3/11/2015

අයිතිකරුවකු හෝ භාරකරුවකු හෝ නැතිවිම

කතෘ:යුතුකම     3/11/2015   5 comments

නව රජය විසින් රට තුළ ඇතිකරන්නේ යැයි පැවසූ වෙනස සිදු වෙමින් තිබෙන්නේ ද? මෙය විමසා බැලීමට මේ ඉතාමත් ම සුදුසු කාලය බව පෙනේ. මේ රට යන ආකාරය හරිද, වැරදිද යන්න සම්බන්ධයෙන් සංවාදයක් දැන් සිදු වෙමින් තිබේ. සමාජය තුළ ඉතා පැහැදිලිවම තහවුරු වී ඇති කරුණක් ලෙස අපට පෙනී යන්නේ කිසිවකු විසින් අපේක්ෂා නොකළ අවිනිශ්චිත, ආගන්තුක පරිසරයක් රට තුළ නිර්මාණය වී ඇති බවයි.

තිගැස්ම

රටේ ජනතාව අතරත් මාධ්‍ය වලිනුත් කතා බහට ලක්වුනු වඩාත් ජනප්‍රිය මාතෳකාව වූයේ අයවැයයි. මෙවර ඉදිරිපත් කළ අයවැය අන්තර්කාලීන එකක් වුවත් එය පූර්ණ අයවැයක් බවට තදින් ප්‍රකාශ කරන්නට යෙදුනි. රජයක් විසින් ඉදිරිපත් කෙරුණු අයවැයකට ඉතාම කෙටි කලක් තුළදී මෙතරම් අතපසු වීම් සිදු විනැයි තමන් විසින්ම පිළිගන්නට යෙදුනු වෙනත් අයවැයක් මෑත ඉතිහාසයේ අපට දැක ගන්නට තිබුනේ නැත. එජාපයේ ම සමහර ඇමතිවරුන් විසින් මේ බව ප්‍රසිද්ධ මාධ්‍යයන්ගෙන් පිළිගන්නා ලදී. හයිබ්‍රිඩ් වාහන බද්ද සහ සුපිරි ආදායම් බද්ද මේ අතර ප්‍රධාන වේ. මේවා රජය විසින් යෝජනා කරන ලද ප්‍රධානම ආදායම් උපයා ගැනීමේ යාන්ත්‍රණයන් වන කල්හි එහි වැදගත්කම ඉතා වැඩිය. බැංකු ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ප්‍රජාව තුළ ඇතිවී තිබෙන තිගැස්මත්, ඔවුන් පවතින ආර්ථික වැඩ පිළිවෙල  දෙස බලන උපහාසාත්මක දැක්මත් දැන් ප්‍රචලිතය. එජාපය සතුව ඇතැයි පැවසූ මහා ආර්ථික කළමනාකරණ හැකියාවම හුදෙක් මවා පාන ලද ව්‍යාජයක් මිස, කිසිසේත්ම ප්‍රායෝගික භාවිතාවක් නොවන බව දැන් ඉතාමත් පැහැදිලිව විදහා දක්වා ඇත.

ජනතාවට ලබා දෙන්නට යෙදුනු සහන පවා හුදෙක් මැතිවරණයක් ඉලක්ක කොට ගෙන දෙන ලද ඒවා මිස දිගු කාලීනව පවත්වා ගෙන යාමට නොවන බවට විශ්වාසයක් ජනතාව අතර දැනටමත් ඇතිවී තිබේ.

සැර රනිල්


රනිල් වික්‍රමසිංහ තමාගේ ඒකාධිපති ස්වරූපය කිසිවකුගේ ප්‍රශ්න කිරීමකින් තොරවම ක්‍රියාත්මක කරමින් තිබේ. ඔහු විසින් තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි  ඒකාධිපති බලය පතුරුවා ඔවුන් හීලෑ කර ගෙන  ඇත්තේ ව්‍යවස්ථාමය අගමැති බලයකින් නොවේ. ඔහු ඉතා පහසුවෙන් එජාප ව්‍යවස්ථාව මගින් එය සිදු කර ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයට ඇමතිවරු පත් කිරීමේදී ඔහු ක්‍රියා කළ ආකාරය දැනටම අර්බුදයකට මඟ පාදා ඇත. අදාළ ක්ෂේත්‍රය සඳහා වන පරිනත භාවයට වඩා තම පෞද්ගලික රුචියට මුල් තැන දීම, එයටත් වඩා එම විෂයට පත් කරන ලද පුද්ගලයින් තෝරා ගැනීම දෙස බලන විට ද, අධ්‍යාපනය වැනි ඉතා වැදගත් විෂයක් කෙරෙහි වන ඔහුගේ සහ එජාපයේ තක්සේරුව දැන් සිදු වන දෑ දෙස බැලීමේදී කදිමට මැන ගත හැක. දෙමව්පියන් ගෙන් මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍ර ලේඛනය බොහෝ දෙනෙකුගේ මුවඟට සිනහවක් නැංවූ කරුණක් වූයේ එහිවූ අපරිණත විහිලු ස්වභාවය වුවත්, ඊට වඩා හරබර යමක් මොවුන්ගෙන් බලාපොරොත්තු වීම එයටත් වඩා විහිලුවකි. සාමාන්‍ය පෙළ ගණිතය සම්බන්ධයෙන් ගන්නා ලද තීරණයත් පසුව එය අස් කර ගැනීම ද අපරිණත දේශපාලනයයි.

මෑතකදී රනිල් වික්‍රමසිංහ විසින්, නම් සඳහන් කරමින්ම මාධ්‍යවේදීන්ට සිදු කළ තර්ජනය සුලු කොට තැකිය හැකි නොවේ. මේ සැබෑ රනිල් වික්‍රමසිංහ හඳුනා ගැනීම කිසිසේත්ම ප්‍රමාද නොකළ යුතුය. මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව රටේ ජනතාව ඉතා අවධානයෙන් සිටිය යුතුය. ඔහුගේ එම තර්ජනය යහපාලනයේ කොටසක් බවටද ඔහු එදා ප්‍රසිද්ධියේ වහසි බස් දෙඩුවේය. හීලෑ වී සිටින චම්පිකත්, අනුර කුමාරත් තම යහළු අගමැතිගේ මේ හැසිරීම පිළිබඳව කිසිවක් හෝ පවසනවාද යන්න අප විසින් තව දුරටත් බලා සිටිය යුතු වෙමු. තවත් සතියක් පමණක් ඔහු විසින් එම මාධ්‍යවේදීන්ට කල් ලබා දෙන බව ඔහු විසින් ප්‍ර කාශ කරන්නට යෙදුනි. දකුණේ එම සිංහල මාධ්‍යවේදීන් විසින් ජාතිවාදය ඇවිස්සීම සහ වසර දහයක් තිස්සේ ඔහුට එරෙහිව ක්‍රියා කිරීම රනිල්ගේ එම තර්ජනයට හේතුව ලෙස ඔහු විසින් සඳහන් කරන ලදී. මෙය ඉතා භයානක වන්නේ උතුරේ ද්‍රවිඩ පුවත් පත් වල පළ වන කිසිම දෙයක් කිසි ලෙසකින් හෝ වාරණය නොවන වටපිටාවකය. දකුණට වල්බූරු නිදහසක් අනවශ්‍ය බවත්, උතුරට ඕනෑම වල්බූරු නිදහසක් තිබුනාට කමක් නැති බවත් මේ මගින් අදහස් කරන බව පෙනේ. මේ ලෙස කරුණු සිදු වුව හොත් රට පත් විය හැකි භයානක තත්වය කෙරෙහි අප සැමගේ විශේෂ අවධානය යොමු විය යුතුය. අගමැතිවරයාගේ මේ හැසිරීම වහාම පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් විය යුතුය. ජෝන් අමරතුංගට එරෙහිව විශ්වාශභංගයක් ගෙන ඒමට සිදුවූ සිද්දිය සම්බන්ධයෙන් ද ඔහු ප්‍රකාශ කළේ එය සුඵ දෙයක් ලෙසය. එයිනුත් නොනැවතී පාර්ලිමේන්තුව විසිරුවන බවටද තර්ජනය කරන ලදී. මොවුන්ගේ මේ යහපාලන මායාව අනාගතයට ප්‍රක්ෂේපනය කොට වටහා ගැනීමට අප විසින් තවත් ප්‍රමාද නොකළ යුතුය. යහපාලනය යැයි තමන් රැවටීමකට ලක්ව ඇතැයි ජනතාව විසින් දැන් දැන් සාකච්ඡා කරමින් සිටින බව රහසක් නොවේ.

ජනතාවක් නැති ජනපති

නව ජනාධිපතිවරයා නිසඟයෙන් ඔහුට හිමිව තිබෙන ඌණ පෞරුෂය සහ තවත් අනෙකුත් අඩුපාඩු කම් නිසා සාපේක්ෂව බල රහිත පුද්ගලයකු ගේ තත්වයේම පැවතීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. එලෙසම අනෙක් අතට සාමාන්‍ය පෘතග්ජන ස්වභාවයට එහා ගිය තරමේ මුසාබස් දෙඩීමෙන් පෙන්නුම් කරන්නේ වඩා සාහසික පළිගැනීමේ හැසිරීමකට වුව ඔහු යොමු විය හැකි බවක් නොවේද? මේ මෑතකදී උපහාසයෙන් යුතුව සුජීව සේනසිංහ විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද්දේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ආපන ශාලාවට පැමිණියත් කිසිවෙකු හෝ ඔහු එහිදී ගනන් නොගන්නා ලද බවයි.

ඔහු විසින් මේ පවසන සත්‍යය රූපවාහිනියේ වරින් වර පෙන්වන සමහර රූප රාමු වලින් ද පැහැදිලිව පෙනේ. ඔහු රැස්වීම් වලදී හෝ ජනතාව ඉදිරියට යන කවර අවස්ථාවකදී හෝ සිය අත ඔසවා කරන ආචාරයට හිමිවෙන  දුර්වල ප්‍රතිචාරය, හිටපු ජනාධිපතිවරයාට දැනුදු හිමිවන දැවැන්ත ප්‍රතිචාරය හා සැසඳීමේදී වටහා ගත හැකිය. එවැනි දර්ශන දෙස බලා සිටින කවරෙකුට හෝ හැඟී යා හැක්කේ, ජනතාව එවන් අවස්ථා වලදී මේ තමා ඉදිරියෙන් යන්නේ කුමන්ත්‍රණයකින් බලයට පැමිණි අයෙකු නොවේදෝ යි  සිතමින් ඔහු දෙස බලා සිටින බවය. මෙම දුර්වල ප්‍රතිචාරය වත්මන් ජනාධිපතිගේ සිත යම් පමණකට හෝ කඩා වැටීමකට හේතුවනු ඇති බවට සැකයක් නැත. මෙවැනි ජනාධිපතිවරයකු යටතේ, යහපාලනය කෙසේ වෙතත් වැඩි ඒකාධිපතිත්වයකට සහ දැඩි මර්ධනයකට සූදානම් වීමට අපට සිදු වුවහොත් එය පුදුමයක් නොවනු ඇත.  සිරිසේන ජනාධිපතිවරයා වෙත ආරෝපනය කර තිබූ නිර්මල ගැමි සාධාරණ චරිතය මහා ව්‍යාජයක් බවත්, ඔහුද තවත් එක් දේශපාලඥයකුට වඩා කිසිසේත්ම වෙනසක් නොමැති බවත් දැන් ජනතාව වසින් වටහා ගෙන ඇතුවාට සැක නැත.

නිවට බහුතරය

මේ සියළු අවාසනාවන්ත වටපිටාව තුළ වඩාත්ම ඛේදවාචකයක් වී ඇත්තේ බහුතර බලයක් සහිතව නිවටුන් වී සිටින නිමල් සිරිපාල ඇතුලු පිරිසගේ නිර්ලජ්ජිත ක්‍රියා කලාපයයි.  නිමල් සිරිපාල ඇතුලු පෙරමුණේ ඉහළ තලයේ අයට කවර තත්වයක් යටතේ හෝ අනාගත රජයක තනතුරු ගැනීමට ඉඩ පාදා ගැනීම පිණිස වන ව්‍යාපෘතියක් ලෙස ඔවුන්ගේ මෙම හැසිරීම තේරුම් ගත හැකිය. පාර්ලිමේන්තුවේ ප්‍රේක්ෂකයන් වීමට ඉඩ ඇති පෙරමුණේ බහුතර පසු පෙළ මන්ත්‍රීවරුන් විසින් ඉක්මණින්ම වටහා ගත යුත්තේ, ප්‍රමාද වීමෙන් රටට සිදුවිය හැකි විනාශය බරපතල බව සහ එය පසුව නිවැරදි කිරීමක්ද කළ නොහැකි බවය.

ශ්‍රීලනිප යෙහි ඇති කරන ලදැයි පැවසූ යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය දැන් ඉතා කදිමට ප්‍රදර්ශනය වෙමින් තිබේ. ශ්රීලනිප  මන්ත්‍රී කණ්ඩායම තම ඡන්දය වත් ලබා නොදුන්,තම පක්ෂය හැරදා ගොස් එජාපය හා එක්ව තමන්ට එරෙහිව ප්‍රතිවාදීව තරඟ වැදුණු පුද්ගලයා සමඟම එකතු වී, ඔහු ලවාම තමන් ව රූකඩ ලෙස, නිවට ලෙස හසුරුවා ගනු ලැබීම කවර නම් තත්වයක් යටතේ හෝ වටහා ගත හැකි ද? මෙය සත්‍යම වශයෙන්ම සිදුවිය හැකි ද? මේ සිදු වන්නේ කුමක් ද? ඔවුනට දැන් තමනට රිසි ලෙස තම පක්ෂයේම අනුශාසකයෙකු මුල් කොට ගෙන පැවැත්වෙන රැස්වීමකට හෝ සහභාගි වීම පක්ෂ විනය නාමයෙන් තහනම් වී ඇත. ශ්රීෂලනිපය එජාපය සමඟ සභාග ආණ්ඩුවක් සෑදීමට ආයාචනා කර ඇත. මෙය නම් කිසි දිනෙක කිසිවෙකු හෝ සිහිනෙන් පවා අපේක්ෂා නොකළ තත්වයකි. මේ සිරිසේන පක්ෂ නායකයා විසින් හිටපු පක්ෂ නායකයාට වඩා පිරිසිදු ලෙස පක්ෂය හසුරුවන ආකාරයයි! මේ පක්ෂ නායකයාම රටේ ද නාමිකව හෝ නායකයා වන කළ, මහා විනාශයකට රට ඇදී යාමට පෙර මේ පුද්ගල චර්යාවන් හඳුනා ගැනීම සිදු විය යුතුය. එසේ නොමැති වුව හොත් ශ්‍රීලනිපය  බරපතල ලෙස දෙකඩ වීම වළක්වා ගැනීම අසීරු වනු ඇත. රටේ ජනතාව විසින් උපකල්පනය කරන ලද යහපාලනය මෙය නොවන බවත්, එය මෙතරම් ඉක්මනින්ම වටහා ගැනීමට තරම් කරුණු කාරණා දැන් ඇස් පනා පිටම ප්‍රදර්ශනය වෙමින්ද තිබේ.

කැඳ හැළිය සජීවීව


කබීර් හෂීම් විසින් මාධ්‍ය සාකච්ඡාවකදී අපූරු ප්‍රකාශයක් මෑතකදී සිදු කරන ලදී. එය එජාප ස්ථාවරයම බවට සැකයක් නැත. විධායක ජනාධිපති ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම දින සියය තුළ ඉදිරිපත් වුවත්, එය සාකච්ඡා කොට සම්මත කර ගැනීමට කල් මදි වීමට ඉඩ ඇති බවටත්, එසේ වුව හොත් එම වෙනස් කිරීම් නොමැතිව මැතිවරණයකට යාම සිදුවනු ඇති බවත් ය. රාජිත මාධ්‍යය ප්‍රකාශකයා මෙයට හාත්පසින්ම වෙනස් වූ මතයක් ප්‍රකාශ කරයි. මේ අතර ශ්‍රීලනිපය අද පත්වී ඇති අසරණ තත්වය මනා ලෙස විදහා දක්වන අවස්ථාවක් ලෙස මැතිවරණ සංශෝදනය මුවාවෙන් එය දින සියයකට වඩා වුවත් කල් දැමීමට සිය එකඟතාවය පළ කිරීම දැක්විය හැකිය.  රතන ස්වාමීන් වහන්සේ ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරණු දැකිය හැකිය. අනුර කුමාර ශ්‍රීලනිපයට පහර දෙමින්, වක්‍රව රනිල් ගේ මතයම නියෝජනය කරන බව පැහැදිලිව පෙනේ. යහපාලන ලියැවිල්ලේ ඇති කරුණු සම්බන්ධයෙන් වූ මහා සුපිරිසිදු මතය දැන් එතරම් නොවැදගත් තවත් සුපුරුදු දේශපාලන ප්‍රකාශයක් පමණක් බව කිසිදු විරෝධයකින් තොරවම සමාජගත වෙමින් තිබේ. රාජිත කැබිනට් මාධ්‍යය ප්‍රකාශකයා සහ අනෙකුත් ඇමතිවරුන් එකිනෙකාට පරස්පර මත ප්‍රකාශ කරමින් සිටිති. කවුරු කවුරුත් තමන්ට රිසි ලෙස තීරණ ගන්නා බවත් ඒවා තමන්ට ඕනෑ පරිදි ප්‍රකාශ කිරීමටද පසු බට නොවන බවද පෙනේ.

බලාපොරොත්තු වූ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ යහපාලනයක් හෝ අප අත්විදින්නේ නැත. යහපාලනය සම්බන්ධයෙන් මහා ඝෝෂාවක් නැගූ “උගතුන්”, “කලාකරුවන්” දැන් ඉතා ලජ්ජා සහගත ලෙස සැඟව සිටිති. රටේ මේ ඇතිවී ඇති අස්ථාවර භාවයට මඟ විවර කළ සියලු දෙනාම මෙයට පිළිතුරු දිය යුතු ය. කවර තත්වයන් යටතේ හෝ මේ කුමන්ත්‍රණයට පෙර අපට ස්ථාවර රටක් තිබුණි. දැන් සිදුව ඇත්තේ ඉදිරියේ දී සිදුවන්නේ කුමක්ද යන්න ගැන පැහැදිලි චිත්‍රයක් මවා ගත නොහැකි අවිනිශ්චිත රටක ජීවත් වීමටය. මෙය අප කවුරුවත් ප්‍රාර්ථනය කරන ලද තත්වය නොවේ.

අපි අපගේ රට වහාම ගලවා ගැනීමට මැදිහත් විය යුත්තේ ස්ථාවර නොවන රටක කිසිදෙයක් සිදු නොවන නිසාය. රටේ සියලුම ජනතාව නැවත වරක් එකාවන්ව නැගීසිටිය යුතුය.

-වෛද්‍ය කේ. සුරන්ප්‍රිය
යුතුකම සංවාද කවය
www.yuthukama.com


බුකියේ වෙනස යුතුකමට මනාපයක් (Like) දමා මිතුරන්ට ඇරයුම් කරන්න.
 https://www.facebook.com/yuthuma

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

5 comments :

  1. සුගත්3/11/2015 1:13 PM

    මේ රටේ මිනිස්සුන්ට කට හරිහමං නායකයෙක් ලැබුනේ අවුරුදු ගාණකින් පස්සේ. මම කියන්නේ මහින්ද කිසිම අඩුපාඩුවක් නැති කෙනෙක් කියලා නෙමේ. මොන අඩුපාඩුව උනත් බලන්න ඕනා සාපේක්ෂව. සපේක්ෂව බැලුවහම මෑත ඉතිහාසය තුළ රටට පහළ වුනු හොදම නායකයා මහින්ද. එහෙම නෙමේ නම් කවුද කියලා කියන්න. දැන් අපි මහින්දව එලවලා ගෙනාපු පිස්සෝ රංචුව නායකත්ව ගුණාංග අතින් මහින්ද ගාවින්වත් තියන්න පුළුවන්ද? එහෙම එළවලා දාන්න තරම් රටකට ගොඩක් නායකයෝ පහළ වෙන්නේ නෑ. එහෙම කලාතුරකින් මිනිහෙක් හම්බුනාම ටිකක් කල් තියාගෙන රට හදව ගන්න ඕනා. ඒකෙ අඩුපාඩු කතාකරන්න ඕනා. විවේචනය කරන්න ඕනා. හැබැයි කාලෙකින් ලැබුනු නායකයා එලවලා කාලකන්නි බලයට පත් කර ගන්න රටක ජනතාවගේ ඉඅරණම ශෝසචනීයයි.

    ReplyDelete
    Replies
    1. Agree with you 100%. MR was not without flaws but SL never had such a strong leader. My3 is like a scarecrow next to MR. God bless SL.

      Delete
  2. මෛත්‍රීපාල සුපිරි යහපාලකයෙක්ද? රනිල් සුපිරි ආර්ථික විශේෂඥයෙක්ද? පාඨලී මහා බුධිමතෙක්ද? අනුර කුමාර මහා විප්ලවවාදියෙක්ද? අලි බබා සහ හොරු හතලිහ දැන් තිරගත වේ. අතිශ්‍යයින්ම බබ්බුන්ට පමනයි.

    ReplyDelete
    Replies
    1. All of them are Indian suckers.

      Delete
  3. We have an owner; that is Indian Empire. We have a care taker That is Indian Empire.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions