12/14/2015

සංධාන පාක්ෂිකයා ජනපති සිරිසේනව ප්‍රතික්ෂේප කලේ ඇයි?

කතෘ:යුතුකම     12/14/2015   No comments


-උදය ගම්මන්පිල
“චන්ද්‍රිකා මැතිණිය පක්ෂය හැර දා ගොස් ආපසු ආවාම කවුරුත් එතුමියව පිලි අරගෙන පක්ෂ නායකත්වය භාර දුන්නා. මට තමයි ඔක්කොම කෙනෙහිලිකම්. මමත් වලව්වක ඉපදී තිබුණා නම් මෙහෙම වෙන්නේ නෑ“. ශ්‍රිලනිප නායකයින් සමග මෙසේ පැවසුවේ ජනපති සිරිසේනයි. ඇත්තෙන්ම ඔහුව සංධාන පාක්ෂිකයා ප්‍රතික්ෂේප කරන්නේ වලව්කාරයෙකු නොවන නිසා ද? ඔහු ඉන්නේ වැරදි අවබෝධයක බැවින් ඇති තතු පැවසීම ඔහුගේ දේශපාලන අනාගතයට යහපත්ය. එමෙන්ම සංධාන පාක්ෂිකයාට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොමැති හෙයින් ඔවුන් තෝරා ගත් මහජන නියෝජිතයෙකු ලෙස ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීම මගේ යුතුකමක් ද වේ.

පාක්ෂිකයා විසින් 2015 දී ජනපති සිරිසේන ප්‍රතික්ෂේප කරන්නේ ද 1994 දී චන්ද්‍රිකා මැතිණිය ආදරයෙන් වැළඳ ගන්නේ ද නැවත 2015 දී නැවත චන්ද්‍රිකා මැතිණිය ප්‍රතික්ෂේප කරන්නේ ද එකම හේතුවක් මතය. එනම් මැතිවරණ ජයග්‍රහණයට දක්වන දායකත්වයයි. 1984 දී චන්ද්‍රිකා මැතිණිය ශ්‍රිලනිපයෙන් ඉවත් වී ශ්‍රී ලංකා මහජන පක්ෂය ද පසුව බහුජන නිදහස් පෙරමුණ ද පිහිටුවා ශ්‍රිලනිපයට එරෙහිව වුණු බව සැබෑවකි. නමුත් වසර 16ක මැතිවරණ ජයග්‍රහණ ඉඩෝරය නිමා කරමින් 1993 දී බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී එජාපය පරදවා පොදු පෙරමුණට ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූයේ චන්ද්‍රිකා සාධකය හේතුවෙනි. එබැවින් පක්ෂ නායක සිරිමාවෝ මැතිණිය සිටිය දී අගමැති අපේක්ෂිකාව සහ ජනපති අපේක්ෂිකාව ලෙස ඉදිරි මැතිවරණයන්ට තරග කිරීමට ඇයට වරම් ලැබිණි. ඇය පසුව පක්ෂ නායකත්වයට පත් වන්නේ වසර 17කට පසු නැවත පක්ෂයට රාජ්‍ය බලය ලබා දුන් නායිකාව ලෙසිනි. ඇය පක්ෂ නායකත්වයට පත්වන විට ඇයගේ නායකත්වය ලක්ෂණ මෙන්ම පක්ෂයට ඇති ලැදියාව ද පිළිබඳ කිසිවෙකුට ප්‍රශ්නයක් නොවිණි. එබැවින් ඇයගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවිණි.

17 වසරකට පසු රාජ්‍ය බලය පක්ෂයට ගෙන ඒමට 1994 දී චන්ද්‍රිකා මැතිණිය කටයුතු කළ නමුත් 2010 දී සහ 2015 දී ඇය කටයුතු කලේ පක්ෂය පැරදවීමටය. එබැවින් ඇය රැස්වීම් ඇමතීමට පැමිණෙන විට එදා ප්‍රිති ඝෝෂා නැගූ පාක්ෂිකයින්ම මෙදා හූ හඬින් සංග්‍රහ කිරීමට අමතක නොකළහ. ඇය වලව්කාරියක වීම හූ හඬින් සංග්‍රහ නොකිරීමට හේතුවක් කර නොගැනීමට පාක්ෂිකයෝ වග බලා ගත්හ. මෙයින් පෙනෙන්නේ ජනපති සිරිසේනව පාක්ෂිකයින් විසින් ප්‍රතික්ෂේප කරන්නේ වලව්කාරයෙකු නොවීමේ හේතුව මත නොවන බවයි. එසේ නම් පාක්ෂිකයින් විසින් ඔහුව ප්‍රතික්ෂේප කරන්නේ චන්ද්‍රිකා මැතිණියව 2010න් පසු ප්‍රතික්ෂේප කළ හේතුව මත ද? මෙය විමසා බැලිය යුතු ප්‍රශ්නයකි.

සිරිසේන මහතා දිගු කළක් පක්ෂය වෙනුවෙන් කැප වුණු නායකයෙකි. එබැවින් පක්ෂය විසින් ඔහුට ඉහලින්ම සලකන ලදී. ගොවි පුතෙකු මෙන්ම අනුර බණ්ඩාරනායක මන්ත්‍රිතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයෙකු ද වුණු සිරිසේන මහතාට පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය දක්වාත් පාර්ලිමේන්තුවේ සභානායක ධූරය දක්වාත් ඉහළටම ගමන් කිරීමට හැකි වුණේ ඔහු පක්ෂයට කළ කැප කිරීම් හේතුවෙනි. ඔහු පක්ෂයට කැප වුණු අයුරින්ම පක්ෂය ද ඔහුට සංග්‍රහ කර තිබිණි.

සියල්ල කනපිට පෙරලෙන්නේ 2014 නොවැම්බර් මසයි. ඒ වෙන විට සිරිසේන මහතාට පක්ෂයේ ජයග්‍රහණයට වඩා තමන්ගේ පෞද්ගලික ජයග්‍රහණය වැදගත් වේ. 2015 ජනපතිවරණය සඳහා ඒ වෙන විටත් තමන් විසින්ම මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කර තිබිණි. එබැවින් සිරිසේන මහතාට ජනපති වීමට අවශ්‍ය නම් ඇති එකම විකල්පය වූයේ පක්ෂය මාරු කර ජනපතිවරණයේ දී පක්ෂය පරාජය කිරීමයි. පක්ෂ සාමාජිකයින් පක්ෂය වෙනුවෙන් තම ජීවිත පූජා කර තිබිය දී සිරිසේන මහතා තෝරා ගත්තේ තම ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂය මරා දැමීමයි.
2015 ජනපතිවරණ පරාජයට බල පෑ ප්‍රධානතම සාධකයක් වන්නේ සිරිසේන මහතා විසින් පක්ෂය දෙකට කඩා පක්ෂයේ පිරිසක් සමග එජාපයට එකතු වී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමයි. ඒ අනුව විසි වසරක් බලයේ සිටි සංධානය විපක්ෂයට තල්ලු කර ඇත්තේ සිරිසේන මහතාය. ඔහු විසින් පක්ෂයට කළ විනාශය එතැනින් නොනවතියි. ඔහු විසින් පක්ෂය දෙකඩ කරන විට ඔහුට සහය පල කළ රාජිත සේනාරත්න, එම් කේ ඩී එස් ගුණවර්ධන, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ චතුර සේනාරත්න වැනි මැති ඇමතිවරු අද සිටින්නේ පක්ෂයේ ප්‍රධානතම හතුරා වන එජාපයේ මන්ත්‍රිවරුන් ලෙසිනි. ඇත්තෙන්ම ඒ සිරිසේන මහතා පක්ෂයට එරෙහිව කළ පළමු ද්‍රෝහිකමයි.

ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු එම ද්‍රෝහිකම් පිම්මේ වැඩෙන්න විය. සංධානයට ඉතාම පැහැදිලිව පාර්ලිමේන්තු බහුතරය හිමිව තිබිය දී ව්‍යවස්ථා විරෝධි ලෙස සංධානයේ අගමැති ඉවත් කර පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධූර 46ක් පමණක් තිබුණු එජාපයට ලබා දීමට ජනපති සිරිසේන පියවර ගත්තේය. ඒ ජනපති සිරිසේන විසින් පක්ෂයට සිදු කළ දෙවන ද්‍රෝහිකමයි.

ඉන්පසු පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින්ට දුරකතනයෙන්අමතමින් ද දූතයින් යවමින් ද ඔවුන්ට තමන් සමග එකතු වන මෙන් බලපෑම් කලේය. එහි ප්‍රතිඵලයක් ලෙස දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ජනපති සිරිසේනට සහය පළ කලේ නැවත වතාවක් පක්ෂය දෙපළු කරමිනි. ඉන් පසු ඔහුව පක්ෂයේ සභාපති ද දුමින්ද දිසානායක මහතා ලේකම් ද ලෙස පත් කර ගනිමින් සැබෑ ශ්‍රිලනිපය තමන් බවට ප්‍රකාශ කලේය. මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වය සිරිසේන මහතාට ලබා දීමට කැමති වීමෙන් පක්ෂය දෙපළු වීම අනූ නවයෙන් වැළකිණි. එය මාස දෙකක් ඇතුළත පක්ෂය දෙපළු තළ දෙවන අවස්ථාව මෙන්ම පක්ෂයට කළ තෙවන ද්‍රෝහිකම ද විය.

සංධානයට තිබුණු දැවැන්තම ශක්තිය වූයේ රට පුරාම පැතිරුණු පළාත්පාලන මන්ත්‍රි ජාලයයි. එය එජාපයේ මන්ත්‍රි ජාලය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. එවැනි ජාලයක් සංධානය සතු වීම ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔවුන්ට දැවැන්ත ශක්තියක් විය. එබැවින් එජාප ජයග්‍රහණය සඳහා මෙම මන්ත්‍රි ජාලය විසුරුවා හැරීම අත්‍යාවශ්‍ය කොන්දේසියක් විය. නමුත් එසේ විසුරුවා හැරීම නීති විරෝධිය. නීතිය අනුව එක්කෝ මන්ත්‍රිවරුන්ගේ ධූර කාලය අවසන් වීමට පෙර මැතිවරණය පැවැත්විය යුතුය. නැතිනම් මන්ත්‍රිවරුන්ගේ ධූර කාලය දිගු කළ යුතුය. නමුත් සංධානයේ නායකත්වය දරමින් එජාපය සවිමත් කිරීම සඳහා ජනපති සිරිසේන එකී පලාත්පාලන ආයතන නීති විරෝධිව විසුරුවා හැරීමට කටයුතු කලේය. ඒ පක්ෂයට සිදු කළ සිව්වන ද්‍රෝහිකමයි.

පස්වන ද්‍රෝහිකම වන්නේ තමන් සංධානයේ නායකත්වයට පත් වුණු පසු සංධානයේ ජයග්‍රහණයට නොව පරාජයට පත් කිරීමට කටයුතු කළ අයට සංධානයට හිමි තනතුරු ලබා දෙමින් සතුටු කිරීමයි. ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු සංධානයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී කටයුතු කළ උතුරු මැද පළාත් ප්‍රධාන ඇමති එම් එම් රංජිත් මහතා එම තනතුරෙන් ඉවත් කර සංධානය පරාජය කිරීමට කටයුතු කළ පේෂල ජයරත්න මහතාට එම තනතුර ලබා දීමයි. එමෙන්ම ජනපතිවරණයේ දී පමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද සංධානය පරාජය කිරීමට කටයුතු කළ අදටත් එජාපයේ සාමාජිකයෙකු වන නිශාන්ත වර්ණසිංහ මහතාට බස්නාහිර පළාත් ඇමති ධූරයක් ලබා දෙන ලදී.

නිමල් ලංසා මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් බස්නාහිර පළාත් සභාවේ පුරප්පාඩු වුණු මන්ත්‍රි ධූරය හිමි විය යුතුව තිබුණේ මධුමාදව අරවින්ද මහතාටයි. නමුත් ඔහුට එම පත්වීම නොලැබුණි. එසේ නොලැබීමට එකම හේතුව වී තිබුණේ පසුගිය ජනපතිවරණයේ දී පමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද ඔහු සංධානයේ ජයග්‍රහණයට කටයුතු කිරීමයි. මෙම පත්වීම් හරහා සංධාන නායකයින්ට ජනපති ගෙනා පණිවිඩය වූයේ තමන් සලකන්නේ සංධානය ජයග්‍රහණය කරවීමට කටයුතු කරන අයට නොව සංධානය පරාජයට පත් කිරීමට කටයුතු කරන අයට බවයි.

පාර්ලිමේන්තු මැතිවරණ සමයේ ජනපති සිරිසේන උපරිම ලෙස වෙහෙස වූයේ සංධානය පරාජය කර එජාපයේ ජය තහවුරු කිරීමටයි. එබැවින් පාක්ෂිකයා ඡන්දය ප්‍රකාශ කිරීම අධෛර්යමත් කිරීම සඳහා ඔහු කළ හැකි සෑම දෙයක් සිදු කලේය. සංධානයේ නායකයා ලෙස කටයුතු කරමින් සංධානය පරාජයට පත්වන බවට අනාවැකි පල කලේය. සංධානය ජයග්‍රහණය කළත් මහින්දට අගමැති තනතුර නොදෙන බව පැවසීය. මැතිවරණය පැවැත්වීමට පැය 48කට පෙර සංධානයේ ලේකම්වරයා ඉවත් කර පක්ෂ මූලස්ථානය ද සීල් තබන ලදී. මේ සියල්ලේ ප්‍රතිඵලය වුණේ ලක්ෂ 58ක්ව තිබුණු සංධානයේ ඡන්ද කුට්ටිය ලක්ෂ 47ක් දක්වා පල්ලම් බැසීමයි.ඉහත විග්‍රහය පෙන්නුම් කරන්නේ සංධාන පාක්ෂිකයා ජනපති සිරිසේනව ප්‍රතික්ෂේප කරන්නේ ඔහු වලව්කාරයෙකු නොවීම හේතුවෙන් නොවන බවයි. ඔහු සංධානයට කළ සහ කරමින් පවතින ද්‍රෝහිකම් හේතුවෙන් බවයි. ඔහුට සංධාන පාක්ෂිකයා දිනා ගැනීමට අවංකවම අවශ්‍ය නම් කළ යුත්තේ සංධානයේ පරම හතුරා වන එජාපය සමග පවතින සියළු සබඳතා අත්හැර සංධානයේ ජයග්‍රහණයට කැප වන බව කතාවෙන් නොව ක්‍රියාවෙන් පෙන්නුම් කිරීමයි. නමුත් එය ඔහුට ප්‍රායෝගිකව කළ නොහැකි දෙයකි. අගමැති වීමට නොහැකි වීම පිළිබඳ සිත් වේදනාවෙන් සිටි සිරිසේන මහතා ජනපති පුටුවේ වාඩි කලේ එජාපයයි. ඒ සඳහා එජාප පාක්ෂිකයින් සංධානය සමග ගැටෙමින් ජීවිත ද පූජා කලේය. එබැවින් ඔහු එජාපය අත් හරින්නේ නම් ඔහු තරම් තවත් ගුණමකුවෙකු මේ ලොව නොසිටිනු ඇත. නමුත් ඔහු එජාපයේ ජනපති ලෙස සිටින තුරු එජාපයට සිය යුතුකම් ඉටු කරන තුරු සංධාන පාක්ෂිකයා විශ්වාසය දිනා ගැනීමට නොහැකි වනු ඇත.

රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමේ මේ වෑයම අවසන් වන්නේ සංධානයට මෙන්ම එජාපයට ද ඔහු ද්‍රෝහියෙකු වීමෙනි. එබැවින් මෙම එකිනෙකට විසංවාද බලවේග දෙකෙන් එකක් දැන්ම තෝරා ගැනීමට ඔහු බුද්ධිමත් විය යුතුය.
නැතිනම් දෙපාර්ශවය විසින්ම ද්‍රෝහියෙකු ලෙස නම් කර ඉතිහාසයට එකතු වීමට හිත හදා ගත යුතුය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

7/26/2015

ඒකීය රාජ්‍යය යනු කුමක්ද ?

කතෘ:යුතුකම     7/26/2015   No comments
මහ මැතිවරණයට අදාළව ප්‍රධාන පක්ෂ වල මැතිවරණ ප්‍රකාශ නිකුත් වෙමින් තිබෙන කාලයයි මේ. 
ඒ සමගම රටේ ඒකීයභාවය අනතුරට ලක්වීමේ අනතුරක සේයාවක් මතු වෙමින් තිබේ. එදා රටේ ඒකීයභාවය වෙනුවෙන් දස දහස් ගණන් තරුණ ජීවිත මෙන්ම තම දේශපාලන නායකත්වය පවා අහිමි කරගත් පක්ෂ හීන් සීරුවේ ඒකීයභාවය පිළිබඳ කතා බහ අමතක කරන්නටත්, ඒකීයභාවය වහකදුරු වූ තවත් සමහරු අනාගතයේ වෙනම 'අලුත් රටක්' බිහි කරන්නට කුරුමානම් අල්ලමින් සිටිනු පැහැදිලිව පෙනේ.ඒ අතර රටේ ඒකීයභාවට ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියූ සමහර සිංහ වෙස් ගත්තවුන්ගේ  කැනහිල් වේශය වෙන කවරදාටත් වඩා සමාජයට නිරාවරණය වෙමින් තිබේ. පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා 2012 නොවැ 11 දින ප්‍රදීපය කොළමට ලියූ මේ ලිපිය එදාටත් වඩා අදට හොඳින්ම ගැලපේ..
 
  ඒකීය රාජ්‍යය යනු කුමක්ද ?

 -උදය ගම්මන්පිල
“දහතුන් වන සංශෝධනයෙන් තව දශමයක්වත් වැඩිපුර බලය බෙදුවොත් පෙඩරල් රාජ්‍යයක් හැදෙන බවට ඒ සංශෝධනය විමසා බලපු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තිබෙනවා”. මෑතක දී මේ ප්‍රකාශය කලේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයෙක්. මුලින්ම පැවසිය යුත්තේ දහතුන් වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙවැනි ප්‍රකාශයක් නොමැති බවයි. දෙවනුව පැවසිය යුත්තේ යම් රාජ්‍යයක් පෙඩරල් ද ඒකීය ද යන්න තීරණය වන්නේ බලය බෙදන ලද ප්‍රමාණය මත නොවන බවයි.

නිසි ලෙස අධ්‍යනය නොකර තමන් නොදන්නා දෑ පිළිබඳ මෙවැනි ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ ජනතාව නොමග යැවීමයි. එමෙන්ම මෙවැනි ප්‍රකාශ හරහා දහතුන් වන සංශෝධනයට වඩා අඩුවෙන් බලය බෙදූ පෙඩරල් යෝජනාවලියක් ඉදිරිපත් කර එයින් ඒකියත්වයට හානියක් වී නැතැයි ජනතාවට ඒත්තු ගැන්වීමට බෙදුම්වාදින්ට හැකි වෙනවා. තමන් වඩාත් කතා කරන මාතෘකාව පිළිබඳවත් නිසි අධ්‍යයනයක් නොකරන මෙම දේශපාලකයින් නොදැනුවත්ව හෝ සහය දක්වන්නේ බෙදුම්වාදී පෙඩරල් මත වාදයටයි. එබැවින් ඒකීය රාජ්‍යය හඳුනා ගැනීමට අද ප්‍රදීපය වෙන් කරමු.

පෙඩරල් රාජ්‍යයක් හෙවත් සන්ධීය රාජ්‍යයක් යනු පුළුල් ලෙස බලය බෙදූ රාජ්‍යයක් නොවේ. පරිධියට (ප්‍රාන්තයට, පලාතට හෝ ප්‍රදේශයට) බෙදූ බලය පරිධියේ කැමැත්තෙන් තොරව ආපසු ගත නොහැකි නම් එය පෙඩරල් රාජ්‍යයක්. පරිධියේ කැමැත්ත ලබා ගැනීමෙන් තොරව බෙදූ බලය ආපසු ගත හැකි නම් එය ඒකීය රාජ්‍යයක්.

එක්සත් රාජධානිය පුළුල් ලෙස බලය බෙදූ රටක්. එහි මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවට අමතරව උතුරු අයර්ලන්තයේ සහ ස්කොට්ලන්තයේ ද බලතල සහිත පාර්ලිමේන්තු තිබෙනවා. නමුත් එක්සත් රාජධානිය ඒකීය රටක්. මන්ද ප්‍රාදේශීය පාර්ලිමේන්තුහි කැමැත්ත ලබා ගැනීමකින් තොරව මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් එකී ප්‍රාදේශීය පාර්ලිමේන්තු හෝ ඒවාට ලබා දී ඇති බලතල අහෝසි කළ හැකි බැවිනි.

ඉන්දියාව සීමිත ලෙස බලය බෙදූ රටක්. මධ්‍යම ආණ්ඩුව සවිමත් කරන ව්‍යවස්ථා වගන්ති ඉන්දියාවේ පරිමාණයෙන් වෙනත් කිසිම ව්‍යවස්ථාවක දකින්නට නෑ. නමුත් ඉන්දියාව පෙඩරල් රටක්. මන්ද ප්‍රාන්ත ආණ්ඩුහි කැමැත්ත ලබා ගැනීමකින් තොරව එකී ආණ්ඩුවලට පැවරූ බලතල තමන්ට ලබා ගැනීමට මධ්‍යම ආණ්ඩුවට නොහැකි බැවිනි.

ශ්‍රී ලංකාව ඒකීය රටක් වන්නේ “ශ්‍රී ලංකාව ඒකීය රටක් වන්නේය” යනුවෙන් ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය ලෙස සඳහන්ව වීම හේතුවෙන් නොවේ. ලංකාවේ පරිධියට ලබා දී ඇති බලතල පරිධියේ කැමැත්තෙන් තොරව වෙනස් කළ හැකි බැවිනි. මෙරට නගර සභා සහ ප්‍රාදේශීය සභාවන්ට ලබා දී ඇති බලතල පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් (1|2) වෙනස් කළ හැකියි. එමෙන්ම පලාත් සභාවන්ට ලබා දී ඇති බලතල පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් (2|3) වෙනස් කළ හැකියි. අවශ්‍ය නම් විශේෂ බහුතරයෙන් පලාත් සභා අහෝසි කිරීමට ද හැකියි.

පෙඩරල් රාජ්‍යයන් සඳහා නිශ්චිත ආකෘතියක් නෑ. එය රටින් රටට වෙනස් වෙනවා. ප්‍රාන්තයකට පැවරී ඇති බලතල වෙනස් කිරීමට ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු 50%ක් කැමැති වුණොත් එය ව්‍යවස්ථාගත කිරීමට පුළුවන්. එවිට එයට එකඟ වූ නොවූ සෑම ප්‍රාන්තයකටම ඒ ව්‍යවස්ථා සංශෝධනය බලපානවා. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ස්විට්සර්ලන්තයේ තත්වය මීට වෙනස්. ප්‍රාන්ත බලතල වෙනස් කිරීමට එක් ප්‍රාන්තයක් හෝ විරුද්ධ වුණොත් එකී සංශෝධනය ඒ ප්‍රාන්තයට අදාළ වන්නේ නෑ. මේ අනුව ඉන්දියාව අඩු පෙඩරල් රටක් ලෙසත් එක්සත් ජනපදය සහ ස්විට්සර්ලන්තය වැඩි පෙඩරල් රටවල් ලෙසත් හඳුන්වන්න පුළුවන්.

දහතුන් වන සියවස වන තෙක් ලෝකයේ පෙඩරල් රටවල් තිබුණේ නෑ. ලෝකයේ සියළුම රටවල් ඒකීය රටවල් වුණු බැවින් ඒවා ඒකීය රටවල් ලෙස හැඳින්වීමට අවශ්‍ය වුණෙත් නෑ. දහතුන්වන සියවසේ දී ඉතාලිය, ජර්මනිය සහ ප්‍රංශයට මැදිව අද කැන්ටන් නමින් හැඳින්වෙන කුඩා කුමාර රාජ්‍යයන් ගණනාවක් තිබුණා. ‍මෙම කුමාර රාජ්‍යයන් බිහි වී තිබුණේ ඉතිහාසයේ විවිධ අවස්ථාවන්හී දි ඉතාලියෙන්, ප්‍රංශයෙන් හෝ ජර්මනියෙන් වෙන් වීමෙන්. එබැවින් මෙම රාජ්‍යයන්ට තිබුණු ලොකුම බිය වුණේ ආක්‍රමණශීලී ජර්මනිය, ප්‍රංශය හෝ ඉතාලිය තමන්ගේ රටවල් ආක්‍රමණය කර එම බලවත් රටකට ඇඳෑ ගනීවි යන්නයි. එබැවින් 1291 දී කැන්ටන් තුනක් එක් වී එවැනි ආක්‍රමණයක දී එක්ව සටන් වැදීමටත් විදේශ කටයුතු හවුලේ තීරණය කිරීමටත් ගිවිසුමකට එළැඹුණා. ඒ පෙඩරල් රාජ්‍යයේ උපතයි. එය සන්ධීය රාජ්‍යයකටත් වඩා ලිහිල්ව බැඳුණු කොන්පෙඩරල් හෙවත් සහසන්ධීය රාජ්‍යයක්. මෙම රාජ්‍යය සැබෑ සන්ධීය රාජ්‍යයක් බවට පත්වුණේ 1848 සම්මත වුණු ව්‍යවස්ථාවෙන්. එවිට කැන්ටන් හෙවත් කුමාර රාජ්‍යයන් 26ක් ස්විට්සර්ලන්තයට එක් වී අවසන්.

ලෝකයේ අවධානය පෙඩරල් ක්‍රමය වෙත යොමු වුණේ 1776 දී එක්සත් රාජධානියෙන් නිදහස ලැබූ ඇමෙරිකානු ප්‍රාන්ත දහතුනක් පෙඩරල් රාජ්‍යයක් ලෙස සංවිධානය වීමෙනි. ක්‍රමයෙන් මෙම ප්‍රාන්ත ගණන පනහ දක්වා ඉහළ නැඟිණි. ඒ සමගම ලෝකයේ පෙඩරල් රටවල් බිහි වීම ඇරඹිණි. අද වන විට පෙඩරල් රටවල් බවට පත් වී ඇත්තේ ලෝකයේ ඇති රටවල් 193න් 24ක් පමණි. ඒවා නම් ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බොස්නියා හර්සිජොවිනා, බ්‍රසීලය, කැනඩාව, කොමරොස්, ඉතියෝපියාව, ජර්මනිය, ඉන්දියාව, මැ‍ලේසියාව, මෙක්සිකෝව, මයිකොනීසියාව, නයිජීරියාව, පකිස්ථානය, රුසියාව, ශාන්ත කිට්ස් සහ නේවිස්, දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ වෙනිසුවේලාවයි. මීට අමතරව ජාත්‍යන්තර බලපෑම් මත සූඩානය සහ ඉරාකය පෙඩරල් රටවල් බවට පත්වීමට නියමිතය.

ඉහත දැක්වූ පෙඩරල් රටවල්හි ඉතිහාසය විමසීමේ දී පෙනී යන්නේ මෙම රටවල් සියල්ලම කුඩා රාජ්‍යයන් එක්වීමෙන් පෙඩරල් රටවල් බවට පත් වී ඇති බවයි. එක්සත් ජනපදය, කැනඩාව සහ ස්විට්සර්ලන්තය වැනි රටවල සිදුවූයේ කුඩා රාජ්‍යයන් ස්වෙච්ඡාවෙන් පෙඩරල් රාජ්‍යයක් සඳහා එක් වීමයි. නමුත් ස්පා‍ඤ්ඤය, රුසියාව වැනි රටවල් පෙඩරල් රාජ්‍යයන් වූයේ ආක්‍රමණිකව ඈඳෑ ගත් රටවල් වෙන් වී යෑමට අරගල කිරීමේ දී අතරමැදි සමාදානයක් ලෙස පෙඩරල් ක්‍රමය හඳුන්වා දීමෙනි. ස්විට්සර්ලන්තය සහ මයික්‍රොනීසියාව හැරුණු විට සියළුම පෙඩරල් රාජ්‍යයන් ප්‍රමාණයෙන් දැවැන්තය.

පසුගිය සමයේ බිඳී වෙන් වී ගිය රාජ්‍යයන් අතුරෙන් ඒකීය ඉන්දුනීසියාවෙන් නැගෙනහිර තිමෝරය වෙන්වීම හැර අන් සියල්ලම පෙඩරල් රාජ්‍යයන්ය. සෝවියට් දේශය, යුගොස්ලෝවියාව, පකිස්තානය සහ චෙකොස්ලෝවෙකියාව ඒ අතර වේ. මෙහිලා චෙ‍කොස්ලෝවේකියාව විශේෂය. 1969 දී ඒකීය රාජ්‍යයක් වුණු චෙකොස්ලොවැකියාව පෙඩරල් රාජ්‍යයක් බවට පෙරලන ලද්දේ බෙදී වෙන්වීම වැළැක්වීමේ අදහසිනි. නමුත් පෙඩරල් වීමෙන් බෙදීම ඉක්මන් වී 1993 දී චෙක් සහ ස්ලොවෙකියා යනුවෙන් රටවල් දෙකක් බිහිවිණි.

සමහරෙක් පෙඩරල්වාදය හඳුන්වන්නේ බෙදුම්වාදය මැඩීමට ඇති ප්‍රත්‍යක්ෂ ඖෂධය ලෙසිනි. ඔවුන් සෝවියට් දේශය, යුගොස්ලෝවියාව, පකිස්තානය සහ චෙකොස්ලෝවෙකියාව වැනි රටවල් පෙඩරල් රටවල් වශයෙන් පවතින විට බෙදී ගියේ කෙසේදැයි අපට විස්තර කර දිය යුතුය. එමෙන්ම බොස්නියා හර්සිජොවිනා, කැනඩාව, ඉන්දියාව, මැලේසියාව, රුසියාව, මෙක්සිකෝව සහ ස්පාඤ්ඤය වැනි පෙඩරල් රටවල තවමත් බොහොම සරුවට බෙදුම්වාදය පවතින්නේ කෙසේදැයි මේ නැණවතුන් අපට පහදා දිය යුතුය.
ශ්‍රී ලංකාව වෙනත් ජාතියක් බලයෙන් ඈඳෑගෙන සිටින රටක් නොවේ. දෙමළ ජාතියේ නිජබිම වන තමිල්නාඩුව ඈඳා ඇත්තේ ශ්‍රී ලංකාවට නොව ඉන්දියාවටයි. එමෙන්ම පෙඩරල් පාලනයක අවශ්‍යතාව මතු කරන දැවැන්ත රටක් ද ‍නො‍වේ. එබැවින් ශ්‍රී ලංකාව පෙඩරල් කිරීමට ඇවැසි වන්නේ මෙරට දුර්වල කර සම්පත් සූරා කෑමට බලා සිටින බටහිර බලවේගයන්ට පමණි.

3/31/2015

ජාතික ගීය දෙමළින් ගැයීමේ අර්බූදය

කතෘ:යුතුකම     3/31/2015   1 comment
ඒ 2016 වසරේ නිදහස් සමරු උළෙලයි. කවුරුත් සීරුවෙන් සිටින්නේ ජාතික ගීතය ගායනා කිරීමටයි. ජනපති සිරිසේන “ශ්‍රී ලංකා මාතා“ ලෙස ජාතික ගීතය ගායනා කරන විට ප්‍රධාන ඇමති විග්නේශ්වරන් එය ගයනු ඇත්තේ “ශ්‍රී ලංකා තායේ“ යනුවෙනි. සමහරවිට අගමැති වික්‍රමසිංහ එය “මදර් ශ්‍රි ලංකා“ ලෙස ද ගැයීමට ඉඩ තිබේ.

2016 දී නිදහස් උළෙල මගේ සිතේ මෙසේ මැවුණේ දෙමළ බසින් ජාතික ගීතය ගායනා කිරීමට නිල පිලිගැනීමක් ලබා දීමට රටේ ඉහළම පාලන අධිකාරිය වන ජාතික විධායක සභාව තීරණය කළ බව මාධ්‍ය වාර්තා කළ බැවිනි. එහි දී මනෝ ගනේෂන් මන්ත්‍රිවරයා කළ යෝජනාවට ජනාධිපති සිරිසේන එකඟ වූ බව සැල වූ හෙයිනි.

1951 සිටම ජාතික ගීතය දෙමළට පරිවර්තනය කර දෙමළ සමාජයේ ගායනා කරයි. එය කිසිවෙකුගේ විරෝධයකට ලක් නොවී වසර 64ක් භාවිතා කර ඇත. ඇත්තෙන්ම දෙමළ ජනතාව ජාතික ගීතය පරිවර්තනය කර තේරුම් ගැනීම යහපත් දෙයකි. ජාතික ගීතයක් පැවතීමේ ප්‍රමුඛ අරමුණක් වන්නේ ජාතිය පිළිබඳ අභිමානයක් සහ ආදරයක් ජනතා සිත් තුල ඇති කිරීමයි.

අපේ ජාතික ගීය ශබ්ද රසයෙන් මෙන්ම අර්ථ රසයෙන් ද අනූනය. “සුන්දර සිරි බරිනි” යනුවෙන් එහි අපේ මව්බිමේ සුන්දරත්වය වර්ණනා කරයි. දෙමළ ජනතාව විසින් දෙමළ ගීතය ගායනා කරන වාරයක් පාසා එම වර්ණනාව ඔවුන්ගේ හදවතට කා වැදුනොත් මෙම සුන්දර බිම බෝම්බ පුපුරුවා විනාශ කිරීමට ඔවුන්ට සිත් නොවනු ඇත. එමෙන්ම මව්බිම දෙපළු කර වෙනම රාජ්‍යයක් බිහි කිරීමට සටන් කළ පිරිසක් අර්ථය තේරුම් ගනිමින් “එක මවකගේ දරු කැළ බැවිනා” යනුවෙන් ගායනා කිරීම අපේ ජයග්‍රහණයකි.

ජාතික ගීතයේ දෙමළ පරිවර්තනයක් තිබිය දී එය දෙමළ සමාජයේ වසර 64ක් පුරා ගායනා කරමින් තිබිය දී මනෝ ගනේෂන් හදිසියේ ජාතික විධායක සභාවට කරන ඉල්ලීම කුමක්ද? දැනට සිදුවන්නේ ජාතික ගීතයේ දෙමළ පරිවර්තනය හුදු අවබෝධය පිණිස දෙමළ බසින් ගායනා කිරීමක් පමණි. එය අපේ ජාතික ගීතය නොවේ. එය කිසිම නිල උත්සවයක ගායනා කිරීමට නොහැක. කෙටියෙන් පැවසුවොත් එය අපේ ජාතික ගීතය නොවේ. එය තවත් එක් දෙමළ ගීතයක් පමණි. මනෝ ඉල්ලා සිටින්නේ එම ගීතය ලංකාවේ ජාතික ගීතය බවට පත් කර දෙන ලෙසිනි.

මනෝ ගනේෂන් මෙන්ම වත්මන් ආණ්ඩුව ද පූර්වාදර්ශ සොයා හැරෙන්නේ ඉන්දියාව දෙසටයි. නමුත් ඉන්දියාවේ රාජ්‍ය භාෂා 2ක් සහ ජාතික භාෂා 23ක් තිබුණත් ජාතික ගීතය ගායනා කරන්නේ පුරාණ බෙංගාලි බසින් පමණි. එමෙන්ම රාජ්‍ය භාෂා තුනක් තිබෙන සිංගප්පූරුවේ ජාතික ගීතය ගායනා කරන්නේ මැලේ බසින් පමණි. ඊට හේතුවක් ද තිබේ. ජාතික ගීතය සහ ජාතික කොඩිය සලකන්නේ ජාතික අනන්‍යතාවයේ සහ ජාතික සමගියේ සංකේත ලෙසයි. නිදහස් දිනයේ සමස්ත ජාතිය වෙන වෙනම ජාතික ගීතය ගයත් නම් එතන ජාතික සමගිය තිබේ ද? එමෙන්ම ජාතික අනන්‍යතාවය මතු වන්නේ ලංකාවට ආවේණික වූ එකම භාෂාව වන සිංහල භාෂාවෙන් ජාතික ගීතය ගායනා කිරීමෙනි.

ඉන්දියාව සහ සිංගප්පූරුව පිළිබඳ නිදසුන් දෙස බලා තමන්ට වාසි සහගත රටවල් පමණක් පෙන්වා දෙන බවට යමෙක් මට චෝදනා කිරීමට පුළුවන. ස්විට්සර්ලන්තය ජාතික ගීතය ගායනා කරන්නේ ජර්මානු, ප්‍රංශ, ඉතාලි සහ රොමාන්ෂ් යන රාජ්‍ය භාෂා හතරෙනි. කැනඩාවේ දී රාජ්‍ය භාෂා වන ඉංග්‍රිසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම ජාතික ගීතය ගායනා කරයි. මේ පිළිබඳ දකුණු අප්‍රිකානු අත්දැකීම හරිම අපූරුය. ජාතික ගීතයේ පද මාලාව සෑදී ඇත්තේ රාජ්‍ය භාෂා 11න් 4ක්ම භාවිතා කරමිනි. මෙම රාජ්‍යයන්ට එක් රාජ්‍ය භාෂාවකට වඩා වැඩි ගණනක් ජාතික ගීතය ගැයීම සඳහා යොදා ගත හැකි නම් ලංකාවට එය කළ නොහැක්කේ මන්දැයි කෙනෙකුට ප්‍රශ්න කළ නොහැක.

ඉහත රාජ්‍යයන්ට රාජ්‍ය භාෂා එකකට වැඩි ගණනක් තිබෙන්නේ ඓතිහාසික හේතුන් මතය. ස්විට්සර්ලන්තය බිහි වන්නේ ජර්මනියේ ඉතාලියේ සහ ප්‍රංශයේ කොටස් වී තිබුණු කුමාර රාජ්‍ය ගණනාවක් එකතු වී ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීමෙනි. එමෙන්ම කැනඩාව බිහි වුණේ ප්‍රංශ සහ ඉංග්‍රිසි යටත් විජිත එක් වී ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීමෙනි. එබැවින් මෙම රාජ්‍යයන් එකතු වීමේ දී තමන්ගේ භාෂා අනන්‍යතාවයන් පවත්වා ගැනීම සඳහා ජාතික ගීතය සෑම භාෂාවකින් ගැයීමට තීරණය කරන ලදී. එමෙන්ම එකී කිසිම භාෂාවක් මෙම රටවල් වලට ආවේණික නොවන බව ද මෙහිලා සිහිපත් කළ යුතුය.
සිංහල ලංකාවට ආවේණික බසකි. එබැවින් සිංහල බස ජාතික අනන්‍යතාවයේ සංකේතයකි. එමෙන්ම ස්විට්සර්ලන්තය හෝ කැනඩාව මෙන් නොව ලංකාව බිහි වුණේ දෙමළ ඊළම සහ සිංහලේ රාජ්‍යය එක් වී ෆෙඩරල් රාජ්‍යයක් ගොඩ නැගීමෙන් නොවේ. එසේ දෙමළ ඊළම ෆෙඩරල් රාජ්‍යයක් සඳහා එක් වූයේ නම් දෙමළ ඊළම බිහි කිරීමේ සටනට සුජාත භාවයක් ලැබේ. එබැවින් දෙමළින් ජාතික ගීතය ගැයීමෙන් ලංකාවේ ඉතිහාසය පිළිබඳ වැරදි චිත්‍රයක් ලෝකයට ලබා දෙන අතර එය බෙදුම්වාදයට උඩ ගෙඩි දීමකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන වගන්තියට අනුව ජාතික ගීතයේ පදමාලාව තුන්වන උපලේඛණයේ දැක්වෙන පදමාලාව විය යුතුය. එනම් සිංහල පදමාලාව නිල ජාතික ගීතයයි. එය අකුරටම ඉටු කරමින් නිදහස් දිනය ද ඇතුළුව ජාතික උත්සවයන්හී දී ජාතික ගීතය ගැයෙන්නේ සිංහලෙන් පමණි. එය වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියට අමතරව ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කළ යුතුය. නමුත් ජනාධිපතිවරයා දෙමළින් ජාතික ගීතය ගැයීමට අනුමැතිය ලබා දී ඇත්තේ හත්වන වගන්තිය සංශෝධනය කිරීමකින් තොරවය. ඒ අනුව ජනාධිපතිවරයා දෙමළින් ජාතික ගීතය ගැයීමට එකඟ වීම හරහා පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇත. එය දෝෂාභියෝගයක් ගෙන ඒමට හැකි මට්ටමේ බරපතල වරදකි.

මගේ නම උදය ප්‍රභාත්ය. එය ඉංග්‍රිසියෙන් ලියන විට මෝර්නින් ෂයින්ඩ් ලෙස නොලියමි. ඒ වෙනුවට කරන්නේ සිංහල වචන ඉංග්‍රිසීයෙන් ලිවීමයි. අප හින්දි හෝ ඉංග්‍රිසි සිංදුවක් සිංහලෙන් ලියන විට එම වදන් සිංහල අකුරෙන් ලියනු මිස එහි අර්ථය සිංහලට හැරවීමක් නොකරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රිසි පිටපතේ ජාතික ගීතය දක්වා ඇත්තේ “ශ්‍රී ලංකා මාතා“ ලෙස මිස “මදර් ශ්‍රි ලංකා“ ලෙස නොවේ. එබැවින් “ශ්‍රී ලංකා තායේ“ පදමාලාව අනිවාර්යෙන්ම පරිවර්තන දෝෂයකි.

මනෝ ගනේෂන් මහතාගේ ඉල්ලීම හරහා සමාජයේ තුළ නැති ප්‍රශ්නයක් ඇති කර තිබේ. ජනාධිපතිවරයා තමන් අතින් වූ වරද පිලිගෙන ජාතික ගීතය පිළිබඳ දැනට පවතින ස්ථාවරය ඒ අයුරින්ම පවත්වා ගැනීම ජාතික සමගියට මෙන්ම ජනාධිපතිවරයාගේ දේශපාලන අනාගතය ට ද සුබ දායකය.


උදය ගම්මන්පිල

11/20/2014

සිංහල ඡන්ද දෙකට බෙදා දොන් ජුවන් රජ කරන්න බෑ.

කතෘ:යුතුකම     11/20/2014   2 comments


2014 ඔක්තෝම්බර් 05 දින බේරුවල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී ජාතික හෙළ උරුමයේ කළුතර දිසා සමුළුව අමතා එහි නියෝජ්‍ය ලේකම් පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කළ කතාව.


පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේ දී සිංහල ඡන්ද දෙකට බෙදිලා වගේ පෙනුනා. ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මගුල් කිව්වාලු. අන්න ඒ වගේ සිංහලයා දෙකට බෙදෙන විට සුළු ජාතික බලවේග ඡන්ද කුට්ටි වෙන්දේසි කරලා මේ රටේ ජනාධිපති තීරණය කරන්න හදනවා. තේ හදන්න ආපු අයත් අද රජුන් හදන්නන් වෙලා. වෙළඳාමේ ආපු අයත් රජුන් හදන්නන් වෙලා. ඒ විතරක් නොවේ වෙනම රටක් හදන්න ගිය අයත් රජුන් හදන්නන් වෙලා. මේ රටේ නිහඬ බහුතරය ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ නිල් රතු කොල පක්ෂ වලට බෙදිලා මේ දිහා බලාගෙන ඉන්නවා. එකක් මතක තියා ගන්න. වලිගෙට බෑ බල්ලා වනන්න. බල්ලා තමයි වලිගේ වනන්නේ. ඒ නිසා ඊ ළඟ ජනාධිපති තෝරන්නේ සිංහලයින් මිසක් ජාතිවාදි බෙදුම්වාදි බලවේග නොවේ.

මේ දවස්වල සුළු ජාතික අන්තවාදින් නැති ප්‍රශ්න ඇති කරන්න හදනවා. දැන් ඔන්න බොදු බල සේනා කිව්ව එකක් බදාගෙන. බොදු බල සේනා ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවාලු ලාංකික දෙමළ ලාංකික මුස්ලිම් කියන නම් වෙනුවට සිංහල දෙමළ සිංහල මුස්ලිම් කියන නම් යොදා ගන්න ඕනෑ කියලා. ඒක සුළු ජාතික අයිතින් පාගා දැමීමක් ලු. එතන බොදු බල සේනා හරි. වසර දෙදහසක් පුරා ලංකාවට කිව්වේ සිංහලේ කියලා. ලෝකය පුරා පොත්වල ශීලා ලේඛණ වල ලංකාව හඳුන්වා තිබෙන්නේ සිංහලේ කියලා තමයි. සිංහලේ පෘතුගීසි භාෂාවෙන් කියන කොට සීලෑන් වුණා. ඒකම ලන්දේසි භාෂාවෙන් කියන කොට සේලාන් වුණා. ඉංග්‍රිසියෙන් සිලෝන් කිව්වේ සිංහලේ කියන එකම තමයි.

1972 දී ලංකාව නිදහස ලබන කොට සිලෝන් වෙනුවට භාවිතා කරන්න නම් දෙකක් යෝජනා වුණා. එකක් තමයි ඓතිහාසික නම සිංහලේ කියන එක. අනිත් එක තමයි රාමායණයේ සඳහන් නම ලංකා කියන එක. රමායණය තමයි අපේ රට ගැන සඳහන් පරණම ලේඛණය. රාමායණයේ අපේ ශිෂ්ටාචාරයේ දියුණුව ගැන හරි ඉහලින් වර්ණනා කරලා තිබෙනවා. ඉතින් විජය කුමාරයටත් එහා ගිය දිගු වගේම දියුණු ඉතිහාසයක් අපට තිබෙන බව පෙන්වන්න අපි සිංහලේ වෙනුවට ලංකාව කියන නම තෝරා ගත්තා. එදා ලංකාව වෙනුවට සිංහලේ තෝරා ගත්තා නම් අද ලාංකික දෙමළ අය හඳුන්වන්නේ සිංහලේ දෙමළ ලෙස තමයි. ඒ නිසා බොදු බල සේනා ප්‍රකාශය කරලා තිබෙන්නේ සුළු ජාතිකයන් යටපත් කිරීම නොවේ. මේ රටේ ඇත්ත ඉතිහාසය මතු කර පෙන්වීම.


සුළු ජාතික බලවේග විතරක් නොවේ තානාපති කාර්යාල හදන්නෙත් බොර දියේ මාළු බාන්න. ඇමෙරිකාවේ ඉන්දියාවේ තානාපති කාර්යාල සල්ලි මළු පොදි බඳිනවාලු ඡන්දයට වීසි කරන්න. මේ අය බලාපොරොත්තු වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රජ කරන්න. රනිල් මහත්තයාත් රජ දැක්මට අළුතින් සූට් මහලා ලැහැස්ති වෙනවා කියලා අපට ආරංචියි. අපට ආණ්ඩුව එක්ක මොන ප්‍රශ්න තිබුණත් දෙවන දොන් ජුවන් ධර්මපාල රජ පුටුවේ වාඩි කරන්න ලැහැස්ති නෑ. පළමු දොන් ජුවන් නැටෙව්වේ පෘතුගීසින්. දෙවන දොන් ජුවන් නටවන්නේ ඇමෙරිකාවයි ඉන්දියාවයි. මේ රට යළිත් යටත් විජිතයක් කරන්නයි එතුමා හදන්නේ. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ.



යුතුකම සංවාද කවය
www.yuthukama.com

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions