හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්කිරීම සඳහා ඇමරිකාව බොහෝ උපකාරවූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දඹුල්ලේ පැවති ජනහමුවක් අමතමින් පවසා ඇතැයි වාර්තාවේ. ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර තමන් ඇමෙරිකාවට ගොස් එය ජයග්‍රහණය කිරීම ගැන එහි ආයතනයක මාසයක පමණ කාලයක් එරටදී ඡන්ද පිළිබඳ අධ්‍යයනයකුත්, උපදෙසුත් ලබාගත් බවයි. එසේම මැතිවරණ දිනවීම ගැන විශේෂ දැනුමැති ඔස්ට්‍රේලියානු මිතුරෙකුත් පැමිණ මහින්ද රාජපක්‍ෂ පරාජය කර දැමීමට උරදුන් බවත් පවසා ඇත.
ජේ ආර් ජයවර්දන හා වික්‍රමසිoහ පරපුරේ ඇමෙරිකානු ගැතිභාවය අමුතුවෙන් සඳහන් කලයුතුයයි නොසිතමි. ජේ ආර් ජයවර්දන හැඳින්වූයේ 'යැoකි ඩිකී' කියාය. රනිල් , ජේ.ආර් ගේද ලඟම නෑදෑයෙකි. වික්‍රමසිoහලාගේ ලේක්හවුසිය ජනසතුකිරීමට සාදකවූයේත් එහි ආරම්භයේ සිටම දැක්වූ පරගැති බවය. මට මතක ඇති අන්දමට පනස්හයට පෙර පලවූ එහි එක් පුවත්පතක කාටුනයක සිoහල උගතා වඳුරෙකුට සමානකර තිබිණ.
මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම බටහිරයන්ගේ හා අසල්වැසි ඉන්දියාවේ උපදෙස් මත සිදුවීමක් බව අද රහසක් නොවුවද රනිල්ගේ ඉහත ප්‍රකාශය එම කුමන්ත්‍රණය ප්‍රසිද්ධියේම පිලිගැණීමකි. වෙනත් විදියකින් කියනවා නම් මුහුනක් නැති මුහුනු පොත් මගින් රටේ තරුණ පරපුර බොරුවෙන් මුලාකිරිම, මඞ මාධ්‍යය පුලුල් කිරිම, බල සේනාවන් මගින් සුලුජන කොටස් බිඳවා ඔවුන්ගේ ඡන්ඳ ඩැහැගැනීම, බෙඳුම්වාදීන්ට රහසිගතව පොරොන්දු දී ඡන්ඳ පොදිය වැඩිකරගැනීම, උපක්‍රමශීලීව අවස්ථාවදීන්ගේ සහය හැකිතරම් ලබාගැනීම තුලින් මහින්ද පරාජය කලබවට කිසිදු චකිතයක්, ලැජ්ජාවක් නැතිව මේ බටහිර ගැත්තා උදම් අනයි.
ඔහු නොකී දෑද වෙයි. විසිනම වතාවක් පැරදීත් පක්ෂ නායකත්වයේ එල්ලී සිටීමට උපදෙස් ලැබුනේත්, පස්සා දොරෙන් අගමැතිවන ආකාරය උගැන්නුවෙත් එසේ ලබාගත් අගමැතිකම, තමන් පක්ෂ නායකත්වයේ සිටියාමෙන්, ඉදිරියටත් කෙසේ හෝ රැකගනීමට උපදෙස් දී ඇත්තේත් අන්කවරෙකු නොව ඇමෙරිකාම බවය.
තව දුරටත් ඔහුට බලයේ රැදී සිටීමට සහයවීමට මෙවර තවත් ගැත්තෙක් හා ගැත්තියක් ලබාදී තිබේ. ඒ සිරිසේන හා චන්දිරිකාය. මෙයින් පෙලපතින්ම බටහිර ගැත්තන් වන රනිල්ට හා චන්දිරිකාට කුලය, ධනය, හා බලය අගයන ඇතැම් මහනායකවරුන්ගේ පමනක් නොව මැල්කම් රoජිත් කාදිනල්වරයාගේද ආශීර්වාද නොඅඩුව ලබන්නෝ වෙත්. පෙලපතින් නොවූවත් සිරිසේන අද බටහිර ගැත්තතෙක් වී ඇතේතේ තමාට නොසිතූ විරූ තනතුරක් ලබා දී ඇත්තන් කියන ආකාරයට වැඩ කිරීම හැර අන්මගක් නැති බැවිනි.

වත්මන් ලෝකයේ බලවතා මෙන්ම ආක්‍රමණිකයා වන ඇමෙරිකාවේ පුහුණුව ලත් රනිල් ප්‍රධාන ගැත්තන්ද, රට ගැන නොව තම බඩ ගැන හිතා ඕනෑම ජඩවැඩක් කරන එම ගැත්තන්ගේත් ගැත්තන්ද, අසල්වැසි ඉන්දියාවේ 'රෝ' ඔත්තුසේවාවද යොදවා ලoකාව තම ග්‍රහනයේ තවදුරටත් තබාගැනීමට කළ හැකි සෑම දෙයකම බටහිරයන් විසින් කරනු ඇත.
එබැවින් ලබන මහ මැතිවරණයේදී හා ඉන් අනතුරුවත් සියලු පර ගැතියන් හා ඔවුන්ගේ ගැත්තන්ද හඳුනාගෙන දේශපාලනයෙන් අතුගා දැමීම ස්වාධීනත්වය, ස්වෛරිභාවය හා ඒකීයත්වය අගයන සැමොගේ යුතුකම විය යුතුය.
- එස්.අකුරුගොඩ
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා සිට...
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .