7/08/2015

කෙම්මුර වදන – 2015 ජූලි 8

කතෘ:යුතුකම     7/08/2015   No comments

උපමා කතා

සෑම සාහිත්‍ය සංස්කෘතියකම පාහේ උපමා සහ උපමා කතාවලට වැදගත් තැනක් හිමිව තිබේ. උපමාවක් යනු කිසියම් සිද්ධි දාමයක් සහ ඊට සෘජු සම්බන්ධයක් නැති තවත් සිද්ධි දාමයක් අතර අනුරූපීතා මතු කර පෙන්වන ප්‍රබල සාහිත්‍යමය ව්‍යවහාරයකි. බැලූ බැල්මට එකිනෙකට අසම්බන්ධිත විවිධ විශම වස්තු හා සිද්ධි අතර පුදුමාකාර අනුරූපීතාවක්, ඒකත්වයක් පැවතීම අප වෙසෙන ලෝකයේ නිසඟ ස්වභාවයකි. මේ ස්වභාවය නිසාම යම් සංකීර්ණ හා පැටලිලි සහගත අදහසක් නිරවුල්ව, සංක්ෂිප්තව, ප්‍රබලව හා සිත් කාවදින ලෙස ඉදිරිපත් කිරීම සඳහා උපමා සහ උපමා කතා බහුලව යොදා ගැනේ. උපමාවක අර්ථයටද පූර්ව නිශ්චිත සීමාවක් නොපවතින අතර එය සන්දර්භය අනුව බහු අරුත් මතුකරමින් බස් වහර තුළ සජීවීව ක්‍රියාකාරී වන්නකි. උපමා කතාවලට ඉතා දිගු ආයු කාලයක් හා උත්තර් ඓතිහාසික අර්ථමය ගාම්භීරත්වයක් හිමිව ඇත්තේද මේ නිසාය. ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන්නා සේ යන පිරුළ වර්තමාන සන්දර්භය තුළ රනිල්ගෙන් යහපාලනය ඉල්ලන්නා සේ වැනි අරුතක් සහිතව භාවිත කළ හැකිවීම ඒ පිළිබඳ එක් සරල උදාහරණයකි.

ඊසොප්

ඊසොප් යනු අප අසා ඇති ජනප්‍රියම හා පැරණිම උපමා කතා කාරයෙකි. ඊසොප් ගැන කිසිවක් නොදන්නා අය පවා ඔහුගේ කතා අසා ඇතුවාට සැක නැත. නරියා සහ කේජු කෑල්ල, හාවා සහ ඉබ්බාගේ ධාවන තරගය, බඳුනකට ගල් කැට පුරවා කපුටෙක් දිය පවස නිවාගත් ආකාරය, මගේ මතකයට එන ඊසොප්ගේ උපමා කතා කීපයකි. ළමා කාලයේදී මේ කතා අසන විට ඒවා අපේ රටේ කතාන්දර වන්නට ඇතැයි මා සිතා සිටියද ඒවායේ ඉතිහාසය මට සිතාගත නොහැකි තරම් පැරණිය. ඊසොප් යනු ක්‍රිස්තු පූර්ව 620 සහ 560 අතර කාලය තුළ පුරාණ ග්‍රීසියේ ජීවත් වූ වහලෙක් බව කියැවේ. ඔහු සහ ඔහුගේ බව සැලකෙන කතා ගැන මති මතාන්තර රාශියකි.

කොටි ආ කථාව

කොටි ආවෝ… යැයි නිකරුණේ කෑ මොර දෙමින් ගම්මුන් සමග විහිළුවට ගිය ගොපල්ලාගේ කතාව කවුරුත් අසා ඇති එකකි. ඔහුගේ විහිළුවට දින කීපයක් රැවටුනු ගම්මු කොටියෙක් නැති බව දැන කෝපයෙන් ආපසු ගියෝය. එහෙත් ඇත්තටම කොටියකු ආ දිනයේ ගොපල්ලාගේ පිළිසරණට කිසිවෙකු නාවේ ගොපල්ලාගේ බොරු විහිළුව ගම්මුන්ට තිත්ත වී තිබූ බැවිනි. එහි ප්‍රතිපලය වූයේ බාධාවකින් තොරව ගොපල්ලාවත් ගව රැලත් විනාශ කරන්නට කොටියාට හැකියාව ලැබීමය.

කොටියා සහ විජාතික කුමන්ත්‍රණ

ගොපල්ලා කොටි ගැන කියමින් කෑ ගැසුවාක් මෙන් මහින්දගේ ආණ්ඩුව නිතර කෑ කෝ ගසන ලද්දේ විජාතික බලවේග ගැන කියමිනි. ආණ්ඩුව දිවා රෑ විජාතික කුමන්ත්‍රණ ගැන කියමින් ජනතාව සමඟ විහිළුවට යාමේ ප්‍රතිපලය වුයේ ඇත්තටම විජාතික කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන අවස්ථාවලදී මහින්ද බේරා ගැනීමට ජනතාව නිසි අයුරින් මැදිහත් නොවීමය.
කොටි එන බව කියමින් ගොපල්ලා බොරුවට කෑ මොර දුන් බව ඇත්තකි. එහෙත් එහි තේරුම කොටියාගෙන් ගොපල්ලාට තර්ජනයක් නොමැති බව නොවේ. විජාතික බලවේග ගැන කියමින් ආණ්ඩුවද බාල සෝබනකාර ඝෝෂා නැගූ බව ඇත්තකි. එහෙත් එහි තේරුම මේ රටට විජාතික බලවේගවල තර්ජනයක් නොපවතින බවද නොවේ.

කොන්ත්‍රාත් කාරයන්ගේ උපමා

කොටියා යනුවෙන් භයානක සතෙක් ලෝකයේ නැත. හිටියත් ඌ කියන තරම් නපුරු නැත. ඉඳහිට හෝ ඌ නපුරු වන්නේ හේතු ඇතිවය. විශේෂයෙන් අප වැනි කැහැටු ගොපල්ලන් ගවයින් භක්ෂණය කිරීමට කොටියාට කිසිදු වුවමනාවක්ද නැත. කොටියා ගවයන්ට ආදරය කරයි. කොටියාගේ හිත දිනාගෙන ඌ සමග සාමයෙන් විසීම අපේ වගකීමකි. කොටියා නපුරු සතෙක්ය යන්න විගඩම්කාරී ගොපල්ලන්ගේ අධිපති දෘෂ්ටිවාදයකි. කථිකාමය හෙජමොනික ගොඩනැංවීමකි. ගොපල්ලා තමන්ගේ කුරිරුකම් සඟවා ගන්නේ කොටියෙක් පිළිබඳ බොරු බිල්ලෙක් මවා පෙන්වීමෙනි.
මා ඉහත සඳහන් කරන ලද්දේ මෙරට ඊනියා විකල්ප පණ්ඩිතයන් විජාතික බලවේග ගැන දරන මතය කොටියාගේ උපමා කතාවට ආදේශ කළහොත් කීමට සිදුවන දෑය. මෙරට ඊනියා විකල්ප උගතුන්ගේ ලොකුම කොන්ත්‍රාත්තුව වී ඇත්තේ ලංකාව වැනි කුඩා කාලකන්නි රටකට විජාතික අධිරාජ්‍යවාදී බලවේගවල කිසිදු තර්ජනයක් නොමැති බව දිවා රෑ අපට අවධාරණය කිරීමය. එදා මෙදා තුර මේ පිරිස මේ රට තුළ ඉටුකරමින් සිටින එකම මූලික කාර්යයභාරය වන්නේ කොටියාගේ තර්ජනයක් නැතැයි අපට පවසමින් කොටියාගේ ගොදුරුකරණ ක්‍රියාවලියට මතවාදී පහසුකම් සපයාදීමය. මහින්දගේ දේශපාලන විගඩම්වලට වඩා පරගැති උගතුන්ගේ ප්‍රබුද්ධ මැදිහත්වීම් රටට හානිකර වන්නේ ඒ නිසාය. උපමා කතාවල මා මුලින් කී අර්ථමය ගාම්භීරත්වයට මෙයම අපූරු උදාහරණයක් නොවේද?

අවසානය

උපමාවකින්ම අවසාන කරන්නේ නම් රටට හා මනුෂ්‍යත්වයට ආදරය කරන මිනිසුන්ගේ වගකීම වන්නේ ගොපල්ලන්ගේ මෝඩකම් මෙන්ම කොටියාගේ නපුරුකම්ද මැදහත්ව වටහා ගැනීමය.

ඉසුරු ප්‍රසංග

[මුල් සටහන www.lankaleadnews.com වෙබ් අඩවියෙන් }

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions