7/29/2015

ටී එන් ඒ සන්නිය

කතෘ:යුතුකම     7/29/2015   1 comment


ටී එන් ඒ හෙවත් දෙමළ ජාතික සංධානය මූලික වශයෙන් මෙහෙයවනු ලබන්නේ එංගලන්තය හා ඉන්දියාව විසිනි. මුළු මහත් රට ම වෙළා ගන්නා සන්නියක් අද දෙමළ ජාතික සංධානයටත්, එදා එහි පූර්වගාමින් වූ පොන්නම්බලම් අරුණාශලම්ගේ හින්දු මහා සභාවේ සිට කොටි සංවිධානයටත් පැතිරවීමටත් හැකි වූයේ ඉංගිරිසින්ගේ දේශපාලන උපක්‍රම හා සිංහලයන්ට ප්‍රශ්නයක් තේරුම් ගැනීමට නොහැකි නිසාත් ය. ටී එන් ඒ සන්නිය ඒ ඒ කළ විවිධ පුද්ගලයන් හරහා පැමිණ ඇති අතර අද වන විට අවුරුදු එකසිය අසූවකට වඩා පැරණි ය. අවුරුදු එකසිය අසූවකට පසුවත් සිංහලයන්ට සන්නිය තේරුම් ගැනීමට නොහැකි වී ඇත.

ටී එන් ඒ සංවිධානය පසුගිය දා තම මැතිවරණ ප්‍රකාශය පළ කිරීමෙන් පසු සිංහලයන්ට නැවතත් සන්නිය වැළදී ඇත. සිංහලයෝ දැන් ඒ ඒ තැන්වල ප්‍රශ්නය කතා කරති. මෙහි ප්‍රශ්නයක් ඇත්තේ බටහිරයන් හා ඉන්දියයන් විසින් මෙහෙයවනු ලබන එ ජා ප, ජ වි පෙ, ජාතික හෙළ උරුමය ආදී පක්‍ෂවලට මිස අපට නො වේ. අප ටී එන් ඒ නායකයන්ට කියා සිටින්නේ ඔවුන්ට මෙරට දේශපාලනයේ කතා කිරීමට ඊනියා දෙමළ ප්‍රශ්නයක් නැති බව ය. දෙමළ ප්‍රශ්නයට දේශපාලන විසඳුම නන්දිකඩාල් කලපුවේ දී අවුරුදු හයකට ඉහත දෙනු ලැබිණි.

අද ටී එන් ඒ සංවිධානය ප්‍රශ්නය පටන්ගන්නේ 1948 සිට ය. ඔවුන්ට අනුව මෙරට ජාතින් දෙකක් ජීවත් වී ඇත. ඒකිය රාජ්‍යය යන්න ඉංගිරිසින්ගේ නිර්මාණයකි. ඊනියා දෙමළ නිජභූමිය, ස්වයංනිර්ණ අයිතිය, වෙන ම ජාතිය, දෙමළ රාජ්‍යය නැතිවීම ආදිය පමණක් නොව හවුලේ භුක්තිවිඳින ස්වෛරීභාවය ද පැරණි සංකල්ප ය. 1833 දී නිල වශයෙන් බෞතීස්ම කරනු ලැබූ දෙමළ ජාතිවාදය මුල සිට ම යොදා ගනු ලැබුයේ සිංහල බෞද්ධ සංස්කෘතිය අඩු තරමෙන් දුර්වල කිරීමට ය. හැකි නම් නැති කර දැමීමට ය.

දෙමළ ජාතිවාදීන් මුල සිට ම තම ඉල්ලීම් ඉදිරිපත් කෙළේ ඒ කරුණු දෙක පදනම් කර ගනිමිනි. ව්‍යවස්ථාදායක සභාවේ සිංහල මෛන්ත්‍රීන් සංඛ්‍යාව අඩු කිරීම, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පනහට පනහ ඉල්ලීම, සෝල්බරි ව්‍යවස්ථාව යටතේ බහු මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ ඇති කිරීම, පනහට පනහ ඉල්ලීම,සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට විරුදධ වීම, සිංහල නාම පුවරුවල තාර ගෑම, ශ්‍රී ප්‍රශ්නය, වඩුකොඩෙයි යෝජනා, තිම්පු සාකච්ඡා සඳහා ඉදිරිපත් කළ කොන්දේසි, ආදී සියල්ල එකම ප්‍රශ්නයකට ඉදිරිපත් කෙරුණු ඊනියා විසඳූම් ය.

සිංහලයෝ සමස්තයක් ලෙස මේ සියල්ල ප්‍රතික්‍ෂෙප කළහ. චන්ද්‍රිකා මංගල ආදීහු විසඳුම් ලෙස පැකේජ ඉදිරිපත් කළහ. එහෙත් ඒ සියල්ල සිංහලයන් විසින් ප්‍රතික්‍ෂෙප කෙරිණි. අවසානයේ දී ඊනියා විසඳුමක් ලෙස ඉතිරි වූයේ ඉන්දියාව අද වැනි දිනෙක අප මත බලෙන් පැටවූ ඉන්දු ලංකා ගිවිසුම, දහතු්වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා ය. ඒ එකක්වත් විසඳුමක් නොවී ය. ඒ ප්‍රභ්නයේ ම කොටස් විය. ප්‍රශ්නය සිංහල සංස්කෘතියට මෙරට හිමි තැන අහිමි කිරීම ය. එංගලන්තයේ ඉංගිරිසින්ට හිමි දෙයින් බාගයක්වත් ලංකාවේ සිංහලයන්ට හිමි නොකිරීමට ඉංගිරිසින් ක්‍රියා කරන්නේ ඇයි? එංගලන්තයේ ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි සංස්කෘතියට වෙනත් කිසිම සංස්කෘතියක් සමාන නොවී තිබිය දී ලංකාවේ සියළු සංස්කෘතීන් සමාන විය යුතු යැයි ඉංගිරිසින් ද ඔවුන් අනුකරණය කරන පඬියන් ද පවසන්නේ ඇයි?

විවිධ ජනාධිපතිවරුන් යටතේ දෙමළ ජාතිවාදීන් සමග සාකච්ඡා පැවැත්වූයේ සිංහල සංස්කෘතියට මෙරට හිමි තැන අහිමි කිරීමට ය. සිංහලයෝ සියළු ඊනියා විසඳුම්වලට විරුද්ධ වූහ. ඉන්දු ලංකා ගිවිසුම ආශී්‍රත විසඳුම් සිංහලයන් මත බලයෙන් පටවන ලද ඒවා ය. තමන්ට අවශ්‍ය ඊනියා විසඳුම් දීමට සිංහලයන් අකමැති වූ විට රට බෙදීම කරා යන ඒ විසඳුම් ලබා ගැනීමට දෙමළ ජාතිවාදීහු ආයුධ අතට ගත්හ. දෙමළ ත්‍රස්තවාදය යනු දෙමළ ජාතිවාදයේ ම කොටසක් විය. ත්‍රස්තවාදයට ද අවශ්‍ය වූයේ දෙමළ ජාතිවාදී ඊනියා විසඳුම් ය.
සිංහලයෝ ත්‍රස්තවාදය පරාජය කළහ. එයින් පරාජය වූයේ දෙමළ ජාතිවාදී ඉල්ලීම් හා ඊනියා විසඳුම් ය. හමුදා මෙහෙයුම්වලින් සිංහලයෝ දෙමළ ජාතිවාදී ඉල්ලීම් පරාජය කළහ. අද ටී එන් ඒ නැවතත් උත්සාහ ගන්නේ හමුදා මෙහෙයුම්වලින් පරාජය වූ ඉල්ලීම් නැවත ඉදිරිපත් කිරීමට ය. හමුදා මෙයෙුම්වලින් ලැබෙන්නේ ද දේශපාලන විසඳුම් ය. දෙමළ ජාතිවාදී ඉල්ලීම්වලට දේශපාලන විසඳුමක් දී අවසන් ය. ටී එන් ඒ සංවිධානයට ඒ ඉල්ලීම් නැවත ඉදිරිපත් කිරීමට දේශපාලනික හෝ සදාචාරාත්මක හෝ කිසිදු අයිතියක් නැත. සිංහලයන් ටී එන් ඒ සන්නිය කුමක් දැයි පැහැදිලිව තේරුම් ගත යුතු ය. නො එසේ නම් සිංහලයා සදාකාලික ආතුරයකු වනු ඇත.

-නලින් ද සිල්වා
කාලය
2015 ජුලි 29

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. 2016 වර්ෂය අවසන් වීමට පෙර ස්වයං පාලනය දීමට රනිල් සහ සිරිසේන ලිකිත පොරොන්දුවක් දුන්නා -සම්බන්ධන්
    http://newsofcolombo.com/exclusive/item/3962-2016

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions