පසුගිය දා ජනාධිපති සිරිසේන ජනාධිපති සිදු කළ ප්‍රකාශයෙන් ආතල් ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් පමණි. අවම වශයෙන් එයින්, ශ්‍රිලනිපයේ මෛත්‍රී හිතවාදී පිරිසත් ආතල් ගත්තේ නැත. ඔවුහු ද ජනාධිපති සිරිසේන ගේ ප්‍රකාශයෙන් බැහැර කළ හ. ඒ අනුව ඇතැම් මෛත්‍රී හිතවාදිහු ඊට විරෝධ පාමින් සිය පදවි තානාන්තරවලින් ද ඉවත් වූහ.මෙයින් පෙනී යන්නේ නායකයකු නොවී, නායකයකු ලෙස රගපාමින් අනුන් ගේ පදයට නටන්නට යෑමෙන් කාට වුවත් සිදු විය හැකි විජ්ජුම්බරයකි.
ජනාධිපති සිරිසේන ගේ ප්‍රකාශයෙන් පසු ශ්‍රිලනිප මාධ්‍යම කාරක සභාව රැස් වී, ඔහුට එරෙහි ව ක්‍රියාමාර්ග ගැනීමේ තීරණයකට එළඹෙමින් සිටියහ. එය ඇතැම්විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති, පක්ෂ සභාපතිකමින් නෙරපා හැරෙන තත්ත්වයක් දක්වා දිගු වන්නට ඉඩ තිබුණු බව අදාළ සිදු වීම්, විමර්ශනය කරන විට පෙනී යයි.
ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව සිදු කිරීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද ව පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට දුරකථනයෙන් දන්වා තිබෙන අතර, එහිදී ඔහු speaker on කර සියල්ලන්ට ඇසෙන පරිදි අදාළ ඇමතුම ලබා දී තිබේ.
එහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ඉල්ලා ඇත්තේ 'හැකි නම් රැස්වීම අවලංගු කරන' ලෙස ය. මධ්‍යම කාරක සභාවේ කටයුතු තවදුරටත් ඉදිරියට යද්දී, එස්.බී.දිසානායක දුරකථනයෙන් අමතා පවසා ඇත්තේ, 'හදිසියේ රැස්වීමක් පැවැත්වීමෙන් තද තීරණවලට යා හැකි අවදානමක් පවතින බව' ය. මෙහි 'තද තීරණ' යනු 'සභාපතිකමින් නෙරපීම', 'පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම' වැන්නක් විය හැකි බව පැහැදිලි ය.
එහෙත් මධ්‍යම කාරක සභාව ස්වකීය ස්ථාවරයේම සිට ඇත.
'සභාපති නොමැති ව මධ්‍යම කාරක සභාව රැස්වීමේ අවස්ථාව වළක්වා, සිරිසේන ජනාධිපති වෙනුවෙන් අධිකරණ වාරණ නියෝගයක් ලබා ගෙන තිබුණේ ඉන්පසු ව ය. එයට මැදිහත් වී තිබුණේ කුප්‍රකට පුද්ගලයකු වන සෝලංගආරච්චි ය.
'කුඩුකාරයන්ට, එතනෝල්කාරයන්ට, කැසිනෝකාරයන්ට මගෙන් කිසිම සමාවක් නෑ' කියමින් නිතර වහසි බස් දොඩන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අවසානයේදී උපකාරයට පැමිණ ඇත්තේ කුඩු ජාවාරම්වලට සම්බන්ධ යයි ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙකි.
උපදේශය-
කවර සමාජ විරෝධී අපරාධකාරයන් වුව ද, ඇතැම්විට කුඩුකාරයන් ගෙන් ද අපට උදව් ලබා ගන්නට සිදු වන අවස්ථා තිබේ.
- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .