7/09/2015

නිර්මාල්ලාගේ දේශපාලන උවමනාව ඉටුකරදීමට - බොදුබල සේනාව බාරගැනීම

කතෘ:යුතුකම     7/09/2015   No comments

ආචාර්ය නිර්මාල් රංජිත් දේහසිරි මහතා විසින් රාජපක්ෂවාදය පරාජය කළයුත්තේ ඇයිද යන්න දැනට හදුනාගෙන ඇති කෝටියක් කරුණු අතරින් එකක් ගැන සංයුක්ත අදහසක් දක්වා තිබිණි. ඒ බොදුබල සේනාව වැනි අන්තවාදී සංවිධාන දැන් ක්‍රියාත්මක නොවීමයි. එතුමා ඊට හේතුව හැටියට හදුනාගන තිබෙන්නේ මහින්ද යුගයේ එම සංවිධාන වලට රාජ්‍ය අනුග්‍රහය ලැබීම සහ යහපාලන ( මෛත්‍රී -රනිල් ) යුගයේ දී එම සංවිධාන වලට රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන නිසා මේවා ක්‍රියාත්මක නොවීමයි. (මේ ලිපිය නිර්මාල් මහතාගේ එම "ප්‍රවාදයට" කෙටි පිළිතුරකි)

මතුපිටින් බලන කළ මෙම තර්කය ඇත්ත බව පෙනුනත් කෞටිල්‍ය අර්ථශාස්ත්‍රය වනපොත් කළ එතුමා භූ දේශපාලනය හැසිරවීමේ යථාර්තය නොදන්නවා විය නොහැකිය. එහෙත් අකල්හි වහින වැස්සක් පවා රාජපක්ෂලා ගේ ගිණුමටම බැර කිරීමට රුචියක් දක්වන එතුමාට මේ බලසේනා ද රාජපක්ෂලාගේ නිමවුමක් ලෙස පෙනී යාම පුදුමක් නොවේ..

ඒත් සිදු වූ ඇත්ත එය නොවේ. මේ බලසේනාවට පැවරී තිබු ව්‍යාපෘතිය ජනවාරි 8 දා ඉතා සාර්ථකව අවසන් කළේය. අවශ්‍ය කාර්ය ඉටු කළ පසු තවදුරටත් එම සංවිධානවල කාර්ය අත්‍යවශ්‍ය තීරණාත්මක සාධකයක් නොවේ. ඔවුන්ගේ මැදිහත් වීම නැවත අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්ෂ නැවත හිස ඔසවන තත්වයක් ඇති වූ විටය. දැන් ඒ නැවත පවරන ලද දෙවන ව්‍යාපෘතිය සඳහා ඔවුන් නාගයා ලකුණින් ලකලෑස්ති වෙන බව නිර්මාල් මහතාට නොපෙනේද? ගම්බිම් මට්ටමින් පහළ සාමාජිකයා මේ බලසේනා සමග අදටත් පෙනී සිටින්නේ ඉහළ පෙළ ඩීල් පිලිබඳ ඇති අනවබෝධය නිසා අවංක හැගීමෙනි. සිංහල බෞද්ධයාට ජාතියක් වශයෙන් අනතුරක් හා තර්ජනයක් පෙනෙන්නටම තිබෙන විට ඒ ගැන හැගීමෙන් සේවය කිරීමට ඉදිරිපත් වීම අවංකය. එහෙත් බොදුබල සේනාවේ ඉහළ ක්‍රියාකාරීත්වය කිසියම් කුමන්ත්‍රණයක කොටස් කාරයන් වන්නට ඇත්තේ නොදැනුවත් කමින් බව මට මුලින් සිතුනත් දැන් එය තමන් වෙත පවරාගත් සැලසුම් සහගත ව්‍යාපෘතියක කොටසක් බව පෙනෙන්නේ සිංහල බෞද්ධ ඡන්ද පදනම මේ ඡන්දයේ දී තවත් කොටස් කර එජාප ජය පහසු කරදීමට දරන වෑයම නිසාය.

ආචාර්ය නිර්මාල් මහතාගෙන් ඇසීමට එක ප්‍රශ්නයක් තිබේ. මේ බලසේනා වකකිව යුතුයයි ඔබ කදවුරෙන් චොදනා කළ අකටයුතුකම් (මුලික වශයෙන් අලුත්ගම සිද්දිය ) පිලිබඳ මේ රජය පරීක්ෂණ කඩිනමින් පවත්වා දඩුවම් නොදෙන්නේ ඇයි. ඒ අලුත්ගම අලාභයට වඩා මේ වෙනසට (Regime change) ඔවුන්ගෙන් ලබාගත් ලාභය වැඩි නිසා නොවේද ? සහජීවනය මානවහිමිකම් ආදිය ගැන අපට නිරන්තර පාඩම් කියාදෙන බටහිර රටවල සංචාරය කිරීමට නිර්මාල් මහතාම සඳහන් කරන මේ අන්තවාදී සංවිධානයේ ඉහළ නායකත්වයට වසර පහකට දීර්ඝ වීසාලබා දෙන්නේ ඇයි. අනෙක් ප්‍රශ්නය මහින්ද නැවත එන පසුබිමක බොදු බලය නාගයා ලකුණෙන් වෙනම ඉල්ලන්නේ ඇයි?. එය කාගේ උවමනාවක්ද ? කාගේ කොන්ත්‍රාත්තුවක්ද ? එහි වාසිය ලැබෙන්නේ කාටද ? ඊළගට සිංහල බෞද්ධ අධිපතිවාදයේ මදුසමය ඉවරයි යනුවෙන් නිර්මාල් මහතාම ගොඩනගන ප්‍රවාදය සනාථ කිරීමට මෙවර බොදුබල සේනාව එතුමාටද අමතර උදව්වක්ද කරයි. මන්ද සිංහල බෞද්ධයාගේ මුර දෙවියන් ලෙස පෙනී සිටින පක්ෂයක් ආසන දෙක තුනක් වත් දිනාගත නොහැකි වූ විට බොදුබල සේනාවේ මේ අමනෝඥ වැඩෙන් ලෝකයට දෙන සංඥාව වන්නේ නිර්මාල්ගේ උක්ත ප්‍රවාදය සනාථ කරදීමයි. සිංහල බෞද්ධ කිසිවකු මෙවර බොදුබලේ මේ කොන්ත්‍රාත්වලට දැනදැන සම්මාදන් නොවිය යුතුබව මගේ හැගීමයි.

දැනට එක් නිදර්ශනයක් පමණක් දක්වමි. මා මීට දින කීපයකට ඉහත දී මුහුණු පොතින් හදුනාගත් එක්තරා බලසේනාවක ක්‍රියාකාරිකයකුට පළමුවරට දුරකතනයෙන් ඇමතීමි. එහිදී ඔහු ඉතා අවංකව කළ හෙළිදරව්වක් වුයේ ඔවුන් සමග ජාතික ව්‍යාපාරයේ එකට වැඩ කළ බොහෝ දෙනා දැන් රනිල් වික්‍රමසිංහ ගේ FB මඩ බලකායේ වැඩ කරන බවයි. අරලිය ගහ මන්දිරයට කැදවා රාජපක්ෂ රෙජීමයට නැවත හිස එසවීමට නොහැකි ලෙස කුඩුකරන්නැයි රනිල්ගෙන් අවවාද උපදෙස් ලැබූ කණ්ඩායමේ ඔවුන්ද සිටින බවයි. මීට පෙර මේ බලසේනාවල සටන් පෙරමුණේ සිට ඇත්තේ ඔවුනුයි. මේවාට අවංක හැගීමෙන් එකතු වූ අය දැන් මේ සිදු වූ දෙය ගැන තුෂ්නිම්භූතව වී සිටීති. ඔවුන් සමග එකතු වී කළකී දෑ අනුව කොයිවෙලේ හෝ කුදලාගෙන යනු ඇතැයි බියකින්ද ඔහු පසුවේ.මේ අනුව පසුගිය සමයේ සිදුවූ දෙය තේරුම් ගැනීමට අපහසුවක් තිබිය නොහැකිය. මහපොළවේ නොව රාජ්‍ය අනුග්‍රහය නොලබා කළ හැකි මුහුණු පොතෙවත් දැන් මේ සටන් තිබේද? මේ බලසේනා ක්‍රියාත්මක නොවීමට හේතුව තේරුම් ගැනීමට නිර්මාල් මහතා ඇතුළු ජනතාවට මීටත් වඩා සාක්ෂි අවශ්‍යද?

රත්තනදෙණියේ මේධානන්ද හිමි
-යුතුකම සංවාද කවය -
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions