3/10/2015

අස්කළ යුත්තේ කාවද?

කතෘ:යුතුකම     3/10/2015   2 comments

පසුගිය 6 වැනි සිකුරාදා නුවර පවත්වන ලද රැස්වීමට සහභාගි වූ ශ්‍රී ල නි ප මහජන නියෝජිතයන්ට නිසි දඬුවම් දිය යුතු බව රාජිත සේනාරත්න පවසයි. ඔහුට අනුව අදාළ මන්ත්‍රීන් පක්‍ෂයෙන් අස්කළ හැකි ය. එහෙත් බේරුවල ශ්‍රී ල නි ප මහජන නියෝජිතයකු පවසා ඇත්තේ අස්කළ යුත්තේ රාජිත බව ය.

ඒ මහජන නියෝජිතයා පවසන්නේ ඇත්තකි. එක් පැත්තකින් අනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රීලනිප ශාඛා සමිතිවලට නිල වශයෙන් මධ්‍යම කාරක සභා තීරණය දන්වා නැත. ඔහු එය මාධ්‍යවලට නිකුත් කර ඇත. එහෙත් කිසිම පාක්‍ෂිකයකු ජනමාධ්‍යයෙහි පළවන දේ අනුව තීරණ ගන්නේ යැයි සිතිය නො හැකි ය. රජයේ ඇමතිවරයකු මෙන් ම මාධ්‍ය ප්‍රකාශක ද වූ යාපා මහතා ඒ බව නොදන්නේ යැයි සිතිය නො හැකි ය. මාධ්‍ය ප්‍රකාශක කී පමණින් මෙරට රාජ්‍ය දෙපාර්තමේන්තුවල කිසිවක් නො සිදුවෙයි. අදාළ චක්‍රලේඛ නොමැතිව කිසිම රාජ්‍ය නිලධාරියකු මාධ්‍යවල පළවන කරුණු අනුව ක්‍රියාත්මක නොවන බව යාපා මහතා දැන සිටිය යුතු ය.

  ශ්‍රීලනිප මහජන නියෝජිතයන්ට මධ්‍යම කාරක සභා තීරණය නිල වශයෙන් දන්වා නොමැති බව අපට පිළිගත හැකි ය. එසේ නම් නුවර රැස්වීමට සහභාගි වූ මන්ත්‍රීවරුන් කිසි වරදක් කර නැත. කිසි විනය නීතියක් කඩා නැත. එහෙත් මෛත්‍රිපාල සිරිසේන, රාජිත සේනාරත්න ආදීන් ගැන කිව හැක්කේ කුමක් ද?

ඔවුහු ශ්‍රීලනි පක්‍ෂයේ ද ශ්‍රී ල නි ප නායකත්වය දැරූ සංධානයේ ද ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වූ මහින්ද රාජපක්‍ෂට වැඩ කළෝ ද? මෛත්‍රිපාල සිරිසේන මහින්ද රාජපක්‍ෂට විරුද්ධව වෙනත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ම තදබල වරදකි. රාජිත ආදීහු පක්‍ෂයේ හා සංධානයේ තීරණයට විරුද්ධව කටයුතු කළහ. ඔවුන්ට දුන් දඬුවම කුමක් ද?

ශ්‍රීලනි පක්‍ෂයේ නිවට නායකයන් කිහිප දෙනකු නොවන්නට මෛත්‍රිපාල රාජිත ආදීන් පක්‍ෂයෙන් අස්කළ යුතුව තිබිණි. ඔවුහු පක්‍ෂයට ද්‍රෝහි වූහ. එහෙත් පක්‍ෂයට ද්‍රෝහි වූවෝ අද පක්‍ෂයේ සභාපතිකම උපසභාපතිකම් දරති. එසේ උපසභාපතිකමක් දරණ රාජිත පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ ඉදිරිපත් කරන ලෙසට බලකරන රැස්වීමකට සහභාගි වූ පමණින් මහජන නියෝජිතයන් අස්කරන ලෙස ඉල්ලයි.

මහින්ද රාජපක්‍ෂ ශ්‍රීලනි පක්‍ෂයට ද්‍රෝහි වී නැත. එ ජා පක්‍ෂයට ගොස් ආපසු පැමිණ පක්‍ෂයේ උප සභාපති වූ අය මෙන් කටයුතු කර ද නැත. එසේ නම් පක්‍ෂයට ද්‍රෝහි නොවු ද ඡන්ද පනස්අට ලක්‍ෂයක් ගත්තා වූ ද මහින්ද රාජපක්‍ෂ අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලන රැස්වීමකට මහජන නියෝජිතයන් සහභාගි වීම තහනම් කිරීමට ගත් තීරණය ම වැරදි ය.

අද මේ තීරණ ගන්නේ ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකින් යැයි රාජිත කියන්නේ ද? මේ තීරණ ගන්නේ යම් ආකාරයක බියක් මධ්‍යම කාරක සභා සාමාජිකයන් තුළ ඇති කිරීමෙනි. රාජිතලාගේ යහපාලනය එය විය හැකි ය. ශ්‍රීලනි පක්‍ෂය ද රට ද පක්‍ෂයේ සාමාජිකයන් නොවන කිහිප දෙනකුගේ හා පක්‍ෂයට ද්‍රෝහි වූවන් කිහිප දෙනකුගේ ආධිපත්‍යයට ගොදුරු වෙමින් පවතියි. එය දිගට ම කෙරී ගෙන ගියහොත් සිංහල ජාතිකත්වය ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත්වනු ඇත.

නලින් ද සිල්වා
කාලය : 2015 මාර්තු 08




නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. Indian imperialists have sealed our fate for another six years with its the Indian block vote of the island. Who should go, who should come and who should stay is not the problem. Problem is how can we muster 2/3 majority in the Parliament for the non Indians of the island colony of Indian Empire. Indian imperialists are doing their job again by dividing the majority further.

    ReplyDelete
  2. Dr. Nalin, this is true. Today, My3 and clan takes the public to a ride especially the SLFP members. My3 & Rajitha's membership shall be withheld or cancelled since they betrayed the party by joining another party and worked towards defeating SLFP. It is a joke they were given top roles of the party.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions