7/02/2015

මහින්ද කළයුත්තේ කුමක්ද?

කතෘ:යුතුකම     7/02/2015   No comments

බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රීලනිප ශාඛාව නිවේදනයක් නිකුත් කරමින් සිරිසේන මහතාට පවසා ඇත්තේ,අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ‍්‍රීලනිපය ජයග‍්‍රහණය කරවීමට නම් එය කල හැකි හැකි නායකයෙකු තෝරා පත්කර ගැනීමට පක්ෂ සභාපති ධූරයෙන් ඉවත් වන ලෙස.

ශ‍්‍රීලනිප බි‍්‍රතාන්‍ය ශාඛාවේ සභාපති මෙත්සිරි විජේරත්න මහතා නමින් නිකුත් කර ඇති එම නිවේදනයේ සදහන් වන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තමා නිර්පාක්ෂිකයෙකු බව මෑතකදී ගාල්ලේ පැවැති උත්සවයකදී ප‍්‍රකාශ කර ඇති බැවින් පක්ෂයට එඩිතර නව නායකයකු පත්කර ගැනීමට හොදම අවස්ථාව මෙය බවයි.

ශ‍්‍රීලනිපයට ආදරය කරන පුද්ගලයින් ලෙස ඉදිරි මහ මැතිවරණයේදී ඡුන්ද සටනට නායකත්වය දීමට නව නායකත්වයක් අවශ්‍ය බැවින්, මෛත‍්‍රිපාල සිරිසේන මහතා නිර්පාක්ෂිකව සිටිමින් සුදුස්සෙකුට සභාපතිධූරයට ඉඩ සලසා ඉවත්විය යුතු බවද එම නිවේදනයෙන් දක්වා ඇත.

කළයුත්තේද එයම පමණි.එනම් ශ්‍රීලනිප විධායක සභාව තුල ඇති බහුතරයෙන් මහින්ද නැවතත් පක්ෂයේ සභාපතිත්වයට පත් කරා ගැනීමයි.එවිට මහින්ද මහතාගේ පාර්ශවයට ඇවැසි ආකාරයකට නාමයෝජනා ලබා දීම හා මැතිවරණ ව්‍යාපාරය කරා ගෙන යාමට හැකිය.විධායක සභාව අගමැති අපේක්ෂක ලෙස නම් කොට නාමයෝජනා ලබා දුන්නද අවසාන වශයෙන් අගමැති පත් කිරීමට බලය ඇත්තේ සිරිසේනට බව මතක තබා ගත යුතුය.පාර්ලිමේන්තු සම්ප්‍රදාය අමු අමුවේ කෙළෙසමින් රනිල් අගමැති ලෙස පත් කල සිරිසේනට,බහුතරය සහිත සන්ධාන මන්ත්‍රීන් පිරිසක් සහිත පාර්ලිමේන්තුවක් තුල අගමැතිකම නිදහස් පක්ෂයේම මහින්ද හැර වෙනත් ඕනෑම කෙනෙක්ට ලබාදිය හැකිය.මේ අවධානම අපි සැවොම තේරුම්ගත යුතුය.

සිරිසේන තව දුරටත් රනිල්ට සර් කියා ඇමතීමට සූදානම් නැත,ඔහුට තව දුරටත් රනිල්ගේ පදයට නැටීමට කැමැත්තක් නොමැති අතරම එසේ තමා බලය තහවරු කරගැනීමට මහින්දගේ ජනතා බලය යොදා ගැනීමට මේ අවස්ථාවේ සැරසී සිටී.ඒ සඳහා කළයුතු වන්නේ අගමැති අපේක්ෂකත්වය (පක්ෂ නායකත්වය නොමැතිව) දීමට පොරොන්දු වීමයි,එමගින් මහින්ද නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට බහුතරයක් දිනා දෙනු ඇත.සුපුරුදු පරිදිම එය සොරාගෙන වෙනත් අගමැති කෙනෙක් පත් කිරීමට සිරිසේන පසුබට නොවෙනු ඇත.මහින්ද පිල වෙනම තරඟ කොට බහුතරය දිනා ගත හොත් සිරිසේනට කිසිවක් කල නොහැකි බවද අමුතුවෙන් කිව යුතු නොවේ.
ඌරගෙ මාළු ඌරාගේම පිටේ තියා කප්පවන්නට බටහිර බලවේග සිරිසේනට උපදෙස් ලබාදී නොමැති බව කිසිවෙකුට හෝ පැවසිය හැකි වෙත්ද?

අද නිදහස් පාක්ෂිකයා තමා පක්ෂය අත් හැරීමට සුදානම් වී හමාරය.තනි නායකයෙක් වටා ජනතා බලය ගොඩ නැගී ඇත.මහින්ද රිද්දීමට,මහින්දට පණිවිඩයක් දීමට,මහින්දගේ බලය අඩු කිරීමට හංසයාට ඡන්දය දුන් සැලකිය යුතු පිරිසක් ඒ වරද නිවැරදි කර ගැනීමට පුල පුලා බලා සිටී.වෙනසක් බලාපොරොත්තුවෙන් බොරුවට හසුව තමාටම දොස් නගා ගන්නා තවත් බොහෝ දෙනෙක් තම වරද නිවැරදි කරගන්නට බලා සිටී.ගියවර මැතිවරණයේදී වික්ෂිප්තව ඡන්දය නොදුන් නිදහස් පාක්ෂිකයන් පිරිසකුත් මහින්ද දින වීමට බලා සිටී.මහින්ද බලවත් වී ඇත.ඒ මේ රටට ආදරය කරන ජනතාවගේ බලයයි.මහින්ද පක්ෂයට දැඩි සේ ආදරය කරන නායකයෙක් බව අප නොදන්නවා නොවේ.නමුත් ඔහු ඊටත් වඩා මේ රටට ආදරය කරන්නෙක් බව අපගේ විස්වාසයයි.නිදහස් පාක්ෂිකයා පක්ෂය අතහැරීමට සූදානම් නම් මහින්ද ඊටද හිස නමා ජනතා පැතුම අනතුරේ නොහෙළා පක්ෂය අත් හැරීමට තීරණය කල යුතුය.

සිංහලයන්ගේ ජාතිකත්වය පහල සිට ඉහල නායකත්වය කරා ගලායන්නකි.අද එය සිදුවෙමින් පවතී.මේ නායකයා සොයා ජනතාව ඇදෙමින් පවතින මොහොතකි.අද සැලකිය යුතු මට්ටමේ සිංහල බෞද්ධ නායකත්වයක් මහින්ද තුලින් පිළිඹිබු වේ.නායකත්වය සිංහල බෞද්ධද නැද්ද යන්න තීරණය වන්නේ ඒ නායකත්වය නියෝජනය වන පිරිස මතය.මහින්ද මහතාගේ සිංහල බෞද්ධකම නැතහොත් ජාතිකත්වය අවිිඥානිකද නැතහොත් සවිිඥානිකද යන කාරණාව එතරම් වැදගත් නොවන්නේ සිංහලයන්ගෙන් බහුතරයකගේම ඇත්තේ අවිිඥානික ජාතිකත්වයක් නැතහොත් අවිිඥානික සිංහල බෞද්ධකමකි.එයද ප්‍රශ්නයක් නොවන්නේ ඒ ජාතිකත්වයද අවශ්‍ය තැන්හි එකතු කරගත හැකි සවිිඥානික ජාතික මතධාරීන් පිරිසක්(මුලිකවම භික්ෂුන් වහන්සේලා ඇතුළු ජාතික මතවාදීන්)රට තුල ඇති බැවිනි. නායකයෙක් හට අවිිඥානිකව ජාතිකත්වය ඇති විට ඔහු කිසිවිටකත් තාම බලය තරකර ගැනීමට ජාතිකත්වය යොදාගන්නේ නැත.මහින්ද තුලද ඇත්තේ එවැනි අවිිඥානික සිංහල බෞද්ධකමකි ජාතිකත්වයකි.ඒ නිසා චම්පික,රතන ලාට මෙන් ජාතිකත්වය දඩමීමා කොට ගෙන දේශපාලනයේ යෙදීමට මහින්දට හැකියාවක් නොමැති අතර කළයුතු වන්නේ ජාතික මතවාදයේ පිරිස් මහින්ද වටා එක් වී මහින්දට මග පෙන්වීමය.මෙය බොහෝ කලකට පසුව උදාවූ ජාතික දේශපාලනයේ වැදගත්ම අවස්ථාවකි.

අද කළයුත්ත නොකළ යුත්ත තීරණය කරන්නේ නායකත්වය නොව ඒ නායකත්වය නියෝජනය කරන පිරිසයි.එනම් අද කළයුත්ත කුමක් දැයි තීරණය කරන්නේ මහින්ද නොව දේශප්‍රේමී ජනතාවයි.මහින්ද කලයුත්තේ එයට අවනතවීම පමණි.

-සමීර ගල්පාය
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions