3/20/2015

රනිල් ජාතිවාදියෙකි. මෛත්‍රිපාල බේරා ගනිමු.

කතෘ:යුතුකම     3/20/2015   4 comments

තෙත බරිත රතු පළස

ලංකාවේ රූප පෙට්ටියේ අප දුටුවේ මෝඩි බෞද්ධ වන්දනා ගමනක් සඳහා ලංකාවට සැපත් වූ සෙයකි. වන්දනා ගමන අරතුර ඉඩ ප්‍රස්තාවක් ලැබෙන විට රාජතාන්ත්‍රික කටයුතුවල ද නියැලෙන බවකි. රැවන්මැලි සෑය ඉදිරිපිට මෝඩිට රතු පලසක් එළන ලදී.  මෙලොව කිසිම මනුෂ්‍යයකුට එවන් පළසක් මේ ස්වර්ණමාලී සෑ රදුන් දක්වා ගමන් කිරීමට එළා තැත. රුවන්මැලි සෑයේ සහ ගුවන්තොටුපලේ වෙනස නොදන්නා රජයේ ඉහළම උදවියගේ අමනකමකි ඒ. නමුත් ලංකාව යුද්ධයෙන් නොව ඡන්දයකින් යටත් කරගත් ඒ මිනිසාට රතු පළසක් මතින් රුවන්මැලි සෑ මහ රදුන් වෙත පියමැනීමට ඉඩක් ලැබුනේ නැත. සුළු මොහොතකට පෙර අහසේ කිසිදු වැහි වළාකුලක සේයාවක්වත් නොතිබිනි. එනිසාම වර්ෂාවකට කිසිදු සූදානමක්ද එහි නොවීය. නමුත් ඔහු පැමිණෙනවාත් සමඟම දැඩි මාරුතයක් මඟින් කැටුව ආ වැස්සකින් රතු පළස තෙත බරිත කරන ලදී. රතු පළසේ වඩින්නට ආ මෝඩි කුඩ ඔසවා ඇල්ලූ අන් අයගේ උපකාරය සමඟින් ඉතා අසීරුවෙන් රුවන්මැලි මහ සෑ රදුන් වෙත ළඟා විය.

තර්ජනයට අත්පොළසන් දෙන නිවටයෝ


ඔහු පාර්ලිමේන්තුව අමතා අපට තර්ජනය කළේය. අපගේ රටේ ව්‍යවස්ථාව මෙසේ විය යුතුයැයි අපගේම උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුවටම පැමිණ පවසා ඔහු ගියේය. 13 කඩිනමින් ක්‍රියාත්මක කොට, 13 න් එහා යා යුතු යැයි ඔහු පවසා සිටියේය. අපේ ත්‍රිකුණාමලය වරාය දියුණු කරන හැටි අපගේ ජනතා නි‍යෝජිතයන්ට මෝඩි කියා දුනි. අපගේ ගරු ජනතා නියෝජිතයින් අත්පොළසන් දෙමින්  තර්ජය අසා සිටියහ. ඒ නිවට බඩජාරී රැළ වෙන කුමක් කරන්නද?

මෝඩි පාර්ලිමේන්තුව අමතන්නට සැරසෙද්දී විමල් වීරවංශ  සභා ගැබෙන් පිට විය. 13 ට මඟ පෑදූ ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වෙමින් හැට දාහක් ජීවිත නැතිවෙන තරමේ මාරන්තික විරෝධයක් පෑ ජවිපෙ නියෝජනය කරන අනුර කුමාර සහ ඔහුගේ සහොදර සඟයන් රජිව් ගාන්ධිගේ අනුරප්‍රාප්තිකයා වූ මෝඩිට ඇහුම්කන් දීමට සභා ගැබෙහිම නැවතුනි. 13 ගෙනෙන විට ලේ සොළවන්නට දායක වුනු දෑත්වලින් 13න් එහාට යන්න කියන මිනිසාට නොමසුරු අත්පොළසන් නාදයකි. කාලය මැවු වෙනසක අරුමයකට එය ලඝු කළ හැකිද?

කලක් මෙරට ඒකීය බවේ සංකේතයට හැඳ සිටි සාම්පූර් විරෝධී චම්පිකලාද සිටියේ ඒ අතීතය අමතක වූවාක් මෙනි. දුමින්ද සිල්වාට අමතක වූයේ හිසට වෙඩි වැදීමෙනි. නමුත් අද අපේ ව්‍යවස්ථාදායක සභාවේ සිටිනා බොහෝ දෙනෙකුට නිකම්ම සිය අතීතය අමතක වි යන දරුණු මානසික රෝගයක් වැළදී ඇති සෙයක් නොපෙනේද? අපූරුම දේ ඒ අමතක වීම සිදුවනවාත් සමඟම තවත් අළුත් යමකට ඔවුන් වශී වීමයි. රටේ ස්වෛරීභාවය අමතක වූ මේ මානසික රෝගීන් දැන් වශී වී ඇත්තේ හොරු ඇල්ලීමටය.  එකෙකු බැරි නම් උගේ ගෑණිව හෝ හිරේ දැමීමටය. ඒ හැර අන් සියල්ල මේ ලෙඩ්ඩුන්ට අමතකය. මෙලෙස සිය ප්‍රතිපත්ති, ස්ථාවරයන් අමතක වන මන්ද බුද්ධිකයන් පිරිසකට බලය පවරන ජනතාවට තැලිය යුත්තේ බූවල්ලෙනි. තව නොබෝ දිනකින් හොරු ඇල්ලීමද ඔවුනට අමතක වනු ඇත.

මෝඩි පමණක් නොව අපට මෝඩිගේ මෙරට ඒජන්තයන් වන විනේශවරන්ලාත් හයිරම් පාට් දමයි. මහින්ද රාජපක්ෂ සමයේ මොවුන් ඉල්ලා සිටියේ කුමක්ද? 13 ක්‍රියාත්මක කරන ලෙසය. නමුත් වත්මන් සිරිසේන රෙජීමය යටතේ මොවුන් කියන්නේ කුමක්ද?  13 පලක් නැති බවයි. එය කිසි ලෙසකින්වත් අවසන් විසඳුමක් නොවන බවයි. තමනට අවැසි ප්‍රාන්ත ස්වයං පාලනයක් බවයි. මෙය එදා පටන් අද දක්වාම දෙමළ ජාතිවාදයේ ස්වභාවය වේ. බල ලෝභීන් සිය බලය තහවුරු කරගන්නට ජාතිවාදීනට දොලපදේනි පුදන්නට යෑමෙන් සිදු සිදුවන්නේ සංහිඳියාවක් ඇති වීම නොව, තිබෙන සංහිඳියාවත් නැති වී ඔවුන් උන්ගේ ඊළම වෙත යන පියගැට පෙළෙහි ඊළඟ බෙදුම්වාදී පියවර වෙත පියමැනීමයි. ඒ නිසා කළ යුත්තේ බෙදුම්වදයට හෝ ජාතිවාදයට සහය වීම නොව, ඊට එරෙහි වීමයි. නමුත් අද භූමියේ පවතින යථාර්තය ඉදුරාම ඛේදජනකය. ජනපති ඇතුළු රජය ඉන්දියානු සිර කරුවන් බවට පත් වී ඇත. ඒ බව දන්නා දෙමළ බෙදුම් වාදීන් සිය ඊළඟ පියවර වෙත හැකි වේගයෙන් පියමැනීමට උත්සුක වීම වළැක්විය නොහැකිය.

සමුල ඝාතන වෙනම රටකටයි

 මෝඩි පැමිණීමට ටික දිනක පෙර උතුරු පලාත් සභාවේ ඉතා භයානක යෝජනාවක් සම්මත විය. ඒ සිංහලයන් විසින් දමිලයන් ඝාතනය කරන බවටය. ඔවුන් පවසන්නේ එක් වරක් දෙවරක් නොව නිදහසින් පසු දිගින් දිගටම සිංහලයන් විසින් දෙමලුන් ජාතිඝාතනය (genocide) කරන බවකි. කුමකටද මේ ජාතිඝාතන කතාව? කුමක්ද එහි ඇති නෛතික වැදගත්භාවය? ජාති ඝාතනය ඔප්පු කළ හැකි නම් එම ජනතාවට වෙනම රටක් ලබා දීමට එය සාධාරණ හේතුවක් වෙන්නේය. කැලම් මැක්‍රේගේ නවතම චිත්‍රපටය තුළ ඔහු පුන පුනා කියන්නේ ලංකා හමුදාව සිවිල් වැසියන් යුධ මුක්ත කලාපයට එළවා දමා ඔවුන් එහි කොටුකර සිවිල් වැසියන් ඝාතනය කිරීමේ අරමුණ ඇතිවම එම කලාපය තුළට ප්‍රහාර එල්ල කළ බවයි. එම කලාපය තුළ සාදා ගත් රෝහලට හිතා මතාම හමුදාව පහර දුන් බවයි. දෙපාර්ශවයටම රෝහළ තිබෙන ස්ථානය දැනුම් දීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. නමුත් කිහිප වතාවක් එසේ රෝහලට පහර දිම නිසා රෝහල යලි පිහිටවූ ස්ථානය හමුදාවට දැනුම් නොදෙන ලෙස එහි වෛද්‍යවරුන් ඉල්ලා සිටි බව මැක්‍රේ පවසයි. මැක්‍රේ කියන්නට උත්සාහ කරන දේ සහ විග්නේශ්වරන්ලා කියන දේ අතර මනා සබඳතාවක් පවතියි. ජාතිඝාතන සිදු වූ බව ඔප්පු කිරිමට වැරදිලා වෙඩි වැදුන බව කියා පලක් නැත. ඒ සදහා චේතනාවක් තිබිය යුතුය. මැක්‍රේ කියන්නේ හිතා මතා යුධ මුක්ත කලාපයට හමුදාව පහර දුන් බවකි. එහි කොටු වී සිටියේ උතුරේ සිවිල් සිවිල් වැසියන් සමූලයයි. යුධ මුක්ත කලාපය ඔහු killing field ලෙස නම් කරන්නේ එබැවිනි.

මහින්ද සමයේ මෙම යෝජනාව ගෙනෙන්නට තැත් කළ විට  ජාතිඝාතන (genocide) යන වචනය එහි ඇතුළත් කරනවාට විග්නේශ්වරන් එකඟ නොවීය. එය ඉතා බරපතල චෝදනාවක් බැවින් එය ගෙන ඒම නුසුදුසු බව ඔහුගේ මතය විය. මහින්ද සමයේ එසේ කළේ නම් උතුරු පලාත් සභාව විසුරුවීමට අවදානමක් ඇති බව දන්නා විග්නේශ්වරන් ඊට විරුද්ධ විය. බහුතරයක් දෙනා, ඒ ඔහු ඉතා සාධාරණ බුද්ධිමත් උගත් මිනිසෙකු නිසා යයි සිතීය. ඔහු බුද්ධිමත් බව සත්‍යයකි. මෝඩයෝ අපි වෙමු. මහින්ද එළවා දැමීමට පූර්ණ සහාය ලබා දී ඉන්දියාවේ යටත් විජිතයක් බවට පත් කරවන ලද නව රෙජීමයක් යටතේ එම බරපතල යෝජනාව ඔහු විසින්ම ගෙනෙන ලදී. තම රට තුළ සිටින ජාතිවාදීන් මෙලෙස හැසිරෙද්දී වත්මන් රජයේ නිවටයින් විසින් ජාතිවාදී චෝදනාවෙන් දමා ගසන්නේ මහින්ද රාජපක්ෂ වටා ගොනු වන පිරිසට හා ඒ පිරිසට පමණි.

විග්නේශ්වරන්ලාගේ එම ක්‍රියාවෙන් අවමානයට පත් නොවූ සිරිසේන ජනාධිපති තුමා අභිමානයට පත් වී ඇත්තේ රැජින මේස් ගලවා තමාට අතට අත දීම පිලිබඳවයි.

ජාතිවාදියා යනු කවරේද?


නිර්වචනය කුමක් වුවත් සම්බන්ධන්ලා විග්නේෂ්වරන්ලා ප්‍රභාකරන්ලා සුමන්තිරම්ලා ජාතීවාදීන් වේ. එය එසේ නොවන්නේ යැයි යමකු පවසන්වා නම් පමණක් ඒ පිලිබඳ තව දුරටත් කතා කළ හැකිය. බෙදුම්වාදීන් සියල්ලන්ම ජාතිවාදීන්ගේ ලයිස්ත්තුවේ ඉහළින්ම සිටින බව නොරහසකි. ටයි කෝට් හැඳ අළුත්කඩේ සිටියත්, සුදු සරම හා බැනියම හැඳ දියවන්නාවේ සිටියත්, සයනයිඩ් කරල බෙල්ලේ එල්ලාගෙන වන්නි කැළේ සිටියත් එහි වෙනසක් නැත. මේ ජාතිවාදීනට නියමින් හා අනියමින් සහය වන්නන්ද ජාතිවාදීන් වේ. ඒ නයින්, බටහිරයන්ට තම හිතෙන්ම  යටත් වී සිටින බෙදුම්වාදීනට වෙනම භූමිබාගයක් වෙන් කර දුන් රනිල් වික්‍රමසිංහ ජාතිවාදියෙකි. ඉන්දියාව ඉදිරියේ අසරණව සිටින මෛත්‍රීපාලටද ජාතිවාදියෙකු වනවා හැරෙන්නටන් අන් විකල්පයක් දැන් නැත. එම අපරාධයෙන් සිරිසේන ජනාධිපතිතුමා ගලවා ඔහුව බේරා ගත හැක්කේ මෙරට ජනතාවට පමණි. ඒ මහින්ද වටා එක් වීමෙනි.


- ලසන්ත වික්‍රමසිංහ
 

බුකියේ වෙනස යුතුකමට මනාපයක් (Like) දමා මිතුරන්ට ඇරයුම් කරන්න. https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. විමලසේන3/21/2015 12:50 AM

    අනුර කුමාර සහ ච චම්පික මෝඩි තර්ජනයට අත්පොලසන් දෙන එකෙන් පේන්නේ මුන්ට මෙලෝ ප්‍රතිපත්තියක් නෑ කියලයි. හැටදාහක් මිනිස්සු මැරුනා 13 නිසා..දැන් 13 එහාට යන්න කියලා කියන කොට අත්පුඩි. 13 දෙනවා කියන ආණ්ඩුවට වෙලා ඉන්නවා රනිල්ගෙන් කාමරයකුත් අරගෙන..

    ReplyDelete
  2. සුගත්3/21/2015 9:31 AM

    මෙම ලිපි කරු දුටු කැලම් මැක්‍රේගේ චිත්‍රපටය සහ විග්නේෂ්වරන්ලාගේ ජාති ඝාතක චෝදනාව අතර සම්බන්ධය ඉතා නැවැරදිය. මෙම ලිපිය පල වී ඇත්තේ 20 වන දාය. 21 වන දා දිවයින පුවත්පත විසින් එම නිරීක්ෂණය නිවැරදි වී ඇති බව මෙලෙස තහවුරු කරයි...

    විග්නේෂ්වරන්ගේ බොරුවට චැනල 04 'අයිසින්'

    කීර්ති වර්ණකුලසූරිය

    උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා සම්මත කරගත් ශ්‍රී ලංකාවට එරෙහි හමුදාව ද්‍රවිඩ ජාතිකයන් ඝාතනය කළේ යයි කියන යෝජනාව සනාථ කිරීම සඳහා චැනල් 4 රූපවාහිනී අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ සිය 'නෝ ෆයර් සෝන්' චිත්‍රපටය නිර්මාණය කර ඇති බව අනාවරණය වේ.

    ශ්‍රී ලංකා රජය ඊයේ (20 දා) මුළුමනින්ම මෙම චිත්‍රපටය ප්‍රතික්‍ෂේප කර ඇත. තම චිත්‍රපටයේ අරමුණ 'ද්‍රවිඩ ජාතීඝාතන' තහවුරු කිරීම බව මැක්‌රේ පිළිගෙන තිබේ. එසේම ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට ස්‌වයං පාලනය දිය යුතු බවද මැක්‌රේ ප්‍රකාශ කර ඇත.

    ReplyDelete
  3. විමලසේන3/21/2015 10:00 AM

    හෙළ උරුමයේ කපටි නරියන්ගේ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරිම පිලිබඳ මාධ්‍ය නිවේදනය දැක්කද? සංහිඳියාවට හොදලු. එහෙනම් ඉන්දියාවේ සංහිදියාව ඇති කරන්න ගියා නම් භාෂා කීයකින් ගයන්න වෙයිද? නමුත් ඉන්දියාවම ගයන්නේ එක භාෂාවකින්. මේ සහිඳියා කාරයන් එහේට යවන්න තියෙන්නේ

    ReplyDelete
  4. MY3 thoththa babek newei neda Ranil gen beraganna tharam. Janathawa Mahinda wata ekathu wenna oona me paapatharayo dennawama gedara yawala rata beraganna. MY3 kiyanne SLFP eka UNP ekata paawala deenna Chandrikage saari pote elluna niwatayek.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions