3/08/2015

දහසින් බැඳි උපකල්පන සමඟ බිහිවූ යහ පාලනය

කතෘ:යුතුකම     3/08/2015   2 comments

එක්සත් ජනතා නිදහස් සංධානය මහ මැතිවරණයෙන් බලයට පත්වන්නේ බහුතර ආසන 31 ක් සහිතවය. එම බලය පසෙක තිබියදී ආසන 60ක් පමනක් හිමි රනිල් වික්‍රමසිංහ මහතා රජය පිහිටුවා ඇත. මෙය කවර ප්‍රජාතන්ත්‍රවාදයක්ද? කවර යහ පාලනයක්ද? තම සැමියාගේ ඔල්වරසන් හඬ මැද්දේ බිරිඳක කෙළසීමට යමෙකු සමත්වේනම් එය කවර දක්ෂතාවයක්ද? එංගලන්ත මහ කොමසාරිස්වරයා අද එළෙසින් අපගේ ජනතා බලය කොල්ලකා කෙළසා ඇත. අපි ප්‍රීති වෙමින් ඔල්වරසන් දෙමු. නමුත් මේ සිදුවීම එවැන්නක් නොවේයැයි හුදී ජනයා උපකල්පනය කර ඇත. එම හුදී ජන උපකල්පනය එපරිදිම වේවායි මම ප්‍රාර්ථනා කරමි.

සියළු දේශපාලන පක්ෂ සහ මන්ත්‍රීවරුන් තම දේශපාලන අභිමතාර්ථ පසෙක තබා මෙම සභාග රජයේ යහ පාලනය වෙනුවෙන් ඇප කැපවනු ඇතැයි හුදී ජනයා උපකල්පනය කර ඇත. එම උපකල්පනය එපරිදිම ඉටු වේවායි මම ප්‍රාර්ථනා කරමි.

පසුගිය අතීතයේදී කොමිස් ගැසූ හොරකම් වංචා සිදුකළ මැරකම් කළ සියළු දේශපාලකයන් ඒවාට දඬුවම් ලබමින්ම මෙම රජය ශක්තිමත් කිරීමට ඇප කැපවනු ඇතැයිද, තම සොරකම් මැරකම් යටගසා ගැනීමට අන් සෑම අවස්ථාවකදී මෙන්ම මේ අවස්ථාවේදීත් දේශපාලන බලය භාවිතා නොකරාවි යැයි ද හුදී ජනයා උපකල්පනය කර ඇත. එම උපකල්පනය එපරිදිම ඉටු වේවායි මම ප්‍රාර්ථනා කරමි.

පිටුපසින් සිට පිහියෙන් අනින, ඉහළට යන විට කකුලෙන් අදින, ඉහලට ගිය පසු ඉනි මඟ පෙරළා දමන "කළන" මිතුරන්ගෙන් ගහන එක බඩ වැල කඩාගෙන පැමිනි සොහොයුරාවත් විශ්වාස කළ නොහැකි සමයක ස්ථාවර පාලනයක් වෙනුවෙන් පවුලක් මෙහෙයැවීම වරදකැයිද, එවන් බලයක් නොමැතිව ජාතිකවාදී විදේශ ගැති නොවන ස්ථාවර පාලනයක් පවත්වාගත හැකි බවද හුදූ ජනයා උපකල්පනය කර ඇත. එම උපකල්පනය එසේම ඉටු වේවා යි මම ප්‍රාර්ථනා කරමි.

පක්ෂය ඇරඹූ දා පටන්ම වෙනම රටක් වෙනම පාලන යාන්ත්‍රනයක් උතුරු නැගෙනහිර පළාත් වලට අවැසියැයි පවසන ඒ අනුව ක්‍රියාත්මක වන දෙමළ ජාතික සන්ධානය මේ මෛත්‍රී පාලනයට උපකාර කලේ තම බෙදුම්වාදී අරමුණු කල් යල් බලා මෙම නව රජයෙන් ඉටුකර ගත නොහැකි බව හොඳාකාරවම දනිමින් බවද එහෙත් රට පෙළන පවුල්වාදයෙන් එය මුදාගෙන යහපාලනයක් ගොඩනැගීමේ ඒකායන අරමුනෙන් බවද හුදී ජනයා උපකල්පනය කර ඇත. එම උපකල්පනය එපරිදිම ඉටු වේවායි මම ප්‍රාර්ථනා කරමි.

ආරම්භයේ පටන්ම මුස්ලිම් අන්තවාදය පෝශනය කරන වෙනම ස්වයං බලතල සහිත මුස්ලිම් ප්‍රදේශයක් රට තුළ බිහි කරගැනීම පිණිස කැපවූ මුස්ලිම් කොන්ග්‍රසය හා ජිහාඩ් මූලධර්ම මත මෙහෙයැවෙන මුස්ලිම් දේශපාලකයන් මෙවර මෛත්‍රීපාල මහතාගේ යහ පාලනය වෙනුවෙන් සහාය දැක්වූයේ එවන් කිසිඳු අවස්ථාවාදී අන්තවාදී අරමුණක් තුන් හිතකවත් තබා නොගනිමින් බවද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහ පාලනයක් බිහි කර ගැනීමේ අරමුණින් බවද හුදී ජනයා උපකල්පනය කර ඇත. එම උපකල්පනය එපරිදිම වේවායි මම ප්‍රාර්ථනා කරමි.

දළ වශයෙන් ගතහොත් උතුරු නැගෙනහිර පළාත්වලින් පිටදී මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඡන්ද බෙදී ගියේ 40%ත් 60%ත් අතර පරතරයක දෝලනය වෙමිනි. එසේ වුවද උතුරු නැගෙනහිර පලාථිදී එම පරතරය 10% 90% වැනි ඉහල අගයක් තෙක් වර්ධනය වෙනු දක්නට ලැබිනි. මේ සියළු විචලනයන් මේසේ සිදු වූයේ පසුගිය දස වසරේ දුශ්ඨ දුර්දාන්ත පාලනයේ ප්‍රතිඵලයක් ලෙස පමනක් බවද 2009ට පෙර පැවති යුද්ධය බෙදුම්වාදය අද අප අමතක කර ඇතුවාක් මෙන්ම උතුරු නැගෙනහිර පළාත්හි ජනයාද අමතක කර ඇති බවද ඔවුන්ගේ මෙම ඡන්ද ප්‍රකාශකිරීම පිටුපස කිසිඳු ජාතිවාදී ආගම්වාදී නැඹුරුවක් නැති බවද හුදී ජනයා උපකල්පනය කර ඇත. එම උපකල්පනය එපරිදිම වේවායි මම ප්‍රාර්ථනා කරමි.

තොප්පිගල කැලයකැයි කියමින් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවඥාවෙන් බැහැර කළ සටන් විරාම ගිවිසුම් ගසමින් ඊළාම් රාජ්‍යයේ සිතියම් නිර්මාණය කළ එදත් 2015 ජනවාරි 8 වන දින දක්වාත් පළාත් සභා හරහා බලය බෙදා හරිමින් පෙඩරල් රටක් බිහි කළ යුතුය යන මතයේම සිටි එක්සත් ජාතික පක්ෂයද, සුනාමි සහන මණ්ඩලය පැකේජය වැනි ක්‍රියාමාර්ග ඔස්සෙ ඊළම වෙත දෑතම දිගුකළ චන්ද්‍රිකා මහත්මියගේ පක්ෂයද ප්‍රමුඛ 1977 සිට 2005 තෙක් රට විනාශ කළ යැංකි ඩිකී දේශපාලන ප්‍රවාහය එක් වරම රූපාන්තරනය වී එම සියළු මතවාද ඉවතලා හුදු යහ පාලනයම පමනක් අරමුණු කරමින් රටේ ඒකීයත්වය ජාතිකත්වය වෙනුවෙන් ඇප කැප වනු ඇතැයි හුදී ජනයා උපකල්පනය කර ඇත. එම උපකල්පනය එපරිදිම ඉටුවේවායි මම ප්‍රාර්ථනා කරමි.

දෙමළ සන්ධානය සහ මුස්ලිම් කොන්ග්‍රසය අද වන විට පාර්ලිමේන්තු ආසන 25ක් හොබවයි. එය මීළඟ මහ මැතිවරනයෙන් ආසන 30ක් හෝ වැඩි ගනනක් දක්වා වර්ධනය විය හැකිය. ජාතිකත්වයේ කඳවුර මහින්ද රාජපක්ෂ මහතාගේ හිස මත තබා පහරදී තීරනාත්මක ලෙස දුර්වල කර දැමූ වාතාවරනයක් තුළ අනාගත දේශපාලකයන් තව තවත් මෙම අන්තවාදී බෙදුම්වාදී කඳවුර වෙතම තල්ලු වීමේ අනතුරක් හා, ජාතිකත්වය, රටේ ස්වයීත්වය අමතක කිරීමේ අනතුරක් නැතැයි හුදී ජනයා උපකල්පනය කර ඇත. එම උපකල්පනය එපරිදිම ඉටු වේවායි මම ප්‍රාර්ථනා කරමි.

පසුගිය යැංකි ඩිකී දේශපාලන ප්‍රවාහය පරාජය කර එංගලන්ත මහ කොමසාරිස්වරයාගෙන් රට නිදහස් කර ගැනීමට අපට 78 සිට 2005 දක්වා වසර 28ක් උත්සාහ කිරීමට සිදුවිය. එහෙත් මෙවර එවැන්නක් සිදු නොවන බවද මෙම මෛත්‍රී වේශයෙන් එන විජාතික පාලනය වැරදි පාරේ යන්නේනම් පසුදාම එය ගෙදර යැවීමේ මැජික් බලයක් තමන්ට ඇතැයිද හුදී ජනයා උපකල්පනය කර ඇත. එම උපකල්පනය එපරිදිම ඉටු වේවාඉ මම ප්‍රාර්ථනා කරමි.

බටහිර බලවත් රාජ්‍යයන්ට තමන්ව මුදළට ගැනීමේ හැකියාවක් නැතැයිද බඩු මිළ අඩු කිරීම වැටුප් වැඩි කිරීම වැනි මතුපිටින් සුන්දර ක්‍රියාවන් ඔස්සෙ තමන්ගේ ඇස් වලට වැළි ගැසීමට ඔවුන්ට නොහැකියැයිද හුදී ජනයා උපකල්පනය කර ඇත. එම උපකල්පනය එපරිදිම ඉටු වේවායි මම ප්‍රාර්ථනා කරමි.

තම දේශපාලන දිවියේ ආරම්භයේ පටන් අද දක්වාම බලය සහ බලය වෙනුවෙන්ම පමනක් පෙනී සිටින තමා පිටුපසින් සිටින ජනයා පාවා දුන් අවස්ථාවාදී බල ලෝභී ආලාපාළු දේශපාලකයන් එම අවස්ථාවාදයෙන් සදහටම මිදී ඇතැයිද ඔවුන් ඉහතින් සඳහන් කල පෙඩරල්වාදී අන්තවාදී බලවේගයන් අල්ලේ නැටවීමට සමත් විශ්වකර්ම හැකියාවකින් යුතු තැනැත්තන් බවද හුදී ජනයා උපකල්පනය කර ඇත. එම උපකල්පනය එපරිදිම ඉටු වේවායි මම ප්‍රාර්ථනා කරමි.

විසිරුනු දෙමළ ජනයා නඩත්තු කරන බෙදුම්වාදී අන්තවාදී පක්ෂ පාලනය කරන බටහිර අධිරාජ්‍යවාදයෙන් මිදුනු දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, දේශපාලන සංස්කෘතික පීඩනයක් අප වෙත එල්ල නොකරන චීනය වැනි බල කඳවුරු වෙත සමීප වීම සහාසික අපරාධයක් බවද එමඟින් රට විනාශ වන බවද හුදී ජනයා උපකල්පනය කර ඇත. එම උපකල්පනය එපරිදිම වේවායි මම ප්‍රාර්ථනා කරමි.

හැත්තෑව දශකයේ සිට දේශපාලන තලයේ කතා වුනු නමුත් සිංගපූරු වරදාන වලට යටවී කිසිවෙකුත් ඉදිකිරීමට පියවර නොගත් හම්බන්තොට වරාය තැනීම, ඩීසල් බලාගාර වලට තිත තබමින් අඩු වියදම් ගල් අඟුරු බලාගාර තනා අසූව දශකයේ සිට තිබුනු අවශ්‍යතාවයක් ඉටු කිරීම, ප්‍රාදේශීය දේශපාලකයන්ට බයේ පස්සට දැමූ ඉහල කොත්මලේ ඉදිකිරීම, මහා මාර්ග විදුලිය වැනි යටිතල පහසුකම් දියුනු කිරීම වරදකි. එමඟින් රට බංකොලොත් වන්නේයැයි හුදී ජනයා උපකල්පනය කළහ. එම උපකල්පනය එපරිදිම වේවායි මම ප්‍රාර්ථනා කරමි.

ඉතිහාසයේ මේ දක්වා පාර්ලිමේන්තුව බිහි වූයේ සුළු බහුතරයක් සහිත සුළු පක්ෂ මත යැපෙන අස්ථාවර රජයන්ගෙන් වුවද මින් ඉදිරියට එවැන්නක් නොවන බවද, ඒ නිසා ජනාධිපති තනතුර දුර්වල කිරීම රටේ ස්ථාවරත්වයට බලපෑමක් නොවන බවද, 17 වැනි සංශෝධනය තුළින් රාජ්‍ය බලය නිලධාරිකරණය කිරීම සුදුසු බවද, මෙලෙසින් මධ්‍යම රජය දුර්වල වන විට සාපේක්ෂව පළාත් සභා බලවත් වී රට බෙදී යෑමේ අනතුරක් ඇති නොවන බවද හුදී ජනයා උපකල්පනය කර ඇත. එම උපකල්පනය එපරිදිම ඉටු වේවායි මම ප්‍රාර්ථනා කරමි.

අවසානයේ මේ දේශපාලන පෙරළියට කිසි ලෙසකින් හෝ බටහිර රටවල්, එංගලන්ත මහ කොමසාරිස් හෝ ඇමරිකානු තානාපති සම්බන්ධ නැතැයිද, මෙය ඔවුන්ගේ තවත් මෙහෙයුමක්, වසන්තයක් නොවේයැයිද හුදී ජනයා උපකල්පනය කර ඇත. එම උපකල්පනය එපරිදිම ඉටු වේවායි මම ප්‍රාර්ථනා කරමි.

ජනතා තීන්දුවට පටහැනි වුවද මේ උපකල්පන මෙළෙසින් සිදු නොවුනහොත් කුමක් වේදැයි උපකල්පනය කිරීමට මට සිත් වේ.

කාලිංග මාඝ ආක්‍රමණය සිදු වූයේ මේ සිංහලද්වීපය සිංහල ජාතිය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සම්‍යදෘශ්ඨික දෙවි දේවතාවුන් වික්ෂිප්ත වූ මොහොතකැයි මහාවංශය සඳහන් කරයි. හුදී ජන උපකල්පන ඉටු නොවුනහොත් එවන් වික්ෂිප්තභාවයකින් තොරව සම්‍යදෘශ්ඨික දෙවි දේවතාවුන් වැඩම කර අපව බේරා ගනිත්වායි මම ප්‍රාර්ථනා කරමි. 





-විමුක්ති වනිගසේකර
යුතුකම සංවාද කවය
www.yuthukama.com


නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. මහින්ද පැමින අපව බේරා ගනිත්වායි මම ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  2. Picture from left to right: Ranil the Kankani, Sirisena the Coolie and Chandrika the Governor of the Indian Empire in Ceylon.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions