7/22/2015

අනුර කුමාර හා රනිල්

කතෘ:යුතුකම     7/22/2015   No comments

ජ වි පෙ වත්මන් නායක අනුර කුමාරට එ ජා පක්‍ෂයෙන් විශාල මුදලක් ලැබුණු බව කියන්නේ ජ වි පෙ හිටපු නායක සෝමවංස අමරසිංහ ය. එය සත්‍ය ද නැද්ද යන්න ගැන මට කිසිවක් කිව නොහැකි ය. එහෙත් අනුර කුමාර හැසිරෙන ආකරයෙන් නම් හැඟී යන්නේ ඒ ප්‍රකාශය සත්‍යයක් බව ය. අනුර ජ වි පෙ නායකයා වීමට පෙර ද රවි කරුණානායක සමග සම්බන්ධකම් පවත්වන බවට කතා පැතිර ගියේ ය. ජ වි පෙ ඒ දිනවල සිට ම ක්‍රියා කළේ එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය ලෙස ය. එහෙත් ජ වි පෙරමුණේ නායකයන් අතර තරුණයන් සොයා ගැනීම නම් තරමක් අපහසු කටයුත්තකි.

අද අනුර කුමාර ඇතුළු ජ වි පෙ නායකයන් අතින් විවේචනය වන්නේ මහින්ද රාජපක්‍ෂ හා රාජපක්‍ෂ පවුල ය. ඔවුහු රනිල් ඇතුළු එ ජා ප නායකයන් විවේචනය නො කරති. ජ වි පෙ පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාලට වක්‍ර ව ආධාර කෙළේ ය. ඔවුහු ඒ අතර මහින්දට නිර්දය ලෙස පහර දුන්හ. යමපාලන ආණ්ඩුව පිහිටුවීමෙහි ලා ජ වි පෙ යම් කාර්යභාරයක් ඉටු කෙළේ ය. එය නැතැයි කීමට ඔවුන්ට කිසිසේත් නො හැකි ය. යමපාලනයේ සියළු දුූෂණවලට මහා බැංකු හොරකම ඇතුළු සියළු හොරකම්වලට ජ වි පෙ ද වගකිව යුතු ය.

අද මාධ්‍ය මගින් අනුර කුමාරට යම් වැදගත්කමක් ලබා දී ඇත. අනුර කුමාර කියන්නේ වැල් වටාරම් වුවත් ඒ ඉතා තර්කානුකූල ප්‍රබුද්ධ ප්‍රකාශ බවට මතයක් විශේෂයෙන් ම මධ්‍යම පංතියෙහි පතුරවා ඇත. විලාසිතා හඹා යන මධ්‍යම පංතියට අනුරගේ වැල් වටාරම් ද ප්‍රබුද්ධ කතා ලෙස පෙනෙයි. විශේෂයෙන් ම භීෂණ සමය ගැන අත්දැකීමක් නොමැති මධ්‍යම පංතික තරුණයන්ට ඒ කතාවල නැති නවතාවක් මාධ්‍ය මගින් මතුකර පෙන්වනු ලැබේ.

හිස් පුද්ගලයකු වූ අනුර කුමාර ද එවැනි ම හිස් පුද්ගලයන් වූ ජ වි පෙ අනෙක් නායකයෝ ද මාධ්‍ය මගින් ප්‍රචාරය ලබාගැනීමට මාධ්‍යයට අවශ්‍ය හිස් කතා කියති. අද එ ජා ප අනුව යමින් මේ හිස් පුද්ගලයෝ මහින්ද හම්බන්තොටින් කුරුණෑගලට පැන ගොස් ඇති බව කියති. ඔවුන් එසේ කියන්නේ සජිත් ප්‍රේමදාස නම් වෙන්ඩ උපාධිධාරියා (ඔහු පරීක්‍ෂණවලට පෙනී සිට උපාධියක් ලබා නැත) මැද කොළඹ කෙහෙල්වත්තෙන් හම්බන්තොටට පැන ගොස් ඇති බව අමතක කරමිනි.

එයටත් වඩා ජ වි පෙ නායකයෝ තම උපන් ගම්බිම්වලින් වෙනත් පළාත්වලට පැනගොස් සිටිති. මාධ්‍ය ඒ සියල්ල අමතක කරන්නේ තම ස්වාමීන්ට සේවය කිරීමට ය. මහින්ද හම්බන්තොටින් කුරුණගලට පැනගොස් නැති බව හම්බන්තොට මෙන් ම කුරුණෑගල ද ජනතාව දනිති. එය අගෝස්තු 18 වැනි දාට තහවුරු වනු ඇත.

මේ සියල්ලටමත් වඩා අද අනුර කුමාර ඇතුළු ජ වි පෙ නායකයන් රනිල්ට තුරුල් වී ඇත්තේ ජ වි පෙ භීෂණය ද එ ජා ප ආණ්ඩුවේ ප්‍රතිභීෂණය ද අමතක කරමිනි. අද ජ වි පෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන්නේ ඔවුන්ගේ මිනීමරු අතීතය අමතක කරමිනි. ඇතැම් තරුණයන් 1987-92 භීෂණය ගැන නොදන්නවා විය හැකි ය. එහෙත් ජ වි පෙ දියත් කළ භීෂණයත් එයට ප්‍රතිචාරයක් එ ජා ප ආණ්ඩුව දියත් කළ ප්‍රතිභීෂණයත් බොහෝ දෙනාට අමතක නැත. ටයර් සෑය, ධර්මචක්‍ර, පාරවල තිබූ මිනි කඳු අනුර කුමාරට අමතක ද? ජ වි පෙ විසින් මරාදමනු ලැබුවෝ කොපමණ ද?
88-89  UNP-JVP භීෂණ යුගයේ කුරිරු දසුනක්
එයටත් වඩා රනිල්ගේ බටලන්ද අනුර කුමාර අමතක කරන්නේ සිය සගයන් සියල්ල පාවා දෙමිනි. අනුර කුමාරගේ ඊනියා ප්‍රබුද්ධත්වය එබඳු ය. මෙරට ඉතිහාසයේ ලොකුම හොරකම කළ රනිල් සතොස ගිල්ල රවි, නැව් ගිල්ල පාරාජිත, චෞර රැජින ආදීන් සංධානයේ අපේක්‍ෂකයන්ට හොරුන් යැයි කීම තරම් වංචාවක් තවත් තිබිය හැකි දැයි අනුර කුමාර හුදී ජන පහන් සංවේගය සඳහා ප්‍රකාශ කරන්නේ ද?

නලින් ද සිල්වා
කාලය
2015 ජූලි 22

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions