7/29/2015

ත‍්‍රස්ත බලය ඉදිරියේ මිනිස්කම දණ ගැස්වූ දෙවසරක මතකය

කතෘ:යුතුකම     7/29/2015   No comments

රනිල්ගේ සාමය මෙහෙම නම් යහපාලනය කොහොම වෙයිද?

යහපාලනය නම්වූ මූලික සටන් පාඨයක් පෙරදැරි කරගත් වත්මන් ආණ්ඩුව බලයට පත්ව මාස හයක කාලයක් ගෙවී ගොස් තිබේ. එතරම් කෙටි කාලයක් තුළම ඔවුන් පසුගිය රජයට එරෙහිව පෙරට ගත් සියලූ සටන් පාඨ විහිළු බවට පත්ව ඇත්තේ කිසිවකු නොසිතන තරමේ වේගයකිනි. මේ තත්ත්වය තුළ යහපාලනයෙන් වෙනසක් අපේක්ෂා කළ බලවේග පවා අද අපේක්ෂා භංගත්වයට පත්ව තිබේ. එසේ වුවද මේ සියල්ලටම වඩා බරපතල කාරණය වන්නේ උතුරේ ප‍්‍රශ්නය ආශි‍්‍රතව රටේ පැවැත්ම පිළිබඳ බෙහෙවින් අහිතකර තීන්දු ගන්නා තැනකට වත්මන් ආණ්ඩුව මේ කෙටි කාලය තුළම පැමිණ සිටීමය. එය යහපාලන ආණ්ඩුව බිහිවූ දා සිටම පෙළ ගැසුනු උදාහරණ ඔස්සේ මනාව පැහැදිලි වන්නකි. මේ ගමන 2002 - 2004 යුගය නැවත සිහිගන්වන්නකි. ලේ ගංගාවකින් එතෙර වී අද පවතින සාමකාමී තත්ත්වයට පැමිණ තිබෙන මේ රට නැවත කොතනට ගෙනයාමට වත්මන් පාලකයන් සැරසේද යන ප‍්‍රශ්නය මෙහිදී පක්ෂ පාට හෝ ජාති භේදයකින් තොර ඕනෑම මනුෂ්‍යයෙක් තුළ මතුවිය යුත්තකි.

2001 වසර අවසානයේ එජාප ආණ්ඩුවක් බලයට පත්වීමෙන් අනතුරුව රනිල් වික‍්‍රමසිංහ මහතා 2002 පෙබරවාරි 22 වැනිදා කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට අත්සන් තබන ලද්දේය. ඒ මෙරට පාර්ලිමේන්තුවට පවා එකී ගිවිසුම පිළිබඳ ඇත්ත කරුණු වසන් කරමිනි. බල තුලනයේ උපරිම වාසිය කොටි සංවිධානයට හිමිකර දුන් මේ වංචාකාරී සාම ගිවිසුම ත‍්‍රස්තවාදීන් අත විනාශකාරී යුධ මෙවලමක් බවට පත් වීමට වැඩි කළක් ගත නොවීය. රටේ සවෛරීභාවයට අවමන් කරමින්, සටන් විරාමයේ අවම කොන්දේසි පවා අමු අමුවේ උල්ලංඝනය කරමින් කෙරෙන සාපරාධි කි‍්‍රයා රැුසකට කොටි ත‍්‍රස්තයෝ මේ කාලය තුළ දායක වූහ. රනිල් වික‍්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ මේ රටේ ඒකීයභාවය, ජාතික ආරක්ෂාව හා මනුෂ්‍යත්වයේ සියලූ වටිනාකම් බෙදුම්වාදී ත‍්‍රස්ත කල්ලියක් ඉදිරියේ පරදුවට තැබුණේ ඒ ආකාරයෙනි.
අද යහපාලනය නැමති විශාල බොරුවකට මුවා වී පස් මසක් තුළ රට විශාල අවුලකට ඇද දමා ඇති වත්මන් අගමැතිවරයා එදා තම දෙවසරක කෙටි පාලන කාලය තුළ රට මේසා බලවත් මානුෂීය අර්බුදයකට ඇද දමන ලද්දේ සාමය නැමති අති විශාල බොරුවකට මුවා වෙමිනි. අද යහපාලනය ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන බොහෝ ඊනියා සිවිල් සමාජ බුද්ධිමතුන් ආදී බොහෝ දෙනා එදා මේ සාම ව්‍යසනයට අනුබල සැපයූ සාහසිකයන් බව සිහි නගා ගැනීමද වැදගත්ය.

එසේ වුවද වාසනාවකට මෙන් රනිල් වික‍්‍රමසිංහගේ සාම මුලාවෙන් රට මුදාගෙන ඒ ගමන නතර කරන්නට එදා මෙරට ජාතික බලවේග සමත් විය. ඉන් වසර කීපයකට පසු ත‍්‍රස්තවාදයෙන් රට මුදාගෙන සැබෑ සාමයක් කරා ඒමට මේ රටට හැකි වන්නේ එහි ප‍්‍රතිපලයක් වශයෙනි. නමුත් ඉතා වැදගත් දේ පවා බොහෝ ඉක්මනින් අමතක කර දමන ජාතියක් ලෙස අපේ නූතන හැසිරිම බෙහෙවින් ඛේදජනකය. එදා එකී ජාතික බලවේග අතර මුල් තැන ගත් ජවිපෙ වැනි ව්‍යාපාර අද එජාපයේ ශාඛා සමිති බවට පත්ව තිබේ. රටේ මෑත ඉතිහාසය ගැනවත් නොදැන ෆේස්බුක් දේශපාලනයේ නියැලෙන ගැටවුන්ගේ භූමිකාව සහ ජවිපෙ වත්මන් භූමිකාව අතර අද වැඩි වෙනසක් නැත. අමතක වූ අතීතයට අයත් මේ වැදගත් කාරණා නැවත සිහිපත් කරගැනීමට අද අපට සිදුව ඇත්තේ ඒ නිසාය. සාම ව්‍යසනය පැරදවූ අපි යහපාලන ව්‍යසනය ඔස්සේ රට ලේ විලක් කර ගන්නට පෙර මේ කාරණා ගැඹුරින් අවධානයට ගත යුතුව තිබේ. මෙහි සැකෙවින් දක්වා ඇත්තේ සටන් විරාම ගිවිසුමෙන් පසු රටේ පෙළගැසුනු මූලික සිදුවීම්වල සාරාංශයකි.

  • -සන්නද්ධ කල්ලියක් ලෙස පැවති කොටි සංවිධානයට වෙනම භූමියක්, හමුදාවක්, පොලිසි බැංකු උසාවි ආදිය සහිත පරිපාලන යාන්ත‍්‍රණයක් සහිත වෙනම රාජ්‍යයක තත්ත්වයට ඔසවා තැබීමට සටන් විරාමය විශාල පිටුබලයක් විය. බැංකු, පොලීසි, උසාවි, මෙන්ම නව කොටි කඳවුරු, බංකර, ගුවන් පථ, සන්නිවේදන මධ්‍යස්ථාන ආදිය සටන් විරාමය යටතේ කඩිනමින් ස්ථාපිත කෙරිණි.
  • -කොටි තහනම, හදිසි නීතිය සහ ත‍්‍රස්ත මර්දන පනත් ඉවත් කරගැනීමට සාමය ඉවහල් වූ අතර අත්අඩංගුවේ පසුවූ ත‍්‍රස්තවාදීන් රැුසකට නිදහස ලැබිණි.
  • -කොටින්ගේ ශක්තිය තර වීමට සමගාමීව හමුදා ශක්තිය හකුළුවනු ලැබීය. හමුදාවට නව සෙබළුන් බඳවා ගැනීම සීමා කළ අතර 2002 මැයි මාසයේ සිට ගිවිසුමට අනුව උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ආරම්භ කෙරිණි. ඒ වනවිට කොටි සංවිධානය විසින් සටන් විරාම නිරීක්ෂණ කමිටුවට යෝජනා කළ ආකාරයට ඉවත් කිරීමට නියමිත කඳවුරු සංඛ්‍යාව 288ක් වූ අතර ඉන් 81ක් රජයේ ගොඩනැගිලිවල පිහිටුවා තිබිණි.
  •  -2002 මාර්තු 19 වැනිදා පළමු ”පොංගු තමිල්” උත්සවය වව්නියාවේදී පැවැත්වූ අතර අනතුරුව එවැනි උත්සව උතුරු නැගෙනහිර දෙපළාත තුළ සුලබ දසුනක් බවට පත්විය. පාසැල් සිසුන් ඇතුළු පිරිස් මේවාට බලාත්කාරයෙන් සහභාගී කරවූ අතර කොටි සංවිධානය පාසැල්වලට කඩා වැදී දේශන පැවැත්වීම් වීඩියෝ දර්ශන ප‍්‍රදර්ශනය කරවීම් ආදියද බහුලව වාර්තා විය.
  • -2002 අගෝස්තු 20 වැනිදා කොටි ”දේදුන්න” නමින් සිංහල පුවත්පතක් ආරම්භ කළේය.
  • -2003 වසරේ කොටි විසින් අන්තර් වාර පාලනයක් ඉල්ලා සිටිනු ලැබීය. රටේ මුළු භූමියෙන් තුනෙන් එකක්, මුහුදෙන් තුනෙන් දෙකක් ඔවුන් විසින් යෝජනා කරන ලද අන්තර් වාර ස්වයං පාලන අධිකාරියට අයත් විය.
  • -දේශපාලන කටයුතුවල නාමයෙන් රජයේ පාලන ප‍්‍රදේශවල පවා කොටි කාර්යාල විවෘත කෙරුණු අතර ඒ හරහා රජයේ බල ප‍්‍රදේශවලට පවා නිදහසේ ඇතුල්ව සාහසික කි‍්‍රයාවල නිරත වීමට ත‍්‍රස්තවාදීන්ට නිදහස ලැබිණි. කොළඹ ඇතුළු රටේ විවිධ ප‍්‍රදේශ කරා කොටි චරපුරුෂ ජාලය, ඝාතන කල්ලි සහ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ව්‍යාප්ත කෙරිණි. මේ හරහා රටේ ජාතික ආරක්ෂාවට අදාල වැදගත් තොරතුරු බොහොමයක් අනාවරණය කර ගැනීමට ත‍්‍රස්තවාදීන්ට හැකියාව ලැබිණි.
  • -සාමයට මුවාවෙමින් තම මිල්ටරි බලය උපරිම වශයෙන් වර්ධනය කර ගැනීමට කොටි සංවිධානය සූක්ෂම විය. එකොලොස් වතාවක් නවීන අවි ආයුධ ගෙන්වා තිබූ අතර සටන් විරාම සමයේදී කොටි සාමාජික සංඛ්‍යාව දසදහසකින් පමණ ඉහල ගිය බව ජනාධිපතිනියගේ මාධ්‍ය ප‍්‍රකාශක හරීම් පීරිස් මහතා පුවත්පතකට(2003.1.23 දිවයින) ප‍්‍රකාශ කර තිබිණි. කොටි සංවිධානය මේ ආකාරයට බලවත් වූයේ සටන් විරාම ගිවිසුමේ කොන්දේසි අමු අමුවේ උල්ලංඝනය කරමින් වීමද විශේෂ කාරණයකි. 2003 වසර වනවිට පමණක් කොටි විසින් සටන් විරාමය කඩ කළ අවස්ථා 1955ක් වාර්තා වූ අතර මේ කාලය තුළ 3500 වතාවක් ඔවුන් ගිවිසුම කඩ කොට තිබිණි.
  • -කොටින්ගේ ප‍්‍රධාන ආදායම් මාර්ග වූයේ කප්පම් ගැනීම, කොල්ලකෑම් හා බදු එකතු කිරීම්ය. කොළඹ සහ වෙනත් රජයේ පාලනය පැවති ප‍්‍රදේශවල පවා කප්පම් ගැනීම සිදු කෙරුණු අතර 2002 ජුනි 25 වැනිදා සුදර්ඔලි පුවත්පතේ පළ කළ දැන්වීමක් ම`ගින් ඔවුන් සිය බදු ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශයට පත්කර තිබිණි. 2001 අගභාගයේ සිට 2004 අගෝස්තු දක්වා කාලය තුළ රුපියල් කෝටි 113ක පමණ මුදලක් කප්පම් සහ බදු ලෙස අය කර ගැනීමටත්, වාහන 89ක් කොල්ලකෑමටත් කොටි සංවිධානය සමත්ව තිබූ බව 2004.9.4 වැනිදා දිවයින පුවත්පත වාර්තා කළේය.
  • -2004 වසරේ මැද භාගය වනවිට කොටි පොලීසි 26ක් බැංකු 8ක් උතුරු නැගෙනහිර ප‍්‍රදේශ තුළ පිහිටුවා තිබිණි.
  • -වඩා අවධානයට ලක් කාරණයක් වූයේ කුඩා දරුවන් පැහැරගෙන යාමය. සෑම දෙමළ පවුලකින්ම එක් දරුවෙක් කොටි සංවිධානයට ලබා දිය යුතු බවට දැඩි නීතියක් පනවා තිබූ අතර එය කඩ කරන්නන්ට බරපතල ද`ඩුවම් ලැබිණි. ලමුන් භාරදිය නොහැකි නම් ඒ වෙනුවට දේපල, නිවාස හෝ මුදල් ලබාදිය යුතුවූ අතර මේ හේතුව නිසා දෙමළ පවුල් විශාල වශයෙන් කොටි ප‍්‍රදේශ අතහැර පලායන්නට වූහ. හමුදා පාලන ප‍්‍රදේශවලට පවා ඇතුල් වී එසේ අතහැර ගිය පිරිස්වලට ද`ඩුවම් පැමිණවීමට කොටි කටයුතු කළ අතර මේ ගැහැට ඉවසා ගත නොහැකි වූ දෙමාපියෝ සිය දිවි නසා ගත්හ. කොටි විසින් ලමුන් 5000ක් පමණ පැහැරගෙන ඇති බව යාපනයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 2002 වසරේ නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
  • -හමුදා පාලන ප‍්‍රදේශ තුළ 120 වතාවක් බලාත්කාරයෙන් ඊළාම් කොඩිය එසවීමට එල්ටීටීඊය කටයුතු කර තිබූ අතර හමුදා පාලන ප‍්‍රදේශ තුළද ජාතික කොඩිය එසවීම හා ජාතික ගීය ගායනා කිරීම තහනම් කෙරිණි. සිංහල ප‍්‍රදේශවල පවා දෙමළ බසින් වැඩ කිරීමට නියෝග පනවන ලදී.
  • -කොටින්ට විශාල තර්ජනයක් වී තිබූ දෙමළ ඔත්තුකරුවන් සහිත දිගු දුර මෙහෙයුම් බලකායේ සාමාජිකයන් 28දෙනාම සටන් විරාම සමය තුළ ඝාතනයට ලක්විය. මිලේනියම් සිටි පාවාදීම නිසා හෙළිවූ තොරතුරු මත පදනම්ව මෙවන් බොහෝ ඝාතන සිදුකරන ලදී.
  • -මේ සියල්ල අතරේ කොටි විසින් විරුද්ධ දේශපාලන කි‍්‍රයාධරයන්, හමුදා ඔත්තුකරුවන්, හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් ඝාතනය කරනු ලැබීය. කොටි පිස්තෝල කල්ලිය සහ මරාගෙන මැරෙන ප‍්‍රහාරකයන් අගනුවර ඇතුළු ප‍්‍රදේශ ගණනාවක ව්‍යාප්ත විය. 2004 සැප්තැම්බර් විසි වැනිදා වනවිට ඊපීඞීපී සාමාජිකයන් 157ක්, හමුදා නිළධාරීන් 59ක් ඇතුළු පුද්ගල ඝාතන 350ක් සිදු කිරීමට ත‍්‍රස්තවාදීන් සමත්ව තිබිණි.

මෙහි දක්වා ඇත්තේ මූලික කාරණාවල සාරාංශයකි. බරපතලම කාරණය වන්නේ මේ සියල්ල සිදුවූයේ ඊනියා සාම වැඩපිළිවෙලක, පූර්ණ රාජ්‍ය රැුකවරණය යටතේ වීමය. රටේ අද සිදුවෙමින් පවතින බොහෝ දේ වටහා ගැනීමට මේ අතීතය අපට සපයා දෙන පිටුබලය අති මහත්ය. අද රනිල්ගේ යහපාලනය වෙනුවෙන් මහින්දට එරෙහි වන සිවල් සමාජ උගතුන් එදා මේ අපරාධ සාධාරණීකරණය කළේ මනුෂ්‍යත්වයේ අවම වටිනාකම් පවා ඩොලර් කුට්ටි හමුවේ නිර්දය ලෙස උගසට තබමිනි. රනිල්ගේ සාම වෙස් මුහුණ මෙවැන්නක් නම් රනිල්ගේ යහපාලන වෙස්මුහුණ කෙබන්දක්දැයි වටහා ගැනීමට තවත් අමුතු උදාහරණ වුවමනා නොවේ.

-ඉසුරු ප‍්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions