7/20/2015

මහින්දට අගමැති වීමට නො හැකි ද?

කතෘ:යුතුකම     7/20/2015   No comments


ඇතැමුනට අනුව මහින්ද රාජපක්‍ෂට අගමැති වීමට බාධාවක් වෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මහින්ද රාජපක්‍ෂට තුන්වැනි වරට ජනාධිපති විය නො හැකි ය. අනෙක් අතට යම්කිසි ආකාරයකින් මෛත්‍රිපාල සිරිසේනගේ සේවා කාලය අවසන් වීමට පෙර ජනාධිපති තනතුරේ පුරප්පාඩුවක් ඇති වුවහොත් මසක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයකු ජනාධිපති ලෙස තෝරා පත් කර ගනු ලැබිය යුතු ය. එසේ තෝරා පත් කර ගන්නා තෙක් අගමැති ජනාධිපති තනතුරෙහි වැඩ බැලිය යුතු ය. මේ ප්‍රතිපාදන නිසා ඇතැමුන් මහින්දට අගමැති විය නොහැකිය යන තර්කයක් මතුකර ඇත.

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්ද රාජපක්‍ෂට පුද්ගලයකු ලෙස තුන්වැනි වතාවකට ජනාධිපති විය නො හැකි ය. එබැවින් ජනාධිපති තනතුරෙහි පුරප්පාඩුවක් ඇති වුවහොත් හා ඒ අවස්ථාවෙහි මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වු සිටියහොත් පාර්ලිමේන්තුවට ඔහු ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට නො හැකි ය. පාර්ලිමේන්තුවෙහි වෙනත් මන්ත්‍රීවරුන් ද සිටන බැවින් පාර්ලිමේන්තුවට ඉන් එක් අයකු ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණක් නොව අගමැති වශයෙන් සිටීම ද බාධාවක් නො වේ. එබැවින් මෛත්‍රිපාල සිරිසේනට මහින්ද අගමැති ලෙස පත්කිරීමට බාධාවක් නැත. අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්‍ෂට පාර්ලිමේන්තුවේ වැඩි දෙනකුගේ කැමැත්ත පමණ ය.

ජනාධිපති තනතුරෙහි පුරප්පාඩුවක් ඇති වූ විට පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගනු ලැබීමට අවස්ථාව සපයා දී ඇත්තේ මසක් පමණ කාලයකි. ඒ කාලය තුළ අගමැති ජනාධිපති තනතුරෙහි වැඩ බැලිය යුතු ය. මහින්ද රාජපක්‍ෂ අගමැති වීම නිසා එයට බාධාවක් ඇති වේ ද? තනතුරකට පත් කිරීම හා තනතුරක වැඩ බැලීමට නිල බලයෙන් පත් කිරීම යනු එකක් නොව දෙකකි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මහින්ද රාජපක්‍ෂට බාධාවක් ඇති කර තිබෙන්නේ ජනාධිපති තනතුරට පත්කිරීම සම්බන්ධයෙනි. එහෙත් නිල බලයෙන් අගමැති තනතුරට පත් වූ අයකුට ජනාධිපති ධුරයෙහි වැඩ බැලීමට කිසිදු තහනමක් ව්‍යවස්ථාවෙන් පැන වී නැත. මෙහි දී ජනාධිපති තනතුරෙහි වැඩ බැලීමට නිල බලයෙන් පත් කෙරෙන්නේ අගමැති ය. අගමැති කවුරුන් ද යන ප්‍රශ්නය මෙහි දී පැන නො නගී.

යම් කිසි අයුරකින් ජනාධිපති ධුරයෙහි පුරප්පාඩුවක් ඇති වු විට අගමැති ජනාධිපති ධුරයට පත් කළ යුතු බවට ප්‍රතිපාදනයක් තිබිණි යැයි සිතමු. එවිට මහින්ද රාජපක්‍ෂ අගමැති ව සිටියහොත් ඔහු ජනාධිපති ලෙස පත්කර ගත නො හැකි ද? එවැනි අවස්ථාවක ව්‍යවස්ථාවෙහි විසංවාදයක් ඇති වන බව පැහැදිලි ය. දැන් පාර්ලිමේන්තුව රැස් වී මහින්ද ජනාධිපති ලෙස තෝරා පත් කර ගත්තේ යැයි සිතමු. එය නිවැරදි තේරීමක්් ද නැද්ද යන්න තීරණය කරන්නේ කවු ද? අධිකරණයට ඒ තීරණය ගත නො හැකි ය. ඒ තීරණය ගත හැකි වන්නේ ද පාර්ලිමේන්තුවට ය. හදිසියේ සම්මත කර ගන්නා ලද දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේ දී ඒ කරුණු සැලකිල්ලට නොගැනීම පිළිබඳ මහින්ද රාජපක්‍ෂ වගකිව යුතු නො වේ.

අනෙක් අතට මේ සියල්ල මතුවන්නේ ජනාධිපති ධුරයෙහි පුරප්පාඩුවක් ඇති වුවහොත් පමණ ය. පුරප්පාඩුවක් ඇති නොවුණහොත් මේ කිසිවක් ප්‍රශ්න ලෙස මතු නො වෙයි. එවැනි අවස්ථාවක් ඇති වේය යන උපකල්පනයෙන් මහින්ද රාජපක්‍ෂ අගමැති තනතුටරට පත් නො කිරීම ඔහුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. එමෙන් ම ව්‍යවස්ථාවෙහි ජනාධිපතිධුරය දෙවරක් දැරූ අයකුට අගමැති විය නො හැකි බවට සඳහනක් ද නැත. නූපන් දරුවන්ට කේන්දර නොසාදා මහින්ද රාජපක්‍ෂට පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්තක් ඇතොත් ඔහු අගමැති ධුරයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් මෛත්‍රිපාල සිරිසේනට නැත.

නලින් ද සිල්වා
-කාලය
2015 ජූලි 20

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions