7/15/2015

කෙම්මුර වදන 2015 ජූලි 15

කතෘ:යුතුකම     7/15/2015   No comments

ජූලි 15 ජූලි 15 වැනිදාට පෙර විධායකය අහෝසි කරන බවට චන්ද්‍රිකා රටට පොරොන්දු වී වසර විස්සකි. තවමත් විධායක විහිළුව මැතිවරණවලදී නැතිවම බැරිය. වසර විස්සකට පසුව පික් පොකට් අගමැතිවරයා අගමැතිකම පික් පොකට් ගසන ලද්දේද විධායක විහිළුවට මුවා වෙමිනි.

බිත්තියක හර්ද සාක්ෂිය

දේශයේ හෘද සාක්ෂිය යනුවෙන් ජවිපෙ රට පුරා පෝස්ටර් අලවා තිබේ. එහෙත් ඔවුන්ට දේශයේ හෘද සාක්ෂිය වීමට ඇති එක් බාධාවක් වන්නේ හෘද සාක්ෂියක් නොමැති තමන්ගේම නායකත්වයය. වසර ගනනාවක් පුරා ජවිපෙ පෝස්ටර් උසුලා සිටි බිත්තිවලට අත් පා ලැබුණේ නම් ඔවුන් ජවිපෙ සාමාජිකයන් සමග පැමිණ ඇවිදින බිත්ති වැනි එහි නායකයන්ට හදවත් ලබා දීමට පෙරමුණ ගනු නොඅනුමානය.

ජවිපෙ කැපකිරීම්

ජවිපෙ යනු නිතර කැපකිරීම් ගැන කතා කරන පක්ෂයකි. එහෙත් ඔවුන් කිසිදු කැපවීමක් නොකරන එකම කටයුත්ත වන්නේ තමන්ට වැරදී ඇත්තේ කොතනද? තමන් හැමදාම එකම තැන සිටින්නේ කුමක් නිසාද? යන කාරණා සිහි බුද්ධියෙන් විමසා බැලීමය. කවදා හෝ ඒ කැපකිරීම කළ නොහැකි නම් කැපකිරීම් පරිත්‍යාග ගැන කරන කෙළවරක් නැති නන් දෙඩවීම් බීරි අලියාට යහපාලන වීණා වැයීම බදු කටයුත්තක් වන බව නොකිව මනාය.

චම්පිකගේ අමුඩය

රනිල්ගේ නවලිබරල් අතීසාරයට ජාතිකවාදී අමුඩයක් ගැසීමට පාඨලී චම්පික රණවක ඉදිරිපත්ව තිබේ. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී චම්පිකගේ ජාතිකවාදී අමුඩය කීතු කීතු වී ගිය බැවින් මේ දිනවල රනිල් වෙනුවෙන් ජාතිකවාදී පොල් මුඞ්ඩක් හෝ සොයා ගැනීමට චම්පික දිවා ? වෙහෙසෙමින් සිටින බව හෙළ උරුමයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

බලය සහ බලය

රට හැදීම සඳහා බලය අවශ්‍ය බව ඇත්තක් වුවද බලය හැදීම සඳහා රට අවශ්‍ය යැයි කල්පනා කිරීම විනාශයට හේතුවකි. රට උගසට තබා බලය උපයා ගත හැකි වුවද එසේ උපයා ගන්නා බලය ඉතා ඉක්මනින් නැති නාස්ති වී යයි. අවාසනාවට කාරණය වන්නේ මහින්ද ඇතුළු අපේ බොහෝ දේශපාලන නායකයන් මේ කාරණය වටහාගැනීමට අසමත් වීමය.

විවා කියුබා… විවා පිදෙල්

පිදෙල් කස්ත්‍රෝ යනු යම් අධිකාරීවාදීත්වයක්ද සහිතව දිගටම බලයේ රැදී සිටි නායකයකු වුවද ඔහු ඒ බලය භාවිතා කළේ තමා උදෙසා නොව රටේ සුභ සිද්ධිය උදෙසාය. ඇමරිකාව සිය දහස් වතාවක් ඔහුව ශාරීරිකව මෙන්ම දේශපාලනිකවද ඝාතනය කිරීමට උත්සාහ කළේය. කස්ත්‍රෝගේ පාලනය පෙරළා දැමීම සඳහා නොයෙක් උපක්‍රම අත්හදා බැලූවේය. 1959 සිට මේ දක්වාම ඇමරිකාව ඒ සඳහා වසරකට විශාල මුදලක් විය පැහැදම් කරන්නේ මයාමිවල වෙසෙන කියුබානු ඩයස්පෝරාවේද නොමද සහාය ඇතිවය. ඒ අතින් කියුබාව අපට වඩා බොහෝ බලවත් ලෙස බටහිර විජාතික කුමන්ත්‍රණවලට මුහුණ දෙන රාජ්‍යයකි. එහෙත් කස්ත්‍රෝගේ අභිමානවත් දේශය තවමත් නොනැසී පැවතීමට එක් හේතුවක් වන්නේ කස්ත්‍රෝ බලයේ ස්වභාවය හො`දින් දන්නා මුත්, එහි නොඇලූනු සරල අල්පේච්ඡ නායකයෙක් වීමය.
 

චේ සහ මහින්ද

චේ ගුවේරාගේ ඡායාරූපයක් බිත්තියේ අලවාගෙන සිටින ඔබ මහින්ද වෙනුවෙන් පෙනී සිටින්නේ මන්දැයි මිත්‍රයෙක් මගෙන් විමසා සිටියේය. මට පිළිතුරු තුනක් තිබිණි. එකක් වන්නේ චේ ගුවේරා වැනි නායකයකු ලංකාවේ නොසිටීමය. අනෙක චේ ගුවේරාගේ පොටෝ අලවා ගනිමින් රනිල් දිනවීම කළ නොහැක්කක් නිසාය. චේ ගුවේරා ලංකාවේ ජීවත් වූයේ නම් තමන්ට තීරණාත්මක දෙයක් කළ නොහැකි මොහොතක චේ ගුවේරාගේ සහයෝගයද මහින්දට මිස මෛත්‍රී වෙස්ගත් රනිල්ට හිමි නොවන බව මා දන්නා නිසාය.

නිදහසද? කෙවිටද?

ලාංකේය පන්නයේ යූඇන්පී වාමාංශිකයන් කියුබාවේ ජීවත් වුයේ නම් ඔවුන් ඒකාධිපති කස්ත්‍රෝ රෙජීමයට එරෙහිව ඇමරිකාව සහ එන්ජී ඕ කාරයන් සමග එක්වී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, නිදහස් සාධාරණ ඡන්ද ආදිය ඉල්ලා උද්ඝෝෂණ අරඹනු ඇත. ඇමරිකාවෙන් කියුබාවට කිසිදු තර්ජනයක් නැති බවත් එය ක්‍රස්තෝ විසින් මවා ඇති බොරු බිල්ලෙක් බවත් කියුබානු ජනතාවට පැහැදිලි කර දෙනු ඇත. වාමාංශිකයන් අරගල කළ යුත්තේ සමාජවාදය උදෙසා වුවද ලංකාවේ සමාජවාදීන් අරගල කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදෙසාය. නිකම්ම ප්‍රජාතන්ත්‍රවාදයද නොව ඕනෑම ගොනෙකුට ඕනෑම ගොන් වැඩක් කිරීමට නිදහස දෙන ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසාය. ඒ නිසාම ඒ වර්ගයේ ගොනුන් පාලනය කිරීම සඳහා බලය නැමති කෙවිට නිසි පරිදි හසුරුවන නායකයෙක් අපට අවශ්‍ය වෙයි. නිදහස පමණක් නොව කෙවිටද වැදගත්ය. ලංකාව වැනි රටක් ගොඩනැගීමට නම් නිදහසට වඩා කෙවිට අවශ්‍ය වන බව දින දින පෙළගැසෙන සිදුවීම් විසින් අපට පැහැදිලි කර දෙයි.
 

-ඉසුරු ප්‍රසංග 
උපුටා ගැනීම Lanka Lead News වෙබ්අඩවියෙන්

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions