3/14/2015

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය

කතෘ:යුතුකම     3/14/2015   No comments

ත්‍රිකුණාමලය ආසියාවේ ඛනිජ තෙල් කේන්ද්‍රය බවට පත් කෙරෙන බව මෝඩි ඊයේ (13) පාර්ලිමේන්තුවේදී කීවේ ය. මේ අනුව පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන 'අපි හම්බන්තොට වහලා, ත්‍රිකුණාමලය දියුණු කරනවා' යනුවෙන් කෑ මොර දුන්නේ ඇයිදැයි, දැන් හොදින් පැහැදිලි විය යුතු ය.
මෙරට වර්තමාන දේශපාලන පරිවර්තනයේ මූලික අරමුණ හුදෙක් යහපාලනය ඇති කිරීම ම නො වේ. එය එසේ නම්, මේ වන විටත් මෛත්‍රී ගේ පාලනය යටතේ සිදු ව තිබෙන සිදුවීම් සිදු වන්නට ඉඩක් නැත. මහ බැංකු අධිපති පත් කිරීම සම්බන්ධ ව අදහස් පළ කරමින්, පසුගිය දා දෙරණ ටීවී 360 වැඩ සටහනට සහභාගි වූ චමිපික රණවක කියා සිටියේ, 'මහ බැංකු අධිපතිතුමන්ට සම්බන්ධ අයථා විනිමය ගනුදෙනු පිළිබද ව දැන සිටිය ද, ඔහු විශ්වාස කළ හැකි පුද්ගලයකු ලෙස', ආණ්ඩුව සැලකූ බව ය.
මෙයින් ‍පෙනී යන්නේ යහපාලනයට මදයක් නැති බව ය.
ඉරිදා (15) රාවය පුවත්පතට අදහස් දක්වන ස්වයං රැකියාලාභින් ගේ සංගමයේ නව සභාපතිවරයා පවසා ඇත්තේ, ආණ්ඩු දෙකේ වෙනසක් නැති බව ය. තවමත් 'මහින්ද කහදගම ගේ වැඩ' හොදින් සිදු වෙමින් තිබෙන බව ය.
මේ උදාහරණ දෙක තුනක් පමණි. 'හොරු අල්ලපියව්' කියමින් සිටි ආණ්ඩුව ද දැන් 'හොරු ආරක්ෂා කරපියව්' යන අරගලයට පිවිස ඇත.
මේවා ද යහපාලනයට එරෙහි ය.
රනිල් ප්‍රමුඛ විපක්ෂයට බලය අල්ලා ගැනීම අවශ්‍ය වුවත්, ඉන්දියාව, අමෙරිකාව සහ රාජ්‍ය නොවන සංවිධාන ජ‍ාලයේ අවශ්‍යතාව අනෙකකි. ඒ ලංකාව ව්‍යුහාත්මක ව වෙනස් කර ගැනීම ය.
දැන් සිදු වෙමින් තිබෙන්නේ එයයි.
අලුතෙන් පත් ව ආ චීන තානාපතිවරයා පවසා ඇත්තේ, 'ශ්‍රී ලංකාව තුළ සිදු වෙමින් තිබෙන දේ පිළිබද ව තමන් පුදුමයට පත් වන බව'යි.
සැබැවින්ම, මේ සියලු අලකලංචිවලට බලපෑ, පසුගිය වසරේ කොළඹ ජැටිය‍ට ආ චීන සබ්මැරීන පිළිබද ඉන්දියානු විරෝධය උපුටමින් අදහස් දක්වා තිබෙන, චීන තානාපතිවරයා, කියා ඇත්තේ, 'ඉන්දියානු නැව් 80%ක් පමණ කොළඹ වරායට පැමිණෙද්දී ගල්ෆ් මුහුදේ සිට පැමිණෙන සබ්මැරීන පිළිබද ව ඉන්දියාව මෙපමණ උරණ වී ත‍ිබෙන්නේ ඇයි?' යනුවෙනි. 'ඒ සබ්මැරීන ලංකාවට පැමිණීම වරදක් වන්නේ කෙසේද?' කියා ය.
ඔහු පවසා ඇත්තේ, ඒවා සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන්ට එරෙහි ව යෙද වූ සබ්මැරීන බව ය. එයින් තවත් කරුණක් ඉස්මතු වෙයි. එනම් මෙරට පාවෙන අවි ගබඩා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට එරෙහි ව යොදවා තිබීම සහ මේ සබ්මැරීන ගමනාගමනය අතර සම්බන්ධතාවක් තිබිය හැකි බවයි. ඒ අනුව, චීන-ශ්‍රී ලංකා සහයෝගයෙන් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් මැඩලීම පිළිබද ව ඉන්දියාව, අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් උරණ වි තිබෙන බව ය.
'මේ පිළිබද ව ස්වාධින තීරණ ගන්නට ශ්‍රී ලංකාවට තිබෙන බාධාව කුමක්ද?' යනුවෙන් ද නව චීන තානාපතිවරයා ප්‍රශ්න කර තිබේ.
'ලංකාව චීන කොළණියක් වෙනෝ' කියමින් කෑ මොර දුන් අය දැන් ශ්‍රී ලංකාව 'ඉන්දියාව-අමෙරිකාව සහ බටහිර රටවල කොළණියක්' කරමින් සිටිති.
අප අසන්නේ, 'ශ්‍රී ලංකාව ස්වාධීන රටක් වන්නේ කවදාද?' කියා ය.

-කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions