මුලු සමාජයම තව තවත් බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යටවීමත් සමඟම ජවිපෙ කාඩරයන් මෙන්ම විවිධ වර්ණවල සමාජවාදීන්ද පුද්ගලිකත්වය ඉස්මතු කරගෙන සංස්කෘතික විපර්යාසයකට ගොදුරුවී සිටිති. එහි විශේෂත්වය වාමවාදීන්ගේ දේශපාලන රංචු සාමාන්‍යයෙන් සාමූහිකත්වය මුල් කරගෙන සංවිධානයවෙන රංචුවීමය. සාමූහිකත්වය මුල් කරගෙන සංවිධානය වෙන රංචු වල සාමාජිකයින්ගේ පුද්ගලිකත්වය ඉස්මතුවනවිට ඒ සංවිධානවලට තිබුනු ආකාරයටම පැවැතිය නොහැකිය. ඔවුන් තමන්ගේ ජීවන චර්යාවට ගැලපෙන පරදි දේශපාලන මතවාදද වෙනස් කර ගත යුතුය. මීට වසර විසි පහකට පමණ ඉහත සිටි සමාජවාදීන් මේ වනවිට ලිබරල් සමාජවාදීන් බවට රූපාන්තරණය වී ඇත්තේ ඒ අනුවය. නුදුරු අනාගතයේදී ඔවුන් සමාජවාදී කෑල්ලත් හලා ගනිමින් හුදු ලිබරල්වාදීන් බවට පත්වනු ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් සමාජවාදය ගිලගෙන එහි හිස් කබල ආභරනයක් ලෙස පැලඳීම සිනිටුහන් කරමිනි.
අද එජාපය විසින් ජවිපෙය ගිල ගන්නේද ඒ න්‍යායටමය. නමුත් මේ සංස්කෘතිකමය විපර්යාසය වාමවාදීන් විසින් හඳුනාගන්නේ දැයි සැක සහිතය. ඔවුන් තෝන්තුවී ඇති බව නම් පෙනේ. ලඟදී වාමවාදියෙකු විසින් මට කියා සිටියේ දැන් ඉන්නේ පනස් හයේ දරුවන් නොව හැත්තෑ එකේ දරුවන් සහ (මෙහි සහ කෑල්ල වැදගත්ය) හැත්තෑ හතේ දරුවන් බවය. මේ දරුවාගේ නැණසට හසු නොවන්නේ හැත්තෑ හතේ බලයට පත්වූ එජාපය විසින් හැත්තෑ එකේ සමාජවාදී විප්ලවයකට නායකත්වය දුන් නායකයා ඝාතනය කල බවය. පෙරලීමට එරෙහිව මතවාදයක් නැතිවිට පෙරලුනු පැත්ත හොඳා යැයි කීම හැරෙන්නට කරන්නට දෙයක් නැත.
සමාජවාදීන්ගේ සංස්කෘතික පෙරළිය ඇමෙරිකානු සංස්කෘතියේ පසුගිය වසර පනහ හැට කාලය තුල සටහන් කෙරී ඇත. මැකාති යුගයේ එහි සිටියේ සමාජවාදීන්ය. අද එහි සිටින්නේ ඔවුන්ගෙන් බුද්ධිමය වශයෙන් පැවතගෙන එන ලිබරල්වාදීන්ය. ඔවුහු අද එරට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ප්‍රධාන දේශපාලන ධාරාවක එතරම් වැදගත්කමක් නොලැබෙන උප කුලකයකි. බටහිර සංස්කෘතික ආධිපත්‍ය දිගටම පැවතිය හොත් මෙරට විවිධ වර්ණදාරී වාමාවාදීන්ද තව වසර විස්සකින් පමණ නවතින්නේ එතැනය.
උගතෙකුවූ ඔබාමාද ඇමෙරිකානු ජනාධිපතිවරණයට මුලින්ම ඉදිරිපත්වන කාලයේදී යම් තරමක ලිබරල්වාදී අදහස් දැරීය. ඔහු කළු ජාතිකයෙක් වීම ගැන මහා ප්‍රචාරයක් ලබා දුන්නද ඔහුගේ මුල් රැලිවලට එරට නූගත් කළු ඇමෙරිකානුවන් සහභාගීවූයේ නැති තරම්ය. ඔබාමාට ජනාධිපතිකම හිමිවූයේ ඔහු ඔහුගේ ලිබරල් ගති හලා එරට ප්‍රධාන දේශපාලන ධාරාවට අනුගතවූ බැවිනි. අද එරට ලිබරල් වාදීන් අතර ඔබාමා ලිබරල් යැයි හඳුනාගන්නෙකු සොයාගත නොහැකි තරම්ය.
ඇමෙරිකාවේ මෙන් මෙරට සියළු වාමවාදී සංවිධාන වලටද පිරිස් බලය හිඟය. ඔවුන්ගේ රැලි වල මිනිස්සු නැත්තේ ඒ නිසා මිස වෙනයම් හේතුවක් නිසා නොවේ. නමුත් ඔවුන්ටද ඇමෙරිකාවේ ලිබරල්වාදීන්ට මෙන්ම උගත්කම නිසා ලැබෙන උද්දච්ඡ කමක් ඇත. ලිබරල්වාදීන්ගේ සාමාන්‍ය ආකල්පය නුගත් මිනිස්සුන්ට තමන්ගේ දාර්ශණික මතවාද නොතේරන බවය. ඒ නිසා ඔවුන්ගේ කාර්යය නුගතුන්ට කියාදීම බවය. ඒ අතින් බලන විට මෙරට ජාතික ව්‍යාපාරය සැමවිටම උත්සාහ කරන ලද්දේ නුගත් සාමාන්‍ය මිනිස්සුන්ගේ හිතැඟි මතවාද ලෙස ඉදිරිපත් කිරීමටය. ජාතික ව්‍යාපාරයේ පිරිස් බලය හෙට අනිද්දා ලිබරල් වීමට නියමවී සිටින ඊනියා ලිබරල් වාමවාදීන්ගේ පිරිස් බලයට වඩා වැඩි වීමට එය හේතුවක් විය හැකිය.
ලිබරල්වාදීන්ට ඇමෙරිකාව තුල සැලකිය යුතු දේශපාලන බලයක් නැත. බොහෝවිට ඔවුන් පවතින්නේ ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල ආශ්‍රිත ශිෂ්‍යය සංවිධාන මතය. ප්‍රධාන නගර වලින් එපිට ඔවුන්ගේ භෞතික පැවැත්මක්ද නැත. නමුත් ඔවුහු ඇමෙරිකානු ප්‍රධාන දේශපාලන ධාරවක් වන ඩිමොක්‍රැටික් පක්‍ෂයට දාර්ශණික මතවාද (බයිට්) සපයන බැවින් ඔවුන්ට තමන්ගේ ඡන්ද බලයට වඩා පෙනුමක් මාධ්‍ය තුලින් ලැබෙයි. ලිබරල්වාදීන්ගේ පැවැත්මට පාදක වන්නේ එම කාර්යය. අද ජවිපෙ ඇතුළු සියළු වාමවාදීන්ගේ ඓතිහාසික කාර්ය භාරය වී ඇත්තේද එයමය. එනම් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් මෙහෙයවනු ලබන රනිල් වික්‍රමසිංහ සහෝදරයාගේ එකසත් ජාතික පක්‍ෂයට බයිට් සැපයීමය. සියළු වාමවාදීන් තව වසර විස්සකින් පමණ පූර්ණ ලිබරල්වාදීන් බවට පත්වී තමන්ගේ ෆැන්ටසිය අත් කරගැනීම ගැන සතුටු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
වංශපුර දේවගේ ජානක
මගේ රට - May 20, 2015
[ඡායාරූපය උපුටා ගැනීම : livingmarxism ]
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .