7/28/2015

UNPය පැරදවිය යුත්තේ ඇයි? (1 කොටස)

කතෘ:යුතුකම     7/28/2015   No comments



එජාපය පරදවා ඒකීය ශ්‍රී ලංකාව රැකගනිමු
යහපාලන ප්‍රෝඩාවෙන් ඇස් නිලංකාර වුනු අපේ සහෝදර ජනතාවට, ජනවාරි 8 තමනට ගිල්ලවන ලද්දේ පිටතින් සිනි තැවරු කල් කදුරු තිත්ත ගුලියක් බව දැන් දැන් අවබෝධ වෙමින් තිබේ. පසුගිය හය මස තුල මේ සුළුතර එජාප ආණ්ඩුව කරන, කියන ලද දේ ගැන අමුතුවෙන් මතක් කර දිය යුතු නැත. නමුත් යහපාලනය මුවාවෙන් මොවුන් තිරය පිටුපස කරන දේ ගැන ජනතාව දැනුවත් විය යුතුය. එසේම 1977-1994 හා 2001-2004 එජාප රජයන් විසින් මේ රටට කරන ලද බරපතල ව්‍යසනය, ඒ ගැන නොදන්නා තරුණ පරපුරට මතක් කර දිය යුතුය. එමෙන්ම ඒ ගැන කාලයාගේ ඇවෑමෙන් අමතක වි ඇති වැඩිහිටියනටද, නිද්දේ පසුවන්නන්ටද, යහපාලන මඩ ව්‍යාපාර වලට අසුවී සත්‍ය සොයා ගැනීමට අපහසු වුවන්ටද ඒ අමිහිරි අතීතය මතක් කර දියයුතුව තිබේ.

1977 වසර, ලංකා ඉතිහාසයේ සනිටුහන් වන්නේ, නිදහසින් පසු ලංකාවේ දුර්දාන්ත සහ අශිෂ්ටම යුගයක ආරම්භය ලෙසයි. ධර්මිෂ්ඨ සමාජයක් උදාකිරීමට එවකට පවතී මැතිවරණ ක්‍රමයට අනුව ආසන 167 කින් 143 දිනාගෙන 5/6 බලයකින් පාර්ලිමේන්තුවට පැමිණි එජාපය ධර්මිෂ්ට යනු කුමක්දැයි සොයාගැනීමට නොහැකි වන අයුරින් පාපිෂ්ඨ වූ දුර්දාන්ත පාලනයක් අවුරුදු 17 ක් තිස්සේ ලාංකීය ජනතාවට අත් විඳීමට සැලැස්විය. දුෂණය, වංචාව මැර බලය, ස්ත්‍රී දුෂණ, මිනි මැරීම් උපරිම වූ අතර මත්ද්‍රව්‍ය රට පුරා ව්‍යාප්ත වන්නට විය.
එජාපය නැවත 2001දී බලයට පැමිණ 2004 දක්වා බෙදුම්වාදී ත්‍රස්තවාදීනට රටෙන් විශාල කොටසක් පවරාදීමේ කර්තව්‍ය ක්‍රියාවට නගන ලදී. රටේ වාසනාවට 2004 වනවිට මොවුන් පලවා හැරීමට නොහැකි විනම් අද අපට කතාකරන්නට වන්නේ කෑලි වලට කැඩීගිය අසරණවූ රාජ්‍ය කොටසක වන්නට ඉඩ තිබිණ.
නැවත යහපාලනය නමින් සිනි තැවරු දිරවා ගැනිමට නොහැකි ගුලි ගිල්ලවමින් දුෂණ වංචාවෙන් තොර ලිච්චවී රාජ්‍ය ක්‍රමයක් සහ කේතුමතී රාජ්‍යයක් මවා පෙන්වන එජාපය, මේ කැස කවන්නේ ජනතාවගේ ඇසට වැලි ගසමින් ඔවුන් 2004 දී නැවැත්වූ තැන සිට එම න්‍යාය පත්‍රය නැවත ක්‍රියාවට නැගීමටය. අද අප අවදිව නොසිටින්නේ නම්, අප නැවත අවදිවනවිට පෙරහැර ගොසින් හමාරය. කිසිදෙයක් නැවත ආපසු හැරවීමට නොහැකි වනු ඇත.

පළමුව අගෝස්තු 17 දා මේ කුමන්ත්‍රනකාරී එජාප නඩය පරාජය කර ඒකීය රාජ්‍ය රැකගත යුතුය.
දෙවනුව අපට දුෂණ වංචා පිළිබඳව ඒකිය රාජ්‍යක් තුල අවශ්‍ය පියවරයන් ගත හැකිය.
ප්‍රමුඛතාවයන් පටලවා ගතහොත් අලින්ට රැවටී අප කරන මෝඩකම් ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකිවනු ඇත.
දුෂණ වංචා වලින් තොරවීම, මැර බලය පිටු දැකීම සහ අධිකරණයේ ස්වාධිපත්‍ය පිළිබඳව ඉතිහාසය තුලින් එජාපයේ යහපාලන කැරැට්ටුව මුලසිට විමසා බලමු . මෙහි දැක්වෙන්නේ එම ව්‍යසනයේ ඉතාම සුළු ප්‍රමාණයක් බව සලනන්න.

1977- 1994 එජාප පාලනය

1977 ජුලි මස බලයට පත් වූ ජේ ආර්- රනිල් රජය මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කල අන්දමට පොලිසියට නොනිල ආකාරයෙන් සති දෙකක් නිවාඩු දී විරුද්ධ පාක්ෂිකයින්ට හිරිහැර කිරීම, ශාරීරික හිංසා, දේපල විනාශකිරීම, ගිනිතැබීම, රැකියා වලින් ඇද දැමීම සහ මේවාට වගකිවයුතු කිසිවෙකුටත් දඬුවම් නොදීම.
1977 සැප්තැම්බර් මස දෙමළ දේශපාලකයින් සමග ඇතිවූ මත ගැටුමක් මත කරන ලද ප්‍රකාශයකට අනුව
එජාප මැරයින් වතුකරයේ සහ අනෙක් ප්‍රදේශවල දෙමළ ජතතාව මත භිෂණය මුදා හැරිම, පහර දීම, ස්ත්‍රී දුෂණ සහ ලයින් කාමර ගිනිතැබීම. මේ පරහර දීම් විමර්ශනය සඳහා පත්කෙරුණු සන්සෝනි කොමිසමට අනුව වරදකරුවන් වූ කිසිවෙකුට දඬුවම් නොකිරීම.

1977 අපරාධ යුක්ති විනිශ්චය කොමිසම 2 මගින් වරද කරුවන් විදේශ විනිමය වංචා වලට හසුවී හිරබත් කමින් සිටි තම සගයින් මුදා ගැනීම සඳහා අපරාධ යුක්ති විනිශ්චය කොමිසම පනත අහෝසි කිරීම. මෙහි අතුරු ඵලයක් ලෙස අපරාධ යුක්ති විනිශ්චය කොමිසම 1 මගින් වරද කරුවන් කල රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ සාමාජිකයන්ද නිදහස ලැබිය.

1978 නව ව්‍යවස්ථාව සති 3 ඇතුලත සම්මත කිරීම. පැරණි ක්‍රමය මතින් 5/6 ක බලයක් ලබා නැවත 2/3 ක බලයක් කිසිම පක්ෂයකට ගත නොහැකි අයුරින් වූ ඡන්ද ක්‍රමයක් සහිත ව්‍යවස්ථාවක් ඇතිකිරීම. නව මැතිවරණ ක්‍රමය අනුව නැවත ඡන්දයකට නොගොස් විධායක ජනාධිපතිවරයෙක් දිවුරුම් දීම.

1978 නව ව්‍යවස්ථාවට ඇතුල් කල වගන්ති අනුව විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් ඇතිකර බලය අයුතු ලෙස පාවිච්චි කළායයි බොරු චෝදනා පටලවා ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර විරුද්ධ පක්ෂය විනාශ කිරීමට කටයුතු කිරීම. මෙයට විරුද්ධව බණ්ඩාරනායක මැතිණිය විසින් අභියාචණාධිකරණයෙන් රිට් ආඥාවක් ලබාගත් අතර පාර්ලිමේන්තුවේ බලය පාවිච්චිකරමින් විශේෂ පනතක් සම්මත කරවා අධිකරණ ආඥාව නිශේධනය කරන ලදී. ප්‍රජා අයිතිය අහෝසි කළ පසු ඡන්දය ඉල්ලීම මැතිවරණ වේදිකාවල කතා කිරීම ආදීය තහනම් කරමින් නීති පනවමින් ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කිරීම.

එවකට සිටි සියලුම විනිශ්චය කාරවරුන්ගේ තනතුරු අහෝසිකර ඔවුන් සියලු දෙනාටම අලුතින් දිවුරුම් දීමට නියෝග කරන ලදී. මේ නිසා දින දෙකතුනක් අධිකරණයක් නොමැතිව රට පැවති අතර නැවත පත්කිරීමේදී තමන්ට නොගැලපේ යැයි සිතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් 7 ක් සහ අභියාචනාධිකරණ විනිසුරුවන් 7 ක් නැවත පත් නොකිරීම.
1980 විරෝධතා ව්‍යාපාරයන් දරුණු ලෙස මර්ධනය කරමින් පෙළපාලිවලට වෙඩි තබා ඝාතන සිදුකිරීම

1980 රුපියල් 300ක වැටුප් වැඩිවීමක් ඉල්ලා වැඩ වර්ජනය කල 80000-100000 පමණ වූ සේවකයින් රැකියාවලින් දොට්ට දැමීම. මෙහි ප්‍රතිඵලයක් ලෙස සමහර රැකියා අහිමිවූවන් හා ඔවුන්ගේ බිරියන් ජිවත් වීමට නොහැකිව සියදිවි හානිකරගන්නා ලදී.

1981 යාපනයේ සංවර්ධන සභා රජයේ ඇමතිවරුන්ගේ මැදිහත්වීමෙන් බලහත්කාරයෙන් කොල්ලකා ජාතික වස්තුවක් වූ පොත් ලක්‍ෂයක් පමණ සහ ලිපි ලේඛන දස දහස් ගනනක් තිබු යාපනය පුස්තකාලය ගිනිබත් කිරීම.
බෙදුම්වාදීන් මර්ධනය කිරීමේ මුවාවෙන් යාපනයේ දෙමළ ජනයා වෙත භිෂණය මුදාහරිමින් ඔවුන් බෙදුම් වාදය දෙසට තල්ලු කිරීම.

අදුරදර්ශී ඇමෙරිකණු ගැති විදේශ ප්‍රතිපත්තිය නිසා තම අසල්වැසි ප්‍රභල රාජ්‍යට විරුද්ධ විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම තුලින් බෙදුම්වාදී සටන වර්ධනය වීමට අවශ්‍ය පසුබිම සැකසීම.

එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය වූ ඉන්ධිරා ගාන්ධි මැතිනියටත් ඊළඟට ඉන්දීය කොන්ග්‍රසයේ නායකයා වීමට සිටි ඇයගේ පුත් සංජය ගාන්ධිට cow and calf යනුවෙන් රාජ්‍ය නායකයා විසින් අපහාස කිරීම.

අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් නිදහස් අධ්‍යාපනය වැළලීමට පිඹුරුපත් සැකසිම.

1982 - ව්‍යවස්ථාව නැවත සංශෝධනය කරමින් අවුරුදු 6 ගතවීමට පෙර අවුරුදු 4 කට පසු ජනාධිපතිවරණ පැවැත්වීමට තීරණය කිරීම.

1982 දී විරුද්ධ පක්ෂය විනාශකිරීමට කටයුතුකර, දුෂිතව ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු, අපකීර්තිමත් වූ මැතිවරණ ප්‍රෝඩාව ඉතිහාසයට එක් කරමින්, ජනමත විචාරණයක් මගින් රටේ මැතිවරණ සිතියම හකුලා දමා, 5/6 න් බලය දිගටම තබා ගැනීම. මැතිවරණයකට ගියේනම් නව මැතිවරණ ක්‍රමය අනුව 2/3 ක් ලබා ගැනීමට නොහැකිවන නිසා බලට රැකගැනීම වෙනුවෙන් මේ වංචාව සිදුකර විපක්ෂය තවදුරටත් නිර්ධය ලෙස මර්ධනය කිරීම. මෙහිදී ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂක වූ හෙක්ටර් කොබ්බැකඩුව මහතාගේ ඡන්දයද පවා හොරට දමන ලද බව ප්‍රසිද්ධ කරුණකි.
1982 - දරමිටිපොල රතනසාර හිමියන්ගේ පැවිදිහඬ සංවිධානය මගින් ජනමතවිචාරණයට විරුද්ධව පත්‍රිකා බෙදීම සහ රැස්වීම පැවැත්වීම රජයට පක්ෂ පොලිස් නිලධාරියෙකු මගින් කඩාකප්පල් කර මර්ධනය කිරීම. මෙයට විරුද්ධව මානවහිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව ඒ හිමියන් උසාවි ගිය අතර, එම පොලිස් නිලධාරියට රුපියල් 10000 ක වන්දියක් ඒ හිමියන්ට ගෙවීමට උසාවියෙන් නියම කරන ලදී. මෙම මුදල රජය විසින් ගෙවා මෙම නිලධාරියාට උසස් වීමක් ලබාදීම.

මෙම නිලධාරියාම, ලසසප විවියන් ගුණවර්ධන විසින් සංවිධානය කර තිබු විරෝධතා පාගමනකට අවහිර කර පහර දීම; ඔවුන්ද මුලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව උසවි ගිය අතර ශේෂ්ඨාධිකරණය මෙය පිළිගෙන තීන්දුව දුන් විට රජය විසින් පොලිස් නිලධාරියාට නැවත උසස් වීමක් ප්‍රධානය කිරීම.

1983 ජුනි 11, මෙම නඩුවේ තීන්දුව දුන් විනිසුරු වරයාගේ නිවසට, ලංගම බස් වලින් පැමිණි එජාප මැරයන් විසින් ගල් ගැසූ විට එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන, විනිසුරුවන්ගේ ගෙවල්වලට ගල්ගැසිමට තරම් අපේ රටේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතිබව ප්‍රකාශ කිරීම. මේ එකල අධිකරණයට හිමිවී තිබු ස්වාධිනත්වයේ තරමයි.

1982 - සිංහල බලමණ්ඩලයේ රැස්වීමකට එජාප මැරයන් පහර දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට කානුවක දමා පහර දීම. මෙහිදී මාදුළුවාවේ සෝභිත හිමියන්ටත් පහර දුන් අතර දැන් එතුමන්ට ඒවා අමතකවී ඒ රජයේ සිටි ක්‍රියාකාරීන් සමගම ඊනියා යහපාලනයට උඩ ගෙඩි දෙමින් සිටි.

තම පක්ෂයේ දේශපාලකයින්ට සහ අනෙකුත් සගයන්ට අවශ්‍ය ආකාරයට හොරමැරකම් කිරීමට ඉඩදීම. මහවැලි ව්‍යාපාරයෙන් විශාල ලෙස කොමිස් ගැසීම , නැව් මිලදී ගැනීමේදී විශාල කොමිස් ගැසීම, ආනයනික භාණ්ඩ වලින් කොමිස් ගැනීමම (උදා: ආනයනය කරන සෑම ලක්ස්ප්‍රේ කිලෝවකින්ම ශත 10ක කොමිස් එක් දේශපාලකුට), වනාන්තර කපා විනාශකරමින් විශාල පරිමාන දැව කොල්ලයක් සිදුකිරීම. රැකියා ලබා දීම සඳහා විශාල වශයෙන් අල්ලස් ගැනීම ආදිය එකල එජාප රජයට එල්ලවූ චෝදනා සමහරෙකි.

එවකට හේවාහැට මන්ත්‍රී පිටරට ගොස් එන විට රත්‍රන් පොලු රැගෙන විත් රේගුවට අසුවිය. මෙය යටගැසීමට ගත් උත්සාහය අසාර්ථක වු පසු ඔහුගේ සහෝදරියක් හේවාහැට ආසනයට පත්කර ඔහු වික්ටෝරියා ව්‍යාපෘතියේ නේවාසික කරමනාකරු බවට පත් කරන ලදී. මෙය ඔහුට රත්‍රන් පොලු වලට වඩා ලාභදායි ඉල්ලමක් විය.

1983 කළු ජුලිය නිර්මාණය කොට රට තිස් වසරක් පුරා ඇදුනු බෙදුම්වාදී යුද්ධයකට තල්ලු කිරීම.
1983 කළු ජුලිය එජාප මැරයන් විසින් දියත්කරන ලද වුවත් ඒ වෙනුවෙන් ලසසප, කොප සහ ජවිපෙ යන පක්ෂ තහනම් කිරීම. පසුව ලසසප සහ කොප තහනම ඉවත් කලද, ජවිපෙ තහනම ඉවත් නොකිරීමෙන් ජවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාවෙන් ඉවත් කිරීම. මෙයට විශේෂ හේතුව වුයේ ජවිපෙ විසින් අධිකරණයේ ගොණුකර තිබු ජනාධිපතිවරණ පෙත්සමයි. මෙයින් පසු ජවිපෙ භූගත ක්‍රියාත්මක වීමකට යොමුවීම තුල පෙත්සම වෙනුවෙන් ඉදිරිපත්වීමට කෙනෙකු නොවූ බැවින් එය පසුව නිශ්ප්‍රභාවිය. මේ තත්වයන් යටතේ ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය කිරීම තුලින් 1988/89 ජවිපෙ දෙවන කැරැල්ලට අවශ්‍ය පසුබිම සකසාලන ලදී.

1983 දී පේරාදෙණි විශ්වවිද්‍යාලයේ එජාප හිතවාදී සමවාදී ශිෂ්‍යයින් රජයේ ප්‍රභල ඇමති කෙනෙකුගේ ආශීර්වාදයෙන් ආයුධ සන්නද්ධ මැරයින් විශ්වවිද්‍යාල භූමියට ගෙන්වා එජාප විරෝධී ශිෂ්‍ය කණ්ඩායම්වලට පහර දීම. තම ආත්මාරක්ෂාව සඳහා මැරයින්ට විරුද්ධව පහරදුන් ශිෂ්‍යයන්ට අවුරුදු 3-4 දක්වා ශිෂ්‍ය භාවය අවලංගුකර දඬුවම් කිරීම. භිෂණය දියත්කල එජාප සිසුන්ට මාස 2-3 පන්ති තහනම් කිරීම වැනි සුළු දඬුවම් කිරීම. මේ අසාධාරණයට විරුද්ධව ඇතිවූ ශිෂ්‍ය අරගලය විශ්ව විද්‍යාලය වසා දැමීමෙන් කෙළවර විය.

1984 - හය මසකට පසුව පේරාදෙණි සරසවිය විවෘතකරන ලද්දේ ලොව ප්‍රථම වරට විශ්වවිද්‍යාලයක් තුල පොලිසියක් විවෘත කරමිනි. මෙයට පොදු සමාජයේ තිබු විරෝධතාවය නොසලකා හරින ලද අතර මෙහි ප්‍රතිපලයක් ලෙස තවත් හය මාසයක් ගතවන්නට පෙර මේ පොලිසිය විසින් සරසවි භුමිය තුලදීම වෛද්‍ය පිඨයේ තංගල්ලේ පත්මසිරි සිසුවා වෙඩිතබා ඝාතනය කරන ලදී. මින් පසුව දිගුකලකට සරසවිය වසා දැමු අතර පොලිසිය ඉවත්කරගැනීමට සිදුවිය.

පේරාදෙණි සරසවියට සාපේක්ෂව නේවාසිකාගාර අඩු බැවින් අවට ප්‍රදේශ වල ජීවත්වූ කැලණිය, කොළඹ සහ ජයවර්ධන පුර සිසු සිසුවියන් රාජ්‍ය මැර මර්ධනයට ගොදුරුවීම ඉතා බහුල විය. විශේෂයෙන්ම රජයේ ප්‍රභල ඇමතිවරයෙකුගේ ප්‍රදේශය නිසා කැලණිය සිසුන් මෙයින් මහත් පිඩා වින්දේය. මේ හේතුවෙන් වරක් ආයුධ සන්නද්ධ මැරයෙකු සරසවි ආපන ශාලාවකදී පහරකෑමට ලක්ව පසුව මරණයට පත්විය. එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන මේ මැරයාගේ අවමගුලට සහභාගිවීම ප්‍රකට කරුණකි.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන සගයෙකු වූ ගෝනවල සුනිල් නැමැත්තා කොළඹ ප්‍රදේශයේ දොස්තරවරයෙකුගේ දියණියක් දුෂණයකර හිර දඬුවම් ලැබිය. රනිල් වික්‍රමසිංහ තම මාමා වූ ජේ ආර් ජයවර්ධනට කියා ජනාධිපති සමාව ලබාදී මේ දුෂකයා නිදහස් කරන ලද අතර මුළු රටටම බලපාන පරිදි සාමදාන විනිශ්චයකාර පදවියක් පිරිනමන ලදී. සපුගස්කන්දේ විශාල තෙල් ප්‍රවාහන නලවලින් හොරෙන් තෙල් ඉවත්කරගැනීමේ ජාවාරමක්ද මොහු විසින් කරෙන යන බවට එකල ප්‍රසිද්ධ විය. එමෙන්ම රාජකීය විද්‍යාලයට අල්ලස් ගෙන සිසුන් ඇතුලත්කිරීමේ පුරෝගාමියා වි ඇත්තේද මොහු බව ප්‍රසිද්ධ කරුණුය. 88/89 භීෂණ වකවානුවේදී නාදුනන තුවක්කුකරුවෙකු විසින් මොහු ඝාතනය කරනන විට, රාජකීය විද්‍යාලයට දරුවෙකු දමාගැනීමට පැමිණි දෙමාපියන්ටද වෙඩි වැදුණු බව සඳහන්වේ.

විදේශ ප්‍රතිපත්තිය කළමනා කරගැනීමේ නොහැකියාවත්, බෙදුම් වාදී ප්‍රවනතාවයන් අදුරදර්ශි ලෙස මර්ධනය කිරීම තුල සාමාන්‍ය ජනයාට වූ හිරිහැර මධ්‍යයේ වඩමාරච්චි මෙහෙයුමත් සමගම ඉන්දීය ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් සිමා උල්ලංඝනය කරමින් යාපනයට ආහාර ද්‍රව්‍ය හෙලීම වෙනුවෙන් කිසිවක් කරගත නොහැකිව රටේ ස්වෛරී භාවය නැතිවී යන තැනට කටයුතු කිරීම.

1987 දී තම ඇමෙරිකානු ස්වාමියන් තමන් අතරමං කරනු ලැබූ පසු විකල්පයක් නොමැති කමින් ඉන්දු-ලංකා සාම ගිවිසුම අත්සන්කොට රටේ ස්වෛරී භාවය විදේශයකට තවදුරටත් පාවා දීම. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියන් සාම හමුදාවක් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ගෙන්වා තම හමුදාවන් බැරැක්කවලට යැවීම.

1987 ඉන්දියන් සාම ගිවිසුමට විරුද්ධව, විශේෂයෙන්ම රට බෙදන පලාත් සභා ක්‍රමය වෙනුවෙන් විරෝධය පාන ලද විශාල පිරිසක් කොළඹදී වෙඩිතබා ඝාතනය කිරීම. දැඩි මාධ්‍ය මර්ධනය හමුවේ මේ පිලිබඳ විස්තර ජනතාවගෙන් වසන්කිරීමට කටයුතුකිරිම. මේ සමගම භූගතව ක්‍රියාත්මක වූ ජවිපෙ එජාපයට එරෙහි කැරැල්ලකට යොමුවීම.

1987-1989 ජවිපෙ කැරැල්ල මර්ධනය කිරීමේ මුවාවෙන් එජාප රජය 60000කට වැඩි තරුණ පිරිසක් ඝාතනය කිරීම. නොනිළ වාර්තා දක්වන්නේ මේ සංඛ්‍යාව 100000ක් පමණ බවයි. තරුණයින් මරා ටයර් සෑයවල් මත පිළිස්සීම එවකට සාමාන්‍ය දසුනක් වි තිබුණි. ගංගා ඇල දොළ වල මළ මිනි පාවීම නිතර දැකිය හැකිවිය. ජවිපෙ මර්ධනය කිරීමේ මුවාවෙන් විරුද්ධ පාක්ෂිකයන් විශාල පිරිසක් මෙලෙස ඝාතනය කරන ලදී. මේ මර්ධනයට විරුද්ධව එදා හඬ නැගු ප්‍රධාන දේශපාලකයින් දෙදෙනා මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාරයි.
බටලන්ද වදකාගාරයේ තරුණයින් වද බන්ධනයට භාජනය කරමින් මරාදැමීම පිළිබඳව රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ලවු අතර බටලන්ද කොමිසමෙන් රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසිකිරීමට නිර්දේශ කර ඇතිබව මාධ්‍ය මගින් වාර්තා විය.

1989 රටේ පැවතුනු කැරළිකාරි තත්වය ඒජාපයට නැවත බලය ලබා ගැනීමට ඉතා සුදුසු වාතාවරණයක් ඇති කිරීමට ඉවහල් විය. විරුද්ධ පක්ෂ අපේක්‍ෂිකාව වූ බණ්ඩාරනායක මැතිනියට විශාල වශයෙන් ඡන්ද ලැබුණු ප්‍රදේශ කිහිපයක ඡන්ද පෙට්ටි අවලංගු කරනලදී. මේ හේතුවෙන් බණ්ඩාරනායක මැතිනියගේ ජයග්‍රහණය වලකාලන්නට හැකිවිය. මේ හේතුවෙන් ආර් ප්‍රේමදාස ජනාධිපති වූ අතර එජාප පාලනය එලෙසම ඉදිරියට ඇදුනේය.

1989-90 කාලය තුල ප්‍රේමදාස රජය මගින් LTTE ත්‍රස්තවාදීන්ට මුදල් සහ අවි ආයුධ ලබාදීම.

කොකාවිල් සම්ප්‍රේෂණාගාරයට එල්ල වුනු ත්‍රස්තප්‍රහාරය මැඩලීමට සහය හමුදා යෙදවීමට නොහැකිවීමෙන් එහි සිටි සේනාංකය විනාශකර සම්ප්‍රේෂණාගාරය ත්‍රස්තවාදීන් විසින් යටත් කරගන්න ලදී. ජනපති ආර්යාවගේ ආරක්ෂාව සඳහා හෙලිකොප්ටර් යානා යෙදවීම නිසා සහාය හමුදා යැවීමට නොහැකිවීම නිසා මෙය සිදු වූ බව එවකට ප්‍රසිද්ධ විය.

මුලතිවු ප්‍රදේශයේ පොලිස් නිලධාරී 600කට ආයුධ බිම තබා ත්‍රස්තවාදීනට යටත්වීමට අණකිරිම සහ පසුව ත්‍රස්තවාදීන් විසින් ඔවුන් සියලුදෙනාම අමු අමුවේ ඝාතනය කිරීම.

මේ වකවානුවේ ජනාධිපති පවුල විසින් යාල අභය භූමියේ කරන ලද නිදන් හැරිම පිළිබඳව ප්‍රසිද්ධවූ අතර දේශ පාලන වේදිකාවේ තවමත් ඒ ගැන කියවේ.

1993 දී LTTE ය විසින් ප්‍රේමදාස ජනපති ඝාතනයත් සමග එපාපයේ මැරබලය දුර්වල වූ අතර සියලුම දේශප්‍රේමී බලවේග එජාපය පැරදවීම සඳහා ඒකරාශි විය.

ප්‍රේමදාස ජනාධිපතිගේ කාලයේදී ජනාධිපති මන්දිරයේ තිබු ඉතා වටිනා කෞතුක වස්තු රැසක් අතුරුදන් වි තුබූ බව එවකට ප්‍රසිද්ධ විය.

1994 දී එජාපය පරාදවි පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්විය. 1988/89 භීෂණ සමයේදී ඇඹිලිපිටියේ පාසැල් සිසුන් පිරිසක් ඝාතනය කිරීම සහ ඔවුන් වල දමන ලද සුරියකන්න්දේ සමුහ මිනීවල පිලිබඳ පරීක්ෂණය මෙම මැතිවරණ ව්‍යාපාරයේ කැපිපෙනෙන සිද්ධියක් විය.

මෙහිදී බලයට පත්වූ චන්ද්‍රිකා කුමාරතුංග යුද්ධය ඉදිරියට යාම වැළැක්වීමට නොයෙක් පියවර ගත්තද තම පාක්ෂිකයින්ගේ විරෝධය හමුවේ පසුබෑමකට ලක්විය. එමෙන්ම ඇයගේ 1999 ෆෙඩරල් ව්‍යවස්ථාවද එලෙසම පරාජය කරනලදී.

2001 දී එපාපය නැවත බලයට එන අතර රනිල් වික්‍රමසිංහ අගමැති විය.


(2001-2004 රනිල්ගේ ආණ්ඩු සමය සහ 2015 ආණ්ඩු සමය පිළිබඳ තොරතුරු ඇතුලත් ලිපියේ ඉතිරි කොටස මතු සම්බන්ධයි... )


- විශේෂ ලියුම්කරුවෙකු විසිනි 26 ජුලි 2015

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions