කදු කාගෙද කියන්න
මේ සරුබිම සුරකින උරුමය කාටද අහන්න
ගිනිදලු මැද නිදහස දිනුවේ කවුරුද කියන්න
පත්මා-පත්මනී-පාතිමා
ආදරයෙන් මව්බිම අපට කියන දේ අහන්න'
කරුණාරත්න දිවුල්ගනේ ගයන, කරුණාරත්න විජෙවර්ධන සංගීතවත් කළ මේ ගී පද මා ලීවේ අප රටේ වාර්ගික සුහදතාව අගය කරන පුද්ගලයකු වශයෙනි එහෙත් එයට පදනම් වූයේ බටහිරයන් ගේ ඊනියා බහුසංස්කෘතික සමාජය නො වේ. ඓතිහාසික පසුබිමක් තිබෙන අප රටේ තිබෙන්නේ බහු සංස්කෘතික සමාජයක් නො වේ. බහු සංස්කෘතික සමාජ තිබෙන්නේ, අමෙරිකාව, ඕස්ට්‍රේලියාව රටවල මිස අප රටවල නො වේ. අපේ රටේ තිබෙන්නේ පොදු සංස්කෘතික සමාජයකි. එයට ඓතිහාසික උරුමයක් හා අනන්‍ය සමාජ රචනයක් තිබේ.
මේ ගීතය යළිත් මා ලියන්නට කල්පනා කළේ අප රටේ ඉතිහාසයට සම්බන්ධ යයි පැවසෙන ලිපියක් කියවන්නට ලැබීමෙන් පසු ව ය.
ඒ ලිපියට අනුව මන්නාරම් ප්‍රදේශයේ ආදම් ගේ සහ ඒව ගේ සොහොන් දෙක තිබේ. ඒවා දිගින් අඩි 40ක් පමණ වේ. එයින් කියැවෙන්නේ, ආදම් සහ ඒව ලංකාවට පැමිණ, ලංකාවේදී මියගොස් ඇති බව ය. ඔවුන් ලංකාවට පැමිණ තිබෙන්නේ ඔරුවකිනි. ඒ ඔරුවේ ආකෘතියක් සොහොන් අසළ තැන්පත් කර තිබේ. ආදම් සහ ඒව මෙරටට පැමිණ තිබෙන්නේ, ක්‍රි.පූ. 786දී ය. මේ සොහොන් අයත් ව තිබෙන්නේ මුස්ලිම් ජනතාවට ය.
ඒ අනුව ලංකාවේ මුල් පදිංචිකරුවෝ මුස්ලිම් ජාතිකයෝ ය.
මෙවැනි දේ දැකීමෙන් මා තුළ දෙමළ සහ මුස්ලිම් ජනතාව කෙරෙහි තිබෙන ගෞරවයට හානියක් නො වුණත්, එසේ කරන්නන් පිළිබද ව අප්‍රසාදයක් ඇති වේ.
මේ කටයුතු පිටුපස තිබෙන්නේ ඉතා පටු පරමාර්ථයකි. එනම්, 'ලංකාවේ ප්රාග් ඓතිහාසික උරුමයට' හිමිකම් කීම ය. එය ද ජාතිවාදී සහ ආගම්වාදී පදනමකිනි.
මහාවංශයේ සදහන් තොරතුරු සියල්ල මේ රටේ සමස්ත ඉතිහාසය ලෙස වරදවා වටහා ගෙන සිදු කරන මෙවැනි අමනෝඥ කටයුතුවලින් රටට සිදු වන හානිය සුඵ පටු නැත. ඒවා සැලසුම්සහගත ය.UNP සහ LTTE ක්‍රියාවලින් ගිනි ලෑ යාපනයේ පුස්තකාලයේ පොත්පත්වල තිබුණු දුර්ලභ තොරතුරු අහිමි වීම නිසා දැන් කවුරුත් සිතනුයේ රටේ ඉතිහාසය ඉතා පහසුවෙන් විකෘති කළ හැකි බව ය. එහෙත් සත්‍යය එය නො වේ.
රටක ඉතිහාසය යනු වංශ කථා සාහිත්‍යය ම නො වේ. එයින් ලැබෙන්නේ එක් ආලෝක ධාරාවක් පමණි. ඉතිහාසය ගොඩ නැගෙන්නේ පුරාවිද්‍යා ගවේෂණවල ප්‍රතිඵල ද පාදක කර ගෙන ය.
මෙකල සිදු වන්නේ හුදෙක් මහාවංශයේ තොරතුරු මත පදනම් ව ඊට එරෙහි මත නිෂ්පාදන කරන්නට වැර දැරීම ය. ඒවා හාස්‍යජනක ය. එසේ වන්නේ, අදාළ ප්රබන්ධයන්ට පුරාවිද්‍යාත්මක සාධක නොමැති වීම නිසා ය.
මහාවංශය රචනා කළ මාහානාම හිමියන් ගේ ඇතැම් හිතලු, ඉතිහාසය ලෙස පිළිගන්නට අපට අවශ්‍යතාවක් නැත. ඊට හේතුව ඒවායෙහි බොහෝ සාවද්‍ය කරුණු ගැබ් ව පවතින බැවිනි. එවැනි එක් තොරතුරක් නම් 'සිංහල ජාතියේ ආරම්භය, විජය ගේ ආගමනයෙන් සිදු විණි' යන්න ය. මෙය අත්තනෝමතයකි.
දීපවංශය සදහන් කරන ආකාරයට සිංහලයන් මෙරටට පැමිණ තිබෙන්නේ ලාල දේශයේ අගනුවර වන සිංහ නගරයෙනි. ලාල දේශය යනු කවරක්දැයි අදටත් පැහැදිලි නැත. මේ පිළිබද ව අදහස් දක්වන මහාචාර්ය විජය දිසානායක, විජය යනු කිසිදා ලංකාවට ගොඩබට පුද්ගලයකු නො වන බව, තාර්කික ව පහදා දෙයි.
මහාවංශයට අනුව විජය, වංග දේශයෙන් පිටත් ව, දඹදිව වයඹදිග වෙරළේ සුප්පාරක වරායට ගොස් නැවත ලංකාවට පැමිණ තිබේ. මහාචාර්ය විජය දිසානායක මහතා පෙන්වා දෙන්නේ මේ නාවික ගමන් මාර්ගය, අතාර්කික බව ය.
අනෙක් අතට විජය කුමාරයා ගේ කතාවට අදාළ සිංහ පුවත, ක්‍රීට් දිවයිනේ ශිෂ්ටාචාරයට සම්බන්ධ යුරෝපා කුමරිය ගේ සහ වෘෂභයා ගේ එක්වීමට සමාන බව ද ඔහු පෙන්වා දෙයි. මෙවැනි දේ, මහාවංශ වැනි කෘති රචනා කිරීමේදී සිදු ව තිබෙන්නේ, ඒවා හුදෙක් ප්‍රබන්ධ වන නිසා ය.
මේ අනුව විජය මිථ්‍යාව ද, එය පාදක කරගෙන නිර්මාණ කර තිබෙන සෙසු අත්තනෝමත ද පදනම් විරහිත වීමෙන් බිද වැටෙයි. දෙමල නිජබිම, මුස්ලිම් ආදම් සහ ඒව සොහොන යනු, හුදෙක් ප්‍රබන්ධ කතා වන්නේ ඒ අනුව ය.
මහාචාර්ය රාජ් සෝමදේව ගේ රැහුණු ප්‍රදේශයේ කැණීම්වලින් මේ වන විට ලක්දිව ඉතිහාසයට අදාළ සැබෑ තොරතුරු රාශියක් හෙළිදරව් කර ගන්නට හැකි වී තිබේ. ඒ අනුව අනුරාධපුරයට පෙර, මේ රට ජනාවාසකරණය වී තිබුණු සාධක රැහුණු ප්‍රදේශයේ පවතින බවට සාක්ෂි මතු විණි. රංචාමඩම, උඩ රංචාමඩම, කොරතොට ආශ්රිත අධ්‍යයන එහිලා තීරණාත්මක ය. එයින් තහවුරු වුණු වැදගත් කරුණක් වන්නේ ඉන්දියානු සංස්කෘතික සංක්‍රමණයට පෙර, මෙරට වැසියන් සකපෝරුව, යකඩ තාක්ෂණය වැනි දෑ දැන සිටි බව ය. ඒවා ලාංකික ශිෂ්ටාචාරයේ අදීනත්වය ප්‍රකට කරන සාධක ය. උරුම අධ්‍යයන පශ්චාත් උපාධි අධ්‍යයන සමග අපට ද රංචාමඩම ගවේෂණ සමග කටයුතු කිරීමට පින පෑදිණි.
'මගේ ගවේෂණ නවත්තන්න කියලා බලපෑම් තිබෙනවා' මහාචාර්ය රාජ් සෝමදේව අප සමග කියා තිබේ. එ අනෙකක් සදහා නො ව, ලක්දිව ඉතිහාසය විකෘති කිරීමට ය.
කවර ජාතියක් වුව සිදු ළ යුතු ප්‍රථම කටයුත්ත වන්නේ උපන් රටේ සැබෑ ඉතිහාසයට ගරු කිරීම ය. ඒ මගින් බොහෝ දේ විසදීම පහසු වේ.
සිංහල ශිෂ්ටාචාරය යනු මේ බිමේ වසර මිලියන ගණනක් තිස්සේ වර්ධනය වූවකී. සිංහල නමින් අනන්‍ය භාෂාවක්, අනන්‍ය සංස්කෘතියක් නිර්මාණ වී තිබෙන්නේ ඒ නිසා ය.
ඉතිහාසය විකෘති කරන්නා යනු, වර්තමාන විකෘතියකි. වර්තමානය විකෘති වූ පුද්ගලයාට, ප්‍රකෘති රටක ජීවත් වීමට ඉඩක් ලැබෙන්නේ නැත.
'පත්මා-පත්මනී-පාතිමා
ආදරයෙන් මව්බිම අපට කියන දේ අහන්න'
යුතුකම සංවාද කවය
www.yuthukama.com
බුකියේ වෙනස යුතුකමට මනාපයක් (Like) දමා මිතුරන්ට ඇරයුම් කරන්න.
https://www.facebook.com/yuthuma
www.yuthukama.com
බුකියේ වෙනස යුතුකමට මනාපයක් (Like) දමා මිතුරන්ට ඇරයුම් කරන්න.
https://www.facebook.com/yuthuma
ඔව්. අපි ආරම්භ කරන්න ඕන මෙතනින්. මම හැමදාමත් විශ්වාස කළ යථාර්තය තමයි ඒ. මේ සත්‍යය ලෝකය ඉදිරියේ සනාථ නොකර සිංහල ජාතියට පවතින්න පුළුවන් ඉතා කෙටි කාලයක් පමණයි. ලංකාවේ දෙමළ නිජභූමි සංකල්පය අවිශ්වාසයකින් (අවංක හැඟිමකින්) තොරව පිළිගන්නා සෑහෙන පිරිසක් ලංකාවේ විතරක් නෙවේ ලෝකයෙත් ඉන්නවා.
ReplyDelete1987 රජීව් තුවක්කු බට ප්‍රහාරයකින් පිළිගත්ත රටේ ජනතාව අවුරුදු 28 කට පස්සේ රට බෙදීමේ අවසාන අත්සන ගහන්න මේ රටට ආව මෝඩිව මල් වට්ටියක් දෝතට දීලා පිළිගත්ත විදිය අපට ගල් ගැහිලා බලන් ඉන්න අපට සිද්ධ උනා.
මහරජ ගැමුණු රොද බැඳගෙන නරඹලත් මිනිස්සු වෙනස් උනේ නෑ.
අපි එළියට බහින්න ඕන මේ රටේ අපේ සාක්ෂි සහිත උරුමය පිළිබඳව කෑ ගහලා කියාගෙන. මහින්දාගමනය කිය කියා රට වටේ රැළි තියන එක නෙවෙයි මේ වෙලාවේ කරන්න ඕන. සිංහලයාගේ උරුමයත් එය අහිමිවිම පිළිබදවත් ජනතාව අවදි කිරිම.
එතකොට ඒකට සුදුසු නායකයා මිනිස්සුම තෝර ගනියි. කොටින්ම මහින්ද කරා ඇති. දැන් අපට ඕන යුඇන් පී ආණ්ඩුවක් කියලා කියපු යුඇන් පි කාරයන්ගෙන් බාගයක්වත් මේ රට රැක ගන්න පුළුවන් මහින්දට විතරයි කියන කාරණයට එකඟ වේවි.
ලංකාවේ සත්‍යය ඉතිහාසය එලි දැක්වීමට පවතින කිසිම ආන්ඩුවක් අනුබල නොදෙයි. එයට හේතුව ඉතා සරලයි.අපේ සැබෑ ඉතිහාසය එලි දැක්වුන දිනයට අප ඉන්දියානුවන්ගෙ නොපැවතෙන් බවත් සිංහලයා යනු මේ ද්වීපයට අයිති ජනකොටසක් පමනක් බවත් එලිවනුඇත. ඒ හා සමගම මේ පවතින ඊනියා වාර්ගික අර්බුදයේ ඇති ද්‍රවිඩ බලපෑම ඉවත්වන අතර එය මාර්කට් කිරීමට නොහැකිවේ. සරල ලෙසම කියනවානම්,
ReplyDeleteසිංහළය ව්‍යවහාර වර්ෂ 1948 වන තුරුම ඒකීය රටක් ලෙස පැවිති නිවහල් දේශයකි. ව්‍යවහාර වර්ෂ 1815 දී සිංහළය යටත් කරගත් බිරිතාන්යය අක්රමනිකයන් 1948දී සිලෝන් හෙවත් ලංකාවට නිදහස ලබාදුන්නේය.සිංහළය බිරිතාන්යයයේ කොලනියක් වන විට මියගියේ ඊට එරෙහි වූ සිංහළයන් පමනකි. ගම්මාන පිටින් ගිනිතබමින් පරම්පරා පිටින් සමූල ඝාතනය කල බිරිතාන්යය ආක්‍රමනිකයන් විසින් වීර සිංහළයන් හෙම්බත් කරමින් එල්ල කල මාරන්තික ප්‍රහාර හමුව ඉතිරිවූ විරයන් වනගත විය. මුසල්මානුවන් සහ දමිලයන් කලදුටුකල වලඉසගැනීමේ න්‍යාය මත බිරිතාන්යය ආක්රමනයට සහය දෙමින් ඉහල තනතුරු සහ වරප්‍රසාද සහිතව ජීවත් විය. යටත්ව සිට කාලය පුරාවටම නිදහස් කැරළි ඇතිකලේද, ඒ නිසාවෙන්ම ඝාතනයට ලක්වූයේද, සූරාකෑම්වලට සහ අසාධාරනයට ලක්වූයේද එලෙස සැගවුනු සිංහළයා පමනෙකි.
සත්‍යය එසේ වුවද, නිදහස ලබන විට බිරිතාන්යය ආක්රමනිකයින් සිංහළයේ නාමය ලංකාව ලෙස වෙනස් කලාක් මෙන්ම බහුජාතික බහුආගමික රාජ්‍යයක් ලෙස නව ලියාපදිංචියක්ද ලබාදුන්නේය. නිදහස් ලංකාව තුල ජාතික විරයන් ලෙස දමිලයන් සහ මුසල්මානුවන්ද ඉදිරියට පැමිනියෝය.යටත් කරගත්තේ සිංහලය නම් නිදහස් වූයේ ලංකාවනම් අපට වැරදුනේ කොතැනින්ද?
1815න් පසුව බිහිවූ සෑම නායකයෙකුම කෙටිකාලීන වාසි නිසාවෙන් ඒ මොහොතේ විසදුමකට එකගවීමෙන්ම රටක් හා ජාතියක් ලෙස අප ලද පරාජයන් බොහෝය.1815 සිංහයා පමනක් සිටි කොඩිය පහත දැමූ බිරිතාන්යය ආක්රමනිකයින් 1948 අපට ජනවර්ග මත පදනම් වූ කොඩියක් සහිත නිදහසක් ලබාදෙන විට එදා සිටි නායකයින් කුමන හෝ නිදහසක් වෙනුවෙන් වූ එකගතාවය හමුවේ එයපිලිගත්හ.
නිදහස් සටන වෙනුවෙන් එකදු ලේ බිදකුදු නොහෙලූ දමිලයන් සහ මුසල්මානුවන් ඉදිරියට පැමිනෙන විට සැබෑ ජාතික විරයින් රාජ්‍යද්‍රෝහින් ලෙස හංවඩු ගැසුන යුගයක ඉතිරිවූ වීර සිංහළයන් තව තවත් මුලුගැන්වින. නොබෙදුන සිංහළය යටත් කරගත් සුද්දන් විසින් ජාතීන් වශයෙන් බෙදූ පරිපාලනයක් ඉතිරිකරමින් රටහැර ගියහ.පලාත් බෙදීමේ සංකල්පය මූලිකවම බිරිතාන්ය ජාතිකයන්ගේ සැලසුමක් වූ අතර එය ඊනියා නිදහසින් පසුව සිතියමේ පමනක් තිබූනි. ඉංදියානුවන් ඊනියා ජනවාර්ගික යුද්ධය හරහා එම බෙදීම් පරිපාලනයට එක්කලේ ජාතින් අතර බෙදීම් වඩාත් තීවර කරමිනි.
තුන් සිංහළය යටත් කල බිරිතාන්ය ළාඅක්රමනිකයන් ඊනියා නිදහස දෙනවිට පලාත් 8 ලෙස කැබලිකර ඇති බව තේරුම් ගැණීමට එදා සිටි කිසිදු නායකයෙකු මොලය නොවෙහෙසුවේ කෙටිකාලීන දැක්මක් පමනක් තිබුනු නිසාවෙන්මය.
මෙම ඊනියා වර්ගවාදය හෝ ජාතිකත්ව අර්බුදය විසදීමට අපට ඇති හොදම විසදුම වන්නේ කුමද?ඒකීය රාජ්‍යයක් තුල වඩා තුලනාත්මකව බලය බෙදීම පමනක්මය. එය කලහැක්කේ කෙසේද?සිංහලය යලිත් 1815 පෙර පැවති ක්‍රමයට පාලනය කිරීමයි. එනම් තුන් සිංහලය එදා පැවති සිතියමට අනුව බෙදා ප්‍රාදේශීය රාජ්‍යයන් 3 ලෙස පාලන තන්ත්රයට එකතු කිරීමයි.
රුහුණු මායා පිහිට පාලන තන්ත්රය තුල සුළුජාතීන්ට වෙන්වූ භූමියක් හො ප්‍රදේශයක් ඉස්මතු නොවන අතර රාජ්‍යයන් තුනේම සියලූම ජාතීන් මිශ්‍රව සිටිණූ ඇත. මෙම ක්‍රමය හරහ කේවල් කිරීමේ බලය අන්තවාදි සුලූජාතීන්ට නොලැබෙනු ඇත. අහිමිවූ අභිමානය සිංහළයට හා සිංහලයන්ට යම්තාමකින් හෝ ලැබෙණු ඇත. රටට ජාතියට සුළු හෝ ආදරයක් ඇත්තේනම් මේ අවසන් මොහොතේ හෝ මෙම කාර්යය ආරම්භ කල යුත්තේමය. විරයන් බිහිවන්නේ උපතේදි මිස පන්ති කාමරයෙදි නොවන නිසා බිහිවූ වීරයන් මේ කාර්යයට එකාවන්ව එක්විය යුතුය.
වඩාත් දියුණුව පැවති පෙදෙස් බිරිතාන්යය කැරලිකරුවන් විසින් වනාන්තර බවට පත්කරමින් බුදුන්ට පිදුදේශයේ සියලූ ප්‍රකට බුද්ධභූමින් වනගත කර ශාසනය පරිහානියට පත්කලේද බිරිතාන්යය ආක්රමනිකයින්මය.