7/16/2015

Thank you සිරිසේන

කතෘ:යුතුකම     7/16/2015   12 comments

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එළඹෙන මහා මැතිවරණයේ දී මධ්‍යස්ථව සිටින බව මුලින් ම වාර්තා කළේ ඉන්දියාවේ The Hindu පුවත්පත ය. එය රනිල් වික්‍රමසිංහ කී බව පැවසුව ද ඉන්දියාවේ මෙන් ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර ද අපේක්ෂාව එයම බව පැහැදිලි ය. රනිල් වික්‍රමසිංහට මේ මැතිවරණය ජයගත හැක්කේ නොණ්ඩි අශ්වයෙකු තරඟ කළහොත් පමණක් බව ජනවාරි 08 වෙනස පිටුපස සිටි ඉන්දීය රෝ ඔත්තු සේවාවට අවබෝධ කර ගත නොහැකි වීමට හේතුවක් නොමැත. මහින්ද තනිව තරඟ කළහොත් සිදුවන්නේ ඔහු ජයග්‍රහණය කිරීම සහ සිරිසේන තුන් වැනි තැනට ඇද වැටීම පමණක් බව ද එය සිය ඉදිරි මෙහෙයුම්වලට අහිතකර විය හැකි බව ද ඔවුන් නොදන්නවා නොවේ.

ඒ නිසා ඔවුන් කළේ සිරිසේන ලවා මහින්දට සන්ධානය තුළින් අපේක්ෂකත්වය ලබා දී අනතුරුව සිරිසේනගේ පක්ෂ නායක බලතල ද විධායක බලතල ද යොදා පක්ෂයේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා කටයුතු කිරීම ය. අනතුරුව සිරිසේන හිතවාදි මන්ත්‍රී පිරිසක් ද යොදා ගෙන රනිල් අගමැති කර ජාතික ආණ්ඩුව නමින් එජාප ආණ්ඩුවක් පිහිටුවා 2003 රනිල් වික්‍රමසිංහට නතර කිරීමට සිදු වූ තැනින් බෙදුම්වාදී ව්‍යාපෘතිය ආරම්භ කිරීම ඔවුන්ගේ අරමුණ විය.

මේ ව්‍යාපෘතිය මැතිවරණය අවසානය දක්වා ශ්‍රීලනිප ඡන්ද දායකයින්ට ද රනිල් ප්‍රමුඛ එජාප විරෝධි පිරිස්වලට ද රහසක් ලෙස තබා ගත යුතු වුව ද සිරිසේන ඊයේ කළ විශේෂ ප්‍රකාශයත් සමඟ සියල්ල අනාවරණය විය. එසේ නොකර ඔහු සන්ධාන වේදිකාවට ද නැඟ තම පක්ෂය ජයග්‍රහණය කළ විට සිය හිතවතුන් අතරින් පත් වන පිරිස ද රනිල් වික්‍රමසිංහට පූජා කර ඔහු අගමැති කර නැවත මහා පාවාදීමක් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. එහෙත් පුදපු ගමන් කාපි යකා කියා මේ කුමන්ත්‍රණය ආරම්භයේ ම ඔවුන් බලාපොරාත්තු වූ පරිදි සන්ධාන සහ රනිල් ප්‍රමුඛ එජාප විරෝධි කණ්ඩායම් උකටලි වීම හෝ පරාජය භාර ගෙන කරළියෙන් බැස යාම සිදු නොවු අතර සිදු වූයේ ඔවුන් කිසිසේත් නොපැතූ දෙයකි.

සිරිසේනගේ ප්‍රකාශය සමඟ ශ්‍රීලනිපය තුළ ඔහුට කිසියම් බලයක් තිබිණි නම් එය ද ගිලිහී ගිය අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි පිරිස අන්ත අසරණ විය. පක්ෂය තුළ ඔහු වෙනුවෙන් පෙනී සිටි පිරිස පාවදීමකට ලක් විය. ඒ සමඟ විවිධ මතවාදී වෙනස්කම් නිසා දුරස් වී සිටි සන්ධාන නායකයින් සියලු වාද භේද අතැර නැවත එකතු විය. මෙය පසුගිය වසරේ සැප්තැම්බර් 21 කළ පාවදීමට සමාන මහා පාවදීමක් බව ඔහු විශ්වාස කළ අය ද අවබෝධ කර ගත් බව පැහැදිලි ය. එහෙයින් ඔවුහු සිය කඳවුර ආරක්ෂා කර ගැනීමට පෙළ ගැසුණහ. රනිල්ට තරඟ කොට දිනන්නට නොණ්ඩි අශ්වයෙකු තනන්නට ගොස් දැන් නිර්මාණය වී ඇත්තේ ජවාධික සෛන්ධවයෙකි.

අනෙක් අතට මහින්දට අගමැති අපේක්ෂකත්වය හෝ මැතිවරණ මෙහෙයුමේ නායකත්වය ලබා දීමට සිරිසේන අකමැති වුව ද මේ ප්‍රකාශය සමඟ රැස් වූ සන්ධාන නායකයින් මහින්ද සිය මැතිවරණ මෙහෙයුමේ නායකයා වශයෙන් පත් කර ගත්තේ ආරම්භයේ ම ඒ අවස්ථාව මහින්දට ලබා දීමට සිරිසේන ක්‍රියා කළේ නම් නොලැබෙන වටිනාමක් ඊට ලබා දෙමිණි. මේ නිසා සභාපති සිරිසේනට සන්ධානය තුළ හෝ ශ්‍රීලනිපය තුළ බලයක් නොමැති බව රටට ම අනාවරණය විය. මුල සිට ම ජනාධිපති බලතල ද සභාපති බලතල ද සහිත ජයග්‍රාහි සිරිසේන වටා රොක් වනු වෙනුවට පාක්ෂිකයින් පරාජයට පත්ව මැදමුලනට ගිය මහින්ද වටා රොක් වීම නිසා සිරිසේන තුළ සිය පාක්ෂිකයින් පිළිබඳ නොපහන් හැඟීමක් ද තමන් පිළිබඳ හීනමානයක් ද ඇති වීම වැළැක්විය නො හැකි ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය පසු ගිය කාලය තුළ පියවරු දෙදෙනෙකු අතර දෝලනය විය. ඒ නීත්‍යානුකූල පියා සහ ජානමය පියා අතර ය. එහි සැබෑ පීතෘත්වය මහින්දට හිමි අතර පක්ෂ ව්‍යවස්ථාවේ හිලකින් රිංගා සිරිසේන ඒ දරුවා තමාගේ නමට ලියා ගෙන තිබේ. හුණුවටයේ කතාවේ සැබෑ මව සහ ව්‍යාජ මව අතර සිදු වූ අරගලයේ දී මෙන් ම සිරිසේන ජනාධිපති බලය භාවිත කර පක්ෂය කැඩීමට උත්සාහ කරන විට මහින්ද එය අතහැරියේ ය. පසුව කෙටි කලකින් මහින්ද වටා ගොඩනැඟුණු ජන බලය පක්ෂය කඩා වෙනම ඉල්ලීමට ඕනෑ කරම් අවස්ථාව තිබුණ ද ඔහු එසේ නො කළේ ය. සිරිසේන සිය පක්ෂයට ද පක්ෂයේ අපේක්ෂකයාට ද එරෙහි වුව ද මහින්ද කිසිදා පක්ෂයට ද්‍රෝහි නොවිණි. මේ සියලු කරුණු කාරණාවලින් සිය පක්ෂයේ සැබෑ පීතෘවරයා මහින්ද බව සනාථ විය.

ජයග්‍රහණයට පියවරු සියයක් සිටිය ද පරාජය අවජාතක යැයි කියමනක් තිබුණ ද ජනතාව පරාජිතයා වටේ රොක් වූයේ ජයග්‍රහණය අවජාතක කරමිනි. සැබවින් ම ජනවාරි 8 රට ලැබුවේ ජයග්‍රහණයක් නොව පරාජයකි. ජනතාව මහින්ද වටා රොක් වන්නේ නැවත අවස්ථාවක් ලද වහා ඒ පරාජය නැවත ආපිට පෙරළන්නට ය. එහි දී රට ටික කලකට වුව පරාජයට පත් කරමින් ජයග්‍රහණය කළ විදෙස් බලවේගවල ඉත්තන් වන රාජිත-පාඨලි-රණතුංග එජාපයට රිංගා ගැනීම ද සිරිසේන වේදිකාවෙන් බැස යාම ද රට ලද ජයග්‍රහණ වෙයි. 2005 එවකට ජනාධිපතිනිය සහ පක්ෂ නායිකාව වූ චන්ද්‍රිකා කුමාරතුංග ද සිය පක්ෂය පරාජය කිරීම සඳහා මහින්ද මතට ගල් පෙරළමින් දෙව්දත් චරිතය රඟමින් සටන ජයග්‍රහණයෙන් අවසන් කිරීමට අපට ශක්තිය ලබා දුන්නා ය. අද සිරිසේන ද එදා චන්ද්‍රිකාගේ චරිතයට පණ පොවමින් සිටියි. ප්‍රතිඵලය සක් සුදක් සේ පැහැදිලි ය.

කෙසේ වුව ද ඉදිරි මහ මැතිවරණය මේ රටේ අනාගතයේ ඒකීය සුරක්ෂිත රටක් ලෙස පවතින්නේ ද නො එසේ නම් රට මැදින් මායිම් ගම්මාන පෙළක් සහිත සදාකාලික ගැටුම්වලින් ආතුර රටවල් දෙකක් වන්නේ ද යන්න තීරණය කරන අවස්ථාව වෙයි. සුමන්තිරන් පවසා ඇති පරිදි උතරු නැඟෙනහිර ඒකාබද්ධ කර ඒකීය රට තුළ නොවන විසඳුමක් ලබා දීමට එනම් රට ෆෙඩරල් කොට ඊළමට පාර කැපීමට සිරිසේන මෙන් ම රනිල් ද එකඟ වී තිබේ. ඊට ඔවුන්ගේ ස්වාමියා වන නරේන්ද්‍ර මෝඩිගේ ආශිර්වාදය ද ලැබී ඇත. මේ අනුව අපේ මාතෘ භූමිය ඉදිරියේ ඇති අවධානම සුළු පටු නැති බව අවබෝධ කර ගත යුතු ය. එහෙයින් ජනතාව ඉතා ම සිහි බුද්ධියෙන් සිය ඡන්දය ලකුණු කළ යුතු ය. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි සහ එංගලන්තයේ ඩේවිඩ් කැමරන්ගේ මැතිවරණ ව්‍යාපාර ජයග්‍රාහි ලෙස අවසන් කළ දැවැන්ත ප්‍රචාරණ සමාගම් දෙක ම මේ වන විට රනිල් ජයග්‍රහණය කරවනු පිණිස ක්‍රියාන්විතය අරඹා අවසන් ය. මේ සමාගම් පැමිණෙන්නේ තට්ටයින්ට පනා විකිණීමට හෝ ඇස්කිමෝවරුන්ට ශීතකරණ විකිණීමට නොව වසර 2500ක් අපේ මුතුන් මිත්තන් දිවි හිමියෙන් ආරක්ෂා කර අපට උරුම කරදුන් මාතෘ භූමිය දෙකඩ කිරීම නම් මහා බිය කරු යක්ෂයා යහ පාලනය, නීතිය හා සාධාරණත්වය, මානව අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස වැනි සළු පොරවා අපට අලෙවි කිරීම සඳහා ය. අපේ අනාගත පරම්පරාවේ මරණ වරෙන්තුව අපට අලෙවි කිරීම සඳහා ය.

මේ ගමන නතර කළ හැක්කේ සන්ධානයට සිය ඡන්දය ලකුණු කර පරාජය හමුවේ නොසැලි 58 ලක්ෂයේ ජන වරම දිවි හිමියෙන් ආරක්ෂා කළ ඒ වෙනුවෙන් පෙනී සිටි එය නැවත ඉතා ම කෙටි කලකින් මහ බලවේගයක් බවට පත් කළ සියලු දේශප්‍රේමි නායකයින් ඔබේ මනාපයෙන් පාර්ලිමේන්තුවට යැවීමෙනි. දුෂ්කර අවස්ථාවේ ජන වරම පාවා දුන් කිසිවෙකුට ඔබේ එක ම එක මනාපයක් ලබා දීම වුව එය මනාපයක් අපතේ යැවීමකට වඩා රටට කරන බරපතළ වරදකි. එම ද්‍රෝහීන් පිළිබඳ සියලු දෙනා දැනුවත් කළ යුතු අතර ඔවුන් අනාගතයේ ද ඔබේ ජන වරම රනිල් වික්‍රමසිංහ ඇතුළු මව්බිමේ සතුරන්ට පාවා දිය හැකි බැවින් ඔවුන් කෙරෙහි කිසිඳු විශ්වාසයක් නො තැබිය යුතු ය. ඔබේ දිස්ත්‍රික්කයේ සැබෑ මහින්ද පාක්ෂිකයින් තෝරා ගෙන ඔවුන්ට ඔබේ මනාපය ලබා දී මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට ඔසවා තැබීම, මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ලැබී ඇති අවසාන අවස්ථාව ය.

මේ අවස්ථාවේ අප ගත යුතු මඟ කුමක් ද යන්න පැහැදිලිව හඳුනා ගත හැකි වූයේ ඉන්දියා සහ ඇමරිකාව ප්‍රමුඛ බලවේගවල උවමනාව සිරිසේන රට හමුවේ හෙළි කළ නිසා ය. ඔහුගේ පාවදීම අවසානයේ ඔහුට ම පාරා වළල්ලක් විය. ඒ සමඟ තවත් බලවත් වුණු බලවේගය අගෝස්තු 17 වෙනිදාට ජයග්‍රාහී ලෙස කෙළවර කිරීමට කටයුතු කළ යුතු ම ය. ජනවාරි 08 වෙනිදා යහ පාලන සළු අන්දා රැගෙන ආ කොටි පාලනයට රැවටුණු මේ රටට ආදරය කරන සියලු දේශප්‍රේමි ජනතාව එදා සිදු වූ වරද නිවැරදි කර ගැනීම උදෙසා කැපවීමෙන් කටයුතු කළ යුතු ය. කිසිදු බලයක් නොමැතිව නීති විරෝධීව බලය ඩැහැ ගෙන පසු ගිය මාස කිහිපය තුළ සිදු කළ මහා පාවාදීම් දෙස බලන විට නීත්‍යානුකූල ලෙස වසර පහකට බලය ලබා දුනහොත් මොවුන් මේ රට නැවත ගොඩගත නොහැකි අගාධයකට ඇද දමන බව ඉර හඳ මෙන් විශ්වාස ය. එහෙයින් සිදු වූ වරද නිවැරදි කරගෙන රට නැවත නිවැරදි දිශානතියට හරවමු. නො එසේ නම් තමන් ද ඒ මහා පාවාදීමේ කොටස්කරුවෙකුය යන හැඟීමෙන් මරණ මංචකයේ දී ඔබට ඔබේ හෘද සාක්ෂියෙන් සමාවක් නොලැබෙනු ඇත. 

-නාමල් උඩලමත්ත 
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

12 comments :

  1. සැබවින්ම අපි සියල්ලන්ම (රටට ආදරේ කරන) කළ යුත්තේ මෙයයි. ඔබේ විග්‍රහය නිවැරදියි.

    සිරිසේනවත් UNP එකවත් නොහිතපු විදියට ඒ අඳ බාලයාගේ උමතු ප්‍රකාශය SLFP ප්‍රමුඛ සන්ධානයට ඉදිරි මාවත පැහැදිලිව සකස් කර ගන්න වගේම ශක්තිමත් වන්න උදව් වුණා.

    රටට ආදරේ අපේ චන්දෙ අරන් අපිවත් පාවලා දීලා, රටත් පාවලා දෙන්න පුළුවන් අය කවුද කියල මිනිස්සු දැන ගෙන ඉන්න ඕනේ.
    නම් කිව්වොත් තිලංග, මල්ෂා, සෝලංග ආරච්චිලා කොළඹ දිස්ත්‍රි‍ක්කයෙනුත්, එරික් වීරවර්දන , අමරවීර , පබා , පියසේන ගමගේ, දයාසිරි, ශාන්ත බණ්ඩාර, ෆිලික්ස්, සුධර්ශනී එසේ දුරු කළ යුතු අයගෙන් කීප දෙනෙක්. මේ නම් දැම්මේ මිනිස්සු දැනුවත් කරන්න ඕන නිසා මනාප දෙන්න කලින්.

    ReplyDelete
  2. උදිත7/16/2015 11:55 AM

    සිරිසේනයගේ අම්මට..

    ReplyDelete
  3. උදිත7/16/2015 12:10 PM

    සිරිසේනයගේ අම්මට..

    ReplyDelete
  4. රනිල් සුබසිංහ7/16/2015 1:50 PM

    අපේ දරුවන්ට නිදහසේ පාසල් යාමේ අයිතිය වෙනුවෙන් තම දරුවන්ට පියා අහිමිකරමින් දිවි පිදු රණ විරුවන්ගේ මරණය හා අවියෝජනීයව බැදුනු යුතුකමක් අපට ඇත. ඉතින් අප අද, කළ යුතු, කළ හැකි දේ ඉටු කළ යුතුය. එසේ නොකළහොත් අපටත් වඩා අපේ දරුවන්ට ඒ සාපයට වන්දි ගෙවන්නට සිදු වනු නිසැකය. ඉරාකය, ලිබියාව, සිරියාව ඇමරිකානු මැදිහත්වීමට පෙර සාමකාමීව සශ්‍රීකව පැවතුනු බව අපි දනිමු. නමුත් ඒවා මරු කතරවල් බවට පත්වන්නට ගත වූයේ කෙතරම් කෙටි කලක්ද?

    ReplyDelete
  5. ධනපාල ගමගේ7/16/2015 1:51 PM

    මෙය ඉතා තීරණාත්මක අවස්ථාවකි. මේ පාර කෙළ උනොත්, කෙළ උනාමය. රනිල් දිනීම යනු ඔබාමා දිනීමය. ලංකාව පෘතුග්‍රීසීන්ට යටත් වූවාට වඩා දරුණු තත්වයකට යළි මුහුණ දෙනු නිසැකය. එකම වෙනස වනුයේ සතුරාගේ නි‍යොජිතයා අපේම ඡන්දයෙන් තෝරාපත් කැර ගැනුම වනු ඇත. ඒ සදහා සියළු සිවිල් සංවිධානවල තක්කඩි කළ එළි බැස ඇත. ඔ

    ReplyDelete
  6. රටට ආදරේ අපේ චන්දෙ අරන් අපිවත් පාවලා දීලා, රටත් පාවලා දෙන්න පුළුවන් අය කවුද කියල මිනිස්සු දැන ගෙන ඉන්න ඕනේ.
    නම් කිව්වොත් එරික් වීරවර්දන, S B මහනුවර දිස්ත්‍රි‍ක්කයෙනුත්

    ReplyDelete
  7. බැටලු වෙස් ගත් වුර්කයා කල්තියා හදුනා නොගත්තොත් වෙන ටික කියන්න ඕන නැහැනෙ..

    ReplyDelete
  8. මෛත්‍රී වේශයෙන් රටට අරක්ගත් වෛරී යක්ශයා පලවාහරිමු

    ReplyDelete
  9. Sewala gembek giya uda... thamange kandayama paradinna Wada karana ponnaya

    ReplyDelete
  10. My3 has so many bosses. He will say Yes Sir to every bosses. List of bosses follows:

    US Embassy
    British Embassy
    CBK
    Runnil
    Eric Solheim
    RAW
    Modi

    Luckily Velu is dead!!

    ReplyDelete
    Replies
    1. hah hah haa... Lol... patta kathaawa kollo.. hoda welaawata welupille pirabaakaran kiyana ekaa male. nethnam me apamana agayak thiyena naayakaya utath "yes sir" kiyai.. hik hik..

      Delete
  11. සිසිරිසේන යුතුකම ඉෂ්ට කරා අකුරට ...හිනා කාල මැරෙනවා ඔයි මේවට...ඉතිහාසයේ බිහිවුන හොදම පාවාදෙන්නා සිරිසේන...මුට කොහෙන් මේ ජාන සෙට් එක අවදා මන්ද

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions