මහ මැතිවරණයට අදාළව ප්‍රධාන පක්ෂ වල මැතිවරණ ප්‍රකාශ නිකුත් වෙමින් තිබෙන කාලයයි මේ.
ඒ සමගම රටේ ඒකීයභාවය අනතුරට ලක්වීමේ අනතුරක සේයාවක් මතු වෙමින් තිබේ. එදා රටේ ඒකීයභාවය වෙනුවෙන් දස දහස් ගණන් තරුණ ජීවිත මෙන්ම තම දේශපාලන නායකත්වය පවා අහිමි කරගත් පක්ෂ හීන් සීරුවේ ඒකීයභාවය පිළිබඳ කතා බහ අමතක කරන්නටත්, ඒකීයභාවය වහකදුරු වූ තවත් සමහරු අනාගතයේ වෙනම 'අලුත් රටක්' බිහි කරන්නට කුරුමානම් අල්ලමින් සිටිනු පැහැදිලිව පෙනේ.ඒ අතර රටේ ඒකීයභාවට ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියූ සමහර සිංහ වෙස් ගත්තවුන්ගේ කැනහිල් වේශය වෙන කවරදාටත් වඩා සමාජයට නිරාවරණය වෙමින් තිබේ. පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා 2012 නොවැ 11 දින ප්‍රදීපය කොළමට ලියූ මේ ලිපිය එදාටත් වඩා අදට හොඳින්ම ගැලපේ..
ඒකීය රාජ්‍යය යනු කුමක්ද ?
-උදය ගම්මන්පිල
“දහතුන් වන සංශෝධනයෙන් තව දශමයක්වත් වැඩිපුර බලය බෙදුවොත් පෙඩරල් රාජ්‍යයක් හැදෙන බවට ඒ සංශෝධනය විමසා බලපු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තිබෙනවා”. මෑතක දී මේ ප්‍රකාශය කලේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයෙක්. මුලින්ම පැවසිය යුත්තේ දහතුන් වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙවැනි ප්‍රකාශයක් නොමැති බවයි. දෙවනුව පැවසිය යුත්තේ යම් රාජ්‍යයක් පෙඩරල් ද ඒකීය ද යන්න තීරණය වන්නේ බලය බෙදන ලද ප්‍රමාණය මත නොවන බවයි.
නිසි ලෙස අධ්‍යනය නොකර තමන් නොදන්නා දෑ පිළිබඳ මෙවැනි ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ ජනතාව නොමග යැවීමයි. එමෙන්ම මෙවැනි ප්‍රකාශ හරහා දහතුන් වන සංශෝධනයට වඩා අඩුවෙන් බලය බෙදූ පෙඩරල් යෝජනාවලියක් ඉදිරිපත් කර එයින් ඒකියත්වයට හානියක් වී නැතැයි ජනතාවට ඒත්තු ගැන්වීමට බෙදුම්වාදින්ට හැකි වෙනවා. තමන් වඩාත් කතා කරන මාතෘකාව පිළිබඳවත් නිසි අධ්‍යයනයක් නොකරන මෙම දේශපාලකයින් නොදැනුවත්ව හෝ සහය දක්වන්නේ බෙදුම්වාදී පෙඩරල් මත වාදයටයි. එබැවින් ඒකීය රාජ්‍යය හඳුනා ගැනීමට අද ප්‍රදීපය වෙන් කරමු.
පෙඩරල් රාජ්‍යයක් හෙවත් සන්ධීය රාජ්‍යයක් යනු පුළුල් ලෙස බලය බෙදූ රාජ්‍යයක් නොවේ. පරිධියට (ප්‍රාන්තයට, පලාතට හෝ ප්‍රදේශයට) බෙදූ බලය පරිධියේ කැමැත්තෙන් තොරව ආපසු ගත නොහැකි නම් එය පෙඩරල් රාජ්‍යයක්. පරිධියේ කැමැත්ත ලබා ගැනීමෙන් තොරව බෙදූ බලය ආපසු ගත හැකි නම් එය ඒකීය රාජ්‍යයක්.
එක්සත් රාජධානිය පුළුල් ලෙස බලය බෙදූ රටක්. එහි මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවට අමතරව උතුරු අයර්ලන්තයේ සහ ස්කොට්ලන්තයේ ද බලතල සහිත පාර්ලිමේන්තු තිබෙනවා. නමුත් එක්සත් රාජධානිය ඒකීය රටක්. මන්ද ප්‍රාදේශීය පාර්ලිමේන්තුහි කැමැත්ත ලබා ගැනීමකින් තොරව මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් එකී ප්‍රාදේශීය පාර්ලිමේන්තු හෝ ඒවාට ලබා දී ඇති බලතල අහෝසි කළ හැකි බැවිනි.
ඉන්දියාව සීමිත ලෙස බලය බෙදූ රටක්. මධ්‍යම ආණ්ඩුව සවිමත් කරන ව්‍යවස්ථා වගන්ති ඉන්දියාවේ පරිමාණයෙන් වෙනත් කිසිම ව්‍යවස්ථාවක දකින්නට නෑ. නමුත් ඉන්දියාව පෙඩරල් රටක්. මන්ද ප්‍රාන්ත ආණ්ඩුහි කැමැත්ත ලබා ගැනීමකින් තොරව එකී ආණ්ඩුවලට පැවරූ බලතල තමන්ට ලබා ගැනීමට මධ්‍යම ආණ්ඩුවට නොහැකි බැවිනි.
ශ්‍රී ලංකාව ඒකීය රටක් වන්නේ “ශ්‍රී ලංකාව ඒකීය රටක් වන්නේය” යනුවෙන් ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය ලෙස සඳහන්ව වීම හේතුවෙන් නොවේ. ලංකාවේ පරිධියට ලබා දී ඇති බලතල පරිධියේ කැමැත්තෙන් තොරව වෙනස් කළ හැකි බැවිනි. මෙරට නගර සභා සහ ප්‍රාදේශීය සභාවන්ට ලබා දී ඇති බලතල පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් (1|2) වෙනස් කළ හැකියි. එමෙන්ම පලාත් සභාවන්ට ලබා දී ඇති බලතල පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් (2|3) වෙනස් කළ හැකියි. අවශ්‍ය නම් විශේෂ බහුතරයෙන් පලාත් සභා අහෝසි කිරීමට ද හැකියි.
පෙඩරල් රාජ්‍යයන් සඳහා නිශ්චිත ආකෘතියක් නෑ. එය රටින් රටට වෙනස් වෙනවා. ප්‍රාන්තයකට පැවරී ඇති බලතල වෙනස් කිරීමට ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු 50%ක් කැමැති වුණොත් එය ව්‍යවස්ථාගත කිරීමට පුළුවන්. එවිට එයට එකඟ වූ නොවූ සෑම ප්‍රාන්තයකටම ඒ ව්‍යවස්ථා සංශෝධනය බලපානවා. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ස්විට්සර්ලන්තයේ තත්වය මීට වෙනස්. ප්‍රාන්ත බලතල වෙනස් කිරීමට එක් ප්‍රාන්තයක් හෝ විරුද්ධ වුණොත් එකී සංශෝධනය ඒ ප්‍රාන්තයට අදාළ වන්නේ නෑ. මේ අනුව ඉන්දියාව අඩු පෙඩරල් රටක් ලෙසත් එක්සත් ජනපදය සහ ස්විට්සර්ලන්තය වැඩි පෙඩරල් රටවල් ලෙසත් හඳුන්වන්න පුළුවන්.
දහතුන් වන සියවස වන තෙක් ලෝකයේ පෙඩරල් රටවල් තිබුණේ නෑ. ලෝකයේ සියළුම රටවල් ඒකීය රටවල් වුණු බැවින් ඒවා ඒකීය රටවල් ලෙස හැඳින්වීමට අවශ්‍ය වුණෙත් නෑ. දහතුන්වන සියවසේ දී ඉතාලිය, ජර්මනිය සහ ප්‍රංශයට මැදිව අද කැන්ටන් නමින් හැඳින්වෙන කුඩා කුමාර රාජ්‍යයන් ගණනාවක් තිබුණා. මෙම කුමාර රාජ්‍යයන් බිහි වී තිබුණේ ඉතිහාසයේ විවිධ අවස්ථාවන්හී දි ඉතාලියෙන්, ප්‍රංශයෙන් හෝ ජර්මනියෙන් වෙන් වීමෙන්. එබැවින් මෙම රාජ්‍යයන්ට තිබුණු ලොකුම බිය වුණේ ආක්‍රමණශීලී ජර්මනිය, ප්‍රංශය හෝ ඉතාලිය තමන්ගේ රටවල් ආක්‍රමණය කර එම බලවත් රටකට ඇඳෑ ගනීවි යන්නයි. එබැවින් 1291 දී කැන්ටන් තුනක් එක් වී එවැනි ආක්‍රමණයක දී එක්ව සටන් වැදීමටත් විදේශ කටයුතු හවුලේ තීරණය කිරීමටත් ගිවිසුමකට එළැඹුණා. ඒ පෙඩරල් රාජ්‍යයේ උපතයි. එය සන්ධීය රාජ්‍යයකටත් වඩා ලිහිල්ව බැඳුණු කොන්පෙඩරල් හෙවත් සහසන්ධීය රාජ්‍යයක්. මෙම රාජ්‍යය සැබෑ සන්ධීය රාජ්‍යයක් බවට පත්වුණේ 1848 සම්මත වුණු ව්‍යවස්ථාවෙන්. එවිට කැන්ටන් හෙවත් කුමාර රාජ්‍යයන් 26ක් ස්විට්සර්ලන්තයට එක් වී අවසන්.
ලෝකයේ අවධානය පෙඩරල් ක්‍රමය වෙත යොමු වුණේ 1776 දී එක්සත් රාජධානියෙන් නිදහස ලැබූ ඇමෙරිකානු ප්‍රාන්ත දහතුනක් පෙඩරල් රාජ්‍යයක් ලෙස සංවිධානය වීමෙනි. ක්‍රමයෙන් මෙම ප්‍රාන්ත ගණන පනහ දක්වා ඉහළ නැඟිණි. ඒ සමගම ලෝකයේ පෙඩරල් රටවල් බිහි වීම ඇරඹිණි. අද වන විට පෙඩරල් රටවල් බවට පත් වී ඇත්තේ ලෝකයේ ඇති රටවල් 193න් 24ක් පමණි. ඒවා නම් ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බොස්නියා හර්සිජොවිනා, බ්‍රසීලය, කැනඩාව, කොමරොස්, ඉතියෝපියාව, ජර්මනිය, ඉන්දියාව, මැලේසියාව, මෙක්සිකෝව, මයිකොනීසියාව, නයිජීරියාව, පකිස්ථානය, රුසියාව, ශාන්ත කිට්ස් සහ නේවිස්, දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ වෙනිසුවේලාවයි. මීට අමතරව ජාත්‍යන්තර බලපෑම් මත සූඩානය සහ ඉරාකය පෙඩරල් රටවල් බවට පත්වීමට නියමිතය.
ඉහත දැක්වූ පෙඩරල් රටවල්හි ඉතිහාසය විමසීමේ දී පෙනී යන්නේ මෙම රටවල් සියල්ලම කුඩා රාජ්‍යයන් එක්වීමෙන් පෙඩරල් රටවල් බවට පත් වී ඇති බවයි. එක්සත් ජනපදය, කැනඩාව සහ ස්විට්සර්ලන්තය වැනි රටවල සිදුවූයේ කුඩා රාජ්‍යයන් ස්වෙච්ඡාවෙන් පෙඩරල් රාජ්‍යයක් සඳහා එක් වීමයි. නමුත් ස්පාඤ්ඤය, රුසියාව වැනි රටවල් පෙඩරල් රාජ්‍යයන් වූයේ ආක්‍රමණිකව ඈඳෑ ගත් රටවල් වෙන් වී යෑමට අරගල කිරීමේ දී අතරමැදි සමාදානයක් ලෙස පෙඩරල් ක්‍රමය හඳුන්වා දීමෙනි. ස්විට්සර්ලන්තය සහ මයික්‍රොනීසියාව හැරුණු විට සියළුම පෙඩරල් රාජ්‍යයන් ප්‍රමාණයෙන් දැවැන්තය.
පසුගිය සමයේ බිඳී වෙන් වී ගිය රාජ්‍යයන් අතුරෙන් ඒකීය ඉන්දුනීසියාවෙන් නැගෙනහිර තිමෝරය වෙන්වීම හැර අන් සියල්ලම පෙඩරල් රාජ්‍යයන්ය. සෝවියට් දේශය, යුගොස්ලෝවියාව, පකිස්තානය සහ චෙකොස්ලෝවෙකියාව ඒ අතර වේ. මෙහිලා චෙකොස්ලෝවේකියාව විශේෂය. 1969 දී ඒකීය රාජ්‍යයක් වුණු චෙකොස්ලොවැකියාව පෙඩරල් රාජ්‍යයක් බවට පෙරලන ලද්දේ බෙදී වෙන්වීම වැළැක්වීමේ අදහසිනි. නමුත් පෙඩරල් වීමෙන් බෙදීම ඉක්මන් වී 1993 දී චෙක් සහ ස්ලොවෙකියා යනුවෙන් රටවල් දෙකක් බිහිවිණි.
සමහරෙක් පෙඩරල්වාදය හඳුන්වන්නේ බෙදුම්වාදය මැඩීමට ඇති ප්‍රත්‍යක්ෂ ඖෂධය ලෙසිනි. ඔවුන් සෝවියට් දේශය, යුගොස්ලෝවියාව, පකිස්තානය සහ චෙකොස්ලෝවෙකියාව වැනි රටවල් පෙඩරල් රටවල් වශයෙන් පවතින විට බෙදී ගියේ කෙසේදැයි අපට විස්තර කර දිය යුතුය. එමෙන්ම බොස්නියා හර්සිජොවිනා, කැනඩාව, ඉන්දියාව, මැලේසියාව, රුසියාව, මෙක්සිකෝව සහ ස්පාඤ්ඤය වැනි පෙඩරල් රටවල තවමත් බොහොම සරුවට බෙදුම්වාදය පවතින්නේ කෙසේදැයි මේ නැණවතුන් අපට පහදා දිය යුතුය.
ශ්‍රී ලංකාව වෙනත් ජාතියක් බලයෙන් ඈඳෑගෙන සිටින රටක් නොවේ. දෙමළ ජාතියේ නිජබිම වන තමිල්නාඩුව ඈඳා ඇත්තේ ශ්‍රී ලංකාවට නොව ඉන්දියාවටයි. එමෙන්ම පෙඩරල් පාලනයක අවශ්‍යතාව මතු කරන දැවැන්ත රටක් ද නොවේ. එබැවින් ශ්‍රී ලංකාව පෙඩරල් කිරීමට ඇවැසි වන්නේ මෙරට දුර්වල කර සම්පත් සූරා කෑමට බලා සිටින බටහිර බලවේගයන්ට පමණි.

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .