7/08/2015

ඉතිහාසය නැවත සිදු වීම

කතෘ:යුතුකම     7/08/2015   1 comment

අද සිදු වන්නේ ද, එදා සිදු වූ දෙයම බව බ්‍රිතාන්‍ය ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි. ඉංග්‍රීසි ජාතිකයන් එදා සිදුවීම් වාර්තා කර තිබෙන්නේ ද අද සිදුවීම්, රාජ්‍ය නොවන සංවිධාන වාර්තා කරන ආකාරයටම ය. ක්‍රමවේදය ද එකම ය.

මේ පිළිබද කදිම වාර්තාවක් කපිතාන් එල්. ද බුෂේ ගේ වාර්තාවේ සදහන් වේ. කියවන්න.
'ඒකාධිපතියකු ගේ පාලනය තුළ එවැනි කුරිරුකම් හා එවැනි වෙනත් නොයෙක් ප්‍රචණ්ඩ ක්‍රියා හමුවෙහි ආරක්ෂාවත් නොයෙක් අංශවල සහායත් සදහා පියවර ගන්නට අප ගේ රජයට කරුණු යෙදුණේ ය. අපගේම යටත්වැසියන් ගෙන් පමණක් නොව, කන්ද උඩරැටියන් ගෙන්ම සැදි නොයෙක් කණ්ඩායම්වල උදවු ලබා ගන්නට ද අපට සිදු විය'. (පිටුව - 16)
'මේ සිද්ධියේදී රජු ඔහු ගේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, ඔහු ගේ යටත්වැසියන් ඔහු කෙරෙහි බලවත් සේ කලකිරීමට හේතු විය‍.' (පිටුව - 46)
'අපට පක්ෂපාති යටත්වැසියන් පිරිසක් බවට පත් කිරීම සදහා සාධාරණ යහපාලනයක ධෛර්යය අපේක්ෂා කරන යහපත් මිනිස් වර්ගයක ගේ සහයෝගය ද අප මීට එක්කර ගැනීම යෝග්‍ය ය.' (පිටුව - 47)
උක්ත කෘතිය 2010දී සිංහලයට පරිවර්තනය කර තිබෙන ප්‍රේමචන්ද්‍ර ද අල්විස් මහතා 47වැනි පිටුවේ 'සාධාරණ යහපාලනයක' යනුවෙන් සදහන් කර තිබීම දෛවෝපසහගත ය.
මේ රට යටත් කර ගැනීම සදහා අවශ්‍ය නම්, බටහිරයන්ට 88/89 භීෂණය ද, යොදා ගත හැකි ව තිබිණි. එහෙත් එකල මානව හිමිකම් ගැටලු නො තිබිණි. නිරායුධ තරුණ අරගලකරුවන් ගේ මළ සිරුරු මහ දවල් හන්දි ගාණේ ටයර් සෑ මත දැවිණි. එහෙත් භීෂණයෙන් වසර ගණනක් ඉක්ම ගිය ද රාජ්‍ය ත්‍රස්තවාදී අපරාධ චෝදනා කිසිවකුට එරෙහි ව එල්ල නො කෙරිණි. ඒ, අදාළ ඝාතන බටහිරයන්ට කත් අදින ආණ්ඩුවක් විසින් සිදු කරන ලද නිසා ය.
88/89 භීෂණ සමයේදී වධකාගාර පවත්ව‍ා ගෙන පිරිස් අද මානව ප්‍රේමයෙන් ඔද වැඩී සිදු කරන ප්‍රකාශ දෙස, අද අපට පුදුමයෙන් බලා සිටින්නට සිදු ව තිබේ.
බුෂේ ගේ පරිවර්තන කෘතියේ සදහන් වන 'සාධාරණ යහපාලනයක ධෛර්යය අපේක්ෂා කරන යහපත් මිනිස් වර්ගය' අද නියෝජන කරන්නේ, එදා 88/89 භීෂණය ක්‍රියාත්මක කළ පිරිස් වීම ද පිළිකුල්සහගත ය.
අද සියලු භීෂකයෝ එකම වේදිකාවක ය.
ගෝලීය ධනේශ්වර මජර දේශපාලනයේ හැසිරීම මෙබදු ය.

- කුමාර ලියනගේ

යුතුකම සංවාද කවය 
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. තමාගේ නායකයින් සහ සහෝදරයන් කුරිරු ලෙස ඝාතනය කළ දේශද්‍රෝහීන් සමඟ එක බත් පතේ කමින් ඔවුන් සමඟ එකට එක්ව රටට වැඩක් කළ මිනිසුන් දංගෙඩියට දැක්කීම වැනි තුප්පහි දේ දැකීමට ඇසීමට හා සිදු වීමත් පාපයක්

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions