුම 1817 වන විට කැඩූහ. 1817 නිදහස් සටන එහි ප්‍රතිඵලයක් විය. එක්දහස් අටසිය හතළිස් ගණන්වල ඔවුහු දළදා වහන්සේගේ භාරකාරත්වයෙන් ද මිදුණහ. ඉන්පසු දියවඩන නිළමේට උන්වහන්සේගේ භාරකාරත්වය හිමි විය.

ෆ්‍රෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයා 1798 දී ලංකාවට පැමිණියේ පෙරදිග වෙළෙඳ සමාගමේ ආණ්ඩුකාරයා ලෙස ය. නෝත්ට පෙර ලංකාවේ හමුදා ආණ්ඩුකාරවරු සිටියහ. මුහුදබඩ පෙදෙස් ඉංගිරිසි රජුට අයිතිවූයේ 1802 දී ය. නෝත් එතැන් සිට ඉංගිරිසි රජුගේ ආණ්ඩුකාරයා විය. එකල එංගලන්තයේ රජු වූයේ තුන්වැනි ජෝර්ජ් ය. 1803 දී නෝත් සිංහලේ රාජ්‍යය අල්ලා ගැනීම සඳහා මහනුවරට හමුදාවක් යැවී ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උපක්‍රමික ව හඟුරන්කෙතට පළා ගොස් ආපසු පැමිණ ඉංගිරිසි හමුදාව වටකර පහර දුන්නේ ය. නෝත්ගේ හමුදාව හංවැල්ල දක්වා පසුබසින තෙක් ම පහර දුන්නේ ය. ශ්‍රි වික්‍රම රාජසිංහ රජු ජනයාගේ ගෞරවයට පාත්‍ර විය. ඉතාමත් ජනප්‍රිය විය.

ශ්‍රි වික්‍රම රාජසිංහ රජු යුද්ධයෙන් පරාජය කිරීමට නොහැකි බව ඉංගිරිසිහු තේරුම් ගත්හ. ඔවුහු තමන්ට සුපුරුදු කපටි දේශපාලනයෙහි යෙදුණහ. කේම්බ්‍රිජ් උපාධිධාරී ජෝන් ඩොයිලි ඉංගිරිසි ඒජන්ත ලෙස කටයුතු කළේ ය. ඔහු සිංහල නායකයන් සමග භික්‍ෂූන් වහන්සේ සමග සම්බන්ධකම් ඇතිකර ගත්තේ ය. ඩොයිලි හා අනෙක් ඉංගිරිසිහු භ්‍රී වික්‍රම රාජසිංහ රජුට මත්පැන් පුරුදු කළහ. ඔවුහු රජතුමා දුස්ශීලයකු බවට පත්කළහ. රජතුමා සිංහල සිරිතට පටහැණිව රට කරවන තැනකට පත්කරනු ලැබිණි.

ඒ අතර ඉංගිරිසිහු රජතුමා හා සිංහල නායකයන් බිඳවූහ. ඇතැම් නිළමෙලාට රජකම ඇතුලු විවිධ තනතුරු ලබා දෙන බවට පොරොන්දු වූහ. එහි අවසන් ප්‍රතිඵලය අපි කවුරුත් දනිමු. 1815 පෙබරවාරි 18 වැනි දා (නුගේගොඩ රැස්වීමට අවුරුදු දෙසියයකට පෙර) රජතුමා ඉංගිරිසින්ට පාවා දෙනු ලැබිණි. ඉංගිරිසිහු යුද්ධයෙන් අල්ලා ගැනීමට නොහැකි වූ සිංහලේ රාජ්‍යය ගිවිසුමකින් භාර ගත්හ. එහෙත් 1815 මාර්තු දෙවැනිදා අත්සන් කළ ගිවිසුමෙන් ද සිංහල සිරිතට අනුව රට කරවන බවටත් (සිංහල) බුද්ධාගම සුරකින බවටත් එකල සිටි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා තුන්වැනි ජෝර්ජ් රජු වෙනුවෙන් පොරොන්දු විය. ඉංගිරිසිහු වැඩිකල් නොගොස් ම ගිවිසුම කැඩූහ. රජකම ලැබූ සිංහලයෙක් නො වී ය. කුංකුණාවේ හාමුදුරුවෝ අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ යනුවෙන් කවි ලිවූහ.

ලංකාවට මුස්ලිම් ජනයා ස්ථිර පදිංචිකරුවන් ලෙස පැමිණ ඇත්තේ දහතුන්වැනි සියවසේ පමණ ය. එයට කලින් අරාබි (යෝනක) වෙළෙන්දන් පැමිණියත් ඔවුන් ස්ථිරව පදිංචි වූ බවට සාක්‍ෂි නැත. වත්මන් දකුණු ඉන්දියාවෙන් පැමිණි මේ මුස්ලිම් ජනයා දෙමළ කතාකළහ. මුස්ලිම් ජනයා වැඩි දෙනකු දෙමළ කතාකරන්නේ එබැවිනි. අරාබියෙන් පැමිණි වෙළෙන්දන් සිංහල ස්ත්‍රීන් සමග විවාහ වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට මුස්ලිම් ජනයා ඇතිවිණි යැයි කීිම අරාබි නිසොල්ලාසයට ම අයත් වූවකි. ඒ එසේ නම් මෙරට මුස්ලිම් ජනයාගේ භාෂාව සිංහල විය යතු ය. වැඩිම වුවහොත් අරාබි විය යුතු ය. එහෙත් ඔවුන් ඉතා මෑතක් වන තුරුම කතා කළේ දෙමළ ය. අදත් බොහෝ දෙනා කතා කරන්නේ දෙමළ ය.

මුස්ලිම් ජනයා ලංකාවට පැමිණියේ ඇයි දැයි නො දනිමු. එදා වත්මන් දකුණු ඉන්දියාවේ ඔවුන්ට හිරිහැර ඇති වූ නිසා ලංකාවට පැමිණියේ යැයි සිතිය හැකි ය. සිංහලයෝ මුස්ලිම් ජනයා පිළිගත්හ. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය යි. පෘතුගීසීන්ගෙන් මුස්ලිමුන්ට කරදර වන විට ඔවුන් කන්ද උඩරට හා වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කරවීමට සිංහල රජවරු පියවර ගත්හ. සිංලයන් අතර මුස්ලිම් ජනයාට කරදරයක් නො වී ය. මුස්ලිම්හු මූලික වශයෙන් වෙළෙන්දෝ වූහ. ්්

ඉංගිරිසි පාලන සමයෙහි දී දකුණෙන් සිංහලයෝ වෙළෙඳාම පිණිස සිංහලේ, එනම් ශ්‍රී වික්‍රම රාජසිංහගේ පැරණි රාජ්‍යයට, ගියහ. මුස්ලිම් වෙළෙන්දන් එය නුරුස්සුවාට සැකයක් නැත. ගම්පොළ ප්‍රදේශයෙහි සිංහල බෞද්ධයන් පෙරහැරක් පැවැත්වීම ගැන සිංහල මුස්ලිම් භේදයක් ඇති විය. ඉංගිරිසිහු සිංහලයන්ට එරෙහිව දෙමළ ප්‍රභූන් යොදා ගත් ආකාරයට ම මුස්ලිම් ජනයා ද යොදාගත්හ. එහි ප්‍රතිඵලය වූයේ 1915 සිංහල මුස්ලිම් කෝලාහලය නමින් හඳුන්වනු ලැබූ ගැටුම් ය.

ඉංගිරිසිහු සිංහල නායකයන් සිරභාරයට ගැනීමට ඒ අවසාථාවක් බවට පත්කර ගත්හ. සිංහල ප්‍රාදේශීය නායකයන් අත්අඩංගුවට ගැනුණු අතර මාෂල් හෙවත් යුද්ධ නීතිය යටතේ රට පාලනය කෙරිණි. එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් මහතා 1915 ජූලි මස හත්වැනි දා ඉංගිරිසින් විසින් ඝාතනය කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.

වත්මන් උතුරු පළාත් දෙමළ ජනයා මූලික වභයෙන් ලංකාවට ලන්දෙසීන් විසින් ගෙන්වනු ලැබූ වෙල්ලාලයන්ගෙන් පැවත එන්නෝ වෙති. ඉංගිරිසිහු ඔවුන්ට වරප්‍රසාද දී වෙල්ලාල නායකයන් සිංහල ජාතිකත්වයට එරෙහිව යොදාගත්හ. අද පවත්නා දෙමළ ජාතිවාදයේ මූලාරම්භය 1833 දී ව්‍යවස්ථා සභාව පිහිටුවීමත් සමග ඇති විය. ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා පොත කියවීමෙන් දෙමළ ජාතිවාදයේ විකාශය දැනගත හැකි ය.

දෙමළ ජාතිවාදය කල් යෑමේ දී දෙමළ බෙදුම්වාදය බවටත් පසුව හැත්තෑවේ දී පමණ දෙමළ ත්‍රස්තවාදය බවටත් පත්විය. ඉංගිරිසිහු මේ සියල්ල පිටුපස සිටියහ. ඉංගිරිසින් හා අනෙක් බටහිරයන් දෙමළ ත්‍රස්තවාදයට දුන් මූල්‍යාධාර ගැන කේ පී හෙවත් කුමරන් පද්මනාදන් දන්නා බවට සැකයක් නැත. ඔහු ආරක්‍ෂා කර ගැනීම ඉතා වැදගත් වෙයි. කෙසේ වෙතත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන් අපේ රණවිරුවන්ට හැකි විය. මහින්ද රාජපක්‍ෂ මහතා එහි දී ඉංගිරිසින්ට හා අනෙක් බටහිරයන්ට ද ඉන්දියාවට ද අවනත නොවී රටේ ස්වෛරිභාවය හා ඒකීයභාවය රැක ගත්තේ ය.

බටහිරයෝ ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කිරීමට කටයුතු කළහ. එහි දී ඉන්දියාවේ සහාය ද ඔවුන්ට ලැබිණි. මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ඊනියා දූෂණ භීෂණ චෝදනා ගෙන ආහ. දැනුත් ගෙනෙති. එහි දී සයිබර් අවකාශය ද යොදා ගැනිණි. රෝ ඔත්තු සේවයට ඊනියා ජාතික ව්‍යාපාරයේ ව්‍යාජ නායකයන් හසුරුවා ගැනීමට හැකි විය. නුතන ඩොයිලිලා තොග පිටින් ලංකාවේ ක්‍රියාත්මක වූහ. ඇතැමුනට ජනාධිපතිකම පොරෙන්දු වූහ. ඔවුහු ඔවුහු සියල්ලෝම එකතු වී දෙමළ හා මුස්ලිම් ඡන්ද ද යොදා ගනිමින් 2015 ජනවාරි අටවැනි දා ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කළහ.

නෝත්ට යුද්ධයෙන් දිනාගැනීමට නොහැකි වූ රට බ්‍රවුන්රිග් ගිවිසුමකින් දිනා ගත්තේ ය. ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති. අද එය වැළැක්විය හැක්කේ මහින්ද රාජපක්‍ෂ මහතා නැවතත් අරලියගහ මන්දිරයට පැමිණ වීමෙනි.

-නලින් ද සිල්වා

නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. ඉතා වටිනා කරුණු අඩංගු ලිපියකි. අන්තිම වාක්‍ය සමග එකග වුවත් එය නොතිබුනා නම් ලිපිය වඩාත් වටනා බව මට සිතේ..

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions