දමිළ බසින් ජාතික ගීය ගැයීම පිළිබඳ ගත් තීරණය අනපේක්ෂිත ලෙස හදිසියේ ගත් අවාසනාවන්ත එකකි. තීරණය ගනු ලැබුවේ ද විධායකය විසින් බව වාර්තා වී ඇත. අඩුම තරමින් කැබිනට් මණ්ඩලය තුළවත් මේ පිළිබඳ කතා බහක් සිදු වී නැත. මෙවන් සංවේදී තීරණයක් වත්මන වන් මොහොතක ගැනීමේ දී සිදු කළ යුතු ව තිබුණේ ලංකාවේ සියළු පක්ෂව එකතු කොට කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමයි. විධායක ජනාධිපතිවරයාට එවැනි තීරණයක් නෛතික ව ගත හැකි වූව ද එවැන්නක් ගැනීමේ සදාචාරමය පදනමක් ඔහුට නැත. ඒ එකී තීරණය හා බැඳී තිබෙන ජාතික සංවේදීතා සැලකිල්ලට ගැනීමෙනි. මේ අතර, මෛත්‍රීපාල ජනපතිවරයා අති බහුතර දමිළ හා මුස්ලිම් ඡන්ද සහායෙන් සිය තනතුරට පත්වීම පිළිබඳ ලංකාවේ බහුතර සිංහල ජනයා තුළ තිබෙන නිරීක්ෂිණය ද මෙහි දී සැලකිල්ලට ගත යුතු ව තිබුණි. එකී කරුණ දමිල හා මුස්ලිම් දේශපාලකයින් විසින් මාධ්‍ය හරහා දැන් කීප වරක්ම තහවුරු කොට ද තිබේ. එක් දමිළ දේශපාලකයෙකු කියා තිබුණේ “ඔන්න දැන් අපි වැඩේ කළා ඇමරිකාවයි ඉන්දියාවයි ඉතිරි ටික බලාගන්න ඕනේ” යනුවෙනි. නව රජය ඉදිරිපත් කළ අය වැය පිළිබද සහන පවා කිසියම් එක් ජනවර්ගයක් ඉලක්ක කර තිබූ බවට වන මතයක් තිබේ.
ඉහත තත්වය තුළ සිංහල බහුතරයේ සාතිශය පිරිසක් කිසියම් රැවටිල්ලකට හෝ පාවාදීමකට ලක් ව තිබෙන බවට වන අදහස් එම සමාජය තුළ සංසරණය වෙමින් තිබේ. විශේෂයෙන් ම ව්‍යාජ ප්‍රචාරක පීඩනයක් මැද දී වුව මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් බලයට ගෙන ඒමට ඡන්දය ලබා දුන් විශාල පිරිසක් මේ වන විට සිටිනුයේ පවතින රාජ්‍ය පාලනය තමා තුළ සාධාරණීකරණය කර ගැනීමට අපහසු පසුබිමක ය. ඊට ප්‍රධාන හේතුව නම් යහපාලන පොරොන්දුව මතු නොව, ආර්ථික සෞභාග්‍ය පිළිබඳ දුන් සියළු අපේක්ෂා ඉතා කෙටි කලක් තුළ පුස්සක් වී තිබීම ය. සංවර්ධන කටයුතු ඇණ හිට තිබේ. ලක්ෂ ගණනකට රැකියා අහිමි ය. තේ, රබර් මිළ දැඩි ම පසුබැස ජනතා ආදායම් මාර්ග ඇහිරී ඇත. රට ගැන අසුබ පෙර නිමිති එමට ය. අපට වසර 2000 සිහි වේ. වසර 2000 වන විට අප වැනි ශ්‍රීලනිප කොටස් පවා චන්ද්‍රිකා පාලනය පිළිබඳ දැඩි ව කල කිරී සිටි අතර රනිල්ගේ ජයග්‍රහණය කිසියම් අස්වැසිල්ලක් වන්නට විය. රනිල්ට ඡන්දය නොදුන් අය පවා ලැබූ සාමයත් සමග ඔහුගේ ගැලට එකතු විය. එහෙත් එකී අස්වැසිල්ල තුළ වැඩි කාලයක් සිටීමට රටට නොහැකි වූයේ සාම ගිවිසුම හරහා පැන නැගි සාමය ඇස් පනා පිට රැවටිල්ලක් හා පාවාදීමක් බවට පත්වීම නිසා ය. වත්මන් තත්වය ද එමම ය.
මේ අතර, දමිළ දේශපාලකයා හැසිරෙනුයේ තවදුරටත් සිංහල බහුතරය සමග සංහිඳියාවකට යෑමේ අරමුණකින් නොවන බව ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් පෙනී යයි. ඔහු සිංහලයාගෙන් වෛරයක් පිරිමසා ගැනීමට කරන උත්සාහයක සෙයක් පැහැදිළි ව පෙනේ. ජනපතිවරණයෙන් පසු උතුරු පළාත් සභාව සම්මත කරගත් ශ්‍රී ලංකා රජයට එරෙහි සමූල ඝාතක ප්‍රඥප්තිය මීට කදිම නිදසුනකි. එය සිංහලයා කෙරෙහි දමිළ ජනයා තුළ වෛරය වපුරාලීමට ගත් ජාතිවාදී තැතකි. ඔවුන් එය ජිනීවා මානව හිමිකම් කොමිසම දක්වා ගෙන යාමට කටයුතු කරමින් සිටින බව ද කිව යුතු ය. මේ අතර, ඉන්දීය ජනපතිවරයා විසින් කළ 13 වැනි සංශෝධනයෙන් එහා යාම පිළිබඳ ලංකාවට දුන් ආඥාව ද උතුරු පළාත් මහ ඇමති විග්නේශ්වරන් මහතා විසින් මේ පිළිබඳ යාපනයේ දී කළ ප්‍රකාශ ද ඇවිලෙන ගින්නට දැමූ පිදුරු ය. රජය විසින් දෙමළ ඩයස්පෝරා තහනම ඉවත් කරමින් තිබේ.
ඉහත වන් වහා ගිනි ඇවිලෙනසුළු සමාජයකටය මේ මුග්ධ රජය විසින් ජාතික ගීයේ දමිල පිටපත දමාගසා තිබුණේ. එහෙයින් එය කිසිදු ලෙසකින් හෝ සංහිඳියා පියවරක් ලෙස දැකිය නොහැකි ය. සංහිඳියාව යනු පාර්ශව දෙකම දිනුම් අවස්ථාවකට රැගෙන යන ආකාරයේ විසඳුමකට රැගෙන යාම ය. එහි දී සිත් පළුදුවීමක් වන්නේ නැත. මෙම ක්‍රියාමාර්ගය ලංකාවේ ශාපලත් යුද්ධය නිමා කළ වරදට එහි නිර්මාතෘවරුන් බිල්ලට දීමට කරන උත්සාහය සේ ය. ඒ තුළ ද කිසිදු දිනෙක සිංහල බහුතරයට හා පොදුවේ රටට කොටි සංවිධානය විසින් වසර 30 ක් තිස්සේ උරුම කළ විනාශය බැරෑරුම් ලෙස සැලකිල්ලට නොගැනුණි. එය සිංහලයාගෙන් පළිගැනීම සඳහා වන ක්‍රියාමාර්ගයක් ලෙස ම ඉදිරිපත් කිරීම පැවති රජය දිගින් දිගට ම එරෙහි වීමට හේතුවයි. වත්මන් රජයට අවශ්‍ය වන්නේ ද එල්ටීටිය කළා මෙන් සිංහලයා කුපිත කොට ඔහු ජාතිවාදී ශාපයට කොටු කිරීමට ද? ඒ මතින් බෙදුම්වාදය සාධාරණීකරය කිරීමට ද? ජාතියට මල්වඩම් අනවශ්‍යය. එහෙත් පිළිතුරු අවශ්‍යය.
- මහින්ද පතිරණ, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
නිකන් හිතලා බලන්න මේ මිනිස්සු දින 100 ඉවසන් ඉන්න බැරි ඇයි මේවා කරන්න කියලා. දැන් දින 100 සැලැස්මේ මේවා කිව්වේ නැත්තේ ඇයි මේවා කරන්න හිතං හිටියනම් හිටං. හිතං හිටියේ නැත්නම් මොකද මෙච්චර හදිස්සියක්? මුන් තනිකරම ඉන්දියාව විසින් යටත් කරගෙන ඉන්නේ. කිසිම සංවාදයක් නෑ. තනි තීරණ ගන්නවා. නියම ඒකාධිපතියා දකින්නේ අපි දැන් නේද?
ReplyDeleteසිරිසේන ජනාධිපතිවරයා තමන්ට බලය දිනාදුන් බෙදුම්වාදී සුරතලුන්ට ලබා දුන් මේ වරදානය මගින් සිදු කර ඇත්තේ ජාතික ගීය, වාර්ගික ගීයක් බවට පිරිහේලීමයි. භාෂා 22න් වැඩ කළ හැකි, භාෂා 122ක් බෙහෙවින් කතා කරන, තවත් භාෂා 1599 ව්‍යවහාර කරන ඉන්දියාවේ මිනිස්සු මිලියන 1252ට එක භාෂාවකින්, බෙංගාලි භාෂාවෙන් ජාතික ගීය ගයන්න හැකි නම් මේ රටේ 75%කගේ මව් භාෂාව වන මිලියන 20ක් වෙච්චි ජනගහනයෙන් මිලියන 13කට වඩා කතා කරන සිංහල බසින් ජාතික ගීය ගැයීමට නොහැකි ඇයි?
ReplyDeleteSirisena is modern don juan pawulu. He has no sense on what he is doing.
ReplyDeleteසන්තෝසේ විලිලැජ්ජාවේ බැරුවා... පුදුම යහපාලනයක්..ලෝකයේ කිසිම ස්වරාජ්යක් ( අන්‍යය ජාතීන් විසින් යටත් නොකලාවූ) භාෂා දෙකකින් ජාතික ගීය නොගයයි
ReplyDeleteඑලෙස පවතින රටවල් නම්
කැනඩාව: ඉංග්‍රීසි ප්‍රංශ සහ කැනඩානු ස්වභාෂාවෙන් ගයයි
බෙල්ජියම: ප්‍රංශ,නෙදර්ලන්ත සහ ජර්මානු භාෂාවෙන් ගයයි
ස්විස්ටර්ලන්තය:ප්‍රංශ,ජර්මානු,ඉතාලි සහ ස්වභාෂාවෙන් ගයයි
දකුණු අප්‍රිකාව:ඉංග්‍රිසි, ගෝත්‍රික ස්වභාෂාකීපයකින් ගයයි
සුරිනමී: නෙදර්ලන්ත සහ ස්වභාෂාවෙන් ගයයි
කොනදක් නැති නායකයින් විසින් රට ජාතිය දෙකම සිංහළයාට අහිමිකරමින් සිටින අතර. ජාතියක් වශයෙන් සිංහලයා අන්තාසරන වෙමින් සිටි.