සිල් අරන් ඇවිත් සීලවතී මකුණො මරණවා..."
අපි මෙතෙක් මේ ගීතය අසා තිබුණේ මෙසේය. නමුත් අද දේශපාලන පිටියේ සිදුවෙමින් තිබෙන්නේ මීට ප්‍රතිවිරුද්ධ හැසිරීමකි. එනම් 77 පමණ ඈත කාලයේ සිට දශක ගණනක ඉතිහාසය පුරාම "මාළු බාපු" අයියලා කුසල් හාමිලාගේ වෙස් ගනිමින්ද, "මකුණො මරපු" අක්කලා සීලවතීලාගේ වෙස් ගනිමින්ද අප අභිමුවට පැමිණෙමින් තිබේ. උත්ප්‍රාසය වන්නේ එසේ පැමිණෙන අතරේම අනෙකාට දුර්ජනයා , අශිෂ්ඨයා,අපරාධකාරයා, දූෂිතයා, හොරා යනුවෙන් චෝදනා නගිමින්ම පැමිණීමය.
ඒ ඝෝෂාව හරහා අද රට මුහුණ දී ඇති සැබෑ අභියෝගය එනම් විසකුරු බෙදුම්වාදය සහ නිර්මාණය කරමින් තිබෙන අරාජිකත්වය සහ මේ කණ්ඩායම් විඩින් නිර්මාණය කරමින් තිබෙන සමාජ ව්‍යසනය ජනතාවගෙන් වහං කර ගැනීමට හැකි යැයි මොවුන් සිතනවා ඇති.
ඒ ඝෝෂාව හරහා අද රට මුහුණ දී ඇති සැබෑ අභියෝගය එනම් විසකුරු බෙදුම්වාදය සහ නිර්මාණය කරමින් තිබෙන අරාජිකත්වය සහ මේ කණ්ඩායම් විඩින් නිර්මාණය කරමින් තිබෙන සමාජ ව්‍යසනය ජනතාවගෙන් වහං කර ගැනීමට හැකි යැයි මොවුන් සිතනවා ඇති.
බෙදුම්වාදය සහ අරාජිකත්වය වෙනුවෙන් ඉතිහාසය පුරාම වෙහෙසවූ කණ්ඩායම් මෙන්ම අරාජිකත්වය තම දේශපාලන දඩකෙළියට සුදුසුම පස බව දත් අලජ්ජී කල්ලි සියල්ල මේ ඝෝෂාව නැගීමට අත්වැල් අල්ලමින් සිටින්නේ එබැවිනි.
ප්‍රජාතන්ත්‍රවාදය , යහපාලනය ආදි දේශපාලන සටන්පාඨ අද වන විට මේ ජඩ කල්ලි තමන්ගේ නිරුවත වසාගැනීම සළු පට කරගනිමින් තිබේ.
ඔවුන් මේ කරන ව්‍යාජය හරහා වැඩිපුරම රැවටීමට උත්සාහ කරන්නේ ඊනියා "උගත් වියත් මැද පන්තිය" බවට සැක නැත. මේ කොටසින් බහුතරය අපේ රටේ දශක එක හමාරකට ට පෙර සිට ඈතට ඉතිහාසය ගැන නොදන්නවුන්ය. එසේත් නැත්නම් හිතා මතාම අමතක කළවුන්ය.
හොරට නිදන එකා ඇහැරවිය නොහැකි යැයි කියමනක් තිබේ. නමුත් ඉතිහාසය නොදන්නවුන් ඒ දැනුමෙන් සන්නද්ධ කළ යුතුය. අවස්ථාවාදී කපටින්ට තමන් විසින්ම අතීත ක්‍රියාකාරකම් හරහා කෙලෙසූ මේ සටන් පාඨ තව දුරටත් නිරුවත වසන විලිවැසුම් කරගැනීම වැලැක්විය හැක්කේ එලෙස පමණි.
77න් පටන් ගත් දුර්දාන්ත යුගයේ ක්‍රියාකාරකම් හරහා අද කුසල්හාමිලා , සීලවතීලා ලෙස පෙනී සිටිනවුන්ගේ සැබෑ හැසිරීම ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා විසින් පසුගියදා "වෙනස සැපද?"- ගාලු සම්මන්ත්‍රණයේදි ඉතාමත් පැහැදිලිව පෙන්වා දුන් ආකාරයයි මේ...
යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .