3/10/2015

දින සියය ඉවරයි

කතෘ:යුතුකම     3/10/2015   No comments

මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපතිවරණ වේදිකාවෙන් ජනතාවට ඉදිරිපත් කළ ප්‍රධාන කරුණක් වූයේ දින සියයේ වැඩ පිළිවෙළ ය. එ සඳහා දින වකවානු සහිත ව දින පොතක් ඉදිරිපත් කෙරිණි. අහවල් දින අහවල් කරුණ ඉටු කරන්නේ යැයි කියැවිණි. එහෙත් ඒ එසේ ඉටු නො විණි. වැඩ පිලිවෙළක් ඉදිරිපත් කර ඡන්දය ලබා ගැනීම එකකි. ඒ ඉටු කිරීම තවත් එකකි.

දින සියය වැඩ පිළිවෙළ ඉටු කිරීමට නොහැකි බව ඡන්දදායකයන් නොදැන සිටින්නට ඇත. ඒ කෙසේ වෙතත් එක් කරුණක් නම් ඉතා වේගයෙන් ඉටු කෙරිණි. ඒ අනෙකක් නොව රනිල් වික්‍රමසිංහ අගමැති කම ගැට කැපීම ය (පික් පොකට් ගැසීමය). ජනාධිපති දිවුරුම් දී විනාඩි කිහිපයකින් පික් පොකට් ගැසීම සිදු විය.

දින සියයේ වැඩ සටහනට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබුණේ අප්‍රියෙල් 23 වැනි දි ය. ඒ දින සියය පසු වී දින කිහිපයක් පසු වී ය. එයට හේතුව මෙම පාර්ලිමේන්තුවට අවුරුදු පහ පිරීම දින සියයට පසුව සිදු වීම නිසා ය. එවිට නවක මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සහතික විය. දැන් ඒ ගැන කිසිම ප්‍රශ්නයක් තිබිය නොහැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දින සියයේ වැඩ පිළිවෙළට අනුව නොව කිසිම අයුරකින් අප්‍රියෙල් 23 හෝ එයට පෙර හෝ සිදු නොවන බැවින් ය.

රනිල් වික්‍රමසිංහ දිගින් දිගට ම කියා සිටියේ අප්‍රියෙල් 23 දින පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ය. එහෙත් ඔහු අමතක කළ කරුණ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහුට බලයක් නැති බව ය. ඒ බලය ඇත්තේ මෛත්‍රිපාල සිරිසේනට ය. මෛත්‍රිපාල ජනාධිපති වුවත් ඔහුට එ ජා පක්‍ෂයේ සිරකරුවකු වීමට සිදු විය. එහෙත් ශ්‍රි ල නි පක්‍ෂයේ සභාපති වීම නිසා ඔහුට යම් ශක්තියක් ශ්‍රි ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ලබාගත හැකි විය. ඒ සඳහා ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට මන්ත්‍රීවරුන්ට යමක් ලබා දිය යුතු විය. එමෙන් ම මෛත්‍රිපාලට ද තම බලතල අගමැතිට ලබා දී නාමික ජනාධිපති කෙනකු වීමේ අවශ්‍යතාවක් නො වී ය. ඒ අතර ඒ සියල්ලට ම වඩා වැදගත් ප්‍රශ්නයක් ශ්‍රී ල නි ප නිවට නායකයන්ට විය. ඒ මහින්ද රාජපක්‍ෂ විධායක බලතල ඇතිව හෝ නැතිව හෝ අගමැති වීම වැළැක්වීම ය. එය බටහිර රටවල මෙන් ම ඉන්දියාවේ ද අවශ්‍යතාව වෙයි.

අප්‍රියෙල් 23 පාර්ලිමේන්තුව විසුරුවා නොහැරියහොත් පාරට බහින බව කබීර් හෂීම් කියයි. ඔහු පාරට නොබසින බව අමුතුවෙන් කිව යුතු නො වේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීම අවශ්‍ය යැයි ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. මේ පිටුපස ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකයන් කිහිප දෙනකුට ඇමතිකම ලබා දීම පමණක් නො වේ. මහින්ද අගමැති වීම වැළැක්වීම ද එහි වෙයි.

දැන් ක්‍රියාත්මක වන සැලැස්මට බටහිරයන්ගේ හා ඉන්දීයයන්ගේ ද සහාය ලැබෙයි. ඇත්තට ම සැලැස්ම චීන විරෝධී ඉන්දියාවේ් ය. ඒ වෙනුවෙන් වැඩියෙන් ම පෙනී සිටින්නේ රාජිත හා චම්පික ය. රනිල්ට හෝ ජ වි පෙරමුණට හෝ ඒ සැලැස්මට විරුද්ධ විය නො හැකි ය. ජ වි පෙරමුණේ කාර්ය භාරය නිම වී ඇත. සැලැස්මට අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවා විධායක ජනාධිපති ධුරයේ බලතල රාශියක් අගමැතිට ලැබෙන සේ ව්‍යවස්ථාව සංශෝධනය කෙරෙනු ඇත. ඒ සමග මැතිවරණ ක්‍රමය ද සංශෝධනය කෙරෙනු ඇත. ඒ අතර මහින්දට විරුද්ධව කළ හැකි තව තවත් දේ කරනු ඇත. ඊනියා මානව හිමිකම් කඩවීම් පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණ ආරම්භ කෙරෙනු ඇත. හැකි නම් මහින්දට දඬුවම් කෙරෙනු ඇත. සියල්ල අවසන් කරන විට අවුරුද්දක පමණ කාලයක් ගත වනු ඇත.

අද රාජිත හා චම්පික කියා සිටින්නේ දින සියයට වඩා වැදගත් වන්නේ එහි කියා ඇති කරුණු ඉටු කිරීම බව ය. ඒ සඳහා දින තුන්සීයයක් වුවත් වැය කිරීමට ඔවුන් සූදානම් ය. මේ සියල්ල කෙරෙන්නේ එක ම එක අරමුණක් ඉටු කර ගැනීමට ය. ඒ මහින්ද දේශපාලනයෙන් සම්පුර්ණයෙන් ම ඉවත් කිරීමට ය.

-නලින් ද සිල්වා
2015 මාර්තු 06



නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama
 

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions