7/13/2015

ගොඩ එන මග

කතෘ:යුතුකම     7/13/2015   No comments

පක්‍ෂ දෙකකින් අගමැතිවරයා හා ජනපතිවරයා පත්වීම නිරන්තර ප්‍රතිපත්ති ගැටුම්වලට, කඹ ඇදීම්වලට හා අස්ථාවර දේශපාලන වටපිටාවකට මග පාදන බව මෙරටට අමුතුවෙන් කිව යුත්තක් නොවේ. වත්මන් දින 200 රනිල්-මෛත්‍රී ආණ්ඩුව යට‍තේ ම එම කඹ ඇදීම ආරම්භ විය. වරක් ජනපති මෛත්‍රී ප්‍රකාශ කළ පරිදි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවීමේ ගැසට් නිවේදනය ගැන රනිල් විසින් ජනපතිවරයා දැනුවත් කර තිබුණේ නැත. මෙය බරපතළ තත්වයකි. මේ අතර, රනිල්-චන්ද්‍රිකා යුගයෙහි ද මෙය සිදුවනු අපි ඇස් පනාපිට ම දුටුවෙමු. විධායක ජනපතිනිය වූ චන්ද්‍රිකාගේ කිසිදු අනුදැනුමකින් පවා ‍තොරව කොටි සමග සාම ගිවිසුම් වැනි බරපතළ පියවරකට යෑමට එවර රනිල් කටයුතු කළේ ය. එහි දී ඇති වූ දේශපාලන අස්ථාවරත්වය රටේ ආර්ථික ගමන් මග ද විශාල ලෙස අඩපණ කළ අතර විකිලීක්ස් හෙළිදරව් කිරීම්වලට අනුව, රනිල් විසින් චන්ද්‍රිකා මෙල්ල කිරීම සඳහා මිලින්ද මොරගොඩ ඇමරිකාවට යවා එහි රාජ්‍ය ලේකම්ගෙන් ලිපියක් පවා ගෙන්වා ගන්නේ ය.

නූතන රාජ්‍යයේ දේශපාලන මැදිහත් වීම මගින් අපේක්‍ෂා කරන්නේ රටක් ස්ථාවර පාලනයකට නතු කිරීම ය. මන්ද දේශපාලන ස්ථාවරත්වය හා ආර්ථික ස්ථාවරත්වය යනු එකක් මිස දෙකක් නොවන නිසා ය. ජනවාරි 08 න් පසු මෙම අත්‍යාවශ්‍ය සාධකය අහිමි වූ අපි දැන් සිටින්නේ අරාජික ආර්ථික දේශපාලන මොහොතක බව ‍තේරැම් ගත යුතු ය. රටේ ආර්ථික වර්ධන වේගය, රුපියල හා කොටස් වෙළදපොළ සීඝ්‍ර ලෙස කඩා වැටෙන්නේ එහෙයිනි. මේ සියල්ල රැකියා නිෂ්පාදය ආදි තරුණ පරම්පරාවට ඉතා හානිදායක අඩවියකට රට රැගෙන ගොස් තිබේ. මීට මාස 7කට පෙර වැඩ බිමක් වූ රට මුඩු බිමක් වී තිබේ.එහෙත් මේ වසර පුරාවට ම ලබා ගැනීමට නියමිත වූ රාජ්‍ය ණය සීමාවෙන් සියයට 96ක් මේ රජය විසින් දැනටමත් ලබා ගෙන තිබෙන බව ඔබ සිතුවා ද? ඒ සංවර්ධන කටයුතු සඳහා නම් නොවේ. එහෙත් වත්මන් රජයේ ආර්ථික කළමනාකරනයේ බරපතළ හිල් වසා ගැනීම සඳහා ය.

අප මින් ගොඩ ආ යුතු ය. සෙසු සියළු කාරණාවලට අමතර ව මහින්ද අගමැති කළ යුත්තේ මේ දෙයාකාර ස්ථාවරත්වය නැවත කැඳවනු පිණිස ය. මහින්ද යුගය තරම් දේශපාලනික ව ස්ථාවර යුගයක්, එක් ඉලක්කයට ගමන් කළ යුගයක් මේ මෑත ඉතිහාසය තුළ මෙරට නොවිය.රටක දියුණුවට එය පමණක් ම සැහේ. මේ ලාභ දේශපාලන සටන් පාඨවලින් ඔබ්බට පුරවැසියා සිය චින්තන ශක්තිය මෙහෙය විය යුතු කාලයකි.

-මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions