රටට කෙල වුනත්
මොකදැයි සිතා පටු අරමුණින් අද දවසේ තමන්ගේ ගොඩ වැඩි කරගන්නා ජවිපෙ තක්කඩි
දේශපාලනය මෙයයි. මොවුන් කිසි දිනක රට දියුණු වනවා දැකීමට අකමැති පිරිසකි. ඒ
ඔවුන්ගේ දේශපාලනය රැදී තිබෙන්නේ විවේචනය තුළ පමණක් වන බැවිනි. ජවිපෙට
ඇමති තනතුරු දුන්නද ඔවුන් වැඩිකල් ඒවා නොදරන්නේ තනතුරු වලට නිර්ලෝභී ,
බල තණ්හාවක් ෆන්ඩමන්ටලි නැති නිසා නොව තමන්ගේ මුඛරි දේශපාලන දර්ශනය බලයට
පැමිණ යථාර්තයක් කළ නොහැකි නිසාය. කොටින්ම තමන්ගේ දේශපාලනය තමන් අතින්ම
බොරුවක් වන නිසාය. ඔවුන් කරන්නේ එහාට මෙහාට හැමදාම බැන අඩගසමින් සියලු දේ
කඩාකප්පල් කරන අතිශය කුහක දේශපාලනයකි.
මෑත
කාලයේ අනුර කුමාර ගැන විජේදාස රාජපක්ෂ (ලක්ෂ 25 ටඅමතරව ) පැවසුවේ පක්ෂ
නායකයකු යයි කියාගන්න මේ පුද්ගලයා ඒ බව වත් නොසිතා අමුලික බොරු වපුරමින්
පසුගිය රජය පෙරලා දැමීමට කටයුතු කොට ඔවුන් දැන් අපටත් ඒ දෙයම කිරීමට එන
බවයි. අවන්ගාඩ් සිද්ධිය ගැන කියූ බොරුව ගැන ප්‍රසිද්ධ සංවාදයකට එන්නැයි
ආරාධනා කල විට රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ දෙපාමුල වැඳවැටී ඔහු ලවාම
විජේදාසට තදින් අවවාද කොට එම සංවාදය වලක්වා ගත්තේය. පසුව එක් අවස්ථාවක
මාධ්‍යවෙදියකු මෙය මතු කළ විට අනුරකුමාර පැවසුවේ තමාගේ බොරු හේගුකොටගෙන
ඇමති පුටුවේ වාඩි වී දැන් තමාට අබියෝග කිරීම සදාචාර නොවන බවයි.
මාධ්‍යවේදියාට පැවසුවේ එය ඔබම කල්පනා කර බලන්න යනුවෙනි. මින් කරුණු දෙකක්
ඔප්පු වෙයි . එකක් පසුගිය රජය පෙරලන්න සැලකිය යුතු ප්‍රමාණයක් අනුර කුමාර
බොරුව වපුරා ජනතාව නොමග යැවූ බව විජේදාස ප්‍රසිද්ධියේ පිළිගැනීමයි.
අනික විජේදාසට ඇමති තනතුරු ලැබීමට ඒ පච අනුලෝම ප්‍රතිලෝම වශයෙන් හේතු වූ
බවත් සංවාද වලට අභියෝග නොකොට විජේදාස දැන් ඊට කෘතගුණ දැක්විය යුතුබව අනුර
කුමාර විශ්වාස කිරීමයි.
පසුගිය ජනාධිපතිවරණයේ
තිබුනේ තෝරා ගැනීම් දෙකකි. එකක් මහින්ද දිනවීමට බුලත්කොලයට කතිරය ගැසීම සහ
මහින්ද පරාජය කිරීමට හංසයාට කතිරය ගැසීමයි. ඔව්හු පැහැදිලිවම මහින්ද පරාජය
කළ යුතු බව කීවේ අනෙක් පැත්තෙන් හංසයාට චන්දය දෙන්න යන කරුණ මයි. ඒ මොහොතේ
මහින්ද පරාජය කරන්නේ ටැක්ටරයට හෝ ලන්තරුමට කතිරය ගැසීමෙන් නොවන බව මේ
ටිල්වින් අනුර තොත්ත බබාලා හැර ගමේ බෝක්කු වල පෝස්ටර් අලවන නූගත් තරුණයා
පවා ඉහළ අණ නිවැරදිව තේරුම් ගත්තේය. දැන් ජවිපෙ කියන්නේ අමුතු කතාවකි. දැන්
සිරිසේනගේ කඩේ බඩු සුවර් නැත්තම් ඊටද ජවිපෙ වගකිව යුතු නැද්ද ? ඉස්සර
මව්‍බිම නැත්තම් මරණය කියූ ජවිපෙ 6000ක් මහපොළවට පස් කළ එජාපය සමග අද ඩීල්
දමාගෙන ධනපති පන්තියට එරෙහිව නිර්ධන සටන කරන්නේ එජාපයෙන් සල්ලි
ලබාගෙනය. අධිරාජයා විරෝදී සටන කරන්නේ ඇමරිකානු ඩොලර් වංචාසහගතව තම පක්ෂයට
ආයෝජනය කර ගනිමිනි. එක අතකට මෙවැනි සරල ක්‍රමවලට මාරු වී මහපාරේ කැට
හොල්ලමින් ජනතාවට මහ මග දුන් හිංසනය නවතා දැමීම ගැන නම් ජවිපෙ නූතන
නායකත්වයට ස්තුති වන්ත විය යුතුය. නමුත් මිනිසුන් රවටමින් ජවිපෙ කරන මේ
සෙල්ලම හෙළිදරව් කළ යුතුය. රාජ්‍ය අරාජික කොට දැන් ජවිපෙ බොරදියේ මාළු
බාන්නට පටන් ගෙන තිබේ. මේ කාලකන්ණින්ට එළැබෙන මැතිවරණයකදී ජනතාව නිසි
පාඩම් ඉගැන්විමට අමතක නොකළ යුතුය.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Anura is a traitor
ReplyDelete88/89 kalayedi Ranil muuwa batalandata yawwe naththe mewage thakkadi kawada hari oona wena nisa....me thakkadiya kiyana boruwalata langadima muuta sapa wenawa
ReplyDeleteDear Vénérable,your article is very good.
ReplyDeleteToday JVP is getting money from USA! Wikileaks have revealed it!
Marxists can be easily imperialists than others.
ANURA kumara is sans doubt a spy! CIA spy, I think was sent to destroy the JVP
අනේ .... ඉතින් ඇයි අප්පා මෙයාලට ගහන්නේ අනෙක් අයට වඩා හොදයි නේ . ලක්ෂ 25 විතරනේ ඉතින් එත් හොරකම් කරපු එකක් නෙමේ නේ
ReplyDeleteඅනෝමා ඇයි ඔයා බබාද. ධනේශ්වරයට එරෙහි නිර්ධන පන්තියේ විප්ලවය කරන්නේ unp ඒකෙන් සල්ලි අරන්ද ?
ReplyDelete