3/23/2015

ජවිපෙ තක්කඩි දේශපාලනය

කතෘ:යුතුකම     3/23/2015   5 comments

රටට කෙල වුනත් මොකදැයි සිතා පටු අරමුණින් අද දවසේ  තමන්ගේ ගොඩ වැඩි කරගන්නා ජවිපෙ තක්කඩි දේශපාලනය මෙයයි.  මොවුන් කිසි දිනක රට දියුණු වනවා දැකීමට අකමැති පිරිසකි. ඒ  ඔවුන්ගේ දේශපාලනය රැදී  තිබෙන්නේ  විවේචනය  තුළ පමණක් වන බැවිනි.  ජවිපෙට  ඇමති  තනතුරු දුන්නද ඔවුන් වැඩිකල් ඒවා නොදරන්නේ තනතුරු වලට නිර්ලෝභී , බල තණ්හාවක් ෆන්ඩමන්ටලි නැති නිසා නොව තමන්ගේ මුඛරි  දේශපාලන දර්ශනය බලයට පැමිණ  යථාර්තයක්  කළ නොහැකි නිසාය.  කොටින්ම තමන්ගේ දේශපාලනය  තමන් අතින්ම බොරුවක් වන නිසාය. ඔවුන් කරන්නේ එහාට මෙහාට හැමදාම බැන අඩගසමින් සියලු දේ  කඩාකප්පල් කරන අතිශය කුහක දේශපාලනයකි. 

මෑත කාලයේ අනුර කුමාර ගැන විජේදාස රාජපක්ෂ  (ලක්ෂ 25 ටඅමතරව ) පැවසුවේ පක්ෂ නායකයකු යයි කියාගන්න මේ පුද්ගලයා ඒ බව වත් නොසිතා අමුලික බොරු වපුරමින් පසුගිය රජය පෙරලා දැමීමට කටයුතු කොට  ඔවුන් දැන් අපටත් ඒ දෙයම කිරීමට එන බවයි. අවන්ගාඩ් සිද්ධිය ගැන කියූ බොරුව ගැන  ප්‍රසිද්ධ සංවාදයකට එන්නැයි ආරාධනා කල විට  රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ දෙපාමුල වැඳවැටී ඔහු ලවාම  විජේදාසට තදින් අවවාද කොට එම සංවාදය වලක්වා ගත්තේය. පසුව එක් අවස්ථාවක මාධ්‍යවෙදියකු මෙය මතු කළ විට අනුරකුමාර පැවසුවේ තමාගේ බොරු හේගුකොටගෙන ඇමති පුටුවේ වාඩි වී දැන්  තමාට අබියෝග කිරීම සදාචාර නොවන බවයි. මාධ්‍යවේදියාට පැවසුවේ එය ඔබම කල්පනා කර බලන්න යනුවෙනි. මින් කරුණු දෙකක් ඔප්පු වෙයි . එකක් පසුගිය රජය පෙරලන්න සැලකිය යුතු ප්‍රමාණයක් අනුර කුමාර     බොරුව වපුරා ජනතාව නොමග යැවූ බව විජේදාස ප්‍රසිද්ධියේ  පිළිගැනීමයි. අනික විජේදාසට ඇමති තනතුරු ලැබීමට ඒ පච අනුලෝම ප්‍රතිලෝම වශයෙන් හේතු වූ බවත් සංවාද වලට අභියෝග නොකොට විජේදාස දැන් ඊට කෘතගුණ දැක්විය යුතුබව අනුර කුමාර විශ්වාස කිරීමයි. 

පසුගිය ජනාධිපතිවරණයේ තිබුනේ තෝරා ගැනීම් දෙකකි. එකක් මහින්ද දිනවීමට බුලත්කොලයට කතිරය ගැසීම සහ මහින්ද පරාජය කිරීමට හංසයාට කතිරය ගැසීමයි. ඔව්හු පැහැදිලිවම මහින්ද පරාජය කළ යුතු බව කීවේ අනෙක් පැත්තෙන් හංසයාට චන්දය දෙන්න යන කරුණ මයි. ඒ මොහොතේ මහින්ද පරාජය කරන්නේ ටැක්ටරයට හෝ ලන්තරුමට කතිරය ගැසීමෙන් නොවන බව මේ ටිල්වින් අනුර තොත්ත බබාලා  හැර ගමේ බෝක්කු වල පෝස්ටර් අලවන නූගත් තරුණයා පවා ඉහළ අණ නිවැරදිව තේරුම් ගත්තේය. දැන් ජවිපෙ කියන්නේ අමුතු කතාවකි. දැන් සිරිසේනගේ කඩේ බඩු සුවර් නැත්තම් ඊටද ජවිපෙ වගකිව යුතු නැද්ද ? ඉස්සර මව්‍බිම නැත්තම් මරණය කියූ ජවිපෙ  6000ක් මහපොළවට පස් කළ එජාපය සමග අද ඩීල් දමාගෙන ධනපති පන්තියට එරෙහිව        නිර්ධන සටන කරන්නේ එජාපයෙන් සල්ලි ලබාගෙනය. අධිරාජයා විරෝදී සටන කරන්නේ ඇමරිකානු ඩොලර් වංචාසහගතව  තම පක්ෂයට  ආයෝජනය කර ගනිමිනි. එක අතකට  මෙවැනි සරල ක්‍රමවලට මාරු වී මහපාරේ  කැට හොල්ලමින් ජනතාවට මහ මග දුන් හිංසනය නවතා දැමීම ගැන නම් ජවිපෙ නූතන නායකත්වයට ස්තුති වන්ත විය  යුතුය. නමුත් මිනිසුන් රවටමින් ජවිපෙ කරන මේ සෙල්ලම හෙළිදරව් කළ යුතුය. රාජ්‍ය අරාජික කොට  දැන් ජවිපෙ  බොරදියේ මාළු බාන්නට පටන් ගෙන තිබේ. මේ කාලකන්ණින්ට එළැබෙන  මැතිවරණයකදී  ජනතාව නිසි පාඩම් ඉගැන්විමට අමතක නොකළ  යුතුය.

-රත්තනදෙණියේ මේධානන්ද හිමි 
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

5 comments :

  1. Anura is a traitor

    ReplyDelete
  2. 88/89 kalayedi Ranil muuwa batalandata yawwe naththe mewage thakkadi kawada hari oona wena nisa....me thakkadiya kiyana boruwalata langadima muuta sapa wenawa

    ReplyDelete
  3. Dear Vénérable,your article is very good.
    Today JVP is getting money from USA! Wikileaks have revealed it!
    Marxists can be easily imperialists than others.
    ANURA kumara is sans doubt a spy! CIA spy, I think was sent to destroy the JVP

    ReplyDelete
  4. අනෝමා3/27/2015 3:42 PM

    අනේ .... ඉතින් ඇයි අප්පා මෙයාලට ගහන්නේ අනෙක් අයට වඩා හොදයි නේ . ලක්ෂ 25 විතරනේ ඉතින් එත් හොරකම් කරපු එකක් නෙමේ නේ

    ReplyDelete
  5. අනෝමා ඇයි ඔයා බබාද. ධනේශ්වරයට එරෙහි නිර්ධන පන්තියේ විප්ලවය කරන්නේ unp ඒකෙන් සල්ලි අරන්ද ?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions