තම දෙවන ධූරකාලයෙන් පසු නීතියට ගරු කරමින් නැවත ඡන්දයට ඉදිරිපත් නොවන බව බැරක් ඔබාමා පැවසූ අතර එය මේ දින වල ශ්‍රී ලාංකික මාධ්‍ය සහ සමාජ ජාල තුල කතිකාවක් ගොඩනගා තිබේ. මහින්ද විරෝධීන් විසින් විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට මෙය උගත යුතු පාඩමක් බවත් මහින්දට එල්ල කල කනේ පහරක් බවත් හුවා දැක්වීමේ උත්සාහයක නිරත වෙමින් ඇත.
ඔබාමාට මෙන් මහින්දට දෙවරකට පසු ගෙදර යා නොහැකි මන්දැයි විමිසිය යුතුය.
රනිල් වික්‍රමසිංහ මහතා රටේ අගමැති වූයේ මේ ලිපිය ලියන මා පාසලේ 9 පන්තියේ සිටියදීය. එතැන් සිට අවුරුදු 22ක්ම තවමත් එක්සත් ජාතික පක්ෂ නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. ප්‍රේමදාස, ගාමිණි,ලලිත්,මල්ලිමාරච්චි වැනි එජාප පතාක නායකයින් කොටි සංවිධානය විසින් ඝාතනය කිරීමහේතුවෙන් ඇති වූ හිඩැස නිසා රනිල් වික්‍රමසිංහ වැනි ශ්‍රී ලාංකික ජාතිකත්වය ගැන අවබෝධයක් නැති පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂ නායකයා බවට පත්විය.
එංගලන්තයේ චර්චිල් දෙවන ලෝක යුද්ධයෙන් පසු ගෙදර යවනවා මෙන් හෝ ඔබාමා දෙවන වතාවෙන් පසු ගෙදර යවනවාක් මෙන් මහින්ද ගෙදර යැවිය නොහැක. එයට හේතුව විරුද්ධ පක්ෂයේ නායකයා රනිල් වීමයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් නොවුනා නම් මහින්ද ගෙදර යාම කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නොවනු ඇත. මහින්ද අවශ්‍ය වන්නේ රනිල් නැවතත් පරාජය කල යුතු නිසාය. සමහර විට රනිල් ජීවත් සිටින තුරුම එජාප නායකයා වී සිටිනු ඇති අතර ඉදිරියේදීත් ඔහුව පරාජ කල යුතුව ඇත.

එංගලන්තයේ චර්ච්ල්ගෙන් පසු පැමිණි ආණ්ඩුව තම රටේ හමුදාව යුධ අපාරාද කලා දැයි පරීක්ෂා කලේ නැත. හිට්ලර් යුද්ධයෙන් ලබා ගැනීමට උත්සාහ කල දේ නාසිවාදීන්ට යුද්ධයෙන් පසු සිදුකිරීමට ඉඩ දුන්නේ නැත. ඔබාමා ගෙදර ගිය පසු අල්කයිඩා සංවිධානය හිස ඔසවාවියැයි ඇමරිකානු ජනතාවට බියක් නැත. අල්කයිඩා සාමාජිකයින් වොෂින්ටනයට ගෙන්වා සැණකෙළි පැවැත්වීමට ඊළඟට පැමිනෙන ජනාධිපතිවරයා කටයුතු කරාවි යැයි ඇමරිකානුවන් සිහිනෙන්වත් සිතන්නේ නැත. කලින් ජනාධිපතිවරයා කරගෙන ආ සංවර්ධන කටයුතු අලුත් ආණ්ඩුවක් ආ පමණින් එංගලන්තයේ හෝ ඇමරිකාවේ නවතා දමනු නැත. ලෝකයේ මූලෝපායිකව ඉතාමත් වැදගත් ස්ථානයක වරායක් හා ගුවන් තොටුපොළක් ඉදිකලහොත් ඊළඟ ආණ්ඩුව එහි පුටු ටික ගලවාගෙන යාවි හෝ වසා දමාවියැයි බියක් ඒ රටවලට නැත. ගුවන් තොටුපලට හෝ වරායට නැව් නොඑන්නේ නම් වෙන රටක ආණ්ඩුවක් නම් කරන්නේ ඒවාට නැව් සහ ගුවන් යාන ගෙන ආ හැකි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමයි. නමුත් එහෙම ක්‍රමයක් ලංකාවේ නැත.
මේ කාරණා මෙසේ සිදුවෙද්දී රනිල් එජාපයේ නායකයාව සිටින තුරු එසේත් නැතිනම් ශ්‍රී ලාංකීය ජාතිකත්වය මත සිටගත් නාකයකු එම පක්ෂය බාර ගන්නා තුරු අපිට මහින්ද නැවත නැවතත් ගෙන ඒමට සිදුවනු ඇත.
- මතීෂ චාමර අමරසේකර
[යුතුකම පාඨක ලිපියකි
චායාරූපය ෆේස්බුක් පිටුවකින් උපුටාගත්තකි ]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Ranil innaddi mahinda marunoth? Kawda ethakota ranilgen rata beraganne?
ReplyDeleteMahindagen passe, iilanga kena thaama lasthi nedda....ekiyanne mahinda Honda nayakayek nemei....ilanga kenawa lasthi karala nehe ne....
ReplyDeleteරනිල් විසි නව පාරක් පැරදිලත් නව නායකයෙක් හැදුවද? ගොන් පාට්!
Deleteapita wada US ewunta prashna thiyenawa...Obama giyama ewwa visanda ganne kohomada un....
ReplyDeleteරනිල් හොද නැති නිසා, කලයුතුව තිබුනේ , දෙවන පෙළ නායකත්වයක්, තමන්ගේ පක්ෂය තුල ගොඩනැගීම නේද. J R ජයවරදන දෙවන පෙළ නායකයන් ලෙස ස ලලිත්,ගාමිණී ,ප්‍රේමදස .චන්ද්‍රිකා දෙවන පෙළ නායකයා ලෙස මහින්ද ගොඩනැගුව. මහින්ද එසේ කලාද ? සක්තිමත් දෙවන පෙළ නායකත්වයක් පක්ෂය තුල ගොඩ නැගුවා නම් රනිල් බලයට එන්නෙ කොහමද ?
ReplyDeleteදන්න බම්බුවක් කියවපන් මල්ලි. ජේ ආර් දෙවන පෙළ නායකත්වයක් හැදුවනම් ලලිත් ගාමිණි පක්ෂේ කාඩාගෙන යනවද? ලලිත් ල ගාමිණි ලා කපලා රනිල් 1989 සභානායක වෙලා 1993 අගමැති උනේ. අන්න පවුල්වාදය. චන්ද්‍රිකා කොහෙද මහින්දව හැදුවේ. මහින්ද ලා පාද යාත්‍රා ගිහින් ලංකාවේ ඉඳන් සේරම කරාට පස්සේ චන්ද්‍රිකා එංගලන්තේ ඉඳන් රජ පුටුවේ වාඩි උනා පවුලේ බලයට.
Deleteඔබතුමා කියන්නේ J R ජයවරදන, චන්ද්‍රිකා දෙවන පෙළ නායකත්යක් ගොඩනැගුවේ නැහෙ කියලනේ. එහෙමෙන්ම්. J R ජයවරදන ගෙන් පස්සේ (එම පක්ස්යයේම ) R ප්‍රේමදස්ත් , චන්ද්‍රිකා ගෙන් පස්සේ (එම පක්ස්යයේම) මහින්දත්, බලයට ආවා . ප්‍රේමදාසගෙ පාලන කාලය තුල ප්‍රේමදාස ගේ කැපිලි නිසා (ගාමිණිට ඇමතිකම් නොදීම ආදී) ලලිත්, ගාමිණි , UNP පක්ෂය හැරගියත් , රජලියගෙන්(අලුත් පක්ෂයෙන් ) , ලලිත්, ගාමිණි,විසාල චන්ද සන්කයාවක් ලබාගත්හ. එකියන්නේ ලලිත් ගාමිණි ප්‍රබල නායකයෝ(J R ජයවරදන දෙවන පෙළ නායකයන් ලෙස ලලිත්,ගාමිණී ,ප්‍රේමදස ගොඩනැගුව ). හරි අපි හිතමු J R ජයවරදන හා චන්ද්‍රිකා දෙවන පෙළ නායකත්ය්වයක් ගොඩනැගුවේ නැහෙකියල .(එය එසේනම් J R ජයවරදන හා චන්ද්‍රිකා වැරදයි ), මහින්ද දෙවන පෙළ නායකත්වයක් පක්ෂය තුල ගොඩ නැගුවා ? මහින්ද සක්තිමත් දෙවන පෙළ නායකත්වයක් පක්ෂය තුල ගොඩ නැගුවා නම් රනිල් බලයට එන්නෙ කොහමද ?
Delete