පකිස්ථානය තම රට තුළ වන මුස්ලිම් ආගමික පූජකයන් පුහුණු මධ්‍යස්ථාන අධීක්ෂණය කරමින් නිගමනය කර ඇත්තේ ඒවා තුළ ආගමික අන්තවාදය පෝෂණය කරනු ලබන බවයි. කුඩා දරුවන් 130 දෙනකුට මරණය කැඳවමින් තලිබාන්වරු දෙසැම්බර් මාසයේදී එල්ල කළ ප‍්‍රහාරය නිසා මෙම කි‍්‍රයාමාර්ගයට පකිස්ථානය එළඹී ඇතැයි පැවසේ. නමුත් ගතානුගතිකවාදීන්ගෙන් පකිස්ථාන රජයේ තීරණයට එරෙහිව බරපතල විරෝධයක් එල්ල වෙමින් තිබේ.
පකිස්ථානයේ වයඹ දිග ප‍්‍රදේශයේ පෙෂොවර් නගරයේ සිදුවූ තිරිසන් ප‍්‍රහාරය හේතුවෙන් පකිස්ථානු රජය සන්නද්ධ සටන්කරුවන්ට එරෙහිව කි‍්‍රයාත්මක වීමට ‘‘ජාතික කි‍්‍රයාකාරී වැඩසටහනක්’’ ඉදිරිපත් කරනු ලැබීය.
පකිස්ථානය, මරණීය දණ්ඩනය දීමට පනවා තිබූ, වසර 6ක් වන තාවකාලික පමා කාලය, ඉවත් කරනු ලැබූ අතර ව්‍යවස්ථාව වෙනස් කරමින් ‘‘ආගමේ නාමයෙන් හෝ නිකාය නාමයෙන්’’ කරනු ලබන පහරදීම්වලට හමුදා අධිකරණයක් මඟින් වරදකරුවන් වන අයට දඬුවම් පැනවීමට අවශ්‍ය නීති සම්පාදනය කළෝය.
ජාතික කි‍්‍රයාකාරී වැඩසටහන තුළ, පකිස්ථානයේ කි‍්‍රයාත්මක වන 13,000 ක් වන ඉස්ලාමීය පූජක පුහුණු මධ්‍යස්ථාන සහ ඉස්ලාමීය විද්‍යාල දෙස ඉතා සියුම් නිරීක්ෂණයක් කිරීමට තීරණය කර තිබේ. රජයේ ඇස්තමේන්තුවලට අනුව මෙම පුහුණු මධ්‍යස්ථාන සහ පාසල්වලින් 97%ක්ම කි‍්‍රයාත්මක වන්නේ රාජ්‍ය මැදිහත්වීමෙන් තොර පෞද්ගලික මැදිහත්වීම්වලින් ලැබෙන අරමුදල්වලිනි.
දරුවන්ට උගන්වන්නේ කුමක්දැයි පිළිබඳව තරමක් සැලකිල්ලට ගත් විට සෑම දරුවන් 9 දෙනෙකුගෙන් 5 දෙනකුම අන්මත නොඉවසීම වර්ධනය කරගත්තවුන් බව පෙනේ. එසේම සමහර දරුවන් අතර අන්තවාදය දක්වා තත්ත්වය වර්ධනය වී තිබේ.
සෑම සන්ධ්‍යාවකම ගස් කොළන්වලින් පිරුණු ඉස්ලාමාබාදයේ වීථිවල පිහිටි විශේෂ ස්ථානවල සුදු සල්වාරි කමීසයන්ගෙන් සහ සුදු ‘‘මුස්ලිම් ආගමික’’ තොප්පිවලින් සැරසුණු තරුණයෝ පොදි කකා රැුස්වෙති.
ඔවුහු ජමියා ෆරීඩා(Jamia Farida) නම් පූජකවරුන් පුහුණු කරන පාසලේ සිසුහු වෙති. ඔවුහු ධනයෙන් ආඪ්‍ය \පකිස්ථානුවන්ගේ සහ බොහෝ රටවල තානාපති නිලධාරීන්ගේ සුවිසල් මන්දිරවල වෙසෙන දරුවෝ වෙති.
එම පාසල පවත්වාගෙන යනු ලබන්නේ මව්ලානා අබ්දුල් අසීස් නම් මුස්ලිම් පූජකවරයා විසිනි. ඔහු සුප‍්‍රසිද්ධ රතුපල්ලියේ පූජකවරයෙකි. 2007 වර්ෂයේදී පකිස්ථා නු හමුදාව විසින් මෙම පල්ලිය සතියක් තිස්සේ වටකොට පහරදුන්නේ රැුඩිකල් තරුණයන්ට එරෙහි පියවරක් ලෙසිනි. එම මෙහෙයුමේදී මිනිසුන් 100කට වඩා මිය ගිය අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස තේරික් ඊ තලිබාන් පකිස්ථාන් (Tehreek – e – Taliban Pakistan – TTP) සංවිධානයේ නැගීම සිදු විය.
අසීස් පූජකතුමා ප‍්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ ඔහුගේ විවාද සම්පන්න අදහස් හේතුවෙනි. වරක් ඔහු පවසා සිටියේ TTP සංවිධානයට එරෙහි පකිස්ථානු රජයේ හමුදා කරගෙන යන මෙහෙයුම් ඉස්ලාම් ධර්මයට පටහැනි බවයි. පසුගිය වර්ෂයේදී රතු පල්ලියේ පූජක පුහුණු පාසලේ ගැහැණු ළමුන්ගේ පුස්ථකාලය අල් කයිඩා සංවිධානයේ නායකයාව සිට ඝාතනයට ලක් වුනු ඔසාමා බින් ලාඩන්ගේ නමින් නම් කෙරුණි.
ජමියා ෆරිඩියා පාසලේ ශිෂ්‍යයෙකු වන හබීබ් උල්ලා පවසන්නේ, බින් ලාඩන් ඔහුගේ වීරයා වන බවයි. එසේම ඔහුට අනුව බින් ලාඩන් යනු, ෂීයාට් මුස්ලිම්වරු සම්බන්ධයෙන් ඉතා ගැඹුරු දර්ශනයක් තිබුණු කෙනෙකි. පකිස්ථානයේ ජනගහනයෙන් 20%ක් පමණ ෂීයාට් මුස්ලිම්වරුන් වන අතර බහුතරය සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සමන්විත වේ.‘‘ඔවුහු මුස්ලිම්වරු නොවෙති. ඔවුහු මුස්ලිම්වරු බවට පත්විය යුතුයි’’ වයස අවුරුදු 12ක් වන දරුවෙකු මාධ්‍යයට පැවැසුවේ. එම දරුවාගේ උපන්ගම උතුරුදිග පාකිස්ථානයේ කොහිස්ටාන් දිස්ති‍්‍රක්කයයි. එහි සිටින එක්තරා පූජකයෙකු ඔහුට උගන්වා ඇත්තේ එක් ෂීයාට් මුස්ලිම්වරයෙකු මරාදැමුවහොත් දිව්‍ය ලෝකයට ළඟාවීමට ඇති පඩි 70ක් තරණය කරනු ඇති බවයි.
මෙවැනි මත දරුවෙකුගේ මනස සංවර්ධනයේදී ඉතා ප‍්‍රබන්ධ සිතුවිලි ඇති කරනු ලබයි. එතැනින් නොනැවතී පකිස්ථානය නිකායික ප‍්‍රචණ්ඩත්වයකට ඇද දමනු ලැබීමට හේතුවේ. එසේ ම එම ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වන්නේ ෂීයාට් මුස්ලිම්වරු වීමද නොඅනුමානය.
නමුත්, ඉස්ලාමීය ආගමික විද්‍යාල පාලනය සඳහා පකිස්ථානය තෝරා ඇති කි‍්‍රයාමාර්ග බොහෝ පූජකවරු තුළ කෝපය ජනිත කරවීමට හේතු වී තිබේ. එසේම දුෂ්ඨ චේතනා සහිත පූජකවරු රජය ඉස්ලාම් විරෝධී ආකල්පයන් සතුව කටයුතු කරන බව ප‍්‍රලාප පතුරවති.
ආගමික විද්‍යාල සඳහා වන සංවිධානවලින් විශාලතම ආගමික විද්‍යාල සංවිධානය වන වාෆැක් උල් මදාරිස් අල් ඇරාබියා(Wafaq- ul – madaris al – Arabia) සංවිධානයේ ප‍්‍රකාශකයා වන අබ්දුල් කුඩුස් (Abdul Qudus) ප‍්‍රකාශ කළේ ‘‘ආගම සහ නිකාය යන වදන් ව්‍යවස්ථා සංශෝධනය තුළ භාවිතා කරන්නේ ඒක පාර්ශ්වීය ආකාරයෙනුයි’’ යනුවෙනි.
‘‘අපට ප‍්‍රත්‍යක්ෂයි රජයට අවශ්‍ය වී තිබෙන්නේ ආගමික අධ්‍යාපන ආයතන ඉලක්ක කිරීමයි. නමුත් අප එයට කෙසේවත් අප ඉඩ දෙන්නේ නැහැ.’’ යනු ඔවුන්ගේ අදහසයි.
ජනමාධ්‍ය අමාත්‍ය පර්වේස් රෂීඞ්(Pervez Rashid) මහතා පසුගිය දිනක ප‍්‍රකාශ කළේ ‘‘ඉස්ලාම් ආගමික විද්‍යාල යනු නූගත්කමේ සහ අවිද්‍යාවේ මධ්‍යස්ථාන’’ වන බවයි. එහෙත් ඔහුට ආගමික අධ්‍යාපන ආයතනවලින් විශාල බලපෑමක් එල්ල විය.
එක් රැුයක් තුළ ඉස්ලාමාබාද් නුවර පුරා ඔහුට විරුද්ධව බැනර් ප‍්‍රදර්ශනය විය. එසේම ඔහුට රූපවාහිනිය ඔස්සේ සමාව අයදින ලෙස බල කෙරුණි.
එසේම පාකිස්ථානයේ ධනවත් යහලූවන් වන ගල්ෆ් රටවලින්ද බලපෑම් එල්ලවන්නට විය. ජනවාරියේදී සෙනට් මණ්ඩලය පත් කළ කමිටුවට දකින්නට ලැබුණේ අගාමික අධ්‍යාපන ආයතනවලට මුදල් ගලා එන්නේ සවුදි අරාබියාව, ක්වේටය සහ කටාර් රාජ්‍යය වැනි රටවලින් බවයි.
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකුගේ මත දැක්වීමට අනුව, හමුදා නායකයෙකු වන පාවේස් මුසාරෆ් මහතා විසින් පූජකරුවන් පුහුණු කිරීමේ පාසල් පාලනය කිරීමට උත්සාහ කරනු ලැබීය. එහෙත් ගල්ෆ් රටවල් විසින් විශේෂයෙන්ම සවුදි අරාබියාව, ඉස්ලාමාබාදයට බලකරනු ලැබුවේ පූජකරුවන් පුහුණු කරන පාසල් පාලනය කිරීම තීව‍්‍ර මට්ටමකට නොගෙනීමට කටයුතු කිරීමටයි.
පෙෂොවර් ප‍්‍රාන්තයේ පාසල් දරුවන් ඝාතනය කිරීමෙන් පසුව පාකිස්ථාන මාධ්‍යය සහ පාකිස්ථාන ඇමැතිවරුන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න කරනු ලැබුවේ ප‍්‍රචණ්ඩකාරී අන්තවාදය පෝෂණය කිරීම පිණිස සවුදි අරාබියාව පූජක පුහුණු පාසල්වලට මුදල් පොම්ප කර ඇතිද යන්නයි. මෙය දිගුකාලීන මිත‍්‍රත්වයක් ප‍්‍රදර්ශනය කළ මිතුරන් දෙදෙනෙකු අතර අසමගිය පෙන්වූ විරල අවස්ථාවක් විය.
පකිස්ථානයේ සවුදි අරාබි තානාපති කාර්යාලය ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පාකිස්ථානයේ ඇති ආගමික අධ්‍යාපන ආයතනවලට ලබාදුන් සියලූම ප‍්‍රතිපාදන රජයේ අනුමැතිය යටතේ ලබාදුන් බවයි. එහෙත් සත්‍යය නම් එම ආයතනවලට සවුදි අරාබියාවෙන් ලැබෙන මුදල් වැඩි ප‍්‍රමාණයක් ලැබෙන්නේ අනියම් මාර්ගවලිනි.
AFP පුවත් ජාලයට අදහස් දැක්වූ පකිස්ථාන සාම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයා වන අමීර් රානා පවසා සිටියේ ‘‘මුස්ලිම් පූජකරුවන් පුහුණු කිරීමේ පාසල්වල විශේෂ නියෝජිතයෙකු නම් කර තිබෙනවා. ඔහුට අරාබි රටවලත් අපි‍්‍රකානු රාජ්‍යවලත්, යුරෝපයේ රටවලත් කිසිදු බාධාවකින් තොරව ඇවිදීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. ඔවුන් එම රටවල සිටින මුස්ලිම් ප‍්‍රජාවගේ අරමුදල් රැුස්කරගනු ලබනවා.’’ කියායි.
ඔහු තවදුරටත් පවසා සිටියේ ‘‘මෙය අධීක්ෂණයට ලක් කළ නොහැකි කළු කුහරයක්’’ කියායි.
නම් සඳහන් නොකරන්නැයි ඉල්ලා සිටි පකිස්ථානු රජයේ ඉහළ නිලධාරියෙක් පවසා සිටියේ ‘‘ආගමික නකයන්ගේ සංචාරයකින් මාස දෙකක් ඇතුළත පකිස්ථාන රුපියල් මිලියන 70ක්(US$ 700,000) නීති විරෝධී ලෙස ගල්ෆ් රටවල් දෙකකින් පාකිස්ථානයට එවා තිබුණා.’’ කියායි.
පකිස්ථානය ඉතා තදින් ආගමට නැඹුරු වූ සමාජයක් සහිත රටකි. පූජක පුහුණු මධ්‍යස්ථාන පිළිබඳව වැරදි අදහස් පැතිරීම නොසලකා හරින්නේ නම්, පූජකවරු සමාජයෙන් හොඳ පිළිගැනීමකට ලක් වෙති.
ඔවුන්ගෙන් එල්ලවන ප‍්‍රතිවිරෝධය මැඬ පවත්වමින් දේශපාලන සහ අභිලාෂයන් සහ අධිෂ්ඨානයන් ජයග‍්‍රහණය කිරීමට උත්සාහ ගත්තද රජයට ඒ සඳහා සාර්ථක කි‍්‍රයාමාර්ගයක් ගත හැකිදැයි සැක සහිත බවටඅමීර් රනාගේ අදහයසයි.
‘‘රජයට දේශපාලන අභිලාෂයක් තිබෙනවා. එසේම මුස්ලිම් පූජකරුවන් සතුව මහපාරේ තිබෙන බලය පිළිබඳවත් පකිස්ථානු සමාජය තුළ එම පූජකවරුන්ගේ අඛණ්ඩ මැදිහත්වීම සම්බන්ධවත් හොඳ තක්සේරුවක් තිබෙනවා.’’ යැයි අමීර් රාණා වැඩිදුරටත් පැවැසුවේය.
හමුදා පාලකයෙකු වූ ජෙනරාල් සියා උල් හක් යටතේ 1980 දශකයේ දී පකිස්ථානය ඉස්ලාමීකරණය කරනු පිණිස වැඩසටහන් කි‍්‍රයාත්මක විය. එසේම ඔහුගෙන් පසුව බලයට පත් වූ රජයන් ඔහුගේ ව්‍යාපෘතිවලින් ප‍්‍රාග්ධනය උපදවා ගැනීමට උත්සාහ ගත්හ.
රජය, ආගමික නායකයන්ගේ උදව් ගෙන පෝලියෝ රෝගය මර්දනය පිණිස දෙමව්පියන් දැනුවත් කර දරුවන්ට පෝලියෝ එන්නත ලබාදීමට කටයුතු කළේය. එසේම පල්ලි සහ ආගමික අධ්‍යාපන ආයතන භාවිත කර ජාතිකවාදය ඇති කරන වෘත්තාන්තයන් සමාජ දේහයට ඇතුළත් කිරීමට කටයුතු කළේය.
පකිස්ථානයේ තත්ත්වය මෙසේ වුවද ඉන්දියානු බලධාරීන් චෝදනා කරන්නේ පකිස්ථානයේ ISIS ඔත්තු සේවය අන්තවාදී මුස්ලිම් සංවිධානයක් වනISIS සංවිධානයේ ශී‍්‍ර ලංකාවේ නැගෙනහිර පළාත් ප‍්‍රමුඛ මුස්ලිම් ප‍්‍රජාව වැඩි ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක කරවීමට කටයුතු කරන බවයි. එය ඉන්දියාවේ චෝදනාවකි. නමුත් පසුගිය දිනවල මඩු රක්ෂිතය ආශි‍්‍රතව ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍ර ප‍්‍රවාහයේ සිටින මුස්ලිම් දේශපාලකයෙකු වනාන්තර විනාශකර පිහිට වූ මුස්ලිම් ගම්මාන පිළිබඳව නිරීක්ෂණය කළ සමහර මාධ්‍ය වාර්තා පවසා සිටියේ මුස්ලිම් ප‍්‍රජාව අතර දෙමළ හෝ සිංහල නොවන වෙනත් භාෂාවක් කතා කරන මිනිසුන් පිරිසක් සිටි බවයි.
කෙසේ වුවත්, බෙදී වෙන් වෙන ශී‍්‍ර ලංකාවේ උතුරු නැගෙනහිර පළාත තුළ දෙමළ මුස්ලිම් ගැටුමක් නිර්මාණය වීම ඉන්දියානු අභිලාශයයි. එම අභිලාශය සමඟ අමෙරිකානු ඔත්තු සේවා ප‍්‍රමුඛ බටහිර තානාපති කාර්යාලවල ඔත්තු සේවාවල අභිලාශයද සමපාත වේ. මුස්ලිම් අන්තවාදයෙන් බැට කන ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනයා ඉන්දියානු රූකඩයක් කරගැනීම හරහා එම පළාතේ ඉන්දියන් රූකඩ පාලනයක් අටවා ගැනීම ඉන්දියාවේ උපක‍්‍රමයයි. ඊට සමාන්තරව අමෙරිකාවේ අභිලාශය බෙදුනු රාජ්‍යයේ නාවික බලය ශී‍්‍ර ලංකා භූමිය කේන්ද්‍ර කරගනිමින් තහවුරු කර ගැනීමයි. එසේම දකුණේ ද තමන්ට හිතවාදී කෲර පාලනයක් පිහිටුවා ගැනීමට සන්නද්ධ ගැටුම ඉතා හොඳින් මෙහෙයවා ගත හැකි බව අමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් දනිති.
දැන් තිබෙන්නේ මෙම සියලූම ඔත්තු සේවාවල දඩබිමක් වූ ශී‍්‍ර ලංකාවකි. කළ යුත්තේ මෙවැනි කුමන්ත‍්‍රණකාරී කි‍්‍රයාමාර්ග පරදවන්නට හැකි ජාතික බලවේගයන්ගෙන් සුසැදි පාලන තන්ත‍්‍රයක් නිර්මාණය කරගැනීම නොවන්නේද? කාලය එළඹ තිබෙන්නේ ඒ සඳහාය යනු අපගේ හැඟීමයි.
අන්තර්ජාලය ඇසුරෙන් සකස් කළේ
ජීවන්ත ජයතිස්ස :jeewanthaj@yahoo.com
මුල් සටහන : Lanka Lead News වෙබ් අඩවියෙන්

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .