3/04/2015

ජාතිකත්වයේ මුලසුන ජනතාවට

කතෘ:යුතුකම     3/04/2015   1 comment


රනිල් මෛත්‍රී ආණ්ඩුවේ දින සීයේ වැඩපිළිවෙල පොරොන්දුවූ අයුරින් ඉටු නොවෙන බව පැහැදිලිය. නමුත් ඒ ගැන කාගේවත් තැකීමක් නැත. අඩුතරමින් මෛත්‍රීපාල සිරිසේන දිනවීමට ඡන්දය දුන් අයවලුන්වත් දින සීයේ වැඩ හරියට කෙරෙන්නේ නැතැයි මැසිවිලි නගන්නේනම් ජනතාව තුල තවමත් ඊනියා යහපාලන කතන්දරය ගැන විශ්වාසයක් ඇතැයි මේ ආණ්ඩුවට සතුටු විය හැකිය. නමුත් මෛත්‍රීපාල සිරිසේනට චන්දය දුන් නොදුන් බහුතරයක් මෙතන ඇත්තේ යහපාලන කතන්දන්දරයක් නොවන බව මේ වන විට අවබෝධ කරගෙන ඇත. අද ඒ ගැන නන් දොඩවන්නේ යහපාලන ක්‍ෂමාලාපකයින් පමණි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතා පැරදීමෙන් හොඳ දෙකක් විය. එකක් ඔහුට මුවාවී චන්ඩිකම් පෙන්වමින් තමන්ගේ ගොඩ වඩාගත් දේශපාලකයින් හා රජයේ නිළධාරීන්, විජාතික ගැති ඊනියා උගතුන් හා දේශපාලන අවස්ථාවාදීන් (මේ සියලු තොප්පි සරිලන තනි පුද්ගලයින්ද සිටිය හැක) කව්දැයි ජනතාවට එළිදරව්වී ඇත. අනිත් හොඳ දෙය නම් ජාතිකත්වය එහි දේශපාලන නායකත්වයේ ග්‍රහණයෙන් නිදහස් වීමය. 18දා නුගේගොඩ රැලියෙන් පිළිඹිබු වන්නේ එයයි. ඊට සහභාගීවූවන් බලාපොරොත්තු වන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්වී ඒ අනුව රටේ අගමැති තනතුරට මහින්ද රාජපක්‍ෂ මහතා පත්වුනද ඒ පත්වෙන මහින්ද චන්දෙන් පැරදි ජනාධිපති මහින්ද විය නොහැකිය. එසේ නොවිය යුතුය. ඉදිරියේදී එන අගමැති මහින්ද ජනතාව විසින් මෙහෙයවනු ලබන ජාතික ව්‍යාපාරයක දේශපාලන නායකයා විය යුතුය. ජාතික ව්‍යාපාරයට පැවැත්මක් ඇත්තේ ඒ සන්දර්භය තුලය.

මෙරට බහුතරයක් සිංහලුන් තුල ජාතිකත්වයක් ඇත්තේ ගෑවී නොගෑවී යන සේය. ඒ අපේ විදිහය. විරාත් කාලයක් තිස්සේ සිංහලුන්ට පැවැත්මක් ඇත්තේද ඒ නිසාය. එවැනි ජාතිකත්වයක් බොටුවෙන් අල්ලා ගත්විට, එය ගල් වේ, එවිට ඊට සක්‍රීය පැවැත්මක් නැත. 2010 පමණ සිට මහින්ද රාජපක්‍ෂ විසින් ජාතිකව්‍යාපාරය සිය ග්‍රහණයට ලක් කරගෙන සිටියේය. එතැන් පටන් එල්ලවූ බටහිර බලවේග වලට මුහුණ දීම සඳහා එසේ කලයුතු වුණා විය හැකිය. මහින්ද රාජපක්‍ෂ වටා සිටි ජාතිකත්වයක් තබා කොන්දක් වත් නැති ශ්‍රීලනිප දේශපාලකයින් දකින විට දැන් ඒ පිළිබඳව සැකයක් තිබිය නොහැකිය. නමුත් එහි අතුරු ප්‍රතිඵලය වූයේ ජාතික ව්‍යාපාරය ගල්වීමය. ජාතික ව්‍යාපාරය යලි සක්‍රීයව පවතින්නට නම් ඊයේ නුගේගොඩට රැස්වුනු ලක්‍ෂ සංඛ්‍යාත ජාතිකවාදීන්ගේ සෙනෙහෙබර අත් මත ජාතික ව්‍යාපාරය රැඳී තිබිය යුතුය.

නුගේගොඩ පැවතියේ රැලියක් වුවද එය රැල්ලක් නොවේ. නමුත් යහපාලනය රැල්ලකි. ඊටත් වඩා එය කෘතිමව නිර්මාණය කරන ලද රැල්ලකි. විශේෂයෙන්ම අන්තර් ජාලය හරහා තරුණ පිරිස් මතින් ඇති කෙරුනු රැල්ලකි. මහින්ද පැරදවීමෙන් පසුව ඒ රැල්ලට පදනමක් නැත. ඒ නිසා දැන් ඊට පැවැත්මක් නැත. ඒ රැල්ලේ සිටිවුන් දැන දින සීය පිළිබඳව දරන උදාසීන බවින් පිළිබිඹුවෙන්නේ එයයි. යහපාලන ක්‍ෂමාලාපකයින් විසින් මහින්ද ගෝණිබිල්ලා පෙන්වා ඒ රැල්ල නැවත නිර්මාණය කිරීමට උත්සාහ කලත් එය සාර්ථක නොවනු ඇත.

නුගේගොඩ රැලිය රැල්ලක් නොවන්නේ රැලි කාරයින් දැන් ජාතික ව්‍යාපාරයෙන් හැලී ඇති බැවිනි. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ පැරදීම නිසා ජාතික ව්‍යාපාරයට වුනු හොඳම දෙය රැලි කාරයින් එළිදරව්වීම විය හැකිය. තවත් රැලි කාරයින් එහි සිටී නම් ඔවුන්ද පලවා හැරිය යුතුය. නුගේගොඩ රැලියේ උන් සාමාන්‍ය ජනතාව රැලි නොව නිරන්තරයෙන් රැලි නඟන කලා වැව වැනිය. ඔහොම යං.

-වංශපුර දේවගේ ජානක
යුතුකම සංවාද කවය
www.yuthukama.com

නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. චම්පිකලාව අදුන ගන්න ලබිච්චි එක නම් ලොකු දෙයක්.කි දෙනෙක් මිනිහට රැවටිලා හිටියද?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions