7/25/2015

කෙම්මුර වදන – 2015 ජුලි 25`

කතෘ:යුතුකම     7/25/2015   No comments

යුධ විරෝධය 
 
සැබෑ යුධ විරෝධීහු යුද්ධය නිමාවීම ගැන සතුටට පත්වෙති. එහෙත් ලංකාවේ ප‍්‍රකට යුධ විරෝධීහු බොහෝ දෙනෙක් යුද්ධය නිමාවීම ගැන මහත් දුකකින් පසුවෙති. රටේ සාමාන්‍ය මිනිසුන් සාමයේ උදාව සමරා ප‍්‍රීතිවන විට මෙරට යුධ විරෝධීන් යුද්ධයේ නිමාව සමරා කොළඹට රොක්වී හඬා වැලපෙන්නේ මේ නිසාය.

සාමය නිසා අවතැන්වූවෝ

මිනිසුන් අවතැන් වන්නේ යුද්ධය නිසා පමණක් නොවේ. සාමය නිසා අවතැන් වූ පිරිසක්ද රටේ සිටිති. අද මහින්ද එපෝ !!යැයි හඬ නගන බලවේග අතර මේ සාමය නිසා අවතැන් වූ පිරිස මුල් තැනක් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

වෙස් මුහුණු

වෙස් මුහුණු සෑදීම සදහා කඩදාසි, ප්ලාස්ටික්, රබර් මෙන්ම දැව වර්ගද භාවිතයට ගනු ලැබේ. එසේ වුවද යහපාලන වෙස් මුහුණ කුමන අමුද්‍රව්‍යකින් සාදන ලද්දක් දැයි නිගමනය කිරීම ඉතා අසීරුය. අප කුඩා කාලයේදී වෙසක් කාලයට කඩවල්වල බහුලව තිබුණේ කඩදාසි වෙස් මුහුණුය. මේ කඩදාසි මුහුණු පවා පරිස්සමින් පරිහරණය කළහොත් හයමාසයකට වඩා බොහෝ කාලයක් සුරැකිව තබා ගත හැකිය. එසේ වුවද විශේෂඥයන් සිය ගණනක් එක්වී ඉහලම පහසුකම් යටතේ නිශ්පාදනය කරන ලද යහපාලන වෙස්මුහුණ දින කීපයක් ඇතුළත පතුරු ගැලවී කෑලි හැලෙන්නට පටන් ගත් අතර, ඒ පිටුපස තිබූ රනිල්ගේ අජූව මුහුණ මේ වනවිට රටටම දිස්වන්නට පටන් ගෙන තිබේ.
රනිල් සහ මහින්ද

මහින්ද යනු බොහෝ හරි වැඩ කරන අතරේම වැරදි වැඩද කළ පුද්ගලයෙකි. නමුත් රනිල් යනු වැරදි කිරීම සඳහාම මෙලොවට බිහිවූ අංක එකේ වැරදි නිශ්පාදනාගාරයකි. මහින්දගේ වැරදිවලින් රටට වන හානිය සහ රනිල්ගේ වැරදිවලින් රටට වන හානිය අතර වෙනස අරක්කු බීමෙන් සිරුරට වන හානිය සහ වස බීමෙන් සිරුරට වන හානිය අතර ඇති වෙනසටත් වඩා විශාලය. ඉඩ ලැබුණු කෙටි කාලවලදී රනිල් රට කළ ආකාරය නිශ්චිත කාරණා දත්ත සහිතව විමසා බලන ඕනෑම අයකුට මගේ ප‍්‍රකාශය පක්ෂග‍්‍රාහී උපමා හරඹයක් නොවන වග වටහා ගැනීම ඉතා පහසුය.

දෙදරා ගිය සීනුව

රනිල් මෙන්ම මහින්දද වැරදි නම් මෙවර ඔබේ ඡන්දය සීනුවට නොදෙන්නේ මන්දැයි මිතුරෙක් මගෙන් විමසා සිටියේය. ඒ ප‍්‍රශ්නයට මා ඉතා දීර්ඝව ලියා ඇති දිගු පිළිතුරු මූලික කාරණා දෙකකට කැටි කළ හැකිය. පළමු කාරණය නම් තමන් තුළ ඇති තමන්ගේම වර්ධනයට බාධාකාරී වන ස්වයං විනාශකාරී ලක්ෂණ වෙනස් කර ගැනීමට ජවිපෙ තවමත් කිසිදු සූදානමක් නොපෙන්වීමය. ඒ තත්ත්වය තුළ ඔවුන්ට ඉදිරියේදීද උරුම විය හැක්කේ දෙපයින් සිටගත හැකි අනාගතයක් නොව සදාකල් වැටි වැටී නැගිටින අනාගතයකි. දෙවැනි කාරණය වන්නේ වසර කීපයකට අතහරින ලද තමන්ගේ නිසි භූමිකාව සියතට ගැනීමට ජවිපෙ තවමත් සමත් නොවීමය. එන්ජී ඕ කාරයන්ගේ ආස්වාදයට හේතුවන භූමිකාවක් රඟදක්වමින් සිටින ජනතා විමුක්ති පෙරමුණකට කිසිදා මනුෂ්‍යත්වයේ ආස්වාදයට හේතුවන භූමිකාවක් රඟදැක්විය හැකි නොවේ.

කහටපිටියගේ කවිය

නැසී ගිය ලක්ෂ්මන් කහටපිටිය මහතා පහත සඳහන් කවිය ලියන ලද්දේ ජවිපෙ තම නිසි මාවතින් බැහැරව නන්නත්තාර වීම ගැන ඇතිවූ සන්තාපය නිසාය. එය 2009 වසරේ පුවත්පතක පළව තිබුණි. ඒ විහින් කැඳවා ගත් දරුණු මැතිවරණ පසුබෑමකින් පසුව මාධ්‍ය හමුවක වාඩිවී අඬන්නට බැරිකමට හිනාවෙන ජවිපෙ නියමුවන්ගේ සේයාරුවක්ද සමඟය. එහෙත් මෙහි අර්ථය එදාට පමණක් වලංගු වන්නක් නොවේ.

දහදිය කඳුළු ලේ කලතා එකට හනා
සහලේ නෑසියන් ගෙන දුන් රටට දිනා
මහ උරුමයක අබිමන බඩදියට අනා
වහ කෑ පසුව කුමටද මේ නිවට සිනා

ඉසුරු ප‍්‍රසංග
මුල් සටහන Lanka Lead News වෙබ් අඩවියෙන්

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions