7/10/2015

ඇම්මට ගැම්මක්

කතෘ:යුතුකම     7/10/2015   No comments

ධර්මන් වික්‍රමරත්න ලියන මුරගල තීරු ලිපිය - 112
2015 ජුලි 10 සිකුරාදා

මේ උදාවී ඇත්තේ ජූලි මාසයයි. එජාප ආණ්ඩු ඉතිහාසයේ ජුලි මාසයේ සිදුකර ඇත්තේ මළ කෙළියයි, ජුලි හතේ වැඩය. 


ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සමයේ එජාප ආණ්ඩුවෙන් මසකට රුපියල් 300කින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා 1980 ජුලි 15වැනිදා ලක්ෂ 4ක පමණ පිරිසක් වැඩවර්ජනයක් දියත්කල අතර ආණ්ඩුව වර්ජකයින් 40,356ක් සදහටම ගෙදර යැව්වේය. වර්ජකයෝ සිය ගණනක් ජීවත්වීමට දරු පවුල නඩත්තු කිරීමට ආදායමක් නොමැති හෙයින් සියදිවි නසා ගත්හ.

ඉන්දු ලංකා ගිවිසුම ජනතා විරෝධය නොතකා හොර රහසේ අත්සන් කළේද 1987 ජුලි 29වැනිදාය. ගිවිසුම අත්සන් කල දිනයේ පමණක් එයට එරෙහිවූ 21දෙනෙකු කොටුව බෝගහ අසළදී වෙඩිතබා මරාදැමූ අතර දින 5 ඇතුලත මරා දැමූ සංඛයාව 135කි. ඒ සමඟම පැමිණි ඉන්දිය හමුදාවට සහ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ දියත්කල දෙවැනි කැරැල්ලෙන් තෙවසරක් ඇතුළත ඝාතනයට ලක්වූ සංඛ්‍යාව 41,813කි.

ද්‍රවිඩ කොටි ත්‍රස්තවාදය ප්‍රචලිත කිරීමට බෙහෙවින් ඉවහල්වූ 1983 කළු ජූලිය ආරම්භ වූයේද 1983 ජුලි 24වැනිදාය. දෙමළ සංහාරය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවූ සැලසුම් සහගත ව්‍යාපාරයක් බව ද්‍රවිඩ ජනයාගේ මතය වූ අතර කළු ජූලියෙන් ඝාතනයට පත්වූ සංඛ්‍යාව 471කි. තුවාල වලට ලක්වු සංඛ්‍යාව 3,769කි.සිදුවූ මංකොල්ලකෑම් සංඛ්‍යාව 3,835කි. ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේ 1983 ජුලි 31වැනිදාය.

මෙවර ජුලි මාසය උණුසුම්වී ඇත්තේ ලබන මස පැවැත්වෙන මහා මැතිවරණය හේතුවෙනි. රට හමාර කල 'යහපාලන' ආණ්ඩුවේ දින 168ක නිමාවට තිත තබනු ඇත්තේද ඉදිරි මහ මැතිවරණයේදීය. මෙවර මහ මැතිවරණය උණුසුම්වී ඇත්තේ මහින්ද රාජපක්ෂගේ දේශපාලන ආගමනයත් සමඟය. හිටපු ජනාධිපති මහින්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර තරඟ කිරීමට නාමයෝජනා දැනටමත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බාරදි ඇත. එජාපය ඇතුළු පක්ෂ සහ කණ්ඩායම්ද එයට එරෙහිව සිදුකල සියළු ක්‍රියාවන් පුස් වෙඩි බවට පත්විය.

එක්සත් ජාතික පක්ෂයේ අලියාගේ ජය ඉර හඳ වගේ සහතික බව එහි නායකයින් කලින් කීවාට මහින්දගේ ආගමනයත් සමඟ එය කනා පල්ලම් බැසීමකි. මෙතෙක් එජාප ආණ්ඩුව සභාග ආණ්ඩුවක් මුවාවෙන් ශ්‍රිලනිපයේ මන්ත්‍රී පිරිසක්ද බාගෙන කළේ කනාගේ කොරාගේ යාළුකම වාගේ වැඩක්ය. යාළුකම තිබුණේ දෙදෙනාගේම වාසියටය. අවසානයේ ශ්‍රිලනිප පාක්ෂිකයින්ගේ බලය රොද බැද ගැනීමත් සමඟම එජාපය සහ ශ්‍රිලනිප කණ්ඩායමක දිගය අවසන් විය. එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් කීවාක් මෙන් සෙස්ස පස්සටය.

වර්තමාන පාර්ලිමේන්තුවේ ආසන 225ක් ඇත. රජයක් පිහිටුවීමට නම් 113ක් අවශ්‍ය වේ. ප්‍රේමදාසගේ නායකත්වය යටතේ එජාපය සහ තොන්ඩමන්ගේ කම්කරු කොංග්‍රසය සහ එක්ව ජාතික ලැයිස්තුව ඇතුළුව ආසන 125ක් දිනා ගත්තේය. ලබාගත් ඡන්ද ප්‍රතිශතය 50.71කි. චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් පොදු පෙරමුණ 1994දී බලයට පත්වූයේ සුළු පක්ෂ කිහිපයක් සමඟ එක්වීමෙනි. පොදු පෙරමුණට ලැබූ ආසන සංඛයාව 105කි. ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 49.8කි. වසර 2000දී පැවති මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණට ජාතික ලැයිස්තුවද සමඟ ආසන 107ක් ලැබිණි. ජවිපෙට ආසන 10ක් ලැබුණු අතර ජවිපෙ විරුද්ධ නොවිම නිසා සුළුතර ආණ්ඩුව ඉදිරියට ගෙන ගියද 2001 ඔක්තෝබර් 10 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවීමට සිදුවිය.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එජාපය 2002දී ලබාගත් ඡන්ද ප්‍රතිශතය 45.62කි. ජාතික ලැයිස්තුව ඇතුළුව ආසන 109ක් හිමිකර ගත්තේය. සුළු පක්ෂ සමඟ එක්වී රජයක් පිහිටුවේය. එජාප ආණ්ඩුව 2004 පෙබරවාරි 7වැනිදා විසුරුවා හරිනු ලැබීය. පොදු පෙරමුණ යළි 2004 වසරේදී ජාතික ලැයිස්තුව ඇතුළුව ආසන 105ක් හිමිකර ගත්තේය. ඡන්ද ප්‍රතිශතය 45.06කි. සුළු පක්ෂ සමඟ එක්ව රජයක් පිහිටුවන ලදී. මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් නිදහස් සන්ධානය ජාතික ලැයිස්තුවද ඇතුලත්ව 2010දී බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් ප්‍රබල ආණ්ඩුවක් ගොඩ නැගීමට මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකිවිය.

කිසියම් පක්ෂයකට හෝ සන්ධානයකට රජයක් පිහිටවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව 113කි. සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් සියයට 48ක් ලබා ගන්නේනම් එම සංඛ්‍යාව ජාතික ලැයිස්තුව ඇතුලත්ව ලබාගත හැකිය. වඩාත්ම වැදගත්වන්නේ දිස්ත්‍රික්ක කිහිපයක් දිනා බෝනස් ආසන ලබා ගැනීමය. දැන් සන්ධානයේ නායකයින් සහ ක්‍රියාකාරිකයින් සිදුකල යුත්තේ තවදුරටත් ඒක පාර්ශවීය තීරණ ගැනිම නොවේ. සාකච්ඡා සහ එකඟතා මැදින් මතුවන ප්‍රශ්න විසදා ගැනීමය. මහ මැතිවරණ කුණාටුව මැදින් ජයග්‍රහණ ඉලක්කය කරා සන්ධාන නෞකාව නිරුපද්ද්‍රිතව ගෙනයා හැක්කේ එවිටය.

ඉකුත් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිස්ත්‍රික්ක 10ක් දිනුවේය. දිස්ත්‍රික් තුනක් පරාජයට පත්වූයේ සුළු ඡන්ද ගණනකිනි. ඒ බදුල්ල ඡන්ද 300කින්, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කයන් ඡන්ද 5,000කිනි. මහින්ද ජනවාරි 8වැනිදා ජනාධිපතිවරණයෙන් සියයට 47.58ක ප්‍රතිශතයක් ලබා ගත්තේය. ඒ අනුව වූවද දිස්ත්‍රික්ක මට්ටමින් ආසන 100ක්ද ජාතික ලැයිස්තුවෙන් ආසන 13ක්ද ලබාගැනීමේ අවකාශය ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂගේ සුසංයෝගය තුළින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නව ජවයක් ලබා ඇති හෙයින් විශාල ආසන සංඛ්‍යාවක් ලබමින් ආණ්ඩු බලය හිමිවීමේ ප්‍රවණතාවය පැහැදිලිය.

ඉකුත් ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාලට ඡන්දය දුන් ලක්ෂ 62 පිරිසෙන්ද එජාපය ඇතුළු සුළු පක්ෂ ඉවත්කල විට ලක්ෂ 10කට අධික ඡන්ද ප්‍රමාණයක් සන්ධානය වෙතට ආකර්ශනය වී ඇත. එජාප පාක්ෂිකයා හංසයා ඉදිරියේ කතිරය ගැසුවේ එජාප බලයක් ගොඩනගා ගන්නටය. මෛත්‍රී යනු යූ.ඇම්.පී කාරයාට ඇමක් මිස කෑමක් නොවේ. ද්‍රවිඩ ජනයා හංසයාට පක්ෂව ඡන්දය දැම්මේ කොටි නායක ප්‍රභාකරන්ගේ මරණයට පලිගැනීමක් ලෙස මහින්ද රාජපක්ෂට එරෙහිවය. එම ඡන්ද යළි ද්‍රවිඩ සන්ධානයට මිස එජාපයට මහ මැතිවරණයකදී නොලැබෙන්නේය.

ජනතා විමුක්ති පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී වැටෙනු ඇත්තේ බොහෝ පහළ අඩියකටය. ජනාධිපතිවරණයේදී මෛත්‍රීට ඡන්දය දෙන්නේයැයි ජවිපෙ කිවේ වහෙන් ඔරෝ තාලයටය. තර්කානුකූල කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට හැම එකටම ව්‍යාජ හෙළා දැකීම්වල යෙදීම මාක්ස්වාදීන්ගේ කාර්යයක් නොවේ. චම්පික රණවකගේ නායකත්වයෙන් පිහිටවූ යහපාලන පෙරමුණ ජවිපෙට වඩා ඉදිරියට පැමිණීමට ඉඩ ඇත.

ජවිපෙ විසින් ලක් ජනතාවට මෙතෙක් ලබාදුන් විප්ලවීය ජයග්‍රහණයන් කුමක්දැයි විමසීමට යළිත් කාලය එළඹ තිබේ. එන්.එම්. සහ කොල්වින් වැඩකරන ජනතාවට සහන ලබාදීමට මුල්විය. ඩී.එස්.සේනානායක ගොවි ජනපද ඇති කළේය. වගා සංග්‍රාමය දියත් කලේ ඩඩ්ලි සේනානායකය. බණ්ඩාරනායක ආණ්ඩුව ජනසතු කිරීම් සිදුකරමින් සුවිශේෂි ප්‍රතිලාභ රැසක් ජනතාවට ලබා දුන්නෝය. මහවැලිය ජේ.ආර් ගේය. උදාගම් ප්‍රේමදාසය. යුද්ධය නිමකලේ මහින්ද රාජපක්ෂය. ඉදිරි මහ මැතිවරණයෙන් පසු ඇද වැටුණු ආර්ථිකය ගොඩනැංවීමටත් කඩා වැටුණු සංවර්ධනය නඟා සිටුවිමටත් හැක්කේ මෛත්‍රී සහ මහින්ද සුසංයෝගයෙන් සන්ධාන ආණ්ඩුවකට පමණි.

මහින්ද රාජපක්ෂ පිල ජයග්‍රහණය දක්වා ගමන් කළේ ධාවන පථ දෙකකට සමාන්තරව එකවිට ගමන් ගැනීමේ මූලෝපායන් ඔස්සේය. ජනාධිපති මෛත්‍රී සමඟින් සාකච්ඡා ක්‍රියාවලිය තුළ ඉදිරියට ගොස් ශ්‍රිලනිප හරහා සන්ධානයෙන් මහා මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීම සඳහා ඉදිරිපත් කිරීමය. අනෙක් විකල්පය වූයේ එය අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ සම්පූර්ණ ආශිර්වාදය ඇතිව බහුතර සහයෝගය මත අගමැති අපේක්ෂක ලෙස එජාප විරෝධි ප්‍රධාන බලවේගය ලෙස මහින්ද රාජපක්ෂ සටන් බිමට අවතීරණ වීමය. මේ සඳහා විමල්, දිනේෂ්, ගම්මන්පිල සහ වාසු කණ්ඩායම මෙන්ම අවසාන අදියරේදී බර කරට ගත් පක්ෂ ලේකම්වරුන් වූ සුසිල් සහ අනුර ප්‍රියදර්ශනටද මෙරට ප්‍රගතිශීලි සහ ජාතිමාමක කොටස්වල නොමඳ ප්‍රසාදය හිමිවිය යුතුය.

මහින්ද රාජපක්ෂ කණ්ඩායම වෙනම තරඟ කළේනම් එහි වැඩි වාසියද හිමිවීමට තිබුණේ එජාපයටය. මහින්ද ඇතුළු සියළු දෙනාම සන්ධානයෙන් තරඟ කිරීමට ගත් තීරණය මීලඟ ආණ්ඩුව පිහිටුවිම සඳහා ඇම්මෙන් කටයුතු කරන සන්ධානයේ සාමාජිකයින් සහ හිතවතුන්ට දැන් ලොකු ගැම්මකි. සන්ධානය මහ මැතිවරණය ජය ගැනීමෙන් පසු රටටම අලි කරදර නැත. අලි හිරිහැර නැත. අලි පෙරළි නැත. අලි නෝක්කාඩුද නැත.

මීලඟ සන්ධාන ආණ්ඩුව වැඩ ඇරඹිය යුත්තේ නැවතත් නවත්තපු තැනින් නොවේ. වැරදි අඩුපාඩු මඟහැර අලුතින් පටන් ගත යුතුය. ඒ යහපත් හෙටක් සඳහා සදාචාරාත්මක දේශපාලනයක් වෙනුවෙනි.

(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com @ 071-2733986)

www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions