7/07/2015

වත්මන් දොන් ජුවන් ධර්මපාලලාගේ කතාව

කතෘ:යුතුකම     7/07/2015   No comments

ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂ කාල පරිච්ජේදයක් ලෙස සැලකෙන 14-15 යන ශත වර්ෂයන් තුළ ලක්දිව අග නගරය වුයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියයි. 1977 දී එවකට ජනපතිව සිටි ජේ .ආර් ජයවර්ධන මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පරිපාලන අගනගරය ලෙස නැවත මාරු කිරීමට ගත් තීරණය වසර 30කට පසු ශ්‍රී ලංකාවේ ඉතිහාසය නැවත ලියැවෙන කාරණයක් වේයැයි කිසිදා නොසිතන්නට ඇත.


2009 වසරේ මැයි 18 වන දින, මෙරට වසර 30 ක් පුරා පැවතී ත්‍රස්තවාදී යුද්ධය නිමාකර මෙරට එකම ධජයක් යටතේ එක්සේසත් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකිවිය. එතුමාට පෙර මෙම සමත්කම දක්වා තිබුනේ කෝට්ටේ යුගයේ රජකම් කළ හයවන පරාක්‍රමබාහු රජතුමායි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එතුමාගේ ධූර කාලය තුළ හයවන පරාක්‍රමබාහු රජතුමා මෙන්ම චීන රජය සමග ශක්තිමත් රාජ තාන්ත්‍රික සබඳතාවක් පවත්වාගෙන ගියේය. හයවන පරාක්රතමබාහු රජතුමාගෙන් පසුව මෙරට පාලකයන් චීනය පිලිබඳ එතරම් අවධානය යොමු නොකළ අතර ඒ සඳහා හේතු වූ කාරණා මම පසුව සඳහන් කරමි. එවකට සිටි නායකයින් මෙරට අභ්‍යන්තර බල අරගලයන්ගෙන් මැඩපවත්වා ගැනීමේ අරමුණු ඇතිව පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසින් යන බටහිර ජාතීන්ගේ උදවු පතන්නට විය, එහෙත් එම ජාතීන්ගේ දීර්ඝකාලීන අරමුණ වුයේ මෙරට යටත් දිවයිනක් බවට පත්කොට මෙරටෙහි සම්පත් සූරාකෑමයි. මෙරට පාලකයින් අතරේ සිටි දුර්දාන්ත පාලකයෙකු ලෙස සැලකෙන, වර්ෂ 1551-1557 යන කාල වකවානුව තුළ මෙරට පාලනයකල දොන් ජුවන් ධර්මපාල රජු, තෑගි ඔප්පුවකින් ලක්දිව පෘතුගාලයේ රජු වෙත පවරාදීමට සුදානම් විය. එහෙත් මෙරටේ වාසනාවට නාමමාත්‍රිකව පමණක් රජු ලෙස ක්‍රියාකල බැවින් එසේ පවරා දීමේ බලයක් දොන් ජුවන් ධර්මපාල රජුවෙත නොමැති විය. මෙලෙස ද්‍රෝහී වීමේ ප්‍රථිපලයක් ලෙස ක්‍රමයෙන් අපගේ පරමාධිපත්‍ය නැතීවී ගොස් බටහිර ජාතීන්ගේ ජාතීන්ගේ කොළනියක් ලෙස වසර 500කටත් වඩා මෙරට නිදහස අහිමිකර ගතතේය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නික්මයාමත් සමග මෙරට නායකයින් චීනය සමග ජනපති මහින්ද රාජපක්ෂ ගොඩ නැගු සබඳතා පළුදු කොට ඇත. මේ වනවිට ඔවුන් බටහිර කෙරෙහි යොමුවී ඇත්තේ බටහිරජාතින්ගෙන් බලයෙහි පිහිටෙන් තම ආරක්ෂාව සහ රාජපක්ෂවරුන්ගේ නැගිටීමට එරෙහිවී, බලයේ රැඳී සිටීමට උදවු දේ යැයි සිතීමෙනි. අපගේ පාලකයින් එකිනෙකා ඇනකොටාගන්නා විට මෙරට අරාජකත්වය කරා ආදී යයි. ආර්ථිකය කඩාවැටෙන අතර ජනතාවගේ දිරිසුන්වී ඇත. කාලයත් සමග මෙරට දකුණු ප්‍රදේශය අප නැවතත් අහිමි කරගන්නා ලකුණු පෙනෙන්නට ඇත. ඉතිහාසය නැවත නැවත සිදුවෙමින් තිබෙන අයුරු පෙනෙන්නට තිබේ.


කෝට්ටේ යුගයේ ඓතිහාසික සිදුවීම් බොහෝදෙනා කවදා කෙසේ හෝ කියවා ඇතැයි සිතෙනමුත් ඔවුනට සියලු කාරණා මතකයේ නොමැති වෙන්නට පුළුවන. එබැවින් කෝට්ටේ යුගයේ ඓතිහාසික සිදුවීම් ඉස්මතු කරමින් ලියා ඇති මෙම ලිපිය අවසානය තෙක් කියැවූ විට මෙම ඓතිහාසික සිදුවීම්වලන් මෙරටට සිදුවූ බලපෑම අවබෝධ කරගැනීමට හැකිවන අතර, ඔබද මා මෙන් මෙරටෙහි අනාගතය පිලිබඳ මහත් උනන්දුවක් දක්වනු ඇත.


විචිත්‍රවත්ව ලියවුන ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව ඇත. ක්‍රි.පු 543 විජය රජුගේ පැමිණීමෙන් පසු මෙරට පාලකයින් පිළිබඳ සටහන් ඇති බැවින් බොහෝ පාලකයින් හඳුනා ගැනීමට හැකිය. කෙසේවෙතත් 1397-1402 යන වර්ෂයන් තුළ සමහර අපහැදිලි තත්වයන් දක්නට ලැබේ. මෙමෙ කාලය තුළ වීර බාහු, වීර අලකේශ්වර වැනි ප්‍රාදේශීය පාලකයින් සිට ඇත. නමුත් තනි බලයක් තිබු රජ කෙනකු හඳුනා ගැනීමට අපහසුය. වර්ෂ 1412 සිට 1467 දක්වා වසර 50කටත් වැඩි කාලයක් රජකම්කළ හයවන පරාක්‍රමබාහු රජුගේ කාලසමය යුධ ජයග්‍රහණයන් හා සාමය ස්ථාපිත වූ විශිෂ්ට කාල පරිච්ජේදයකි. මෙම පාලන කාලය රටෙහි එක්සත් බාවය, ආර්ථික හා සංස්කෘතික ප්‍රබෝධය, රාජතාන්ත්‍රික සබඳතාවයනගේ පිරිපුන් වූ වකවානුවකි. චීනය සමග පැවැත්වූ රාජතාන්ත්‍රික සබඳතා එවන් වැදගත් සබඳතා අතර ප්‍රධාන තැනක් ගනී.

චීනයෙන් මෙරටට පැමිණි, විශිෂ්ටතම යාත්‍රිකයා නාවුක සෙනාධිපති චන්ග් හ (Zheng He) විය හැකිය. වසර 1405 දී ප්‍රථමවරට මෙරටට පැමිණි ඔහු බටහිර පැසිෆික් හා ඉන්දියානු මුහුද තරණය කොට එවකට ප්‍රකටව තිබු ගොඩබිම හරහා වැටි තිබු සේද මාවතට විකල්ප ලෙස මුහුදු ගමන් මාර්ගයක් හදුන්වාදුන් යාත්‍රිකයා වේ. බොහෝ බුද්ධිමතුන්ගේ තර්කයට අනුව ලොවවටා ප්‍රථමයෙන් යාත්‍රා කළ නාවුකයා ඔහුය. ඔහුගේ මුහුදුගමන් ඇමෙරිකාව සොයාගත් ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ මුහුදුගමන් වලට වසර 87කට පෙර හා ලොව වටා යාත්‍රාකළ ෆර්ඩිනන් ඩි මැගලන්ගේ මුහුදුචාරිකාවට වසර 114 ට පෙර සිදුවී ඇත. චන්ග් හ (Zheng He) හයවතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එයින් පස් වතාවක්ම හයවන පරාක්‍රමබාහු රජසමය තුළ සිදුවී ඇත. ඉතිහාස වාර්තාවන්ට අනුව හයවන පරාක්‍රමබාහු රජු දෙවරක්ම චීනයට ගොස් ඇති අතර අවස්ථාවන් කීපයකදීම දූතයින් පිටත්කොට ඇත.


හයවන පරාක්‍රමබාහු රජුට චීනයෙන් ලැබුණු ප්‍රයෝජන අතර නාවුක හමුදා සහය ප්‍රධාන තැනක්ගන්නට ඇත. පරාක්‍රමබාහු රජතුමා එවකට යාපනයේ පාලකයා වූ ආර්ය චක්‍රවර්තීගෙන් යාපනය මුදාගැනීමට සපුමල් කුමාරයා යැවූ අවස්ථාවෙ ඉන්දියාවෙන් ආර්ය චක්‍රවර්තීට ලැබුණු සහය වලකාලන්නට ඔහුගේම මුර සංචාරක යාත්‍රාවන් යොදාගෙන ඇත. එවකට විශාල නාවුක බලයක් හා නාවුක තාක්ෂණයක් තිබු චීන නාවුක සහය, තම නාවුක බලඇණි ශක්තිමත් කිරීමට බොහෝ දුරට හයවන පරාක්‍රමබාහු රජු විසින් ලබාගන්නට ඇති බව විශ්වාස කළ හැක.


හයවන පරාක්‍රමබාහු රජුගෙන් පසු කාලය අවිනිශ්චිත කාල පරිච්ජේදයකි. ඉන්පසු කෝට්ටේ පාලනය කළ සෑම රජකෙනෙකුම බලය ලබාගැනීමට බලපෑම්කළ අනෙකන් නිසා අනාරක්ෂිත බවෙන් පසු විය.බොහෝ රජවරුන්ට බොහෝකල් පාලනය කාලය පවත්වාගත නොහැකිවුයේ බලය ලබාගැනීමට තැත්කළ අනෙකා අතින් පරාජය වීම හෝ අනෙකා අතින් මිය යාම නිසාවෙනි.හයවන පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් කීප වසරකට පසු යාපනයේ බලය අල්ලා ගැනීමට ආර්ය චක්‍රවර්තී නැවතත් පැමිණි අතර සුළු දිනකින්ම උතුරු ප්‍රදේශය වෙන්වූ පරිපාලනයක් බවට පත්විය. රට රාජධානි කීපයකට බෙදුණි. 1815 දී ඉංග්‍රීසින් බලය අල්ලා ගන්නා තුරුම මෙරට කිසිදු පාලකයෙකුට රට එක්සේසත් කිරීමට නොහැකි විය.


හයවන පරාක්‍රමබාහු රජුගෙන් පසු බලයට පැමිණි සෑම රජකෙනෙක්ම එකම වරද නැවත නැවතත් සිදු කළේය. ඔවුන් සෑම දෙනෙකුම තමන්ගේ මෙරට සතුරන් පරාජය කිරීමට යුරෝපීයන්ගේ සහය පැතීය. පෘතුගීසි, ලන්දේසි හා ඉංගීසින් සිංහල නායකයන්ගේ දුර්වලකම්වලින් ප්‍රයෝජන ගත්තේය . සිංහල ප්‍රධානීන්ගේ තිබු බල කාමය වටහාගත් යුරෝපීයෝ සෑමවිටම උදවු ලබාදීමට ඉදිරිපත් වුයේ ඔවුනට අවශ්‍ය යමක් ලබා ගැනීමේ අරමුණු ඇතිවය. මෙය තේරුම් ගැනීමට පෘතුගීසී සමය දෙසට අවධානය යොමු කරමු. 1505 දී ලොරෙන්සෝ ද අල්මේදාගේ නායකත්වයෙන් නැවු කීපයකින් මෙරටට පෘතුගීසීන් ගොඩබස්නා විට අප රට කෝට්ටේ, මහනුවර හා යාපනය ලෙස කොටස් තුනකට බෙදී වෙන්වී තිබුණි. අප රටෙහි ඇති වටිනාකම වටහාගත් පෘතුගීසීහු 1518 නැවතත් පැමිණියේය. එවකට කෝට්ටේ පාලකයා වූ වීර පරාක්‍රමබාහු රජු ඔහුගේ සතුරන් මැඩලීම උදෙසා පෘතුගීසීන් යොදා ගත හැකියයි සිතා කොළඹ කුඩා බලකොටුවක් තැනීමට අවසර දෙන ලදී. ප්‍රථමවරට තම සතුරන් පරාජය කරීමට පෘතුගීසී සහය පැතුවේ වීර පරාක්‍රමබාහු රජුගේ පුතු වූ අටවන ධර්ම පරාක්‍රමබාහු රජුය. පෘතුගීසීන් රජුට උදවු කිරීමට කැමැත්ත පළකොට ඒ වෙනුවෙන් තම බලකොටුව විශාල කිරීමටත් පල්ලියක් තැනවීම්ටත් අවසර පැතීය. පෘතුගීසි සහය පැතුවද අටවන ධර්මපරාක්‍රමබාහු රජු මරා දමා කෝට්ටේ මීළඟ පාලකයා බවට පත්වීමට හයවන විජයබාහු රජුට හැකිවිය.තම පුතුන් තිදෙනාගෙන් අනාරක්ෂිත වූ විජයබාහු රජුද පෘතුගීසි සහය පැතීය. ඒ සඳහා බොහෝ බලතල පෘතුගීසින්වෙත ලබාදුන්නේ ඔවුන්ගේ බලකොටු මුහුදුබඩ දක්වාම විශාල කරගැනීමට ඉඩකඩ ලබාදෙමිනි .එහෙත් එයින් පිළිසරණක් නොලැබූ රජු තම පුතුන් අතින්ම මරණයට පත්වීය. හයවන විජයබාහු රජුගේ ඇවෑමෙන් ඔහුගේ වැඩිමහල් පුතුවූ හත්වන බුවනෙකබාහු රාජත්වයට පත්විය. ඔහු නිරන්තරයෙන්ම තම සොහොයුරන් වූ රයිගම පාලනය කළ රයිගම් බණ්ඩාර සහ සීතාවක පාලනය කළ මායාදුන්නේගේ ප්‍රහාරයන් පිළිබඳව බියකින් පසුවිය. මුල් රජවරුන් අනුගමනය කරමින් හත්වන බුවනෙකබාහු රජුද පෘතුගීසි සහය පැතු අතර ඔහුගේ ආරක්ෂකයකු ලෙස පෘතුගීසි සෙබළෙකු යොදාගන්නා ලද අතර අන්තිමේදී එම සෙබළා අතින්ම වෙඩි කා මිය යාමට රජුට සිදුවිය. මෙය අත්වරදක් ලෙස පෘතුගීසින් හුවා දැක්වූවද ඉතිහාසඥයින් පවසන ලෙසටනම් මෙය මායාදුන්නේ විසින් දෙන ලද කොන්ත්‍රාත්තුවකට අනුව සිදුකළ ඝාතනයකි. හත්වන බුවනෙකබාහු රජුගේ අවසන් භාගයේ තම සොහොයුරන්ගේ කැමැත්තට එරෙහිව, තම මුණුපුරා වූ ධර්මපාල කුමරුට රාජත්වය ලබා දීමට පෘතුගීසි සහය පැතීය. ඔහු පෘතුගාලයේ රජුට ධර්මපාල කුමරුගේ රනින් කරනළද පිළිරුවක් යවා අනාගත රජු ලෙස රාජාභිෂේක මංගල්‍යය පැවැත්වීය. එලෙසම ධර්මපාල කුමාරයා කතෝලික දහම වැළදගෙන දොන් ජුවන් ධර්මපාල නමින් බෞතීස්ම විය. කෙසේ නමුත් තම මාමාවරුන් නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කිරීමට ගත් උත්සාහයන් නිසා ඔහුට නිදහසේ රට පාලනය කිරීමට නොහැකි වූ අතර කොළඹ කොටුවේ පෘතුගීසි රැකවරණය යටතේ සිටීමට සිදු විය.දොන් ජුවන් ධර්මපාල දුර්වල රජෙකු වූ අතර ඔහු කෝට්ටේ යුගයේ සිටි ලොකුම ද්‍රෝහියා ලෙස බොහෝ දෙනා සලකයි.තම ජීවිතය තකා පෘතුගීසින්ගෙන් යැපුන ධර්මපාල රජු ඔප්පුවකින් මෙරට අයිතිය පෘතුගීසි රජුට පවරා දීමේ අන්තය තෙක්ම වැඩ කළ රජෙකු විය.


එදා කෝට්ටේ යුගයේ සිදුවූ සිදුවීම් හා අද මෙරට සිදුවෙන සිදුවීම් සසඳා බලනවිට කෙනෙකුට සමානතාවයන් දක්නට හැකිවනු ඇත. 14 වන ශතවර්ෂයේ බලවත් රජෙකුගෙන් පසුව, රට බෙදී වෙන්වී අරාජිකත්වය කරා යෑමදී පෙන්වූ සියලු ලක්ෂණ අද ප්‍රකට කරමින් සිටින්නේ අපට රට එක්සේසත් හා සංවර්ධනය කළ හැකි ශක්තිමත් නායකයෙකුගේ අඩුව පෙන්වා දෙමිනි. අද අපගේ ජාතික නායකයින්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ කෙසේ හෝ බලය රඳවා තබා ගැනීමයි. මෙම නායකයින් සහයෝගය පතා යන්නේ කාවෙතද? යුරෝපීයන් හා ඇමෙරිකාව වෙතයි. බටහිර ලෝකය තමන්ට යමක් පෙරළා නොලැබේ නම් කිසිදු රටකට උදවු නොකරන්නේය යන්න අපගේ නායකයින්ට අමතකව ගොස් ඇත. එමෙන්ම අපගේ වර්තමාන නායකයින් අමතක කර ඇති තවත් කරුණක් නම් බටහිර රටවලට වඩා චීනය අපගේ සංවර්ධන ක්‍රියාවලියට උරදීමට හොදින් ආම්පන්න වී ඇති රටක් බවයි. අවාසනාවකටමෙන් අපගේ නායකයින් සංවර්ධනයට වඩා මුල්තැන දෙන්නේ තම දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමටය.ඓතිහාසික වශයෙන් ගත්කලද චීනය තම මිතුරු රටවල අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට ඇඟිලි නොගසයි. වර්තමාන නායකයන් චීනය කෙරේ කැමැත්තක් නොදක්වීමටද හේතුව මෙයයි.අනෙක් අතට බටහිර රටවල් කැසකවන්නේ අපගේ අභ්‍යන්තර කටයුතු කෙරෙහි මැදිහත්වීමට අවස්ථාවක් ලැබෙන තුරුයි. ස්වභාවයෙන්ම අපගේ නායකයන් උනන්දුව දක්වන්නේ තම දේශපාලන පැවැත්ම ගැන පමණක් නිසා ඇමෙරිකාව සහ යුරෝපය තම මිතුරන් සේ සලකයි. බටහිර සතුටු කිරීම වෙනුවෙන් ඔවුන්ට නැමෙන අපගේ වර්තමාන දොන් ජුවන් ධර්මපාලලාගේ තනි සහ සාමුහික අරමුණු වෙනුවෙන් ඔවුන් උදවු කරනු ඇත. එහෙත් එය රටකට කරන උදව්වක් නොවනු ඇත.


චීනය අනෙක් රටක අභ්‍යන්තර දේශපාලන කටයුතු කෙරෙහි සම්බන්ධ නොවන බවට කෝට්ටේ යුගයෙන්ම උදාහරණ ගෙන හැර පෙන්විය හැක. අද්මිරාල් චන්ග් හ (Zheng He) ශ්‍රී ලංකාවට පැමිණියේ පෘතුගීසින් (1505) පැමීණීමට වසර සියයකට පෙරය, එමෙන්ම ලන්දේසීන් (1638) පැමීණීමට වසර දෙසිය තිස්තුනකට පෙර හා බ්‍රිතාන්‍යන් (1802) පැමීණීමට වසර තුන්සිය අනුහතකට පෙරය. ඔහු පැමිණියේ නැවු 317ක් හා නාවිකයින් 27,800 සමගය. එය මෙලොව දෙක ඇති විශාලම නාවුක බල ඇණිය වීමටද පුළුවන. බල ඇණියේ විශාලත්වය නොතකා ලංකාවට ගොඩබට චන්ග් හ (Zheng He) එවකට රජු මුණ ගැසුණු විට (ඉතිහාසඥයින් විශ්වාසකරණ ආකාරයට වීර අලකේශ්වර) අමුත්තන්නට හොදින් සලකනවා වෙනුවට පහර දීමට පටන් ගත්තේය. ඉතිහාස පොත් පවසන ආකාරයට චන්ග් හ (Zheng He) ගමන්කළ 100ක් රටවල් අතර ඔහුට පහරදී ඇති එකම රට ශ්‍රී ලංකාවයි. එය රජුගේ තිබු වැරදි වැටහීමක් වියහැකිය. ඔවුනට මෙරට හමුදා පරාජය කොට රජු අත්අඩංගුවට ගෙන රාජධානිය අල්ලා ගැනීමට ගතවුයේ දින 6ක කාලයක් පමණි. බටහිර ජාතීන්ට මෙය කිරීමට 1505-1815 දක්වා වසර 300කට වඩා කාලයක් ගතවිය.එහෙත් රජතුමා අත්අඩංගුවට ගත් පසු චීන ජාතිකයින් සිදු කළේ කුමක්ද? ඔවුන්ට යටත් විජිතයක් බවට මෙරට පත් කර ගැනීමට හැකියාව තිබුනද, එසේ නොකරන ලද්දේ එය ඔවුන්ගේ අභිප්‍රාය නොවූ බැවිනි. එබැවින් ඔවුන් රජතුමා ඇතුලු ඔහුගේ පවුලේ පිරිස චීනයට ගෙනගොස් ඔවුන්ගේ අධිරාජ්‍යයා හමුවට පමුණුවා ඇතත් අධිරාජ්‍යයා ඔවුනට සමාව දී ඇත. නමුත් රට පාලනය කිරීමට එම රජ පවුලෙන් ගැලපෙන වෙන අයෙකු රජකමට පත් කරග්න්නා ලෙස ඉල්ලීමක් කර ඇත. එලෙසම එම කණ්‌ඩායමෙන්ම කුමාරයෙකු පත්කොට ආරක්ෂා සහිතව මෙරටට ගෙන්වා ඇත. සමහර ඉතිහාසඥයින් හිතනා ආකාරයට එම කුමාරයා හයවැනි පරාක්‍රමබාහු රජුයි.තවත් සමහරෙක් තර්ක කරන්නේ වීර අලකේශ්වරගෙන් පසු රජවූ පුද්ගලයා ඝාතනයකොට හයවැනි පරාක්‍රමබාහු රජවූ බවයි. චීනයේ යුධ බලය පෙන්වූ, චීන ජාතිකයින් හා ලාංකිකයින් අතර සිදුවූ ඓතිහාසික ගැටුමින් පසු මෙරට දේශපාලනයේ කුමක් සිදු වුවද ඉන්පසු චීන ජාතිකයන් මෙරට දේශපාලනය කෙරෙහි ඇඟිලි ගසා නැත.ඒ වෙනුවට ඔවුන් ශ්‍රී ලංකාව සමග අඩසිය වසක් යනතුරු හොඳ රාජතාන්ත්‍රික සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත .


චීන ජාතිකයන් මෙරට අල්ලා ගැනීමෙන් පසු අනුගමනය කර ඇති 'යන්න ඉඩ හැරීමේ ' ක්‍රියා පටිපාටිය නිසා බොහෝ ශ්‍රී ලාංකිකයන් තුළ මෙම වටිනා ඓතිහාසික කරුණු පිලිබඳ මනා අවබෝධයක් නොමැත.මට දැනෙන ආකාරයට මෙම කරුණු පිළිබඳව අපගේ පරපුර මෙන්ම අනාගත පරපුරද ඇගයීමක් කොට දැනුමක් ලබා තිබීම වැදගත් වේ.


ශතවර්ශ හතකට පසුව ඉතිහාසය නැවත සිදුවෙමින් පවතී. වත්මන් දොන් ජුවන් ධර්මපාලලා කෝට්ටේ යුගයේ කළ විනාශයන් දැනුදු කරමින් සිටී.


-සොනාල ගුණවර්ධන
www.yuthukama.com

[ඡායාරූපය : e-අටුවාව අඩවියෙන්]

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions