7/24/2015

මහින්දට කළගුණ සලකන්න එපා

කතෘ:යුතුකම     7/24/2015   No comments

මහින්ද රාජපක්‍ෂට මෙවර ඡන්දය දිය යුත්තේ ඔහුට කළ ගුණ සැලකීම සඳහාය යනුවෙන් මහින්දවාදීන් තර්ක කරන බව රනිල්වාදීන් විසින් සමාජගත කරමින් යන මතයකි. කොටින් ම එය පැරඩියකි. එහි අර්ධ සත්‍යයක් නැත්තේ ම නොවේ. එහෙත් මහින්ද මෙරට බලයට ගෙන ආ යුත්තේ ඔහුට කළගුණ සැලකීමේ අර්ථයෙන් නොව ඔහුගෙන් ජාතියට තවදුරටත් වැඩ ගැනීමේ අර්ථයෙනි. කළගුණ සැලකීම නැමැති සාරධර්මය දියුණු මානව ගුණාංගයක් බව සත්‍යකි. එය පිහිටන්ගේ දියුණු, සංවේදී සිත්සතන් තුළ ය. එහෙත් ඒ මත පමණක් රටක නායකයෙකු ‍තෝරාගත නොහැකි බව මහින්දවාදීන්ගේ පිළිගැනීමයි.

මහින්ද මේ රට විසින් අත්හදා බැලූ නායකයෙකි. ඔහු තරම් අන් කිසිවෙකු මෙරට ජාතික සංවර්ධනය වෙනුවෙන් වැඩ කොට නැත. 2005 වසරේ දී ඩොලර් බිලියන 24.5ක් වූ මෙරට දළ දේශීය නිෂ්පාදයනය වසර 9ක් වැනි කෙටි කළකින් තුන් ගුණයකින් වැඩිකරමින් ඩොලර් බිලියන 76.9ක් බවට පත්කරන්නේ මහින්ද ය.එපමණක් නොවේ.60 හා 70 දශකවල සැලසුම් කළ මෙරට ගල් අඟුරුබලාගාර, ඉහළ කොත්මලේ විදුලි ව්‍යාපෘථිය, උමාඔය බහුකාර්ය ව්‍යාපෘථිය වැනි තව බොහෝ බලශක්ති ප්‍රභවයන් යාථාර්ථයක් බවට පත් කරන්නේ මහින්ද ය. මේවා නිසි කලට රටට දායාද නොකිරීමෙන් මෙරට ජාතික සංවර්ධනයට කොතරම් පාඩුවක් කොට තිබේ ද?

අනෙක නම් මෙරට මාර්ග පද්ධතියයි. මෙරට මාර්ග පද්ධතිය මීට බොහෝ පෙර නවීකරණය කළ යුතුව තිබුණි. එහෙත් මහින්ද එනතුරු ඒ කිසිවක් සිදු නොවූවේ ය. කටුනායක අධිවේගී මාර්ගයට රනිල් ජපානයෙන් ණයක් ද ගෙන එය එදාවේල කා කාබාසිනියා කළා මිස එක අඟලක් ඉදි නොකළේ ය. දක්‍ෂිණ අධිවේගි මාර්ගය ද එසේ ය. තව ද මහින්ද විසින් අලුතින් ම කාපට් අතුරා නවීකරණය කළ රටේ සෑම දෙසට ම විහිදෙන සෙසු ඒ හා බී ශ්‍රේණිවල මහාමාර්ග ගණන කොපමණ ද? මෙම මාර්ග නිසි කළ ඉදි නොකිරීමෙන් අප රටට කොතරම් පාඩුවක් සිදුවී ද? සරල නිදසුනක් පෙන්වමි. අබලන් මාර්ගයක එක් පැය බාගයක් මාර්ග තදබදයක සිටීම නිසා අමතර ව වැයවන ඉන්ධන ප්‍රමාණය කොපමණ ද? අප ඒ වෙනුවෙන් පිටරට යවන ඩොලර් ප්‍රමාණය? අප නාස්ති කරන කාලය? ඉන් සිදුවන තව බොහෝ ආර්ථික හා සමාජ අතුරු අබාධ? මේවාට මිලක් ඇත. ඒ මිළ ගෙවා දැම්මේ මහින්ද හැර අන් කවරෙක් ද?

මහින්ද විසින් ඉදිකළ මෙගා ව්‍යාපෘථි ගණයට වැටෙන හම්බන්‍තොට වරාය සැලසුම් කොට කොපමණ කළක් සමස් පෙට්ටියේ තිබුණේ ද? පසුගිය වසරේ පමණක් මෙම වරාගේ ලාභය රුපියල් බිලියන 5.9කි. මෙම වරාය මින් පෙර ඉදි කළේ නම් එය කොතරම් ධනයක් අපට උපයා දේ ද? මේ වන විට හම්බන්තොට වරාය දකුණු ආසියාවේ කාර්යබහුල ම වරායවලින් එකකි. මත්තල ගුවන් ‍තොටුපල මීට දෙවැනි නොවේ. රටක දෙවැනි ජාත්‍යන්තර ගුවන් ‍තොටක් අනිවාර්ය අංගයකි. කටුනායක කිසියම් ගැටළුවක් නිසා වසා දැමීමට සිදුවූ වැනි සිතන්න. අප රට වෙත එන යානා ඉන්දියාවට හරවා යැවිය නොහැකි ය. මෙම ගුවන් ‍තොට ඉදිකිරීමට එම හේතුව ම සෑහේ. එහෙත් රට දියුණු වන විට මේ සියල්ල එක් පොකුරකට ප්‍රසාරණය වන පරිදි සැලසුම් කොට තිබුණි. අප මෙහි දී ඔබට ඉදිරිපත් කළේ මහින්ද කළ දෙයින් අංශුවක් පමණි. ඉතිරිය ඔබේ හෘද සාක්‍ෂියයි. එහෙත් ඒ සියල්ල ජනවාරි 08 වන දායින් පසු අවසන් කිරීමට මෙරට පුරවැසියන් කොටසක් විසින් ම තීරණය කිරීම ජාතියේ පවක් හැර අන් කුමක් ද? කළගුණට එහා මහින්ද යන්නේ මෙම අර්ථයෙන් ය.

මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions