එජාපය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය නම් එහි පළමු පෙළ නායකත්වය තුළ දේශප්‍රේමය (patriotism) දක්නට නොමැති වීමයි. දේශප්‍රේමය නැමැති අනිවාර්ය සාධකය නොමැති ව රටක් පාලනය කරනු තබා තමාවත් පාලනය කළ නොහැකි ය. යමෙකුට තමා පාලනය කිරීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය විසින් පළමුව කළ යුත්තේ තමාට ආදරය කිරීම ය. එය ආත්මාර්ථකාමී වීමක් ලෙස කිසි ලෙසකින් හෝ නොසිතිය යුතු ය.
වත්මනෙහි අප රට තුළ දේශප්‍රේමය ජාතිවාදය සමග පටලා ගෙන තිබීම ඛේදවාචකයකි. පක්ෂ විපක්ෂ සැම විසින් මෙම ව්‍යාජය පරාජය කරන තුරු අපට රටක් ලෙස මුහුණ දෙන අභියෝග ජයගත නොහැකි ය. අප ත්‍රස්තාවාදය පරාජය කිරීමට යොදාගත් ප්‍රධානතම අවිය වූයේ දේශප්‍රේමයයි. එනිසා ම එය සාර්ථක විය. එවක රනිල් ඇතුළු පිරිස විසින් ඊට එරෙහි ව ප්‍රතිරෝධයක් මැවීමට උත්සාහ ගන්නා විට ඔහු ව ජාතික නායකයෙකු ලෙස අසමත් වූවා මිස රටට හානියක් නොවී ය.
දේශප්‍රේමය විසිනි කෙනෙකුට අරමුණක් වෙනුවෙන් කැපවීමට හැකි ශක්තිය ලැබෙන්නේ. නිදසුනක් ලෙස ඇමරිකාව තම රට අද තිබෙන තැනට ඔසවා තැබීමේ දී දේශප්‍රේමය ප්‍රධානත ම සාධකය විය. වුඩ්රෝ විල්සන් ජනපතිවරයා විසිවැනි සියවස මුල් භාගයේ දී මේ වෙනුවෙන් විශාල මෙහෙයක් කළේ ය. අද ද එසේ ය. ඇමරිකාව ලෝකය පුරා නොයෙක් කූටෝපාය යොදමින් අදත් ක්‍රියාත්මක වන්නේ දේශප්‍රේමය වෙනුවෙන් ය. ඔවුන්ගේ රහස ඒය. චීනය ද එසේ ම ය. යුරෝපීය රටවල් විසින් ආසියාව හා අප්‍රිකාව යටත් විජිත බවට පත් කළේ තම රට ජාතිය හා ආගම රැකීම වෙනුවෙනි. එය නැංවීම වෙනුවෙනි. ඔවුන්ගේ දියුණුවේ රහස ද ඒම ය.
වත්මන් එජාපය තුළ අළු යට සැඟ ව ඇති ගින්දර මෙම දේශප්‍රේමය හා එහි ප්රතිපක්ෂය හැර අන් යමක් ද?. අද ද එජාපය තුළ ජනමත විචාරණයක් පැවතිය හොත් අති බහුතරය තෝරා ගනු ඇත්තේ සජිත් ය. රනිල් තම නායකත්වය රැක ගැනීමේ අරමුණින් තමා සේ සිතන පුද්ගලයින් පිරිසක් කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත් කර ගන්නේ සජිත් පාලනය කිරීමට ය. එහෙත් සජිත් පාලනය කිරීමේ වක්‍ර ඵලය වූයේ එජාපය දේශප්‍රේමය නොමැති පිරිසකගේ තනි කැමැත්තට යටත් කිරීම ය. රටේ ප්‍රධානතම පක්ෂ දෙකින් එකක් වන එජාපය මෙවැනි ඉරකින් වෙන් කිරීමට හැකි වීම අවාසනාවකි. දේශපාලන පක්ෂ භේදයකින් තොරව එජාපය පරාජය කළ යුත්තේ ඔවුන්ගේ වත්මන් හා අතීත හොර මැරකම් සියල්ල පසෙකින් තැබූව ද මෙම ගැටළුව පසෙකින් තැබිය නොහැකි හෙයිනි.

-මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .