පසුගිය ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා වශයෙන් තෝරා ගැනීමට වසරකට දෙකකට පමණ පෙර සිටම මහින්ද විරෝධී රැල්ලක් මෙරට නිර්මාණය කර තිබිනි. මහින්දට විරුද්ධ වන අපේක්‍ෂකයා කවුරුන්දැයි නොදැන වුවද ඒ ප්‍රචාරක රැල්ල මඟින් සමාජයේ සැලකිය යුතු පිරිසක් මහින්දට විරුද්ධව ඡන්දය දීම සඳහා පෙල ගස්සවා තිබිනි. පොදු අපේක්‍ෂකයා මෛත්‍රීපාල සිරිසේන ලෙස ජනතාව හඳුනාගත්තේ පසුගිය නොවැම්බර් මස විසි එක් වෙනිදාය එනම් ඡන්දයට මාස එක හමාරකට පමණ පෙරය. නමුත් ඔහුට ඡන්දය දුන් අයවත් නොවැම්බර් මස විසි එක් වෙනිදාට පෙර දිනකදී මෛත්‍රීපාල සිරිසේන ඉල්ලමින් සිටියේ නැත. මෛත්‍රීපාල සිරිසේන ජනතාව ඉල්ලු නායකයෙක් නොව අවසන් මොහොතේ ජනතාගේ ඇඟේ ගැසූ දේශපාලකයෙකි. නමුත් මහින්ද විරෝධී රැල්ල නිර්මානය කල බෙදුම්වාදීන් ජනවාරි 8 දා කෙරුනැයි සැලකෙන විප්ලවයක නායකයා ලෙස හඳුන්වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එසේ සැලකීම විසුළු සහගතමුත් ඊනියා විප්ලවවාදීන් එසේ සිතන්නේ විප්ලවය ඔවුන්ගේ මිස පොදු ජනතාවගේ නොවන නිසා විය යුතුය.
එක්සත් ජාතික පක්‍ෂය විසිනම වතාවක්ම පරාජය කරා මෙහෙයවූ රනිල් වික්‍රමසිංහ ඒ විප්ලවයේ නායකයා ලෙස පත් නොකෙරුනේ පරාජය නියත බව විප්ලව කාරයින් අවබෝධ කරගෙන තිබුනු බැවිනි. එහෙයින් රනිල් වික්‍රමසිංහ ජනතාව නොඉල්ලූ නමුත් ජනතාවගේ ඇඟේද නොගැසුනු දේශපාලකයා බවට පත්වීමට වාසනාව ලැබීය.
අදටත් ජනතාව රනිල් වික්‍රමසිංහ ඉල්ලන්නේ නැත. මෛත්‍රීපාල සිරිසේනට ජනවාරි 8 දා තිබුනු ඉල්ලුමවත් නැත. වම්පක රණවක, සෝභිත හිමි, රතන හිමි සහ චන්ද්‍රිකා කුමාරතුංග ගැන නොකියන තරමට හොඳය. අද වෙනවිට ජනතාව ඉල්ලන එකම නායකයා මහින්ද රාජපක්‍ෂය. රාජපක්‍ෂ පවුලේ අන් සහෝදරයින්ටද ඒ ඉල්ලුම නැත.
බොහෝ දේශපාලන කුහකයින් මේ ඉල්ලුම මහින්ද රාජපක්‍ෂ විසින්ම නිර්මාණය කරන ලද ඉල්ලුමක් ලෙස හොවා දැක්වීමට උත්සාහ කෙරුනද එය ඔහු විසින් නිර්මාණය කරන ලද ඉල්ලුමක් නොවේ. නායකයෙකු සඳහා එවැනි ඉල්ලුමක් මෙරට ජනතාව තුල කෘතිමව නිර්මාණය කල හැකිව තිබිනි නම් පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙකු තෝරා ගැනීමට තැටමූ තරම් තටමන්නට උවමණා නොවිය යුතුය. පැහැදිලිවම මහින්ද ඉල්ලා සිටින්නේ මෙරට පොදු ජනතාවය.
යහපාලනය යමපාලනයක් විය. රනිල් වික්‍රමසිංහ මෙරට සිදුවූ ලොකුම හොරකම වැසීමට තැත් කලේය. හොරා රට පැන්නේය. පොරොන්දුවූ සහන, ව්‍යවස්ථා සංශෝධන, විනිවිද භාවය, රාජ්‍ය මාධ්‍ය අදේශපාලණික කිරීම, යන කිසිවක් ඉටූ කෙරුනේ නැත. මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබිය දීද ප්‍රතිවාදීන් රාජ්‍ය බලය යොදා මර්ධනය කිරීම නැවතී නැත. මේ සැම එකක් අතරේ බෙදුම්වාදය දියත් කෙරී ඇත. ජනතාව මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලා සිටින්නේ මේ දේශපාලන විකෘතීන් සමනය කර ස්ථාවර දේශපාලන වාතාවරනයක් මෙරට යලි ඇති කරන ලෙසය. අද සිටින යමක් කල හැකි එකම දේශපාලඥයා මහින්ද රාජපක්‍ෂය. ජනතාව එය අවබෝධ කරගෙන සිටී.
යමපාලකයෝ එතැනට පත්වීම සඳහාවත් කිසියමක් කලවුන් නොවූහ. ඇමෙරිකාව ඉංදියාව සහ අනිකුත් විදේශ බලවේග ඔවුනට එය කර දුනි. පත්වූ පසුද යමපාලකයින්ට කිසි යමක් කරගත නොහැකි විය. මේ නොහැකියාව විශේෂයෙන්ම එජාපයේ සලකුණය. මෑත දේශපාලනයේ එජාපය නමක් දරන්නේ ජවිපෙ තරුණයින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සහ කොටි ත්‍රස්තවාදීන් සමඟ ගිවිසුම් ගසමින් රණ විරුවන්ට අපහාස කිරීම සම්බන්ධයෙනි. ආර්ථික ක්‍ෂේත්‍රයේ එජාපය නමක් දරන්නේ රාජ්‍ය ආයතන විකුණා දැමීම සහ දේශීය කෘෂිකර්මාන්තය බිඳ දැමීම සම්බන්ධයෙනි. එක්සත් ජාතික පක්‍ෂයේ නොහැකියාවට අද සිංහල බෞද්ධ විරෝධී ලිබරල් මතවාදයක්ද එකතුවී ඇත. රනිල් වික්‍රමසිංහ සිංහල බෞද්ධ විරෝධී වුවද එය මෙතෙක් කල් පක්‍ෂයේ මතවාදයක්ව මුල් බැසගෙන නොතිබිනි. නමුත් අද එය සිදුවෙමින් පවතී. උපන්ගෙයි නොහැකියාව සහ ලිබරල් මතවාද යන විකෘත එකතුවෙන් බිහිවුනු දේශපාලන දරුවා නපුංසක දේශපාලනයකි. මහින්ද විරෝධය පිටුපස සිටින්නේ ඒ නපුංසක දේශපාලනයයි.
නපුංසක දේශපාලනය ජාතිකවාදී දේශපාලනයට බියය. ඔවුන් අද පවසන්නේ මහින්ද රාජපක්‍ෂට දේශපාලනය කිරීමට අවස්ථාවක් නොදිය යුතුය කියාය. ඕනෑම අයෙකුට දේශපාලනය කිරීමට අවස්ථාවක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව ඔවුන් නොදන්නවා නොවේ නමුත් නපුංසක දේශපාලනයේ හැටි එහෙමය.
ජනතාවට අවශ්‍ය නම් මහින්ද රාජපක්‍ෂ බලයට ගෙන ඒමට අයිතියක් තිබිය යුතුය. ජනතාවගේ ඉල්ලීමට ගරු කරමින් මහින්ද රාජපක්‍ෂ මැතිවරණයට පිවිසිය යුත්තේ ජාතිකවාදී දේශපාලනයත් නපුංසක දේශපාලනයත් අතර පැහැදිලි බෙදීමක් ඇති කරමිනි.

-වංශපුර දේවගේ ජානක
මගේ රට
මෙයයි සත්‍යය. සමාජයේ ඉහළ සිට පහළට මොළයක් ඇති, රටට ආදරය කරන සෑම කෙනාගේම ඉල්ලීම වෙන කවුරුත් නොව මහින්දයි. ඔහු නොමැති දින 165දී රට නොරටුන්ට ඕනා පරිදි අයාලේ ගිය බව ඕනෑම බත් කන මෝඩයෙකුට පවා තේරේ.
ReplyDeleteඔහුට ඇති ජන ආකර්ෂණය හා ඔහුගේ හැකියාව ගැන ඊර්ෂ්‍යාවෙන් හා තමාට එවැන්නක් නැති නිසා ඔහුට වෛර කරන්නන්ට පමණක් මෙය අදාල නොවේ.
සිරින් සපිරි අපෙ ලක්දිව අසුවුනි යමපාලනයට
ReplyDeleteකෙලින් ඉන්ට නො දී අපට බලේ දුන්නා පරුන් අතට
ඇපත් නැතිව පැරදි හිටපු ටොය්යෝ පිරුණා දියවනුවට
ඔවුන් අතර හිටිය විකට රනිල් කියල කෙනෙක් ජයට
දියවන්නාවෙන් වටවී රටක් හදන තැනේ විස්තර
විපක්ෂයට ඇති මැතිවරු එකසිය හතලිහක් විතර
හතලිස් ගානක් විතරක් ඇති රනිල්ගේ පක්ෂේ මිතුර
හදපු ආණ්ඩුවෙන් දුගඳ හමනවානේ දසත නිතර
එකලා වීරයෙක් උන්නා මහින්ද කියලා රටට
හිතලා වැඩ කරන එතුමා ගැමුණු නමින් පුරසිද්දෙට
ලැබිලා ජනපති තනතුර කොයි කාගෙත් පෙර පිනකට
තිස්වසරක් තිබුණු යුද්දේ ඉවර කරා තුන් වසරට
අල්ලස් දී රට පුරාම රාජපක්ෂ හොරු කියන්නට
විකට රනිල් සිහින දැක්කා අගමැතිකම උඳුර ගන්ට
රට වැසියොත් මුලා වෙලා අනුර රනිල්ගේ බොරුවට
අත දුන්නා මෛත්‍රීයට මහින්ද එලා දාමන්ට
එක්ක ගිහින් යුධ භටයෝ කෑම්ප් වලට කොටු කෙරුවා
කෑම්ප් එකේ ඉඩම් පවා කොටස් වලට වෙන් කෙරුවා
උතුරේ යලි කෙටින්ගේ කොඩි එසවෙන්නට ඉඩ හැරියා
යහපාලන බැටළු හමේ ඇතුලින් නරි හූ කිව්වා
සීඝරයෙන් ඉහල නගින ලෝකෙන් මත් පළමු තැනට
කහල ගෙඩක් වගේ තිබුණ කොළඹ ගෙනාවානේ උඩට
ගෝඨාගේ දුර දැක්මෙන් හැඩවැඩ වුන කෙලොම්පුරට
යහපාලනේ දුන් ඉරණම පුළුවන් ගොස් බලා ගන්ට
රට බේරු නායකයන් නම් කෙරුවා පෝරකයට
සමාව ලැබිලා ජනපති කොටි නායකයෝ එළියට
ලොව වටේන්ම එක එක අය සිහන දකියි ඊලමකට
යහපාලනේ දින සීයයි උගස් කරා අපේම රට
යහපාලනේ කළ විනාසේ එක කටකින් බැහැ කියන්ට
හැමදාමත් සාප කරයි මතු උපදින අයත් අපට
තිබුනානම් තවත් කලක් යමපාලනේ ලංකාවට
සත්තයි රට සින්න වෙනවා පර සුද්දගේ නීති වලට
ලොවක් ඉදිරියේ අභිත සිංහ හඬක් නඟන චතුර
මුළු රටේම මහින්ද යන නාමය ඇහෙනවා නිතර
බයක් නැතිව රටක් භාර දෙන්න සුදුසු කෙනෙක් අදර
වෙනස වෙනස් කරනට දැන් කාලය පැමිණියා මිතුර
ඔය ඕගොල්ලෝ කියන ජනතාව ඉල්ලන එකම නායකයා දෙවැනි පාරටත් ප්‍රතික්ෂේප වුනා නේ ජානක වන්සුප්ර මහත්තයෝ? ප්‍රතික්ෂේප වුනේ නිකන් නෙමෙයි. අර ලක්ෂ පනස් අටෙන් ලක්ෂ දහයක් චන්ද අඩු කරගෙන. මොකද කියන්නේ වන්සපුර මහත්තයෝ? ඕගොල්ලන්ගේ අනාවැකි ඔක්කොම වැරදුනානේ?
ReplyDeleteඇයි පරාජය පිළිගන්ඩ බැරි? ඔහේ ඇමෙරිකාවේ හිටියා නේ සෑහෙන්ඩ කාලයක්? අඩුගානේ ඒ ඇමෙරිකන් සුද්දෝන්ගේ හොඳ ගති ගුණයක් වන පරාජය පිළිගනිම වගේ දෙයක්වත් ඉගෙනගෙන නැහැනේ වන්සපුර මහත්තයෝ?