දහනව සියවසේදී ඉංග්‍රීසීන්ට යටත්වීමත් සමඟ
එතෙක් මෙරට පැවති දේශීය ආර්ථික රටාවද ආර්ථිකයද බිඳ වැටුණි. සිංහලුන්ට තම
ආර්ථික රටාව රැක ගනිමින් පෘතුගීසීන් හා ලංදේසීන් සමඟ යම් ආකාරයක ආර්ථික
ගනුදෙනුවක් කිරීමට හැකිවුනද ඉංග්‍රීසීහු සිංහලුන්ගේ ආර්ථික රටාව (ආර්ථිකයම
නොව) බිඳ දමා ඉංග්‍රීසීන් මත යැපෙන ආර්ථික රටාවක් මෙහි ස්ථාපිත කලහ. ඉන්
වසර දෙසීයකට පසුවද සිංහලුන්ට බටහිරුන්ගෙන් ස්වාධීනවූ (ස්වාධීන යැයි කියන්නේ
ඔවුන් සමඟ ගනුදෙනු නොකරනවා යැයි කීම නොවන බව කීමට සිදුවී ඇත්තේ එසේ සිතීමට
කැමති උගතුන් සිටින බැවිනි) දේශීය ආර්ථික රටාවක් ගොඩනඟා ගැනීමට හැකිවී
නැත. දේශීය ආර්ථිකයක් යැයි බොහෝ උගතුන් සිතන්නේ මෙරට අමු ද්‍රව්‍ය වලින්
පාරිභෝගික භාණ්ඩ නිශ්පාදනය කර ජාත්‍යන්තර වෙළඳ පොලට විකිනීම වැනි දෙයකි. එය
හොඳමුත් ඉන් සිදුකෙරෙන්නේ බටහිර ආර්ථික රටාවට මුක්කුවක් ගැසීම විනා මෙරටට
ආවේනිකවූ ආර්ථික රටාවක් නිර්මාණය කිරීම නොවේ.
අපට අපේමවූ ආර්ථික රටාවක් අවශ්‍ය ඇයි? බටහිර ආර්ථික රටාවක් තුල බටහිර සංස්කෘතිය ඉහලින්ම අනුකරණය කල හැකි රටේ සුළුතරයකට, එසේ කල නොහැකි බහුතරයක් යටපත් කරමින් ආර්ථික වරප්‍රසාද ලැබීමට ඉඩ ලැබෙයි. එවැනි රටාවක් තුල සිංහල බෞද්ධ සංස්කෘතිය තුල ජීවත්වනවුන්ට ආර්ථිකව ගොඩ ඒමට නම් ඔවුන්ට ඒ සංස්කෘතියෙන් මිදීමට සිදුවේ. එය අසාධාරනය. ඒ නිසා මෙරට බහුතරයක් සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගතව සිටින තාක් කල් ආර්ථික විශමතාවන් මැඩ පැවත්විය හැක්කේ සිංහල බෞද්ධ සංස්කෘතියේ මුල් බැස ගත් ආර්ථික රටාවකින් පමණි. ඒ නිසා දේශීය ආර්ථික රටාවක් ගැන කියන කථාව අත්‍යාවශ්‍යයෙන්ම සමාජ අසාධාරනයක්, විශේෂයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියක ජීවත්වීමට කැමති ජනතාවකට සිදුවන සමාජ අසාධාරණයක් නැති කිරීමක් ගැන කියවෙන කථාවකි.
අද මෙරට පිහිටවිය යුත්තේවත් පිහිටුවිය හැක්කේවත් වසර දෙසීයකට ඉහත මෙරට තිබි ආර්ථික රටාව නොවන බව කිව යුතු නැතත් උගතුන්ගේ දැන ගැනීම සඳහා එසේ ලියා තැබීමට සිදුවේ. නමුත් දේශීය ආර්ථික රටාවක් තුල තිබිය හැකි මූලික ලක්‍ෂණ අපට හදුනාගත හැකිය. මගේ අදහසට අනුව දේශීය ආර්ථික රටාවක් එකවර විමධ්‍යගතත් කේන්ද්‍රීයගතත් විය යුතුය. එනම් එය විමධ්‍යගත වන අතරම කේන්ද්‍රීයගතද විය යුතුය. බටහිර ආර්ථික රටාවේ ඇත්තේ කේන්ද්‍රීිය බවක් පමණි (උදාඃ මහා පරිමාණ නිශ්පාදනය, කේන්ද්‍රගත අලෙවිකරණය) ඒ නිසා පවතින ආර්ථික ක්‍රමය අපට ගැලපෙන පරිදි හැකිතාක් විමධ්‍යගත කරගත යුතුය. නමුත් ආර්ථික රටාව එකවිට විමධ්‍යගත හා කේන්ද්‍රගත කල හැක්කේ ඊට සමාන්තර කේන්ද්‍රගත-විමධ්‍යගත දේශපාලන ව්‍යුහයක් තුලය. විමධ්‍යගත දේශපාලන ව්‍යුහයක පදනම්වූ එකීය රාජ්‍යයක් එවැන්නක් යැයි සිතිය හැකිය. එතුල ආර්ථිකයේත් විමධ්‍යගත බවත් කේන්ද්‍රීය බවත් එක විට රැකෙනු ඇතැයි උපකල්පනය කල හැකිය. අද අපි සිටින තැන සිට එවන් තැනකට පැමිණිය හැක්කේ සංස්කෘතික ආර්ථික හා දේශපාලන වෙනස්කම් කල හැකි ශක්තිමත් ස්වාධීන දේශපාලන නායකත්වයක් තුලිනි.
මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්වෙන තුරු මෙරට ආර්ථිකයේ කප්පිත්තන් ලෙස සැලකුනේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකවරුය. නමුත් පසුගිය ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්‍ෂ විසින් කරගෙන ආ ආර්ථික සංවර්ධන කටයුතු එලෙසම (හෝ ඊට වඩා හොඳින්) කරගෙන යන බවට ප්‍රකාශයක් රනිල් සිරිසේන හවුලට නිකුත් කිරීමට සිදුවූයේ අඩුතරමින් එක්සත් ජාතික පාක්‍ෂිකයින්වත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය මඟින් සිදුකෙරුනු ආර්ථික සංවර්ධන කටයුතු ගැන පැහැදී සිටි බව රනිල් වික්‍රමසිංහ දැන ගෙන සිටි නිසා විය යුතුය. පැහැදිලිවම ජේ ආර් සමයේ සිට එජාපය බලාපොරොත්තුවුනු නමුත් ඔවුන්ට කරගත නොහැකිවූ ධනවාදී ආර්ථික වෙනසක් මෙරට ඇති කිරීමට මහින්ද රාජපක්‍ෂ රජයට හැකිවුනු බව පිලිගත යුතුය.
මහින්දගේ ආර්ථිකය දේශීය ආර්ථිකයක්වත් සමාජ සාධාරනයක් ඉටු කල ආර්ථිකයක් වත් නොවේ (දිනපතා උදේ වරුවට කොළඹට ඇදෙන පුංචි කාර් ප්‍රමාණයෙන් දිස්වෙන්නේ රටේ ඊනියා මධ්‍යම පංතිය පුළුල්වී ඇති බව නොව බටහිර සංස්කෘතිය අනුකරනය කිරීමට මෙරට සමාජයට හිමි කර දී ඇති ඉඩ ප්‍රස්තාව පුළුල්වී ඇති බව පමණි) නමුත් මහින්ද රාජපක්‍ෂ රජයට එජාපයට නොතිබුනු සමත් කමක් තිබිනි. ඒ සමත් කමට පාදකවුනේ සාපේක්‍ෂ වශයෙන් මහින්ද රාජපක්‍ෂ අත්කරගෙන සිටි දේශපාලනික ස්වාධීනත්වයය. ඊට සාපේක්‍ෂව එජාපය අදත් එදත්, බලය ලැබුනොත්, හෙටත් බටහිරට ගැතිය. ඒ නිසා එජාපයට ඇතිකරගත හැකිවනුයේ බටහිරුන් පනවන සීමාවන් තුල ඔවුන්ගේ උපදෙස් හා ණය මත යැපෙන තට්ටු දමමින් පැරදෙන්ට තරඟ කරන ධනවාදී ආර්ථිකයක් මිස හයේ පහරවල් ගසමින් දිනන ධනවාදී ආර්ථිකයක් නොවේ. පැහැදිලිවම මහින්ද රාජපක්‍ෂ රජයට ස්වාධීනව රටේ ආර්ථිකය මෙහෙයවීමට තරම් දේශපාලන බලයක් සහ හැකියාවක් තිබිනි. අනාගතයේදී සංස්කෘතික දේශපාලන හා ආර්ථික යන සියලු අංශවල වෙනස් කම් සිදුකරමින් දේශීය ආර්ථික රටාවක් බිහි කර ගැනීමට එවැනි දේශපාලනිකව ස්වාධීන නායකත්වයක් අවශ්‍යයය. එක්සත් ජාතික පක්‍ෂ රජයකට නැත්තේද එයමය.

බටහිර සංස්කෘතිය අනුගමනය කරන සුලුතරයට ආර්ථික වාසි ලැබීමටනම්, එය අනුගමනය නොකරන බහුතරය ඔව්න්ගේ (බටහිර සංස්කෘතිය පිලිගන්නා සුලුතරය ) නිෂ්පාදන,සේවා හෝ ආනයන ආර්ථික යාන්ත්‍රණයේ හව්ල් කරුවන් වියයුතුයි. ඒ කියන්නේ බටහිර ආර්ථිකය පිලිගන්නා අය විසින් විකුණන භාණ්ඩ හා සේවාවන් අර බහුතරය විසින් ලබාගනී.එහෙම නැත්නම් අර සුලුතරය පවතින්න විදියක් නෑනේ.එතකොට සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව ජීවත් වන අය ඉන්නවා යයි කීම නිවැරදි නොවේ.ඇත්තම කථාව එහෙම අය නෑ.ඒකනේ බටහිර භාණඩ හා සේවාවන් වලට තැනක් හිමිවන්නේ.කාර්මික නිෂපාදන යාන්තරණයක් බටහිර යයි කියා විසි කල නොහැක.එසේ වූවොත් වන්නේ අපිව සාපේක්ෂ වශයෙන් දුර්වල වීමයි.බටහිරයන්ගෙන් උකහ ගත යුතු දේවල් උකහ ගත යුතුය.නැවතත් ප්‍රශ්නය වන්නේ උකහ ගත යුතු වන්නේ මොනවාද යන්නයි.උකහ ගත යුතු වන්නේ අන්කිසිවක් නොව ඔව්න් හා අපි අතර ඇති නිරන්තර දේශපාලන ගට්ටනයේදී අපිට ජයග්‍රහනයක් අත්කර දිය හැකි, සමත් ක්‍රමවේදයන්ය.ඒ අතර කාර්මීකරණය ඉදිරියෙන්ම සිටී.කාර්මීකරණයකින් තොරව අපගේ ජාතිය කිසිවිටෙක බටහිරයන් හා හැප්පිය හැකි ජාතියක් බවට පත් කල නොහැක.
ReplyDelete