7/29/2015

UNPය පැරදවිය යුත්තේ ඇයි? (2 කොටස)

කතෘ:යුතුකම     7/29/2015   No comments

2001-2004 එජාප පාලනය

2001 දෙසැම්බර් 24 දා LTTE නායක ප්‍රහාකරන් අවසන්කිරීමට කැලයට රිංගා මෙහෙයුම් දියත් කරමින් අවසාන අදියරට ළඟා වි සිටි දිගදුර මෙහෙයුම් බලකායට, මෙහෙයුම නතරකර පසුබසින ලෙස අණදී ප්‍රභාකරන්ගේ ජීවිතය සුරක්ෂිතකිරීමට කටයුතු කිරීම.

2002 නොර්වේ රාජ්‍යයේ මැදිහත්වීමෙන් සටන් විරාම ගිවිසුමක් මගින් රටේ භූමියෙන් 2/3 ක්ද මුහුදු තිරයෙන් 4/5ක්ද LTTE පාලනයට නතුකරන ලදී. මෙම ගිවිසුම අත්සන් කරන බව පාර්ලිමේන්තුවෙන්ද වසන් කළේය. රජයේ හමුදාවන් බැරැක්ක වලට සීමාකළ අතර LTTE යට අනෙකුත් ප්‍රදේශවලටද ඇතුළුවී නිදහසේ හැසිරීමට ඉඩදෙන ලදී. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් LTTEය බුද්ධි අංශ නිලධාරීන් තොර තෝරා ඝාතනය කරන ලදී.

2002 දී මිලේනියම් සිටි පාවාදීම මගින්, හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 160 ක් ඝාතනය වන්නට ඉඩ හරින ලද අතර සමස්ත බුද්ධි ජාලයම විනාශකරනලදී.

2002-2004 කාලයේදී, උතුරු නැගෙනහිර ප්‍රදේශවල බදු එකතුකරමින්, පොලිසි සහ උසාවි පවත්වාගෙන යමින් වෙනම රාජ්‍යයක් ලෙස ස්ථාපිත වීමට LTTE යට ඉඩ හරින ලදී.

LTTEය විසින් කරන ලද පන්දහසකට අධික සාම ගිවිසුම කඩ කිරීම නොසලකා හරින ලද අතර මේ සම්බන්ධව රජයේ හමුදාවන් දැඩි විනයක පිහිටුවන ලදී.

මෙම කාලය තුලදී LTTE යට අවශ්‍ය යුධ උපකරණ, අවි ආයුධ ගුවන් විදුලි සහ විදුලි සංදේශ සම්ප්‍රේෂණ උපකරණ ආදිය ගෙන්වාගැනීමට ඔවුන්ට රිසිසේ ඉඩදෙන ලද අතර, පරික්ෂාවට භාජනය නොකර නෞකා බහාලුම් කොළඹ වරායෙන් නිදහස් කරන ලදී.

මෙම වකවානුව තුල රජ්‍ය සේවයට කිසිවෙකු අලුතින් බඳවා නොගත් අතර රාජ්‍ය සේවය ලක්ෂ 3 කට අඩු කරන ලදී.

රජ්‍යසේවකයින්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට අවශ්‍ය පිඹුරුපත් සැකසිණ.

2004 - එජාපය LTTEයට හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනියට තම පක්ෂයෙන් හා අනෙකුත් දේශප්‍රේමී කොටස් වලින් එල්ල වූ බලපෑම හමුවේ එජාප ආණ්ඩුව විසුරුවා හැරීමට සිදුවිය. මෙහිදී ශ්‍රීලනිප ප්‍රමුඛ පොදුපෙරමුණ නැවත බලයට එන නමුදු චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය සුනාමි සහන මණ්ඩල (PTOMS) හරහා LTTE යට නැවත එම පලාත්වල පාලනය භාරදීමට පියවර ගැනීම ශේෂ්ඨාධිකරණ නියෝගයක් මගින් අත්හිටවන ලදී.

එජාපය 2001 න් පසුව පැවති 2005 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ 29 කින් පරාජය වූ අතර 2010 සහ 2015 ජනාධිපතිවරණ වලට ඉදිරිපත්වීම මග හැර පොදු අපේක්‍ෂකයෙකුට සහය පල කෙරිණ. රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් තම පක්ෂය තුල ගෙනයන බවට චෝදනා කරමින් එහි සාමාජිකයින් සහ මන්ත්‍රීවරුන් පක්ෂය හැරගියහ. ඔහුගේ නායකත්වයට කිහිප විටක් අභියෝග එල්ල වූ අතර ඒකාධිපති ස්වරුපයෙන් ව්‍යවස්ථාව වෙනස්කරවා ගෙන අත්තනෝමතික පරිපාලනයක් ගෙනයන ලදී.
2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් පසු, ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන අපේක්ෂකයා පරාජයට පත් වි පොදු අපේක්ෂකයා බලයට එයි. මැතිවරණ සමයේ පොදු අපේක්ෂකයා සමග ඇතිකරගත් ගිවිසුමකට අනුව එජාපය සුළුතර ආණ්ඩුවක් පිහිටුවා ගනී. මෙම මැතිවරණයේදී යහපාලනය සිය එකම සටන් පාඨය සහ ධර්මතාවය කරගත් එජාපය ඉන්පසු හැසිරුණු ආකාරය දැන් විමසා බලමු.

2015 ජනවාරි සිට මේ දක්වා එජාප සුළුතර ආණ්ඩුව

ව්‍යවස්ථා විරෝධී ලෙස රනිල් වික්‍රමසිංහ අගමැතිකම ඩැහැ ගැනීම.
1977 බලයට ආ එජාප ආණ්ඩුව කල සේම, විරුද්ධ පාක්ෂිකයන් දඩයම් කිරීම ඇරඹිම.
ව්‍යවස්ථා විරෝධිව මුල්‍ය අපරාධ ව්මර්ශණ දෙපාර්තමේන්තුවක් (FCID) අගමැති අධීක්ෂණය යටතේ පිහිටුවීම.
අල්ලස් කොමිසමට අග්‍රාමාත්‍ය හිතවතියක් පත් කිරීම. අනෙකුත් රාජ්‍ය ආයතනවලට තම නෑදෑ හිතවතුන් පත්කිරීම.
අගමැති ඇතුළු කණ්ඩායමක නිර්දේශ මත විරුද්ධ පාක්ෂිකයන් අල්ලස් කොමිසම හා FCID මගින් පරීක්ෂණයට භාජනය කිරීම සහ එම චෝදනා ඔප්පු කිරීමට තරම් සාක්ෂි නොවුවත් ඇප නොදී දීර්ඝ ලෙස රිමාන්ඩ් භාරයේ තබා ගැනීම.
තම පාක්ෂිකයින්ට විරුද්ධව ගොනුකෙරුණු කිසිම පැමිණිල්ලක් එලෙස විභාගයට නොගැනීමට බලපෑම් කිරීම.

විරුද්ධ පක්ෂය විනාශ කිරීමට නොයෙක් මඩ ව්‍යාපාර සහ ඉතා නින්දිත අයුරින් බොරු ප්‍රකාශ නිකුත් කිරීම.

රජයේ ඇමතිවරුන් කරුංකා බහලුම් සහ තඹ බහාලුම් රේගුවෙන් නිදහස් කිරීමට බලපෑම් කිරීම. රජයේ බලපෑම් වලට අවනතවීමට නොකැමැති වූ ඉහල රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකූ ඉල්ලා අස්විය.

රටේ කෙරෙමින් පැවතී සංවර්ධන ව්‍යාපෘති 58000ක් නැවැත්වීම මගින් ලක්ෂ 15 කට රැකියා අහිමිකිරීම.

කලින් රජය ව්‍යපෘති සඳහා අනවශ්‍යලෙස වැඩිමුදලක් වැයකර ඇතිබවට චෝදනා කරමින්, යෝජිත සහ අරම්භාකිරිමට නියමිතව තිබු ව්‍යපෘති වල ප්‍රමාණය හා ගුණාත්මක භාවය අඩුකර, අඩු වියදමකින් තම රජය එම ව්‍යාපෘති කරන බවට ප්‍රචාරය කරමින් ජනතාව මුලා කිරීම.

කලින් රජය කල හා කරගෙන යමින් තිබු නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘතීන් ගැන නොයෙක් චෝදනා නගමින් ජනතාව මුලාකරන අතර බහුතරයක් ව්‍යාපෘති තිරය පිටුපස එලෙසම ඉදිරියට යාම.

20 සංශෝධනය, පාර්ලිමේන්තුව විසිරවීමට පෙර සම්මත කිරීමට පොරොන්දු වෙමින් 19 සංශෝධනයට බහුතරයක් වූ විපක්ෂයේ සහයෝගය ලබාගත්තද අලුත් මැතිවරණ ක්‍රමය තමනට අවාසි විය හැකි බැවින් ප්‍රයෝගකාරිව එය මග හැරිම.

රට දෙකඩ කිරීම

බෙදුම් වාදයට ඉඩ දෙමින් රට දෙකඩ කිරීමේ පිඹුරු පත් රහසිගතව හා එළිපිටම සකස් කරමින් අසීරුවෙන් දිනාගත් දේශය නැවත කොටස් වලට බෙදා විදේශ රාජ්‍ය වල අභිමතාර්ථයන් ඉටුකරගැනීමට අවිචාරශිලිව ඉඩ හැරීම.

ත්‍රස්තවාදීන් විනාශකිරීමේ පෙරමුණගත් නායකයින් සහ රණවිරුවන් යුධ අපරාධ අධිකරණ වලට යොමුකිරීමේ නිර්ලජ්ජිත උත්සාහයන්හි නිරත වීම.

නැගෙනහිරට මුස්ලිම් පරිපාලන දිස්ට්ර්හික්කයක ලබාදීමට පොරොන් දුවිම මගින් තවදුරටත් රටේ ඒකීය භාවය තර්ජනයට ලක්කිරීම.

නැවත බලයට පත්වූ විට ව්‍යවස්ථාව වෙනස් කරන බව පුන පුනා කීවද එහි කුමන කරුණු අඩංගුවන්නේදැයි නොපවසමින් රටබෙදීමේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එම පිළිබඳව ජනතාවගෙන් වසන් කිරීම.

මහා බැංකු වංචාව

මේ සියලු වංචා දුෂණ අතර විශාලම වංචාව වනුයේ බැඳුම්කර මගඩියයි.

ව්‍යවස්ථා විරෝධිව මුදල් අමාත්‍යංශය අගමැති යටතට පත් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ විරුද්ධත්වය මත දුෂණ චෝදනා වලට ලක් වුවකු සහ විදේශ පුරවැසියෙකු මහබැංකු අධිපති ලෙස පත් කිරීම.
 

මහබැංකුවේ අධිපති සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාප නායකයන් කුමන්ත්‍රණය කිරීමෙන් මහබැංකු අධිපතිගේ බෑණනුවන්ට අයත් ආයතනයකට (Perpetual Treasuries) වැඩි පොලි අනුපාතයකට රුපියල් බිලියන ගණනක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කර ලංකා ඉතිහාසයේ විශාලම බැංකු කොල්ලය සහ මුල්‍ය වංචාව සිදු කිරීම. මෙම ගනුදෙනුව මහින් රජයට දැනට වි ඇති පාඩුව රුපියල් කෝටි 5900ක් බව කියවේ. මේ මුදල ඉතිරි වුවානම් තවත් විශාල සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් කරන්නට ප්‍රමාණවත් වේ.

මෙම චෝදනාව විනිශ්චය කිරීමට එජාපයේ නීතිඥයින් තිදෙනෙකු පත් කිරීම. එම කමිටුවේ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම. එය නැවත විමර්ශනය සඳහා පත්කළ COPE කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැළැක්වීම.

මේසා විශාල මුල්‍ය වංචාවක් පිළිබඳව විමර්ශනය කිරීමට තමන් විසින්ම ස්ථාපනය කරන ලද මුල්‍ය අපරාධ විමර්ශන අංශයට යොමු නොකිරීම. ඒ සම්බන්ධ කිසිම කෙනෙකු අත්අඩංගුවට නොගැනීම.

මේ එජාපයේ ඔබ නොදන්නා හෝ අමතකවී ඇති පැටිකිරියෙන් කොටසකි. අද සාධාරණ සමාජයක්, පිවිතුරු හෙටක්, අලුත් පරපුර, පුරවැසි බලය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ආදී මෙකි නොකී නම්වලින් ප්‍රකාශවන විදේශ මුදල් මත යැපෙන සිවිල් සමාජය යැයි කියාගන්නා නරුමයින් ජනවාරි 8 වෙනිදා මෙවන් දුර්දාන්ත පාලනයක් නැවත ඇතිකිරීම වෙනුවෙන් ආරම්භක වෙඩිමුරය තබන ලදී. දැන් ඔවුන් මේ කැසකවන්නේ අගෝස්තු 17 දා එම දුර්දාන්ත පාලනය තවදුරටත් තහවුරුකර ගැනිමටය. තරුණ පරපුර මේවා නොදනී. වැඩිමහලු සමහරුනට මේවා අමතකය. මේ තත්වය සිවිල් සමාජ නමැති නරුමයන්ට පාළුගෙයි වළං බිඳින්නට අපුරු තෝතැන්නක් නිමවයි. ඊනියා අන්තර් ජාතික ප්‍රජාව මේවා නොදන්නවා නොවේ. මේ ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කරගන්නා ක්‍රමවේදයයි.

ඒකීය රටක විවිධ ජාතින් එකට සමගියෙන් ජීවත් වීමට කැමති පුරවැසියන් විසින් මේ දුර්දාන්ත බලවේග පරාජය කර දැමීමට ඉටා ගත යුතුය. අමතක වි ඇති අතීතය මතක් කර ගනිමින්, නොදන්නා වුනට ඒගැන කියාදෙමින්, නිදා ඉන්නවුන් අවදිකරමින් අගෝස්තු 17 වෙනිදා එජාපය පරාජය කිරීමෙන් මෙම රටට අහිතකර බලවේග සදහටම පරාජය කර සීග්‍රයෙන් සංවර්ධනය කරා යන නොබෙදුණු රටක් වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කිරීමට ඉටාගත යුතුය. ඔබගේ දුවා දරුවන් වෙනුවෙන් අප අත් විඳි බියකරු අත්දැකීම් ඊටත් වඩා බියකරු ලෙස ඔවුන්ට පවරා දිමට ඔබ අකමැතිනම්, ඔබ නිවැරදි තීරණය ගෙන අගෝස්තු 17 දා එජාපය පරාජය කල යුතුය. එසේ නොවුනොත් පසුතැවිලිවිමට සිදුවන අතර එය ආපසු හැරවීමට නැවත අවස්තාවක් නොලැබෙනු ඇත. මේ අප සතු වූ අන්තිම අවස්ථාවයි. එය ඥානවන්තව ප්‍රයෝජනයට ගන්න. තීරණය ඔබ සතුයි.

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions