
මේ වැඩේට ඔවුන් පාවිච්චි කරන්නේ භික්‍ෂුව හා ජාතිකත්වය දරා සිටි චරිත. එදා සිට මේ රට රැකපු භික්‍ෂුව ලවා ම රටට ගස්සනව. වටරැක විජිත කියන්නේ තම තම ඥාති පුතෙක් ලවා තමන් ව බොරුවට පැහැර ගන්වල තුවාල කරෝගෙන අහුවෙච්ච භික්‍ෂුව. ඒ කෙසේ වෙතත්, කුමන්ත්‍රණයේ සැලසුම් කරවන් දන්නවා මේ රටේ පුරවැසියාගේ සිත රට කෙරෙහි තිබෙන ආදරයෙන් ගැලෙව්වොත් විතරයි ඔවුන්ගේ ඉතිරි කූට අරමුණ ඉටු කරගන්න පුළුවන් කියල. ඒ නිසයි භික්‍ෂුව ඉදිරියට දාන්නෙ. මාදුළුවාවේ සෝභිත නැමැති භික්‍ෂුව ලවා පවා කරන්නෙ රට කෙරෙහි අප තුළ තිබෙන ආදරය අවතැන් කරල රටට වින කරන පාර්ශවයක් වෙත එය පාවාදීමට අවශ්‍ය මනස හදන එක. චන්ද්‍රිකා-මංගල එදා සුදු නෙළුම් ව්‍යාපාරය හරහා කළෙත් රටින් ටිකක් කොටින්ට දුන්නට කමක් නෑ කියන ඔළුව හදන එක. දැන් මල්වත්තේ මහ නාහිමි පවා මේකට හසුවෙලා ඉන්නෙ කියල හිතන්න පවා සාක්‍ෂි තිබෙනවා.
තරුණනි, තරුණියනි, වැඩිහිටියනි මිතුරනි ! ඔබ දැන්වත් ප්‍රකෘති සිහියට ආ යුතු නැති ද? ඔබට මතක ද අපි මෙරට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් වශයෙන් නොබෙදී ප්‍රභාකරන් නැති කරපු දවසේ ජාතික කොඩියත් එක්ක පාරට බැස්සා. ගිනි තියන්නලු ඒ කොඩියට දැන්. කෙළ ගහන්නු ඒකට. සිතන්න. නොපමාව සිතන්න. ඔබ තුළ සිටිනවා මහා වීරයෙක්. දුටුගැමුණු පැරකුම්ලා ඔබ තුළ තාමත් සැඟව සිටිනවා. ඔවුන් අපට රටක් ඉතිරි නොකරන්න අද අපි කොහි ද? දැන් ඔබ විසින් ඔබේ දරුවන්ට රටක් ඉතිරි නොකරන්න ඔබේ දරුවන් කොහි ද? ඔබ ඔබේ දරුවන්ට ඉතිරි කරන්නේ ජාතික කොඩියට කෙළගහන්න කියන, ඒකත් මදි ඒක පුච්චන් කියල කියන රටක ද?
-මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .