7/18/2015

කිඹුල් තොවිලය

කතෘ:යුතුකම     7/18/2015   No comments

කොවුලාට කෙවිලිය. වවුලාට වැවිලිය. බළලාට බැළලිය. කිඹුලාට කිඹුලිය. කිඹුලාද ඉන්නේ ගං ඉවුරක හිරු රැස් තැප තැප එළිපත්තේය. මැතිවරණ සමයේ සමහර දේශපාලඥයෝ ඉන්නේ වැට උඩය. අවස්ථාව උදාවන තුරු මනාපය දෙන්නට ජනයාද සිටිනු‍යේ කුඩ මස්සක උඩට එනතුරු කොකා තපස් රකිනවා වාගේ ඉවසීමෙන් බලාගෙනය. දැන් උදා වෙමින් පවතින්නේ එම සංක්‍රාන්ති සමයයි.

මහින්ද චින්තනය වෙනුවෙන් ඉදිරිපත්වී 2010 මහා මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පත්වූ සන්ධාන මන්ත්‍රීවරුන් 39 දෙනෙක් ඉකුත් මාස 5ක පමණ කාලයක් වරදාන ලබාගෙන සභාගයට කොක්ක ගැසුවෝය. තමා කළේ කොලේ ඉරා ගන්නවා හෙවත් තමන්ගේ ගෞරවය නැතිකරගත් වැඩක් බව තේරුනේ මහ ඡන්දයක් පැමිණි විටදීය. දැන් ඡන්ද දායකයින්ට කොලේ වහලා බැරිය. අප්පච්චි මලෝ කියා අපහාස උපහාස කල මොවුන්ගෙන් ඇතැමෙක් පිටට ගොස් දැන් විවිධ හේතු කාරණා කියා යළි මහ ගෙදරට පැමිණ සිටිති. ‍රජ වුනත් බකුසා බකුසු ගති නාරියි කියා කිව හැක්කේ කවරෙකුටද?

ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව යටතේ ජනතාව භුක්ති වින්දේ සිවලාගේ ඒකාධිපතිවාදයකි. ප්‍රේමදාසගේ එජාප ආණ්ඩුව යටතේ ජනතාව භුක්ති වින්දේ ම්ලේච්ඡ ඒකාධිපතිවාදයකි. 'යහපාලන' ආණ්ඩුවේ දින 168ක් තුළ භුක්ති වින්දේ ආඬි හත්දෙනාගේ නරුම ඒකාධිපතිවාදයකි. අරවාදය, මේවාදයට අමතරව යහපාලන වාදයේ, මරු පාලනය පිළිබදවද අප කාටත් තේරෙන බසින් කථා කරමු.

හොරු හොරු කිව්වාට අල්ලපු හොරෙක් නැත. අභූත චෝදනා ගොනුකොට නඩු දුසිම් කාලක් දැම්මද වැඩක් නැත. නටපු නැටමකුත් නැත. බෙරේ පළුවකුත් නැත. හොරු හොරු කියා සෙසු අයට චෝදනා කරන්නේ කම්බ හොරුය. මේවාට කියන්නේ කිඹුල් තොවිලය කියාය.

විවිධ චෝදනා හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සජින් වාස් ගුණවර්ධන, සරණ ගුණවර්ධන, දුමින්ද සිල්වා, මර්වින් සිල්වා යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාම යෝජනා ලබා නුදුන්නෝය. මර්වින් සිල්වාගේ ඉහළ සහ පහළ වැඩ කිඩ දන්නා නිසා අපට කථා නැත. එහෙත් බලපිටියේ සජින් වාස්ද අත්තනගල්ලේ සරණ ගුණවර්ධනද කොලොන්නාවේ දුමින්ද සිල්වාටද තවමත් ඇත්තේ චෝදනා පමණි.

'යහපාලන' ආණ්ඩුව චෝදනා කරන්නේ සරණ ගුණවර්ධන වෙනුවට ඔහුගේ බිරිඳ මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමද යහපාලනයට අකැප බවය. මේවා කියන්නේ එජාපයය. නෝනලා, අක්කලා සහ නංගිලා පමණක් නොව බුරුත පිටින් පවුල් එවැනි දේට යොමු කිරීමේ පූර්වාදර්ශය දුන්නේ එජාප ආණ්ඩුවයි. ප්‍රථමයෙන්ම කොටහේන එජාප නාගරික මන්ත්‍රී ලෙස්ලි පෙරේරා 50 දශකයේ අල්ලස් චෝදනාවකට වැරදිකරු විය. එජාප ආණ්ඩුව එයට පත්කලේ ඔහුගේ බිරිඳය. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිධූරය දැරූ 1977 පත්වූ එජාප ආණ්ඩුව යටතේ රත්තරන් පොලු හොරකම කෙරුණේ මහා දවල්ය. එයට වැරදිකරු වූයේ හේවාහැට එජාප මන්ත්‍රී අනුර ඩැනියල්ය. හොරකමට වැරදිකරු වූ පසු ඔහුට ඉල්ලා අස්වන්නැයි කිවූ එජාප ආණ්ඩුව ඔහුගේ වැඩිමහල් සොහොයුරිය වූ ශ්‍රියානි ඩැනියල් චිට් මන්ත්‍රී කමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට පත් කළේය. අනුර ඩැනියල් 1977දී පත්වූ ලාබාලතම එජාප මන්ත්‍රීවරයාය. පොඩි මන්ත්‍රී පුතාගේ වැඩ එසේනම් අන් අය ගැන කවර කථාද?

මෙවර මහා මැතිවරණයට ඉදිරිපත්වී ඇති එජාප අපේක්ෂකයින්ද හොද හොද සෙල්ලම් කර ඇති අය වෙති. මිනී මැරුම් චෝදනා වලට ලක්වූ පුද්ගලයෙකු 'යහපාලන' ආණ්ඩුවේ නීතිපතිගේ උපදෙස් මත නිදහස්ව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එජාපයේ යහපාලන බැනරය යටතේ මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට නාමයෝජනා බාරදී ඇත. වසර 2001 දෙසැම්බර් 5 වැනිදා ගීකියනලාගේ කුමාරසිංහගේ මරණය සිදු කිරීම සම්බන්ධයෙන් මුදිත පුෂ්පකුමාර, තුෂාර සම්පත්, නන්දසිරි වනිගසුන්දර, ඉදුනිල් අමරසේන, ප්‍රීති පුෂ්පකුමාර යන චූදිතයන්ට ‍එරෙහිව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුවිය. නඩුව 2008 පෙබරවාරි 22වැනිදා අවසන් කර මහාධිකරණයට තබන ලදී.

ජේෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් 2015 ජනවාරි 26 වැනිදා ලිපියක් එවමින් කියා ඇත්තේ අපරාධ නඩු විවිධාන සංග්‍රහ පනතේ 401 වගන්තිය යටතේ බලතල අනුව මහාධිකරණයට තැබීමෙන් නියෝගය නිෂ්ප්‍රභා කරන අතර චූදිතයින් නඩුවෙන් නිදහස් කරන ලෙස විධාන කරන බවය. කුළියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදි 2015 මාර්තු 30 වැනිදා එම නියෝගය චූදිතයින්ට කියා දෙන ලදී. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ මේවාටය.

ගම්පහ දිස්ත්‍රික්කයට එජාපයෙන් නාම යෝජනා භාර දී ඇති මීගමුව එජාප සංවිධායක රොයිස් පෙරේරාට එරෙහිව අධිකරණයේ විභාග වන නඩු සංඛ්‍යාව දුසිම් භාගයකට වැඩිය. ඒවා තවමත් අධිකරණයේ විභාග වන චෝදනා බව සැබෑය. සන්ධානයේ නාම යෝජනා අහිමිවූ අපේක්ෂකයින්ටද තවම ඇත්තේ චෝදනා පමණි. 'යහපාලන' පෙරමුණේ ඇතැම් අපේක්ෂකයින්ගේ පැටිකිරිය එසේය.

විදේශ රැකියා ඇමතිනී තලතා අතු‍‍කෝරාල ඉකුත් දා කියා සිටියේ රට ගොඩ නඟන්නට ජේ.ආර්. යුගයක් නැවත ඇති කරන බවය. ජේ.ආර්.ගේ ආණ්ඩුවේ කෙරුවාව සහ ධර්මිෂ්ඨ සමාජය යළි ඇති කලහොත් රටට අඹ සරණය.

අලි මදිවට හරක් කීවාක් සේ ක්‍රීඩා ක්ෂේත්‍රයේද අවුල් රැසකි. ඇමති නවීන් දිසානායක කටයුතු කරනුයේ ගෙදර ගියොත් අඹු නසී, මඟ සිටියොත් තෝ නසී න්‍යායෙනි. 'යහපාලන' ආණ්ඩුව නව රෙගුලාසි යටතේ පැවැත්වූ මළල ක්‍රීඩා. ජල ක්‍රීඩා, ශ්‍රී ලංකා රග්බි සංගම් නිලවරණ ඇතුළු නිලවරණ කිහිපයක් අන්තර් ජාතික මව් සංගම් කිහිපයක් විසින් දැනටමත් ප්‍රතික්ෂේප කොට තිබේ. සාමාජිකත්වය අහිමිවීමේ අවධානමක්ද ඉදිරියේ ඇත. ‍වොලිබෝල් සම්මේලනය අරාජිකය. මේ යන්නේ වෙනස් පාරකය. අවස්ථාවෙන් ඵල නෙලීමකි.

'යහපාලන' ආණ්ඩුව යනු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ගොඩනැගූ සංවර්ධන ව්‍යාපෘතින් විවෘත කරමින් ඒවාට අවලාද නගන පාලන තන්ත්‍රයකි. තාක්ෂණික විද්‍යාගාර හැදුවේ සැලැස්මක් ඇතිවය. එහෙත් අද ගුරුවරු නැත. විෂය මාලා සහ වැඩසටහන් නතර වී ඇත. විද්‍යාගාර විවෘත කිරිමෙන් පසු ඒවායේ අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට සරසවි ඩිප්ලෝමා දක්වා වැඩිදුර අධ්‍යාපනය ලබාදීමේ සැලැස්මක් එදා තිබුණේය. අද ඒවා ක්‍රියාත්මක නොවේ.

හම්බන්තොට වරායට දොස් දෙවොල් තබමින් මාගම්පුර වරායේ දෙවන අදියරේ ඉදිකිරීම් අවසන්ව ජලය පුරවන්නේ ඇමති අර්ජුන රණතුංග විසින් උත්සවශ්‍රීයෙනි. කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ලය. නැව් එන්නේ නැතිනම් පට්ට අලාභනම් වරායට වතුර පුරවන්නේ අහවල් එකටදැයි ඇසිය යුතුය. මෙගා සංවර්ධනය පිළිබදව ප්‍රකාශ කල සියළු චෝදනා මෙගා මිත්‍යා මත බව දැන් පැහැදිලිය.

ගැබිණි මව්වරුන් සදහා මසකට දෙන රුපියල් 2,000ක් වටිනා පෝෂණ මල්ල පිළිබදව චෝදනා රැසකි. ඇතමක බිත්තර කුණුවෙලාය. කඩල කල් ඉකුත් වී ඇත. සහල්වල පණු කැදලිය. සමහර ආහාර භාවිතයට ගැනිමටද නොහැකිය. ඇමතිනී රෝසිට නම් ගැනීමට නම් පැනඩෝල් හෝ ඇත. මෙහෙම ගියොත් ජනයාට ගැනීමට සිදුවනු ඇත්තේ පොලිඩොල්ය.

රූපවාහිනී විවාද වල තර්ක කරන්නේද ෆැට් න්‍යායෙනි. කතා කරන්නේ බැනියමේ හිල් ගැනය. ගද සපත්තු ගැනය. පොත් සාප්පුව ඉදිරිපිට සිටින ලිංගික සේවිකාවන් ගැනය. මේවා බොරු මවාපා ප්‍රතිවාදියාට අවමන් කරවන පහරදීම්ය. රටේ සංවර්ධනය ඉකුත් මාස 6 තුළ අත්වී ඇත්තේ ඛේදජනක ඉරනමකටය. මහා පරිමාන ව්‍යාපෘති පමණක් නොව කුඩා පරිමාන ව්‍යාපෘතිද අතරමග නැවතී ඇත. විරැකියා ප්‍රශ්ණය ඉහළ ගොස්ය. මහින්ද රාජපක්ෂ සමඟ මුහුණට මුහුණ සටන් කරන්නේ 2005 වසරේ ඔහු සමඟ සටන් කර පැරදුණු රනිල් වික්‍රමසිංහය. මහින්ද රාජපක්ෂ පැරදී ඇත්තේ එක්වරක් පමණි. ඒ ඉකුත් ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයේදීය. උතුරේ දෙමළ ඡන්ද හෝල් සේල් ක්‍රමයට වැටීම නිසා එම පරාජය සිදුවූ බව විවෘත රහසකි. රනිල් වික්‍රමසිංහ මෙවර අගමැති වූයේ පික් පොකට් ආණ්ඩුවකිනි. රනිල් 29 වරක් පරාජයට පත්වූ නායකයෙකි.

රටට අති මහත් තර්ජනයක් ඇති බව පැහැදිලිය. සැබෑ අභියෝගය දූෂණ හෝ අක්‍රමිකතා නොවේ රටේ පැවැත්ම පිළිබදව අවදානමය. දූෂණ අක්‍රමිකතා සිදුකරන අයට එරෙහිව හෝ කටයුතු කරන්නට රටක් තිබිය යුතුය. මීලඟ මහ මැතිවරණයේදී ඇත්තේ පිල් දෙකකි. මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන සන්ධානය සහ රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එජාපයයි. සන්ධානය තුළ දැන් බෙදීම් නැත. ඇත්තේ එක් මෙහෙයුම් නායකයෙක් පමණි. ඒ මහින්ද රාජපක්ෂ පමණි.

-ධර්මන් වික්‍රමරත්න

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions