එක්සත් ජාතික පක්ෂය යනු අපේ රටේ විජාතිකත්වයේ පක්ෂයයි. එම පක්ෂය හෝ එහි නායකයෝ ඉතිහාසයේ කිසිම වතාවක ජාතිකත්වයට නැඹුරු වූ අය නොවේ. ඩී.එස්. සේනානයක උතුරු නැගෙනහිර සිංහල ජනපදකරණය කළාට පසුව ඉන්පසු පහළ වූ කිසිම නායකයෙක් අපේ රටේ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය වටා සිටින සමාජ බලවේගය ජාතිකත්වයට අනුගත වූ පිරිසක් නොවේ.
නමුත් එක්සත් ජාතික පාක්ෂිකයන් ඉතිහාසයේ අවස්ථා කීපයක ව්‍යාජ ජාත්‍යාලයන් පෙන්වා ඇත.මුලින්ම 1977 විශාල මැතිවරණ ජයකින් බලයට පැමිණි එජාප ආණ්ඩුව ශ්‍රිලනිපය සහ අනෙක් වාමාංශික පක්ෂ සමතලා කර දැමීය. ඉන් පසු ඔවුන් ඔවුන්ට තිබූ ප්‍රධාන අභියෝගය වූයේ දෙමළ පක්ෂයි. (1977 පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩිම ආසන ගණනක් හිමි පක්ෂය වූයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණයි.) එමෙන්ම රට පුරා ඡන්දවලින් එජාපය ජයගනිත්දී උතුරේ එජාපයට වඩා ශ්‍රිලනිපයට දෙමළ වැසියා නැඹුරු වී සිටියහ. (ඊට හේතුව වූයේ මැතිණියගේ ආණ්ඩුව කාලයේ දේශීය ආර්ථික ප්‍රතිපත්ති උතුරේ ගොවි ජනතාවගේ ජීවන මට්ටම කෙරෙහි සාධනීය ලෙස බල පෑ නිසා ය.)
මේ තත්වය උඩ එජාපය දෙමළ ජනයාට එරෙහි ව්‍යාජ ජාත්‍යාලයක් ආරූඪ කර ගත්තේය. 1982 යාපනය සංවර්ධන සභා ඡන්දයේදී යාපනය පුස්තකාලය ආදිය ගිනි තබා ඡන්ද මංකොල්ල කෑ අතර ඊට පදනම ලෙස ජාත්‍යාලය යොදා ගැනිණි. ඉන්පසු 1983 ජුලි මාසයේදී එය උච්ච ස්ථානයකට ගෙන විත්, සිංහලයා වෙත අදටත් මැකිය නොහැකි කළු පැල්ලමක් වී තිබෙන, දෙමළ ජන සංහාරය සිදු කරන ලදී. ඉන් සිදු වූ එකම යහපත සාමාන්‍ය දෙමළ වැසියාද දෙමළ බෙදුම්වාදය වෙත තල්ලු වීමයි.
ඉන්පසු බලයට පැමිණි ප්‍රේමදාස ජනාධිපතිවරයා කොටි ත්‍රස්තවාදීන්ට ආයුධ ලබා දුන් අතර පසුව ඔවුන් සමඟ යුධ වැදුණේ ය. ඔහුට කොටි සංවිධානයත් සමඟ තිබුණේ ගතික සම්බන්ධයක් වූ අතර ඒ ගතික සම්බන්ධය ඔහු සිය දේශපාලන පැවැත්ම උදෙසා කළමණාකරණය කර ගැනීමට උත්සාහ කළේ ය.
ඉන්පසු ශ්‍රිලනිපයේ නායිකාව ලෙස චන්ද්‍රිකා පත් වූ අතර ඇය බලයට ගෙන ඒමට දෙමළ බෙදුම්වාදයේ සිංහල පාර්ශවය එක් රොක් වූහ. බලයට පැමිණි චන්ද්‍රිකා ආණ්ඩුව දෙමළ බෙදුම්වාදය සිංහල ජන මනසට කා වැද්දීමට කටයුතු කළේය.
එජාපයේ මීළඟ ජාත්‍යාල අවස්ථාව මතු වූයේ ඒ අවස්ථාවේය. කෙසේ වුවත් මේ අවස්ථාවේදී එජාප පක්ෂ නායකත්වය එවන් තැනකට ගියේ නැත. නමුත් සාමාන්‍ය එජාප පාක්ෂිකයා ජාත්‍යාල අවස්ථාවකට තල්ලු විය. චන්ද්‍රිකා පසු පස වූ බලවේගයේ ප්‍රධාන දේශපාලන සංරචකය දෙමළ බෙදුම්වාදය වන විට, එජාප ආණ්ඩුවක් පැතූ එජාප පාක්ෂිකයා ඊට එරෙහි දේශපාලන ප්‍රවාහය වූ ජාත්‍යාලය වෙත තල්ලු විය.එය ස්වභාවික සංසිද්ධියකි. චන්ද්‍රිකා වකවානුවේ බිහි වූ ජාතික සංවිධාන රැසකට ක්‍රියාකාරිව දායකත්වය සැපයූවේ එජාප පාක්ෂිකයන්ය. සිංහල උරුමය ඉන් ප්‍රධානය. අද එජාපය වෙත ගිය ජාතික හෙළ උරුමයේ ඉහළ නායකත්වයේ වැඩි පිරිසක් එජාප නැඹුරුතාවක් ඇති අය වන්නේ එසේ ය. (චම්පික රණවකට මෙය අදාළ නැත. ඔහු එජාප නැඹුරුතාවක් තිබු අයෙක් නොවේ. ඔහුගේ ගමන වෙන එකකි.)
අද දවසේ ජාතිකවාදීන් ලෙස පෙනී සිටිමින් මහින්ද රාජපක්ෂව කෙසේ හෝ පරාජය කිරීමට දර දිය අදින ව්‍යාජ ජාතිකවාදීන් ගේ මූලය එයයි. ඔවුන් එදා ජාතිකවාදීන් වුනේ හුදෙක් චන්ද්‍රිකාට එරෙහිව යාමටය. නමුත් ඔවුන්ගේ සැබෑ ඇල්ම ඇත්තේ එජාපය කෙරෙහිය.
කෙසේ වුවද 2001 එජාප ආණ්ඩුව චන්ද්‍රිකා ආණ්ඩුවටත් එහා යමින් දේශද්‍රෝහි ගිවිසුමක් කොටි ත්‍රස්තවාදීන් සමඟ අත්සන් තබා රටේ ස්වෛරීත්වය අවසාන ඉම දක්වා තල්ලු කර දැමී ය. මහින්ද රාජපක්ෂ 2005 දී බලයට පැමිණ කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ අතර දෙමළ බෙදුම්වාදය දේශපාලනිකව අනාථ කර දැමීය.අපේ රටේ ජාතිකත්වයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්ෂ යුගයයි.
ඉන්පසු එජාප හිතවාදී ව්‍යාජ ජාත්‍යාලකරුවෝ වෙනත් මාවතකට අවතීර්ණ වූහ. ඒ මුස්ලිම් විරෝධයයි. අපේ රටේ මුස්ලිම් අන්තවාදයක් සහ ව්‍යාප්තවාදයක් ඇත. එය කාලාන්තරයක් තිස්සේ ක්‍රමිකව වර්ධනය වෙමින් ගලා ආ එකකි. මහින්ද රාජපක්ෂ ඊට එරෙහිව කළ දෙයක් නැත. ඔහුගේ ආණ්ඩුව තුළ සිටි මුස්ලිම් වර්ගවාදී ඇමති වරු වූ රිශාඩ් බදියුද්දීන්, රවුෆ් හකීම් වැනි මුස්ලිම් ව්‍යාප්තවාදී වැඩ පිළිවෙල රිසි සේ දියත් කළහ. එජාප හිතවාදී ව්‍යාජ ජාත්‍යාලකරුවෝ එය උත්කර්ෂයට නැගූහ. ඔවුහු මහින්දව “මොහමඩ් මහින්ද” කෙනෙක් කළහ. මහින්ද රාජපක්ෂගෙන් ඔවුන් ඉල්ල සිටියේ “රට පුරා ගව ඝාතණය තහනම් කරන්න” වැනි ප්‍රායෝගික නොවන ෂයිලොක් ලාගේ ඉල්ලීම්ය.
අවසානයේ මහින්දටත් වඩා රනිල් ජාතිකවාදියෙක්ය යන මුග්ධ ස්ථාවරය දක්වා ඇතැමෙක් ගමන් ගත්හ. එජාප ව්‍යාජ ජාත්‍යාලකරුවන්ගේ ජාත්‍යාලයට කිසිම පදනමක් නැත. ඊනියා යහපාලන ආණ්ඩුවක් බිහි කිරීමට ඔවුහු වෙහෙසුණහ. නමුත් ඒ ආණ්ඩුව තුළ මුස්ලිම් ව්‍යාප්තවාදයේ මෙන්ම දෙමළ බෙදුම්වාදයේ සියළුම සංරචක සිටි බව ඔවුහු පහසුවෙන්ම අමතක කළහ. අද අපේ රට එක් පසකින් මුස්ලිම් ව්‍යාප්තවාදයේද අනෙක් පසෙන් පසින් දෙමළ බෙදුම්වාදයේ ද මකර කටවල් දෙකක් අභියස පවතී. එහෙත් එජාප ව්‍යාජ ජාත්‍යාලකරුවන්ට ඒ ගැන වගක් නැත. ඔවුහු අද කිසිම ජනපදනමක් නැති හෙළ උරුමය නැමති අවස්ථාවාදී කල්ලියේ එල්ලී සිටිමින් තම එජාප පාක්ෂිකත්වය වසා ගනිමින් සිටිති. මහින්ද විරෝධයක් හැර වෙන කිසිවක් ඔවුන්ගේ මාතෘකාවට භාජන නොවේ.

-නලින් සුභසිංහ
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .