7/08/2015

ජවිපේ චුයින්ගම් දේශපාලනයට රට නසන්න ඉඩ නොදෙන්න

කතෘ:යුතුකම     7/08/2015   1 comment

ජවිපයේ දේශපාලන ගොදුරු බිම මහින්ද යට‍‍තේ අහෝසි වී යාම එම පක්‍ෂය මහින්දට විරෝධය දැක් වීමේ ප්‍රධාන අරමුණයි. ජවිපය බබ්බු නොවේ. මේ මග ම ගොස් දියුණු වූ මැලේසියාව හා තවත් නැගෙනහිර ආසියානු රටවල් ජවිපය දැක තිබේ. ඒ නිසා ම දැවැන්ත යටිතල සංවර්ධනයක් තුළින් මහින්ද ශ්‍රි ලංකාව ඉහළ මධ්‍ය ආදායම් ලබන රටක් බවට පත් කිරීමට යන ගමන පිළිබඳ ජවිපය සෑහෙන කණස්සල්නේ පසු වූවේ ය. ඔවුන් සිතුවේ එවැනි අවස්ථාවක දී ජන සමාජය ආර්ථික ව සවිබල ගැන් වී තමාගේ ඡන්ද පදනම අහෝසි වී යාමේ අනතුරක් ඒ තුළ පවතින බව ය.

සීනිබෝල රසැති විරෝධාකල්ප අදහස්වලට වහා ආකර්ෂණීය වීමේ අනතුර වියවුල් සහිත වත්මන් ලෝකයෙහි ජනප්‍රිය ප්‍රවණතාවකි. එහෙත් මේ රැවටිල්ල තුළින් වන විනාශය දැනෙන්ට ගන්නේ සියල්ල සිදු වී අවසන් වූ පසුව ය. ඇතැම් දේශපාලන මතවාද කරින් ගත් රූපවාහිනි චැනලයන් ද යන්නේ මේ මගම ය. බලන්න සිරස රූපවාහිනිය කොළඹ පෝර්ට් සිටියට එරෙහි ව එවකට රැගෙන ගිය භාවාතිශය විරෝධය හා පසුව සතියෙන් දෙකෙන් එය වෙනස් වී එය ප්‍රවර්ධනය කරන තැනට මෙම මාධ්‍ය සංවිධානය ම පත් වූ ආකාරය. අප විස්වාස කළ යුත්තේ ඒ සිරස ද මේ සිරස ද?

වත්මන් ජවිපයේ වන් කාබාසිනියාකාර මානසිකත්වයක් එහි නිර්මාතෘ වූ රෝහන විජේවීර වැනි එවක ජවිප නායකයින්ට නොතිබූ බව ද අවධාරණය කළ යුතු ය. ඔවුන් සමාජවාදී ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වූ අතිශය දේශමාමක පිරිසකි. එහෙත් විජේවීරගෙන් පසු එන්න එන්න ම ජවිපය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනවලවල අතකොළු බවට පත් වූවේ ය. වත්මන් ජවිපය අව ම වශයෙන් සමාජවාදී ලෝකය ඇසුරු කරන හා විස්වාස කරන මහින්ද පන්නා හැර ධනවාදි, අධිරාජ්‍යවාදී අන්ත දක්‍ෂිණාංශික රනිල්ගේ එජාපයට අනියමින් සහාය දෙන්නේ මේ පදනමින් ය.

ජවිපයේ මෙම තත්වය ඔවුන්ගේ දේශපාලන උපක්‍රම යාවත් කාලීන කිරීම පිළිබඳ ප්‍රශ්නයකි. ජවිපය ‍තෝරා ගත යුතු වූයේ තම ඡන්ද දායකයා සදාකල් දිළිඳු තත්වයේ තබා ගනිමින් ඔහුගේ ගැටළු තම ඡන්දය බවට පත්කර ගැනීම නොව, වෙනස් වන සමාජ ආර්ථික පරිසරයට අනුව තම දේශපාලන ප්‍රතිපත්ති සකස් කර ගැනීම ය.

අප මීට පෙරත් ලියා තිබෙන පරිදි ජවිපය රටේ බඩගින්නට දෙන්නේ චුයින්ගම ය. චුයින්ගමයෙන් දිව රසවත් කළ ද බඩ පිරෙන්නේ නැත. අවසානයේ සිදු වන්නේ අම්ලපිත්තය හෙවත් ගැස්ටරයිසිස් වැළඳී රට ලෙඩා දුකා වීම ය. දැනටමත් ජවිපය මේ රටට අම්ලපිත්තය සාදා අවසන් ය. විශ්වවිද්‍යාල පද්ධතිය- සිසුවාගේ සිට ගුරුවරයා දක්වා- යුතුකම් නොකර තම අයිතිවාසිකම් පමණක් ලබන විනාශකාරී මානසිකත්වයට පත් කළේ ජවිපය විසින් ය. එකී ආකල්පයෙහි සිටින සිසුවා ද ගුරුවරයා ද තම භූමිකාව විසින් ඉල්ලා සිටින බරින් තම යුතු කම ඉටු කරන්නේ නැත. උද්ඝෝෂණ වැනි දෙය හරහා ජවිපය කළේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න පෙන්වා තම බලය ඒකරාශී කරගැනීම පමණි. මෑත ඉතිහාසය තුළ රට තුළ ද ඔවුන් එය කරමින් සිටිනු පෙනේ. ජවිපය ආණ්ඩු පිහිටුවීමට උදව් කළ ද ඇමති ධූර නොගන්නේ අන් හේතුවක් නිසා නොව, ප්‍රායෝගික ව වැඩ කිරීමට තිබෙන නොහැකියාවට අමතර ව නැවතත් චුයින්ගම් තත්වයට වැටී රසවත් විරෝධාකල්ප ගී කියමින් ජනයා වැඩ සංස්කෘතියෙන් ඉවත් කරනු පිණිස ය. එවිට නිෂ්පාදය අඩාල වේ. කම්කරු අරගල වැඩි වේ. ජවිප ගොඩ සරු වේ. රට නිසරු වේ.

මහින්ද පතිරණ
-යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. රටේ නැති කෙස් පැලෙන තර්ක විතර්ක ඉදිරිපත් කරමින් අනන්‍යයන් කරන දේ විවේචනය කිරීම, උපහාසයට ලක් කිරීම පමණක් ඔවුන්ගේ නායකයාගේ සිට අලුත්ම සාමාජිකයා දක්වා කළ හැකි එකම කාර්යයයි. වත්මනේදී මෙය UNPයට අදාළ කර නොගනී. එමෙන්ම සිදු වන්නේ කෙසේද කියා සිතා ගත නොහැකි වුවත් මෙහි සියල්ලන්ම අන් අයගේ සාර්ථකත්වය( පෞද්ගලික හෝ පොදු ) නොඉවසයි.
    මෙවැනි පක්ෂ රටකට කිසිදු අයුරකින් යහපතක් සිදු නොකරයි. විනම පමණක් සිදු කරයි. මෙගා ඩීල් කතා පිලිබඳ ඇති ආරංචි සත්‍ය නම් තත්වය ඉතාම හානි දායකය.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions