3/29/2015

චම්පිකලාට ගැලවෙන්න බැහැ

කතෘ:යුතුකම     3/29/2015   2 comments

(2015 මාර්තු 25) දිවයින පුවත්පතට අනුව ඇමති චම්පක රණවක පහත සඳහන් ප්‍රකාශය කර ඇත. 

“මහජන ඡන්දයෙන් බලයට පත්වීමට නොහැකි අයට ව්යවස්ථා කුමන්ත්රණයකින් බලය ලබා දෙන ක්රියාවලියක් මෙම සංශෝධනයේ ඇතැයි ද එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී පරාජය කරන බව ද ඇමැතිවරයා පැවසීය.”


චම්පක මේ ප්‍රකාශය කරන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙනි. ඔහු මේ සූදානම් වන්නේ කුමක් සඳහා ද? 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙයි. එහි ඇතැම් වගන්ති සඳහා ජනමතවිචාරණයක් පැවැත්විය යුතු යැයි සිතමි. එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් කිනම් තීරණයක් දෙනු ඇත් දැයි අපි නො දනිමු. ඒ කෙසේ වෙතත් මෛත්‍රිපාල රනිල් ආණ්ඩුව නීත්‍යානුකූල නො වේ. අපි ඒ බව ජනවාරි 9 වැනි දා සිට ම කීවෙමු. 

ජනවාරි 9 වැනි දා පිහිටුවා ගනු ලැබුවේ ජාතික ආණ්ඩුවක්වත් හවුල් ආණ්ඩුවක්වත් නො වේ. ජාතික ආණ්ඩුවක නම් සියළු දේශපාලන පක්‍ෂ  සාමාජිකයන් විය යුතු ය. එහි ජාතික හෙළ උරුමය සහභාගි වූ පමණින් හෝ ජනතා විමුක්ති පෙරමුණ එයට පිටත සිට ආධාර කළ පමණින් හෝ මාදු්‍රළුවාවේ සෝභිත හිමියන්ගේ අනුග්‍රහය හා ආශිර්වාදය ලැබුණු පමණින් හෝ එය ජාතික ආණ්ඩුවක් වන්නේ නො වේ. එය අඩුම තරමෙන් සභාග ආණ්ඩුවක්වත් නො වේ. සභාග ආණ්ඩුවක් වීමට පක්‍ෂ දෙකක හෝ වැඩි ගණනක හෝ පුර්ණ සහභාගිත්වය අවශ්‍ය වෙයි. එහෙත් මෛත්‍රිපාල රනිල් ආණ්ඩුවේ ශ්‍රී ල නි පක්‍ෂය ඇත්තේ පුර්ණ ව නොව කොටසක් ලෙස ය. එය හරි අඩක් නොවූවත් බාගයක් ලෙස හැඳින්විය හැකි ය.

ජනවාරි 9 වැනි දා ශ්‍රී ල නි පක්‍ෂයෙන් ආණ්ඩුවේ සිටියේ දෙතුන් දෙනකු පමණ ය. අද එය විසි ගණනක් වී ඇත. එහෙත් තවමත් ශ්‍රී ල නි ප ආණ්ඩුවේ පූර්ණ ව නැත. එබැවින් එය සභාගයක් ද නො වේ. සභාගයකට අං ආවොත් අපට අංසභාගය යැයි කිව හැකි ය. රනිල් සිරිසේන ආණ්ඩුව හැඳින්විය හැක්කේ අංසභාග ආණ්ඩුවක් ලෙස ය. ජනවාරි 9 වැනි දා පිහිටුවනු ලැබූ අංසභාග ආණ්ඩුවට ඇත්තේ මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් මුළුමනින් ම අතුගා දැමීම, දීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, දෙමළ ජාතිවාදයට කප්පන් දීම, ඒ සියල්ල සඳහා රනිල්ට විධායක බලතල ලබාදීම ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒ සඳහා ය. එය සම්මත කිරීමේ වුවමනාවෙන් අද රනිල් සිරිසේන තුනෙන් දෙකේ බහුතරයක්  සොයති. ඒ ලබාගැනීම සඳහා ශ්‍රී ල නි පක්‍ෂයට ඇමති ධුර ලබා දෙති. 

එහෙත් ඒ කුමක් කළත් පාර්ලිමේන්තුවේ දී සංශෝධනය පරදිනු ඇත. ඒ චම්පක වැනි අවශ්‍ය අවස්ථාවල ජාතිය විකුණන බලලෝභී  ව්‍යාජ ජාතිකවාදීන් නිසා නොව වෙනත් අය නිසා ය.චම්පක ඡන්දය දුන්නත් නැතත් දහනවය පරාජය කිරීමට සැබෑ විපක්‍ෂය කටයුතු කරනු ඇත. චම්පක සූදානම් වන්නේ මල් වට්ටියට අතගසා සාදුකාරයක් දී මල් කැඩුවේ තමන් යැයි ජනතාවට ප්‍රකාශ කිරීමට ය. කිසිම ජනබලයක් නැති චම්පකගේ දේශපාලනය එබඳු ය. මම අවුරුදු විසිපහකට අධික කාලයක් එ බව දනිමි. 

අංසභාග ආණ්ඩුව පිහිටුවේ ද චම්පක හෝ අනුර දිසානායක හෝ සෝභිත හිමි හෝ නොව විදේශීය බලවේග ය. ඔවුන්ගේ ඔත්තු සේවා ය. චම්පකලා කළේ මල් වට්ටියට අතගැසීම පමණකි. අංසභාග ආණ්ඩුව පිහිටුවීමේ හෝ දහනවය පරාජය කිරීමේ හෝ ශක්තියක් චම්පකටවත් අනෙක් අයටවත් නැත. චම්පකලා සූදානම් වන්නේ අංසභාග ආණ්ඩු මල් වට්ටියට අත ගැසීමේ පාපයෙන් මිදෙන්නට දහනවය පරාජය කිරීමේ මල් වට්ටියට අත ගැසීමට ය. අප මෙයට රැවටිය යුතු නො වේ. චම්පකලාට ඇත්තේ ඉතිහාසයේ කුණු කූඩයට අතගැසීම පමණකි.

ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නො වේ. ජනාධිපතිවරණයකින් පසු ආණ්ඩුවක් පිහිටුවීමක් ව්‍යවස්ථාවෙහි සඳහන් නො වේ. ජනාධිපතිවරණයෙන් පසු කැබිනට් මණ්ඩලය වෙනස් නො වේ. සිදුවන්නේ එහි නායකයා වෙනස් වීම පමණකි. එහෙත් ජනවාරි 9 වැනි දා ම රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරූම් දුන්නේ ය. ඒ දි මු ජයරත්න අගමැති ව සිටිය දීම ය. ඒ නීත්‍යානුකූල නො වේ. එබැවින් රනිල් නීත්‍යානුකූල අගමැති නො වේ. චම්පක එයට විරුද්ධ නොවූවා පමණක් නොව පසුව නීති විරෝධීව ඇමතිවරයකු ලෙස  දිවුරුම් දුන්නේ ය. 

චම්පකලා අංසභාග ආණ්ඩුවේ මල් වට්ටියට අත ගැසුවේත්, නීති විරෝධී ආණ්ඩුවේ කොටස්කරුවන් වූයේත් රනිල් විධායක අගමැතිවරයකු වීමට උත්සාහ කරන බව නො දැන නො වේ. අද ඔවුහු ඒ පාපකර්මයෙන් ගැලවීමට උත්සාහ කරති. එක්වරක් නොව දහස් වරක් කැලණිය වැන්දත් ඔවුන්ට එයින් ගැලවිය නො හැකි ය. 

නලින් ද සිල්වා
කාලය
2015 මාර්තු 25

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. මොකද චමිපක කියලා අපහාසෙට නම ලිව්වේ? චම්පක කියලා ලියන්න අකමැතිද

    ReplyDelete
  2. දුණුමන්ත3/30/2015 4:48 PM

    චමිපක තමන් තැවෙන වෛරයෙන් රටක් සහ ජාතියක් විනාශ කරමින් සිටී. වසර 2004 සිට සිංහල බෞද්ධ නායකත්වයක් ගොඩනැගිමට කල කැපැකිරීම් පිළිඹදව දැනෙනුයේ පිළිකුලකි. මෙවන් වෛරී නරුමයෙක් බිහිවූයෙ කුමන පාපයකටද?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions